අලි සබ්රි බබා ආණ්ඩුව අන්දනවා, මහජනයා නොමග යවනවා - ජාතික සංවිධානවලින් චෝදනා..
ඉන්දියා ටුඩේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කරන්නේ අමෙරිකානු ගුවන් යානා මත්තලට ගොඩ බැස්සවීමට ඉඩ නොදීම මගින් ආණ්ඩුව තම මධ්‍යස්ථභාවය ප්‍රදර්ශනය කරන බවය. එම ප්‍රකාශයේ අරමුණ පිළිබඳව සහ ඊට අදාළ මතය පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල අදහස් විමසන ලදී.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,
"අලි සබ්රි මහතා හොඳට දන්නවා ACSA සහ මොන්ටානා ගිවිසුම් අනුව අමෙරිකානු යානාවලට සේවා සහ පහසුකම් ලබාගැනීම සඳහා පූර්ව අවසරයක් ගැනීම අවශ්‍ය නොවන බව. ඒ සඳහා අවශ්‍ය වන්නේ අදාළ තොටුපොළ බලධාරීන්ගේ පරිපාලන සහ තාක්ෂණික අවශ්‍යතා සැපිරීම පමණයි. ඊට අමතරව ඉරාන තානාපතිවරයා කියනවා අමෙරිකානු පහරදීමට ලක්වුනු නාවික යාත්‍රාවට ශ්‍රී ලංකාවේ නාවික හමුදාව විසින් ආරාධනා කළ බව. නමුත් එම නැවට වරායට ඇතුළු වීමට අවසර දුන්නේ නැහැ අමෙරිකානු උදහසට ලක්වීමේ බිය නිසා.
මේ වෙලාවේ ආණ්ඩුව අමෙරිකාවට යටත් නොවන බව ව්‍යාජ ලෙස පෙන්වීම අවශ්‍ය වෙනවා ආණ්ඩුව මගින් ඉටුකර ගැනීමට තිබෙන අවසාන කොන්දේසි හෙවත් පවාදීම ඉටුකර ගැනීම සඳහා. එනම් SOFA ගිවිසුමේ ඇමිණුම 'බී' ලේඛනයට එකඟතාව ලබාගැනීම මගින් ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක කඳවුරු බැඳීමට අමෙරිකානු හමුදාවට ඉඩදීමයි. අලි සබ්රිලා නොබැඳි පිළිවෙත වෙනුවට මධ්‍යස්ථ පිළිවෙත ගැන කියමින් ආණ්ඩුව ගොනාට අන්දවා මහජනයා නොමඟ යවන්නේ ඊට පහසුකම් සැලසීමටද කියා අහන්න වෙනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..