නෙතන්යාහුගේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් වලින් ඔහු යහපත් සෞඛ්‍යයෙන් සිටින්නේද මියගොස්ද යන්න පිළිබඳව සැක මතුවන බව විශේෂඥයෝ පවසති
ඊශ්‍රායල අගමැතිට සිදු වී ඇතැයි සැක කරන තුවාල හෝ ඔහු මරණයට පත්වී ඇතැයි පැවසෙන අදහස් සම්බන්ධයෙන් විවිධ හෙබ්‍රෙව් සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පලවන ජන මාධ්‍ය වල වැඩි වැඩියෙන් සාකච්ඡා වන මාතෘකාවක් බවට පත්ව තිබේ.
2025 ජුනි මාසයේදී ඉරානයට එරෙහි දින 12 යුද්ධය සහ 2026 පෙබරවාරි 28 වන දින ආරම්භ වූ වත්මන් ආක්‍රමණශීලී යුද්ධය අතරතුර නෙතන්යාහුගේ පුද්ගලික සමාජ වේදිකාවේපළ කිරීම් වල ප්‍රවණතාවය සංසන්දනය කරන විදවතුන් අතර විවිධ සැක සංකා මතු ව තිබෙන බව තස්නිම් පුවත් සේවය පවසයි.
සමාජ මාධ්‍යවල නෙතන්යාහු විසින් තබන සටහන් වල වාර ගණන විශ්ලේෂණය කිරීමෙන් හෙළි වන්නේ සමහර හෙබ්‍රෙව් සහ ඉංග්‍රීසි භාෂාව කතා කරන ප්‍රජාවන් තුළ මතුවී ඇති ඔහුට විය හැකි තුවාල හෝ මරණය පිළිබඳ සාකච්ඡා උග්‍ර වෙමින් පවතින බවයි.
තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සියේ හෙබ්‍රෙව් වෙබ් අඩවි වාර්තාකරුවන්ට අනුව, 2025 ජුනි මාසයේදී සිදු වූ දින 12 යුද්ධය අතරතුර,නෙතන්යාහු ඔහුගේ සමාජ් මාධ්‍ය වේදිකාවේ දිනපතා අවම වශයෙන් එක් සටහනක් හෝ සමහර අවස්ථාවල පළ කිරීම් හයක් දක්වා පළ කර ඇත.
ඔවුන්ට අනුව, 2025 මාර්තු 13 වන දින ඔහු තුන් වතාවක් විවිධ සටහන් පළ කළේය; මාර්තු 14 වන දින, එක් වරක්; මාර්තු 15 වන දින, සිව් වතාවක්; සහ ජුනි 23 දක්වා ඉදිරි දිනවලදී, ඔහු පිළිවෙලින් සටහන් දෙකක්, එකක්, හතරක්, තුනක්, දෙකක්, දෙකක්, හයක් සහ හතරක් ලෙස සටහන් තබා තිබුණි.
සමස්තයක් වශයෙන්, 2025 දී දින 12 යුද්ධය අතරතුර නෙතන්යාහුගේ සටහන් බොහොමයක් ඔහු පෞද්ගලිකව නිකුත් කළ වීඩියෝ බව තස්නිම් වාර්තාකරු අවධාරණය කරයි.
ඊට පටහැනිව, ඉරානයට එරෙහිව වත්මන් ආක්‍රමණශීලී යුද්ධයේ ආරම්භයේ සිට, මේවන විට 2025 දින 12 යුද්ධයට වඩා දින හතරක් වැඩිපුර ගැටුම දිගු වුවද, ඔහුගේ පළ කිරීමේ ක්‍රියාකාරකම්වල සැලකිය යුතු වෙනස්කම් නිරීක්ෂණය වී ඇති බව තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සියේ හෙබ්‍රෙව් වෙබ් අඩවි වාර්තාකරුවෝ පවසති.
එම වෙනස්කම් ඔවුහු මෙලෙස පෙල ගස්වති,
1. මෙම යුද්ධයේදී නෙතන්යාහුගේ සමාජ මාධ්‍ය වේදිකාවේ මුළු සටහන් සංඛ්‍යාව පෙර ගැටුමට සාපේක්ෂව 50% කට වඩා අඩු වී ඇති අතර එය පෙර 32 සිට මේ වන විට 15 දක්වා පහත වැටී ඇත.
2. 2025 ජූනි මස පැවතුනු දින 12 යුද්ධයේදී, නෙතන්යාහු සෑම දිනකම අවම වශයෙන් එක් වරක්වත් තම සමාජ මාධ්‍ය වේදිකාවේ සටහන් පළ කළද මේ වන විට ඔහුගේ අවසාන සටහන ප්‍රකාශයට පත් කර දින තුනකට ආසන්න කාලයක් ගත වී ඇත. එපමණක් නොව, නවතම වීඩියෝව පවා කෘත්‍රීම බුද්ධියෙන් ජනනය කරන ලද ඒවා වන අතර එය සැබෑ නොවන බව කෘත්‍රීම බුද්ධිය සම්බන්ධ විශේෂඥයින් කිහිප දෙනෙකු අදහස් ඉදිරිපත් කර තිබේ.
3. 2025 ජූනි මාසයේ පැවැති දින 12 ගැටුමේදී මෙන් නොව, බෙන්ජමින් නෙතන්යාහු බොහෝ දුරට පුද්ගලික වීඩියෝ පළ කළ නමුත්, ඔහුගේ මෑත කාලීන සටහන් බොහෝ දුරට සටහන් වලට සීමා වී තිබේ. පළ කළ වීඩියෝ කිහිපයෙන් ඒවා පටිගත කළේ කවදාද යන්න පැහැදිලිව නොපෙන්වන අතර, ඒවා රූගත කළ තත්වය හෝ දිනය පිළිබඳ කිසිදු තොරතුරක් ලබා නොදේ.
නෙතන්යාහුගේ මරණය හෝ පැවැත්ම පිළිබඳ පුවත තවමත් නිල වශයෙන් තහවුරු කර හෝ ප්‍රතික්ෂේප කර නොමැති අතර, නිරීක්ෂණය කළ හැකි සලකුණු මත පදනම්ව මෙම අනුමාන නිර්මාණය වී ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්