News Category
From Date
To Date
Maximum Number of Result

පාසල් සිසුන් සම්බන්ධ දඬුවම් ගැන අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ අලුත් චක්‍රලේඛයේ ඇතුළත් වන්නේ මොනවා ද?

Apr 3, 2026 at 08:53 AM
|

පාසල් සිසු සිසුවියන් අතර විනය පවත්වාගෙන යාමේදී ශාරීරික සහ මානසික දඬුවම් ක්‍රියාත්මක කිරීමට එරෙහිව තවත් චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ.

එම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකදී ලබා දී ඇති නියෝගයකට අනුව ය.

ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 461/2012 (FR) දරන නඩු තීන්දුවේ 17 වන ඡේදය සැලකිල්ලට ගනිමින් එම චක්‍රලේඛය නිකුත් කර තිබේ.

නඩුව කුමක් ද?

ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 461/2012 (FR) දරන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහි නඩුව කුරුණෑගල, ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයෙකු සහ ඔහුගේ පියා විසින් ගොනු කරනු ලැබ තිබිණි.

එම පැමිණිල්ලෙන් චෝදනා එල්ල කර තිබුණේ, ඉංග්‍රීසි විෂයට දුර්වල බව පවසමින් ඉංග්‍රීසි ඉගැන්වූ ගුරුවරිය නිරන්තරයෙන් එම ශිෂ්‍යයා හිංසනයට ලක් කළ බව ය.

එහි ප්‍රතිඵලයක් ලෙස එම ශිෂ්‍යයා පාසල් යාමට අකැමැත්ත පළ කළ බව ද එහි දැක්විණි.

මෙම නඩු විභාගය අවසානයේදී අදාළ සිසුවාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි අධිකරණය තීන්දු කළේ ය.

නඩු තීන්දුවේ 17 වන ඡේදයේ සඳහන් වන්නේ කුමක් ද?

ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 461/2012 (FR) දරන නඩු තීන්දුවේ 17 වන ඡේදය පහත පරිදි වේ.

එහි සිංහල දළ අර්ථය මෙසේ ය.

'මේ සම්බන්ධයෙන්, දඬුවම් කිරීමේ මාධ්‍යයක් ලෙස හෝ වෙනත් හේතුවක් නිසා කිසිදු දරුවෙකුට ශාරීරික හෝ මානසික හානියක් සිදු නොකළ යුතු බව පැහැදිලිව සඳහන් කරමින්, සියලු ම පාසල්වල සියලු ම ගුරුවරුන් සහ පරිපාලකයින් වෙත නව චක්‍රලේඛයක් නිකුත් කිරීමේ අවශ්‍යතාව අධිකරණය නිරීක්ෂණය කරයි. ඕනෑ ම ආකාරයක ශාරීරික දඬුවමකට කිසිදු ලෙසකින් ඉඩක් නොමැති බවත්, අපරාධකරුවන්ට එරෙහිව නීතියට අනුව කටයුතු කරන බවත් චක්‍රලේඛයේ සඳහන් විය යුතු ය.'

'ඒ අනුව, පාසල් සිසුන්ගේ විනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඉහත ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ සඳහන් කර ඇති කරුණු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව අවධාරණය කරන' බව නව චක්‍රලේඛයේ දැක්වේ.

මේ අතර, 'සිසුන් සමග කටයුතු කිරීමේදී සිසුන්ගේ ධනාත්මක හැසිරීම් උදෙසා මැදිහත් වීම සහ සහය ලබා දීම ආදී ක්‍රම අනුගමනය කළ යුතු' බව ද එහි සඳහන් වේ.

මෙම චක්‍රලේඛය 12/2016 දරන චක්‍රලේඛය සමග සම්බන්ධ වේ.

අලුතින් චක්‍රලේඛයක් නිකුත් කළේ ඇයි?

ශාරීරික සහ මානසික දඬුවම් සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට බලපෑ හේතුව කුමක් ද යන්න පිළිබඳව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න පැහැදිලි කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ, මෙම චක්‍රලේඛය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත නිකුත් කළ බව ය.

"මේ චක්‍රලේඛය නිකුත් කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 461/2012 (FR) දරන නඩු තීන්දුවේ නියෝගයකට අනුව. ඒ නියෝගය සඳහන් කිරීමට තමයි චක්‍රලේඛය නිකුත් කළේ. නඩුව අවසන් වෙලා මාස 9ක කාලයක් දුන්න අපට ඒ චක්‍රලේඛය නිකුත් කරන්න. ඒ කාලය තුළ අධිකරණයේ නියෝගය අපි ක්‍රියාත්මක කළා."

'දඬුවම් කරන්න එපා කියල චක්‍රලේඛ නිකුත් කිරීම විතරක් ඵලක් නැහැ' - ජෝසෆ් ස්ටාලින්

පාසල් සිසු සිසුවියන්ට ශාරීරික දඬුවම් කිරීමට එරෙහිව මීට පෙර ද, චක්‍රලේඛ නිකුත් කර ඇති බවත්, විනය ක්‍රියාමාර්ග ගැනීමේදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ගුරුවරුන් දැනුවත් කර නොමැති බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි.

ඔහු බීබීසී සිංහල සේවයට පැවසුවේ, සිසුන් පිළිබඳ විනය ක්‍රියාමාර්ග ගැනීමේදී අනුගමනය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් විධිමත් නිර්දේශයන් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ යුතු බව ය.

මේ අතර, දණ්ඩ නීති සංග්‍රහයේ (සංශෝධිත) පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා 2025 වසරේ සැප්තැම්බර් 24 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

එය මුල් වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ, 2025 අගෝස්තු 19 වන දා ය.

එහිදී, කෙටුම්පතේ අඩංගු ඇතැම් කරුණු සම්බන්ධයෙන් විපක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර, පසුව එය අත්හිටුවීමට සිදු විය.

'ගුරුවරුන්ට මාර්ගෝපදේශයක් සකස් කිරීමේ සාකච්ඡා වෙන ම සිදු වෙනවා' - අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය

මේ අතර, ශාරීරික සහ මානසික දඬුවම් වෙනුවට අනුගමනය කළ යුතු විකල්ප ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වන සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න බීබීසී සිංහල සේවයට පැවසීය.

"ශාරීරික සහ මානසික දඬුවම් ක්‍රම වෙනුවට රිවෝඩ්ස් ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න අපි කටයුතු කරමින් ඉන්නවා. එතනදි යහපත් ක්‍රියාවන් අගැයීමේ ක්‍රියාවලියක් ඇති කරන්න සාකච්ඡා කරනවා. ඒක අඛණ්ඩව ඉදිරියට යනවා."

- BBC සිංහල


සම්බන්ධිත පුවත් | Related News

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 8 වනදා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.