News Category
From Date
To Date
Maximum Number of Result

මහා බලයක් දුර්වලතාවයක් බවට පත් කරවන හෝමූස් සමුද්‍ර සන්ධියේ කාර්ග් දූපත

Apr 1, 2026 at 02:54 PM
|

පර්සියානු ගල්ෆ් කලාපයේ කුඩා බිම් කොටසක් නිහඬවම ගෝලීය ආර්ථිකය නැවත හැඩගස්වමින් මිලිටරි ආධිපත්‍යයේ සීමාවන් ලකුනු කරමින් සිටින තත්වයකට පත්ව තිබේ. එක්සත් ජනපදයට කාර්ග් දූපතට පහර දිය හැකි නමුත් දූපත විනාශ වීම අමෙරිකාවට දරාගත නොහැකි වනු ඇත.

සිතියම පවසන මුසාව

පසුගිය සති ගණනාවක් තිස්සේ, උත්සන්න වන පර්සියානු ගල්ෆ් ගැටුම පිළිබඳ මාධ්‍ය ආවරණය හුරුපුරුදු පිටපතකට අනුව සිදුවෙමින් තිබේ. එනම්, ආර්ථික සහ යුද මර්මස්ථාන ඉලක්ක කිරීම, ගුවන් ප්‍රහාර උත්සන්න වීම ඒ අතර ප්‍රමුඛ වේ. ප්‍රහාරයට ලක්වූ යැයි පැවසෙන ස්ථාන වල සිතියම්වල කාර්ග් දූපත නොවැදගත් ලෙස සලකුණුකර ඇති බව පෙනෙන්නට තිබේ. මාධ්‍ය වාර්තා වලට අනුව කාර්ග් දුපත යනු කුඩා තිතක් පමණි. එනම් මාධ්‍ය වාර්තා වල ප්‍රධාන වශයෙන් කාර්ග් දූපත යනු හමුදා වැදගත්කමක් ඇති ස්ථානයක් ලෙස දක්වා ඇති අතර, මිනිසුන් හෝ ජීවිතයක් සහිත සැබෑ ස්ථානයක් ලෙස නොව, මාධ්‍ය වාර්තා වල වැඩි අවධානයක් යොමු කර නොමැති කෙටියෙන් පමණක් සඳහන් කරන දූපතක් ලෙස වර නැංවී ඇත. එහෙත් කාර්ග් දූපත යනු ස්ථානයක් පමණක්ම නොවේ.

එය පද්ධතියකි. එලෙසම කාර්ග් දූපත නම් වූ පද්ධතිය මෙම ගැටුමේ ප්‍රතිඵලය පමණක් නොව ඉදිරි මාස 18 තුළ ගෝලීය ආර්ථිකයේ ගමන් පථය නිහඬව තීරණය කරන අතිශය වැදගත් භූමි භාගය බවට පත් වනු ඇත.

විශ්ව විද්‍යාලයක භූමි ප්‍රමාණයට සමාන නාවික ගමනා ගමන පාලන මධ්‍යස්ථානයක් ලෙසට වර නංවා ඇත.

ඉරානයේ දකුණු වෙරළට කිලෝමීටර් 25 ක් දුරින් පිහිටි විශ්ව විද්‍යාල මණ්ඩපයක වපසරියට ආසන්න වශයෙන් සමාන කොරල් පරයක් වන කාර්ග් දූපත භෞතික වශයෙන් ගත් කළ කැපී පෙනෙන්නේ නැත.

එහෙත් දූපතේ වැදගත්කම ඇසට පෙනෙන මතුපිටට යටින් පවතී. එනම්,

• ඉරානයේ තෙල් අපනයනයෙන් 94% ක් දූපත හරහා ගලා යයි.

• දිනකට බැරල් මිලියන 1.5 ක් දූපතේ පිහිටි පර්යන්ත පසු කරයි.

• එහි පිහිටි ඛනිජ තෙල් ගබඩා සංකීර්ණය ධාරිතාවෙන් බැරල් මිලියන 31 ක් වන්නේය.

ඉරානයේ ජැස්ක් දූපතේ විකල්ප ඛනිජ තෙල් පර්යන්තයක් ගොඩ නගා ඇත. නමුත් යථාර්ථයේ දී, එය කාර්ග් දූපතේ ඛනිජ තෙල් ගබඩා වල ඇති ධාරිතාවෙන් කොටසක් පමණක් ප්‍රතිස්ථාපනය කර හැකිව තිබේ. ඒ අනුව කාර්ග් දූපත යනු හුදු වැදගත් දූපතක් නොව අත්‍යවශ්‍ය දූපතකි.

“මෙය හුදු යටිතල පහසුකමක් නොවේ.

එය ජාතියක මූල්‍ය කොඳු ඇට පෙළයි.”


තේරීමක් නොවූ තීරණය

එක්සත් ජනපද හමුදා  කාර්ග්  දූපතේ හමුදා ස්ථාපනයන්ට පහර දුන් නමුත් ඛනිජ තෙල් යටිතල පහසුකම් මග හැරිය හෙයින් සංයමයකින් එල්ල කළ ප්‍රහාරයක් ලෙස පුළුල් රාමුවකට කොටු කරන ලදී.

එහෙත් සැබෑ කාරණය එම ප්‍රහාරය නැවැත්වූවේ අමෙරිකානු හමුදා තුළ වන සංයමය නිසා නොව කාර්ග් දූපත විනාශ කළහොත් ඇති වන පසු කම්පන පිළිබඳව ඔවුන් තුළ වන අවබෝධය නිසාවෙනි.

කාර්ග්  දූපතේ  ඛනිජ තෙල් යටිතල පහසුකම් විනාශ කිරීම ඉරානය දුර්වල කිරීමෙන් නොනැවතී ගෝලීය බලශක්ති කම්පනයක් අවුලුවාලීමට හේතුවනවා ඇත. එම විනාශය සැපයුම් දාම, මූල්‍ය වෙළඳපොළ සහ දේශීය ආර්ථිකයන් හරහා රැළි පිට රැළි නැගෙනු ඇත. කාර්ග් දූපතට ප්‍රහාර එල්ල වන අවස්ථාව වන විටත් තෙල් මිල ඉහළ යමින් තිබුණි.කාර්ග් දූපතේ සිදුවන සම්පූර්ණ විනාශය ඉරානය අර්බුදකාරී භූමියට යැවිය හැකි නමුත් ඒ අර්බුදය ඉරානයේ දේශසීමා වලින් නතර වන්නේ නැත.

ප්‍රතිලෝම උගුල

පැන නැගී ඇති තත්වය තුළ ඇති ප්‍රධාන කරුණ, අඩුවෙන්ම කතා කරන කරුණ බවට පත්වී තිබේ. එනම් බල ප්‍රතිලෝම උගුල තුළට කොටුවෙමින් පවතී.

එය පහත දැක්වෙන ආකාරයට ක්‍රියාත්මක වෙමින් තිබේ.

•එක් ජාතියකට පමණක් නොව සමස්ථ ලෝකයටම තීරණාත්මක සම්පතක් අවදානමට ලක්විය හැකි ස්ථානයක සංකේන්ද්‍රණය වී ඇත.

• බලවත් හමුදාවකට එම තීරනාත්මක සම්පත පහසුවෙන් විනාශ කළ හැකිය.

• නමුත් එම විනාශය මගින් ගෝලීය ආර්ථිකයට දැවැන්ත හානියක් සිදු වේ'

• එම හානිය පාරාවලල්ලක් වී ප්‍රහාරකයා වෙත නැවත පැමිණේ.

ඉහත කී කරුණු වලින් නිර්මානය වන අවසාන ප්‍රතිඵලය බලය ස්වයං-සීමාකාරී බව තහවුරු වීම වන්නේය.

“ප්‍රහාරකයාට විනාශ කිරීමේ හැකියාව ඇති නමුත් ප්‍රහාරයෙන් ඇති කරන

විනාශයේ ප්‍රතිවිපාක අවශෝෂණය කර ගැනීමේ හැකියාවක් නැත.”

යුද්ධය දිගටම පවත්වාගෙන යාමේ පිරිවැය

යුද්ධය දිගටම පවත්වාගෙන යාම උපායමාර්ගික ගැටළුවක් පමණක් නොව බරපතල මූල්‍යමය ගැටලුවක් බවටද පත් වන්නේය. කලාපයේ නූතන ගැටුම කුරිරු අසමමිතියකින් අර්ථ දක්වා ඇත:එනම්,

• ඉහළ වියදම් ආරක්ෂක පද්ධති

• අඩු වියදම් ප්‍රහාරාත්මක උපක්‍රම

• අඛණ්ඩ මැදිහත්වීම

සෑම බාධාවක්ම, සෑම ප්‍රතිචාරයක්ම, සෑම උත්සන්න වන ගැටුමක්ම මිලක් දරනු ලබන්නේය.

කාලයත් සමඟ එම වියදම් සම්මුච්චිගත වන්නේ මාතෘකා තුළ නොව, අයවැය, ආර්ථිකයන් සහ දේශපාලන පීඩනය තුළය. ජයග්‍රහණය තවදුරටත් යුධ පිටියේ සාර්ථකත්වය තුළින් පමණක් අර්ථ දැක්වෙන්නේ නැත. එනම් ජයග්‍රහණය යනු තිරසාරභාවය පෙරමුණට ගෙන එනු ලබන කාර්යක් වන්නේය.

1980 දශකයේ සකස් කළ උපාය මාර්ගයක්

අද ඇති වී තිබෙන මෙම ගතිකත්වය අහම්බෙන් මතු වූවක් නොවීය.1980 දශකයේ පැන නැගුණු ඉරාන–ඉරාක යුද්ධයේදී, ඉන්ධන යටිතල පහසුකම්ට එල්ල වූ ආක්‍රමණ මඟින් දැඩි සත්‍යයක් පහදා දුනි. එනම්, සියල්ල එකම ස්ථානයක ඒකාරාශි කිරීම ආරක්ෂාකාරී නොවන බවයි. නමුත් එම අවදානම ඉවත් කිරීම වෙනුවට ඉරානය අවදානම් තත්වයට අනුවර්තනය විය. එලෙසම ඉරානය අවදානම ලීවරයක් බවට පත් කළේය.

සමස්ත ලෝකයම බිඳෙනසුලු නෝඩයක් හෙවත් කාප්ප ගැටයක් මත රඳා පවතී නම්, නෝඩය "විනාශ කිරීමට කරනු ලබන තර්ජනයම" බලයේ ආකාරයක් බවට පත්වේ. කාර්ග් දූපත අනභිභවනීය වීම ඉරානයට අවශ්‍ය නැති නමුත් දූපත ඉරානයට අහිමි කරවීමට සතුරා ගෙවන  මිල ඉතා අධික විය යුතුය.

“කාර්ග් දූපත ආයුධවලින් ආරක්ෂා වන්නේ නැති නමුත් දූපත ඉරානයට අහිමි වීමෙන් ලැබෙන ප්‍රතිවිපාක හේතුවෙන් දූපතට ආරක්ෂාව සැලසේ.”

ගල්ෆ් කලාපයේ සිට ඔබේ මුදල් පසුම්බිය දක්වා

මෙම ගැටුම භූගෝලිය සීමාවන් තුළ පමණක් කොටු වී පවතින්නේ නැත.ඒ වෙනුවට බලශක්ති වෙළඳපොළවල් ඔස්සේ එහි බලපෑම ලෝකය පුරා පැතිරෙනු ඇත.එනම්

• ඉන්ධන මිල ඉහළ යයි

• ප්‍රවාහන වියදම් ඉහළ යයි

• ආහාර මිල ගණන් ඉන්ධන හා ප්‍රවාහන වියදම් වලට අනුලෝමව ගමන් කරයි

• උද්ධමනය පැතිරෙයි

ඒ අනුව "හමුදා තීරණයක් ලෙස ආරම්භ වන දේ ගෘහස්ථ යථාර්ථයක් ලෙස අවසන් වේ" යන කියමන නැවත වරක් සත්‍ය බවට ඔප්පු වේ.ගෑස් බිල්පත්, සිල්ලර භාන්ඩ වල මිළ, පොලී අනුපාත ආදී වූ සියල්ල එකම සමීකරණයේ කොටසක් බවට පත්වේ.

ගැලවී යාමට මාර්ග තුනක් එහෙත් පහසු පිටවීමක් නැත

ගැටුමෙන් පිටව යාමට උපාය මාර්ග තුනක් ඇති නමුදු සෑම උපායමාර්ගික විකල්පයක්ම අවදානමක් දරා සිටියි. එනම් පිටව යාමට තිබෙන මාර්ග,

1. සීමිත ප්‍රහාර දිගටම පවත්වා ගනී.

ප්‍රතිඵලය : තීරණාත්මක ප්‍රතිඵලයක් නැත, අඛණ්ඩව යුද පිරිවැය ඉහළ යයි.

2. ඛණිජ තෙල් යටිතල පහසුකම් විනාශයට පත්වේ.

ප්‍රතිඵලය: මිල කම්පනය, ගෝලීය ආර්ථික බිඳවැටීම

3. කාර්ග් දූපත අත් පත් කර ගැනීම

ප්‍රතිඵලය: දිගුකාලීන මිලිටරි සහ මූල්‍ය බර සමඟ පැහැදිළි විසඳුමක් නොමැත.

පිටව යාමේ විකල්ප වල ප්‍රතිවිපාක සහ විවිධ ආකාර පමණි.

සැබෑ අසමමිතිය

පවතින යුද ගැටුමේ හරයේ මූලය තුල සරල අසමතුලිතතාවයක් පැවතීන්නේය: එනම්,එක් පාර්ශවයක් තීරණාත්මක ජයග්‍රහණයක් ලබාගත යුතු අතර අනෙක් පාර්ශවය දිගටම ඉවසමින් දරාගෙන සිටීම  පමණක් කළ යුතු වේ. එහෙත් ඉවසීම (Endurance ) වඩාත් පහසු හා අඩු වියදම් සහගත වන අතර කාලය ගත විමත් සමඟ, ඒ ඉවසීම ගිනි බලයට (Fire Power) වඩා වැදගත්  සාධකයක් බවට පත් වීම සිදුවේ.

“ශක්තිය සටන් ජය ගනී.විඳ දරාගැනීම ගැටුම් ජය ගනී.”

සැබෑ සංඥා කියවීම

මෙම යුද්ධයේදී, වැදගත්ම දර්ශක සැමවිටම මිලිටරිමය නොවනවා මෙන්ම ඒවා ආර්ථිකමය වේ. එනම්,

• ඛණිජ තෙල් ප්‍රවාහන නාවික යාත්‍රා රක්ෂණ වාරික

• ඛණිජ තෙල් සහ ආශ්‍රිත නිෂ්පාදන වල අනාගත මිලකරණය

• අපනයන පර්යන්ත ක්‍රියාකාරකම්

වෙළඳපොළවල් රාජ්‍යන්ට වඩා වේගයෙන් ප්‍රතිචාර දක්වන අතර ඒවා බොහෝ විට නිල ආඛ්‍යානවලට නොගැලපෙන දේ හෙළි කරනු ලබයි.

දර්පණ බලපෑම

කාර්ග් දූපත උපායමාර්ගික වත්කමකට වඩා වැඩි යමක් වන්නේය. කාර්ග් දූපත එක්තරා ආකරයක කැඩපතකි. එය අන්තර් රඳා පැවැත්මෙන් අර්ථ දක්වා ඇති ලෝකයක බලයේ සීමාවන් පිළිබිඹු කරනු ලබයි. එනම්, ඔබේ විරුද්ධවාදියාට බාධා කිරීම යන්නෙන් අදහස් කරන්නේ ඔබම අස්ථාවර කිරීමයි. එය නව ආකාරයේ යුධ පිටියක් හෙළි කරයි. එනම්, යුධ පිටිය ආයුධ මගින් පමණක් නොව, වෙළඳපොළවල්, භූගෝලය සහ පිරිවැය අනුවද හැඩගස්වා ඇත.

අවසාන වචනය

අවසානයේ, පවතින තත්වය පැහැදිලි මෙන්ම අසහනකාරී පාඩමකි. එනම්, මෙම ගැටුමේදි වැඩිම ශක්තිය සහිත පාර්ශවයම වඩාත් සීමා වන පාර්ශවය බවට  විය හැක. එයට හේතුව වන්නේ, මෙවැනි තත්වයකදී ප්‍රහාර එල්ල කරන්නට හැකි වීමත්, යුද්ධය ජයගැනීමට හැකි වීමත් යන කාරණා එකම කාරණයක් නොවන හෙයිනි.

මහාචාර්ය ජියැං සුඕකින් යනු චීන-කැනඩා අධ්‍යාපනඥයෙක්, ලේඛකයෙක්, ඉතිහාසඥයෙක් සහ භූ දේශපාලනික විචාරකයෙකු ලෙස කටයුතු කරන්නෙකි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ඔහුගේ කටයුතු සහ ඉතිහාසය, උපායමාර්ග සහ ගෝලීය දේශපාලනය පිළිබඳ ඔහුගේ ජනප්‍රිය මාර්ගගත දේශන හේතුවෙන් ලෝක ප්‍රසිද්ධ වූ බුද්ධිමතෙකි.

මහාචාර්ය ජියැං සුඕකින්ගේ අන්තර් ජාල දේශනයක් ඇසුරෙන් සකස් කළේ ජීවන්ත ජයතිස්ස

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.