පාසල් සිසුන් සම්බන්ධ දඬුවම් ගැන අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ අලුත් චක්‍රලේඛයේ ඇතුළත් වන්නේ මොනවා ද?
පාසල් සිසු සිසුවියන් අතර විනය පවත්වාගෙන යාමේදී ශාරීරික සහ මානසික දඬුවම් ක්‍රියාත්මක කිරීමට එරෙහිව තවත් චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ.
එම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකදී ලබා දී ඇති නියෝගයකට අනුව ය.
ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 461/2012 (FR) දරන නඩු තීන්දුවේ 17 වන ඡේදය සැලකිල්ලට ගනිමින් එම චක්‍රලේඛය නිකුත් කර තිබේ.
නඩුව කුමක් ද?
ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 461/2012 (FR) දරන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහි නඩුව කුරුණෑගල, ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයෙකු සහ ඔහුගේ පියා විසින් ගොනු කරනු ලැබ තිබිණි.
එම පැමිණිල්ලෙන් චෝදනා එල්ල කර තිබුණේ, ඉංග්‍රීසි විෂයට දුර්වල බව පවසමින් ඉංග්‍රීසි ඉගැන්වූ ගුරුවරිය නිරන්තරයෙන් එම ශිෂ්‍යයා හිංසනයට ලක් කළ බව ය.
එහි ප්‍රතිඵලයක් ලෙස එම ශිෂ්‍යයා පාසල් යාමට අකැමැත්ත පළ කළ බව ද එහි දැක්විණි.
මෙම නඩු විභාගය අවසානයේදී අදාළ සිසුවාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි අධිකරණය තීන්දු කළේ ය.
නඩු තීන්දුවේ 17 වන ඡේදයේ සඳහන් වන්නේ කුමක් ද?
ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 461/2012 (FR) දරන නඩු තීන්දුවේ 17 වන ඡේදය පහත පරිදි වේ.
එහි සිංහල දළ අර්ථය මෙසේ ය.
'මේ සම්බන්ධයෙන්, දඬුවම් කිරීමේ මාධ්‍යයක් ලෙස හෝ වෙනත් හේතුවක් නිසා කිසිදු දරුවෙකුට ශාරීරික හෝ මානසික හානියක් සිදු නොකළ යුතු බව පැහැදිලිව සඳහන් කරමින්, සියලු ම පාසල්වල සියලු ම ගුරුවරුන් සහ පරිපාලකයින් වෙත නව චක්‍රලේඛයක් නිකුත් කිරීමේ අවශ්‍යතාව අධිකරණය නිරීක්ෂණය කරයි. ඕනෑ ම ආකාරයක ශාරීරික දඬුවමකට කිසිදු ලෙසකින් ඉඩක් නොමැති බවත්, අපරාධකරුවන්ට එරෙහිව නීතියට අනුව කටයුතු කරන බවත් චක්‍රලේඛයේ සඳහන් විය යුතු ය.'
'ඒ අනුව, පාසල් සිසුන්ගේ විනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඉහත ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ සඳහන් කර ඇති කරුණු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව අවධාරණය කරන' බව නව චක්‍රලේඛයේ දැක්වේ.
මේ අතර, 'සිසුන් සමග කටයුතු කිරීමේදී සිසුන්ගේ ධනාත්මක හැසිරීම් උදෙසා මැදිහත් වීම සහ සහය ලබා දීම ආදී ක්‍රම අනුගමනය කළ යුතු' බව ද එහි සඳහන් වේ.
මෙම චක්‍රලේඛය 12/2016 දරන චක්‍රලේඛය සමග සම්බන්ධ වේ.
අලුතින් චක්‍රලේඛයක් නිකුත් කළේ ඇයි?
ශාරීරික සහ මානසික දඬුවම් සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට බලපෑ හේතුව කුමක් ද යන්න පිළිබඳව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න පැහැදිලි කළේ ය.
ඔහු ප්‍රකාශ කළේ, මෙම චක්‍රලේඛය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත නිකුත් කළ බව ය.
"මේ චක්‍රලේඛය නිකුත් කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 461/2012 (FR) දරන නඩු තීන්දුවේ නියෝගයකට අනුව. ඒ නියෝගය සඳහන් කිරීමට තමයි චක්‍රලේඛය නිකුත් කළේ. නඩුව අවසන් වෙලා මාස 9ක කාලයක් දුන්න අපට ඒ චක්‍රලේඛය නිකුත් කරන්න. ඒ කාලය තුළ අධිකරණයේ නියෝගය අපි ක්‍රියාත්මක කළා."
'දඬුවම් කරන්න එපා කියල චක්‍රලේඛ නිකුත් කිරීම විතරක් ඵලක් නැහැ' - ජෝසෆ් ස්ටාලින්
පාසල් සිසු සිසුවියන්ට ශාරීරික දඬුවම් කිරීමට එරෙහිව මීට පෙර ද, චක්‍රලේඛ නිකුත් කර ඇති බවත්, විනය ක්‍රියාමාර්ග ගැනීමේදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ගුරුවරුන් දැනුවත් කර නොමැති බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි.
ඔහු බීබීසී සිංහල සේවයට පැවසුවේ, සිසුන් පිළිබඳ විනය ක්‍රියාමාර්ග ගැනීමේදී අනුගමනය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් විධිමත් නිර්දේශයන් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ යුතු බව ය.
මේ අතර, දණ්ඩ නීති සංග්‍රහයේ (සංශෝධිත) පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා 2025 වසරේ සැප්තැම්බර් 24 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
එය මුල් වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ, 2025 අගෝස්තු 19 වන දා ය.
එහිදී, කෙටුම්පතේ අඩංගු ඇතැම් කරුණු සම්බන්ධයෙන් විපක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර, පසුව එය අත්හිටුවීමට සිදු විය.
'ගුරුවරුන්ට මාර්ගෝපදේශයක් සකස් කිරීමේ සාකච්ඡා වෙන ම සිදු වෙනවා' - අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය
මේ අතර, ශාරීරික සහ මානසික දඬුවම් වෙනුවට අනුගමනය කළ යුතු විකල්ප ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වන සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න බීබීසී සිංහල සේවයට පැවසීය.
"ශාරීරික සහ මානසික දඬුවම් ක්‍රම වෙනුවට රිවෝඩ්ස් ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න අපි කටයුතු කරමින් ඉන්නවා. එතනදි යහපත් ක්‍රියාවන් අගැයීමේ ක්‍රියාවලියක් ඇති කරන්න සාකච්ඡා කරනවා. ඒක අඛණ්ඩව ඉදිරියට යනවා."
- BBC සිංහල
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..