භාණ්ඩාගාරයට හැකර් ප්‍රහාරයක් නොවේ.. මූල්‍ය රෙගුලාසි පියවර 13ම සම්පූර්ණ කරලා.. ලේකම්වරයාගේ අනුමැතිය ලැබිලා.. - රජිත් කීර්ති තෙන්නකෝන්
භාණ්ඩාගාරයේ මුදල් අමාත්‍යාංශය හරහා සිදුව ඇති ඩොලර් මිලියන 2.5කට අධික මූල්‍ය අක්‍රමිකතාවය හුදු පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වීමක් (Computer Hacking) නොව, රජයේ මූල්‍ය රෙගුලාසිවලට අනුව සම්පූර්ණ කළ යුතු පියවර 13ම අනුගමනය කරමින් සිදුකළ ගනුදෙනුවක් බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ, මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පහළ මට්ටමේ නිලධාරීන් සිව්දෙනෙකු බිල්ලට දී ඉහළ නිලධාරීන් මෙයින් ගැලවීමට උත්සාහ කරන බවයි.
සාමාන්‍යයෙන් මෙවැනි විදේශීය ණය වාරික ගෙවීමකදී (Term Loan) අමාත්‍යාංශ ලේකම්වරයාගේ සිට පහළ නිලධාරීන් දක්වා පියවර 13ක් පසුකළ යුතු බව තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි.
"මේක තනි පුද්ගලයෙක් සිස්ටම් එකකට ඇතුළු වෙලා කරන හැකින් එකක් නෙවෙයි. අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය ඇතිව, අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂවරුන් හරහා ලිපිකරු මට්ටම දක්වා නිලධාරීන් පියවර 13ක් සම්පූර්ණ කරලයි මේ මුදල් ගෙවා තිබෙන්නේ" යයි ඔහු සඳහන් කළේය.
මුදල් අමාත්‍යාංශයේ වත්මන් ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාට ලංකාවේ රාජ්‍ය සේවය සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව නිසි අත්දැකීමක් නොමැති වීම මෙම අර්බුදයට ප්‍රධාන හේතුවක් බව තෙන්නකෝන් මහතා චෝදනා කරයි.
ඕස්ට්‍රේලියාවේ පුද්ගලික අංශයේ සේවය කර මෙරට ලේකම් ධුරයට පත්වූ ඒ මහතාගේ පළමු අත්සන නොමැතිව කිසිදු ණය වාරිකයක් ගෙවිය නොහැකි බවත්, මෙම මතභේදාත්මක ගෙවීමද ඔහු මීට පෙර සේවය කළ ඕස්ට්‍රේලියාවේ පෞද්ගලික ආයතනයකට සම්බන්ධ ණය මුදලක් බවත් මෙහිදී අනාවරණය විය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට වැඩ තහනමට ලක්ව ඇත්තේ සහකාර අධ්‍යක්ෂවරියක් සහ ගණකාධිකාරීවරියක් ඇතුළු පහළ මට්ටමේ නිලධාරීන් සිව්දෙනෙකු පමණි.
"මූල්‍ය රෙගුලාසි 135 යටතේ වගකීම පැවරෙන්නේ ඉහළ නිලධාරීන්ටයි. ලේකම්වරයාගේ අනුමැතිය නැතුව මේ මුදල් ගෙවන්න කිසිදු ක්‍රමයක් නැහැ. නමුත් අද වෙන්නේ මේ මහා අපරාධයට පහළ නිලධාරීන් බිල්ලට දී ඉහළ අය නිදහස් වීමයි" යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
රටක භාණ්ඩාගාරය මෙලෙස මංකොල්ලකෑම බරපතල තත්ත්වයක් බවත්, වහාම ක්‍රියාත්මක වී රාජ්‍ය සේවය පිළිබඳ මනා අවබෝධයක් ඇති නිලධාරියෙකු මුදල් ලේකම් ධුරයට පත්කළ යුතු බවත් තෙන්නකෝන් මහතා රජයෙන් ඉල්ලා සිටියි.
එසේ නොවුණහොත් භාණ්ඩාගාරය බිඳවැටීම වළක්වා ගත නොහැකි වනු ඇති බවටද ඔහු අනතුරු ඇඟවීය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..