News Category
From Date
To Date
Maximum Number of Result

ඊශ්‍රායල අගමැතිට සිදු වී ඇතැයි සැක කරන තුවාල හෝ ඔහු මරණයට පත්වී ඇතැයි පැවසෙන අදහස් සම්බන්ධයෙන් විවිධ හෙබ්‍රෙව් සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පලවන ජන මාධ්‍ය වල වැඩි වැඩියෙන් සාකච්ඡා වන මාතෘකාවක් බවට පත්ව තිබේ.

පසුගිය පෙබරවාරි 28 වන දින එක්සත් ජනපද-ඊශ්‍රායල ආක්‍රමණශීලී යුද්ධය ආරම්භ වීමෙන් පසු ප්‍රථම වතාවට උපායමාර්ගික ඝන ඉන්ධන සෙජ්ජිල් මිසයිල භාවිතා කරමින් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය අද ඊශ්‍රායල ඉලක්ක වලට එරෙහිව නව වටයේ මිසයිල ප්‍රහාර එල්ල කර ඇතැයි ඉරානයේ තස්නිම් පුවත් සේවය පවසයි

තෙල් නෞකා සඳහා ගෙවීම් චීන යුවාන් (Yuan) මුදලින් සිදු කරන්නේ නම් පමණක්, සීමිත තෙල් නෞකා සංඛ්‍යාවකට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට ඉඩ දීම පිළිබඳව ඉරානය සලකා බලමින් සිටින බව සී.එන්.එන් (CNN) පුවත් සේවයට අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළ බව ඔවුන් වාර්තා කරයි.

කියුබානු ජනාධිපති මිගෙල් ඩයස්-කැනෙල් ඊයේ(13) මාධ්‍ය වාර්තාකරුවන් ඉදිරියේ කියුබාව මුහුණ දෙන ජාතික ගැටළු සහ විදේශ සබඳතා පිළිබඳව අදහස් දැක්වීය. එහිදී, කියුබාව සහ එක්සත් ජනපදය අතර පැවැත්වෙන සාකච්ඡා සහ කියුබාව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදය සමඟ පැවැත්වෙන සාකච්ඡා පිළිබඳව අදහස් දක්වනු ලැබීය.

ඉරාන නාවික හමුදාවට අයත් නවීනතම යුද නෞකාවක් වන IRIS Dena නෞකාවට ඉන්දියන් සාගරයේදී එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ''නිසි ප්‍රතිචාරයක් ලබා දෙන" බව ඉරාන හමුදාපති අමීර් හතාමි (Amir Hatami) අනතුරු අඟවා ඇත.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට නව තර්ජනයක් නිකුත් කරමින් මෙසේ ලියා ඇත: “අද මේ පිස්සු පිළිකුල් සහගත පිරිසට මොකද වෙන්නේ කියලා බලන්න.”

ඉරාකයේ බැග්ඩෑඩ්හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාල පරිශ්‍රයේ පිහිටි හෙලිකොප්ටර් යානා අංගනයට මිසයිල ප්‍රහාරයක් එල්ලවී තිබේ.

ඉරානයේ තෙල් හා බලශක්ති යටිතල පහසුකම්වලට එල්ලවන ඕනෑම ප්‍රහාරයකට පළිගැනීමක් ලෙස අමෙරිකාව සමග සහයෝගයෙන් කටයුතු කරන කලාපයේ තෙල් සමාගම්වලට ප්‍රහාර එල්ලකරන බවට ඉරානය අනතුරු අඟවා තිබේ.

ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඇති වූ ගෝලීය බලශක්ති අර්බුදය සමනය කිරීමේ තවත් උත්සාහයක් ලෙස, මාර්තු 12 ට පෙර තෙල් ප්‍රවාහන නැව්වලට පටවා තිබූ රුසියානු තෙල් නැව්ගත කිරීම් සඳහා වූ සම්බාධක එක්සත් ජනපද භාණ්ඩාගාරය තාවකාලිකව ඉවත් කර ඇතැයි වාර්තාවේ.


ප්‍රධාන පුවත්

ඇමෙරිකාව කියුබාවට පනවා ඇති ආර්ථික සම්බාධක වහාම ඉවත් කළ යුතුයි.. – රුසියානු ෆෙඩරේෂනයෙන් දැඩි ප්‍රකාශයක්..

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කියුබානු ජනරජයට එරෙහිව පනවා ඇති ආර්ථික, වෙළඳ සහ මුල්‍ය සම්බාධක වහාම අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් රුසියානු ෆෙඩරල් මහ සභාවේ ෆෙඩරේෂන් මණ්ඩලය විසින් විශේෂ නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඔබ නිසා ඔබේ ජාතික අනන්‍යතාව අහිමි වෙමින් පවතීද?..

අපට අභිමානවත් අතීතයක් තිබුණි. ආක්‍රමණ, යටත් කරගැනීම් සහ විදේශීය පාලනයන් හමුවේ වුවද ඒ අභිමානවත් අතීතය නොනැසී පැවතුණි. විස්මයජනක පුරාවිද්‍යාත්මක ස්මාරක, ලොව පුරා ප්‍රසිද්ධ වාරිමාර්ග නිර්මාණ, අත්කම් කර්මාන්ත, භාෂාවක් සහ සංස්කෘතියක් වසර 2600කට අධික කාලයක් පුරා අපේ භූමිය තුළ විකාශනය විය.

ආණ්ඩුව කළේ ඥානසාර හිමියන්ගෙන් පෞද්ගලික පළිගැනීමක්.. – මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා ඇති දඬුවම සහ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් සමස්ත සංඝයා වහන්සේට සහ බෞද්ධ ජනතාවට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් පවසති.

ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී සටනකට අත්‍යවශ්‍ය උත්තේජකයක්.. – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව

ජාතිවාදය සහ ජාතිකත්වය යනු කුමක්ද යන්න පිළිබඳව සමාජය තුළ මේ වන විට මතුව ඇති කතිකාව අතරතුර, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී ජාතික සටනකට අත්‍යවශ්‍ය උත්තේජකයක් බව දේශප්‍රේමී ජාතික පෙරමුණේ නායක, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා ප්‍රකාශ කරයි.

SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..

රටේ පවතින අර්බුද හමුවේ විපක්ෂයේ සියලු කණ්ඩායම් එක් කර ගනිමින් පුළුල් පොදු වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමට සමගි ජන බලවේගයේ නායකත්වය අපොහොසත් වීම සහ පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල ලබා දීම සම්බන්ධයෙන් ගත් ඒකපාර්ශ්වික තීරණය මුල් කරගනිමින් පක්ෂය තුළ මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ සත්‍යග්‍රහය අද තුන්වැනි දිනටත්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් පැවැත්වේ.

භික්‍ෂු සත්‍යග්‍රහයට පහර දීමක්..?

බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහා නිදහස් කරන ලෙස බලකරමින් කොළඹ විහාරමහාදේවී උද්‍යාන පරිශ්‍රයේ පැවැත්වෙන සත්‍යග්‍රහයේ නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පොලිස් ප්‍රහාරයකට ලක්වූ බවට චෝදනා කරමින් හදිසියේ රෝහල්ගත කර තිබේ.

ඩොන්බාස් කලාපයේ යුක්රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් රුසියානු හමුදා පාලනයට යටත් වෙයි – රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය

ඩොන්බාස් කලාපයේ පිහිටි යුක්රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් වන ඩොබ්‍රොපිලියේ (Dobropolye ) බලය රුසියානු හමුදා අත්පත් කරගෙන ඇති බව රුසියානු සන්නද්ධ හමුදාවල ප්‍රධාන මාණ්ඩලික ප්‍රධානී වැලරි ගෙරසිමොව් (Valery Gerasimov) ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත වාර්තා කර තිබේ.

නොරොච්චෝල සම්පූර්ණයෙන්ම නවතී..

දිවයින පුරා හදිසියේ සිදුවූ විදුලි සැපයුම බිඳවැටීමත් සමඟ නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ක්‍රියාත්මක වූ විදුලි ජනන ඒකක තුනම මුළුමනින්ම අක්‍රිය වී ඇති බව බලාගාර කළමනාකාරීත්වය තහවුරු කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.