News Category
From Date
To Date
Maximum Number of Result

මහා බලයක් දුර්වලතාවයක් බවට පත් කරවන හෝමූස් සමුද්‍ර සන්ධියේ කාර්ග් දූපත

Apr 1, 2026 at 02:54 PM
|

පර්සියානු ගල්ෆ් කලාපයේ කුඩා බිම් කොටසක් නිහඬවම ගෝලීය ආර්ථිකය නැවත හැඩගස්වමින් මිලිටරි ආධිපත්‍යයේ සීමාවන් ලකුනු කරමින් සිටින තත්වයකට පත්ව තිබේ. එක්සත් ජනපදයට කාර්ග් දූපතට පහර දිය හැකි නමුත් දූපත විනාශ වීම අමෙරිකාවට දරාගත නොහැකි වනු ඇත.

සිතියම පවසන මුසාව

පසුගිය සති ගණනාවක් තිස්සේ, උත්සන්න වන පර්සියානු ගල්ෆ් ගැටුම පිළිබඳ මාධ්‍ය ආවරණය හුරුපුරුදු පිටපතකට අනුව සිදුවෙමින් තිබේ. එනම්, ආර්ථික සහ යුද මර්මස්ථාන ඉලක්ක කිරීම, ගුවන් ප්‍රහාර උත්සන්න වීම ඒ අතර ප්‍රමුඛ වේ. ප්‍රහාරයට ලක්වූ යැයි පැවසෙන ස්ථාන වල සිතියම්වල කාර්ග් දූපත නොවැදගත් ලෙස සලකුණුකර ඇති බව පෙනෙන්නට තිබේ. මාධ්‍ය වාර්තා වලට අනුව කාර්ග් දුපත යනු කුඩා තිතක් පමණි. එනම් මාධ්‍ය වාර්තා වල ප්‍රධාන වශයෙන් කාර්ග් දූපත යනු හමුදා වැදගත්කමක් ඇති ස්ථානයක් ලෙස දක්වා ඇති අතර, මිනිසුන් හෝ ජීවිතයක් සහිත සැබෑ ස්ථානයක් ලෙස නොව, මාධ්‍ය වාර්තා වල වැඩි අවධානයක් යොමු කර නොමැති කෙටියෙන් පමණක් සඳහන් කරන දූපතක් ලෙස වර නැංවී ඇත. එහෙත් කාර්ග් දූපත යනු ස්ථානයක් පමණක්ම නොවේ.

එය පද්ධතියකි. එලෙසම කාර්ග් දූපත නම් වූ පද්ධතිය මෙම ගැටුමේ ප්‍රතිඵලය පමණක් නොව ඉදිරි මාස 18 තුළ ගෝලීය ආර්ථිකයේ ගමන් පථය නිහඬව තීරණය කරන අතිශය වැදගත් භූමි භාගය බවට පත් වනු ඇත.

විශ්ව විද්‍යාලයක භූමි ප්‍රමාණයට සමාන නාවික ගමනා ගමන පාලන මධ්‍යස්ථානයක් ලෙසට වර නංවා ඇත.

ඉරානයේ දකුණු වෙරළට කිලෝමීටර් 25 ක් දුරින් පිහිටි විශ්ව විද්‍යාල මණ්ඩපයක වපසරියට ආසන්න වශයෙන් සමාන කොරල් පරයක් වන කාර්ග් දූපත භෞතික වශයෙන් ගත් කළ කැපී පෙනෙන්නේ නැත.

එහෙත් දූපතේ වැදගත්කම ඇසට පෙනෙන මතුපිටට යටින් පවතී. එනම්,

• ඉරානයේ තෙල් අපනයනයෙන් 94% ක් දූපත හරහා ගලා යයි.

• දිනකට බැරල් මිලියන 1.5 ක් දූපතේ පිහිටි පර්යන්ත පසු කරයි.

• එහි පිහිටි ඛනිජ තෙල් ගබඩා සංකීර්ණය ධාරිතාවෙන් බැරල් මිලියන 31 ක් වන්නේය.

ඉරානයේ ජැස්ක් දූපතේ විකල්ප ඛනිජ තෙල් පර්යන්තයක් ගොඩ නගා ඇත. නමුත් යථාර්ථයේ දී, එය කාර්ග් දූපතේ ඛනිජ තෙල් ගබඩා වල ඇති ධාරිතාවෙන් කොටසක් පමණක් ප්‍රතිස්ථාපනය කර හැකිව තිබේ. ඒ අනුව කාර්ග් දූපත යනු හුදු වැදගත් දූපතක් නොව අත්‍යවශ්‍ය දූපතකි.

“මෙය හුදු යටිතල පහසුකමක් නොවේ.

එය ජාතියක මූල්‍ය කොඳු ඇට පෙළයි.”


තේරීමක් නොවූ තීරණය

එක්සත් ජනපද හමුදා  කාර්ග්  දූපතේ හමුදා ස්ථාපනයන්ට පහර දුන් නමුත් ඛනිජ තෙල් යටිතල පහසුකම් මග හැරිය හෙයින් සංයමයකින් එල්ල කළ ප්‍රහාරයක් ලෙස පුළුල් රාමුවකට කොටු කරන ලදී.

එහෙත් සැබෑ කාරණය එම ප්‍රහාරය නැවැත්වූවේ අමෙරිකානු හමුදා තුළ වන සංයමය නිසා නොව කාර්ග් දූපත විනාශ කළහොත් ඇති වන පසු කම්පන පිළිබඳව ඔවුන් තුළ වන අවබෝධය නිසාවෙනි.

කාර්ග්  දූපතේ  ඛනිජ තෙල් යටිතල පහසුකම් විනාශ කිරීම ඉරානය දුර්වල කිරීමෙන් නොනැවතී ගෝලීය බලශක්ති කම්පනයක් අවුලුවාලීමට හේතුවනවා ඇත. එම විනාශය සැපයුම් දාම, මූල්‍ය වෙළඳපොළ සහ දේශීය ආර්ථිකයන් හරහා රැළි පිට රැළි නැගෙනු ඇත. කාර්ග් දූපතට ප්‍රහාර එල්ල වන අවස්ථාව වන විටත් තෙල් මිල ඉහළ යමින් තිබුණි.කාර්ග් දූපතේ සිදුවන සම්පූර්ණ විනාශය ඉරානය අර්බුදකාරී භූමියට යැවිය හැකි නමුත් ඒ අර්බුදය ඉරානයේ දේශසීමා වලින් නතර වන්නේ නැත.

ප්‍රතිලෝම උගුල

පැන නැගී ඇති තත්වය තුළ ඇති ප්‍රධාන කරුණ, අඩුවෙන්ම කතා කරන කරුණ බවට පත්වී තිබේ. එනම් බල ප්‍රතිලෝම උගුල තුළට කොටුවෙමින් පවතී.

එය පහත දැක්වෙන ආකාරයට ක්‍රියාත්මක වෙමින් තිබේ.

•එක් ජාතියකට පමණක් නොව සමස්ථ ලෝකයටම තීරණාත්මක සම්පතක් අවදානමට ලක්විය හැකි ස්ථානයක සංකේන්ද්‍රණය වී ඇත.

• බලවත් හමුදාවකට එම තීරනාත්මක සම්පත පහසුවෙන් විනාශ කළ හැකිය.

• නමුත් එම විනාශය මගින් ගෝලීය ආර්ථිකයට දැවැන්ත හානියක් සිදු වේ'

• එම හානිය පාරාවලල්ලක් වී ප්‍රහාරකයා වෙත නැවත පැමිණේ.

ඉහත කී කරුණු වලින් නිර්මානය වන අවසාන ප්‍රතිඵලය බලය ස්වයං-සීමාකාරී බව තහවුරු වීම වන්නේය.

“ප්‍රහාරකයාට විනාශ කිරීමේ හැකියාව ඇති නමුත් ප්‍රහාරයෙන් ඇති කරන

විනාශයේ ප්‍රතිවිපාක අවශෝෂණය කර ගැනීමේ හැකියාවක් නැත.”

යුද්ධය දිගටම පවත්වාගෙන යාමේ පිරිවැය

යුද්ධය දිගටම පවත්වාගෙන යාම උපායමාර්ගික ගැටළුවක් පමණක් නොව බරපතල මූල්‍යමය ගැටලුවක් බවටද පත් වන්නේය. කලාපයේ නූතන ගැටුම කුරිරු අසමමිතියකින් අර්ථ දක්වා ඇත:එනම්,

• ඉහළ වියදම් ආරක්ෂක පද්ධති

• අඩු වියදම් ප්‍රහාරාත්මක උපක්‍රම

• අඛණ්ඩ මැදිහත්වීම

සෑම බාධාවක්ම, සෑම ප්‍රතිචාරයක්ම, සෑම උත්සන්න වන ගැටුමක්ම මිලක් දරනු ලබන්නේය.

කාලයත් සමඟ එම වියදම් සම්මුච්චිගත වන්නේ මාතෘකා තුළ නොව, අයවැය, ආර්ථිකයන් සහ දේශපාලන පීඩනය තුළය. ජයග්‍රහණය තවදුරටත් යුධ පිටියේ සාර්ථකත්වය තුළින් පමණක් අර්ථ දැක්වෙන්නේ නැත. එනම් ජයග්‍රහණය යනු තිරසාරභාවය පෙරමුණට ගෙන එනු ලබන කාර්යක් වන්නේය.

1980 දශකයේ සකස් කළ උපාය මාර්ගයක්

අද ඇති වී තිබෙන මෙම ගතිකත්වය අහම්බෙන් මතු වූවක් නොවීය.1980 දශකයේ පැන නැගුණු ඉරාන–ඉරාක යුද්ධයේදී, ඉන්ධන යටිතල පහසුකම්ට එල්ල වූ ආක්‍රමණ මඟින් දැඩි සත්‍යයක් පහදා දුනි. එනම්, සියල්ල එකම ස්ථානයක ඒකාරාශි කිරීම ආරක්ෂාකාරී නොවන බවයි. නමුත් එම අවදානම ඉවත් කිරීම වෙනුවට ඉරානය අවදානම් තත්වයට අනුවර්තනය විය. එලෙසම ඉරානය අවදානම ලීවරයක් බවට පත් කළේය.

සමස්ත ලෝකයම බිඳෙනසුලු නෝඩයක් හෙවත් කාප්ප ගැටයක් මත රඳා පවතී නම්, නෝඩය "විනාශ කිරීමට කරනු ලබන තර්ජනයම" බලයේ ආකාරයක් බවට පත්වේ. කාර්ග් දූපත අනභිභවනීය වීම ඉරානයට අවශ්‍ය නැති නමුත් දූපත ඉරානයට අහිමි කරවීමට සතුරා ගෙවන  මිල ඉතා අධික විය යුතුය.

“කාර්ග් දූපත ආයුධවලින් ආරක්ෂා වන්නේ නැති නමුත් දූපත ඉරානයට අහිමි වීමෙන් ලැබෙන ප්‍රතිවිපාක හේතුවෙන් දූපතට ආරක්ෂාව සැලසේ.”

ගල්ෆ් කලාපයේ සිට ඔබේ මුදල් පසුම්බිය දක්වා

මෙම ගැටුම භූගෝලිය සීමාවන් තුළ පමණක් කොටු වී පවතින්නේ නැත.ඒ වෙනුවට බලශක්ති වෙළඳපොළවල් ඔස්සේ එහි බලපෑම ලෝකය පුරා පැතිරෙනු ඇත.එනම්

• ඉන්ධන මිල ඉහළ යයි

• ප්‍රවාහන වියදම් ඉහළ යයි

• ආහාර මිල ගණන් ඉන්ධන හා ප්‍රවාහන වියදම් වලට අනුලෝමව ගමන් කරයි

• උද්ධමනය පැතිරෙයි

ඒ අනුව "හමුදා තීරණයක් ලෙස ආරම්භ වන දේ ගෘහස්ථ යථාර්ථයක් ලෙස අවසන් වේ" යන කියමන නැවත වරක් සත්‍ය බවට ඔප්පු වේ.ගෑස් බිල්පත්, සිල්ලර භාන්ඩ වල මිළ, පොලී අනුපාත ආදී වූ සියල්ල එකම සමීකරණයේ කොටසක් බවට පත්වේ.

ගැලවී යාමට මාර්ග තුනක් එහෙත් පහසු පිටවීමක් නැත

ගැටුමෙන් පිටව යාමට උපාය මාර්ග තුනක් ඇති නමුදු සෑම උපායමාර්ගික විකල්පයක්ම අවදානමක් දරා සිටියි. එනම් පිටව යාමට තිබෙන මාර්ග,

1. සීමිත ප්‍රහාර දිගටම පවත්වා ගනී.

ප්‍රතිඵලය : තීරණාත්මක ප්‍රතිඵලයක් නැත, අඛණ්ඩව යුද පිරිවැය ඉහළ යයි.

2. ඛණිජ තෙල් යටිතල පහසුකම් විනාශයට පත්වේ.

ප්‍රතිඵලය: මිල කම්පනය, ගෝලීය ආර්ථික බිඳවැටීම

3. කාර්ග් දූපත අත් පත් කර ගැනීම

ප්‍රතිඵලය: දිගුකාලීන මිලිටරි සහ මූල්‍ය බර සමඟ පැහැදිළි විසඳුමක් නොමැත.

පිටව යාමේ විකල්ප වල ප්‍රතිවිපාක සහ විවිධ ආකාර පමණි.

සැබෑ අසමමිතිය

පවතින යුද ගැටුමේ හරයේ මූලය තුල සරල අසමතුලිතතාවයක් පැවතීන්නේය: එනම්,එක් පාර්ශවයක් තීරණාත්මක ජයග්‍රහණයක් ලබාගත යුතු අතර අනෙක් පාර්ශවය දිගටම ඉවසමින් දරාගෙන සිටීම  පමණක් කළ යුතු වේ. එහෙත් ඉවසීම (Endurance ) වඩාත් පහසු හා අඩු වියදම් සහගත වන අතර කාලය ගත විමත් සමඟ, ඒ ඉවසීම ගිනි බලයට (Fire Power) වඩා වැදගත්  සාධකයක් බවට පත් වීම සිදුවේ.

“ශක්තිය සටන් ජය ගනී.විඳ දරාගැනීම ගැටුම් ජය ගනී.”

සැබෑ සංඥා කියවීම

මෙම යුද්ධයේදී, වැදගත්ම දර්ශක සැමවිටම මිලිටරිමය නොවනවා මෙන්ම ඒවා ආර්ථිකමය වේ. එනම්,

• ඛණිජ තෙල් ප්‍රවාහන නාවික යාත්‍රා රක්ෂණ වාරික

• ඛණිජ තෙල් සහ ආශ්‍රිත නිෂ්පාදන වල අනාගත මිලකරණය

• අපනයන පර්යන්ත ක්‍රියාකාරකම්

වෙළඳපොළවල් රාජ්‍යන්ට වඩා වේගයෙන් ප්‍රතිචාර දක්වන අතර ඒවා බොහෝ විට නිල ආඛ්‍යානවලට නොගැලපෙන දේ හෙළි කරනු ලබයි.

දර්පණ බලපෑම

කාර්ග් දූපත උපායමාර්ගික වත්කමකට වඩා වැඩි යමක් වන්නේය. කාර්ග් දූපත එක්තරා ආකරයක කැඩපතකි. එය අන්තර් රඳා පැවැත්මෙන් අර්ථ දක්වා ඇති ලෝකයක බලයේ සීමාවන් පිළිබිඹු කරනු ලබයි. එනම්, ඔබේ විරුද්ධවාදියාට බාධා කිරීම යන්නෙන් අදහස් කරන්නේ ඔබම අස්ථාවර කිරීමයි. එය නව ආකාරයේ යුධ පිටියක් හෙළි කරයි. එනම්, යුධ පිටිය ආයුධ මගින් පමණක් නොව, වෙළඳපොළවල්, භූගෝලය සහ පිරිවැය අනුවද හැඩගස්වා ඇත.

අවසාන වචනය

අවසානයේ, පවතින තත්වය පැහැදිලි මෙන්ම අසහනකාරී පාඩමකි. එනම්, මෙම ගැටුමේදි වැඩිම ශක්තිය සහිත පාර්ශවයම වඩාත් සීමා වන පාර්ශවය බවට  විය හැක. එයට හේතුව වන්නේ, මෙවැනි තත්වයකදී ප්‍රහාර එල්ල කරන්නට හැකි වීමත්, යුද්ධය ජයගැනීමට හැකි වීමත් යන කාරණා එකම කාරණයක් නොවන හෙයිනි.

මහාචාර්ය ජියැං සුඕකින් යනු චීන-කැනඩා අධ්‍යාපනඥයෙක්, ලේඛකයෙක්, ඉතිහාසඥයෙක් සහ භූ දේශපාලනික විචාරකයෙකු ලෙස කටයුතු කරන්නෙකි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ඔහුගේ කටයුතු සහ ඉතිහාසය, උපායමාර්ග සහ ගෝලීය දේශපාලනය පිළිබඳ ඔහුගේ ජනප්‍රිය මාර්ගගත දේශන හේතුවෙන් ලෝක ප්‍රසිද්ධ වූ බුද්ධිමතෙකි.

මහාචාර්ය ජියැං සුඕකින්ගේ අන්තර් ජාල දේශනයක් ඇසුරෙන් සකස් කළේ ජීවන්ත ජයතිස්ස

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.