අමෙරිකා එක්සත් ජනපදය බලධාරින් සමඟ කියුබාව කරන සාකච්ඡා පිළිබඳව කරුනු පැවසීමට කියුබානු ජනාධිපතිවරයාගෙන් මාධ්‍ය හමුවක්
කියුබානු ජනාධිපති මිගෙල් ඩයස්-කැනෙල් ඊයේ(13) මාධ්‍ය වාර්තාකරුවන් ඉදිරියේ කියුබාව මුහුණ දෙන ජාතික ගැටළු සහ විදේශ සබඳතා පිළිබඳව අදහස් දැක්වීය. එහිදී, කියුබාව සහ එක්සත් ජනපදය අතර පැවැත්වෙන සාකච්ඡා සහ කියුබාව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදය සමඟ පැවැත්වෙන සාකච්ඡා පිළිබඳව අදහස් දක්වනු ලැබීය.
ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ ස්වයං නිර්ණය සඳහා ගරු කිරීම මත පදනම්ව, දෙරටේම යහපත සඳහා ද්විපාර්ශ්වික ගැටළු විසඳීම සඳහා යාන්ත්‍රණයක් හඳුනා ගැනීමට මෙම සාකච්ඡා තුලින් උත්සාහ කරන බව ඔහු පැවසීය.
එහිදී කියුබානු ජනාධිපතිවරයා, වත්මන් එක්සත් ජනපද පරිපාලනය විසින් කියුබාව මත පනවා ඇති බලශක්ති වටලෑම මගින් රට ආර්ථික වශයෙන් යටපත් කර විප්ලවය පෙරලා දැමීම සඳහා නිර්මාණය කරන ලද සංකීර්ණ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීය.
මාස තුනක් තිස්සේ කියුබාවට ඉන්ධන ලැබී නොමැති බව කියුබානු නායකයා ප්‍රකාශ කළ අතර කියුබාව දේශීය බොරතෙල් සහ සූර්ය බලශක්තියෙන් විදුලිය ජනනය කරන බව සඳහන් කළේය.
මෙම තත්ත්වය සමස්ත විදුලි බල පද්ධතිය අස්ථාවර කරන බවත්, විදුලිය ඇනහිටීම් වැඩි කරන බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදනය, සන්නිවේදනය, වෛද්‍ය සේවා, අධ්‍යාපනය, ප්‍රවාහනය සහ කියුබානුවන්ගේ දෛනික කටයුතුවල පැවැත්මට බාධා ඇති කරන බවත් ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
එහිදි කියුබානු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ කියුබානු අධ්‍යාපන අමාත්‍යාංශය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මිශ්‍ර ඉගෙනීම වැනි විකල්ප ක්‍රම සහ ප්‍රජා අවකාශ නිර්මාණය කිරීම මගින් ඉගැන්වීමේ ක්‍රියාවලිය සක්‍රීයව පවත්වාගෙන යාම සඳහා සංශෝධන ඉද්‍රිපත් කර තිබෙන බවයි.
වත්මන් බල ශක්ති අර්බූද තත්ත්වය සැලකිල්ලට ගනිමින් සේවා ස්ථාන ඔවුන්ගේ කාලසටහන් සකස් කරමින් සිටින බව ඔහු පැහැදිලි කළේය.
මෙම හදිසි අවස්ථාව සැලකිල්ලට ගෙන, ඩයස්-කැනල් මිත්‍රශීලී රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් විසින් පිරිනමනු ලබන සහයෝගීතාවය ඉස්මතු කළ අතර, මෙක්සිකානු ජනතාවට සහ මෙම ත්‍යාගශීලී දායකත්වය ලබා දීමේදී එහි ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම්ගේ නොසැලෙන ශක්තියට ස්තූති කරමින් මෙක්සිකෝවේ දායකත්වය සම්බන්ධයෙන් ප්‍රසංශා මුඛයෙන් අදහස් දැක්වීය.
ජාත්‍යන්තර වශයෙන් ලැබෙන සහයෝගීතා පරිත්‍යාග විප්ලවයේ නොසැලෙන ආචාර ධර්ම අනුව බෙදා හරින බවත්, ප්‍රධාන වශයෙන් පාසල්, ප්‍රජාවන් සහ සමාජ සේවා වෙත යොමු කරන බවත්, ශක්තිමත් විගණන සහ අධීක්ෂණ පද්ධතියක් සමඟ ලාභ නොලබන පදනමක් මත කළමනාකරණය කරන බවත් කියුබානු නායකයා අවධාරණය කළේය.
ලැබෙන ආධාර වැරදි ලෙස කළමනාකරණය බවට කරන ඕනෑම චෝදනාවකට එරෙහිව ක්‍රියාවලියේ විශ්වසනීයත්වය ශක්තිමත් කරන, භූමියේ සම්පත් නිසි ලෙස භාවිතා කිරීම සත්‍යාපනය කරන සංවිධාන සහ තානාපති කාර්යාල කිහිපයක නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගී වී සිටීම විශේෂත්වයකි.
ජනාධිපතිවරයා සිය කතාව අතරතුර, විලා ක්ලාරා පළාතේ සන්නද්ධ ආක්‍රමණයකට ගත් උත්සාහය සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය. එය භීතිය වැපිරීමට සහ අස්ථාවරත්වය ඇති කිරීමට හමුදා ඒකක සහ සමාජ මධ්‍යස්ථානවලට පහර දීමේ අරමුණින් සිදු කරන ලද බියගුළු ක්‍රියාවක් බව ඔහු පැවසීය.
සිදුවීම්වලට සම්බන්ධ සියලු දෙනා ඔවුන්ගේ සහභාගීත්වය පිළිගත් බවත්, කියුබානු දේශසීමා මුර සංචාර නෞකාවට වෙඩි තැබුවේ ඔවුන් බව පිළිගත් බවත් ඔහු අවධාරණය කළේය.
සම්බන්ධ වූවන්ගෙන් දෙදෙනෙකු ත්‍රස්තවාදීන් ලෙස නම් කරන ලද පුද්ගලයින් ලෙස විවිධ ආයතනවල ලියාපදිංචි වූවන් බවද ඔහු පෙන්වා දුන්නේය.
අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය (MININT)සමඟ කරුණු පැහැදිලි කිරීම සඳහා සහභාගී වීම සඳහා එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) විශේෂඥ කණ්ඩායමක් වෙත කරුණු දැක්වීමට කියුබානු බලධාරීන් සංචාරය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවද කියුබානු ජනාධිපතිවරයා අනාවරණය කළේය.
කියුබානු විප්ලවයේ මානවවාදී ගුණාංග උල්ලංඝනය කිරීමේ චෝදනාවලට දඬුවම් නියම වූ පුද්ගලයින් 51 දෙනෙකු නිදහස් කිරීමට කියුබානු රජය ගත් තීරණය සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා කරුණු දැක්වීය.
කියුබානු නීතිය තුළ ස්ථාපිත කර ඇති පරිදි, වරදකරුවන්ගේ සිර දඬුවම් කාලය තුළ යහපත් හැසිරීමක් පවත්වා ගෙන ගිය පුද්ගලයින් සඳහා මෙම පියවර ක්‍රියාත්මක වන බව ඔහු සඳහන් කළේය.
විදේශයන්හි පදිංචිවී සිටින කියුබානු පුරවැසියන් සම්බන්ධයෙන් කියුබානු ජනාධිපතිවරයා අදහස් දක්වමින්, අනෙකුත් රටවල වෙසෙන කියුබානු ජාතිකයින්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බවත්, එබැවින් "ඔවුන් පිළිගැනීම, ඔවුන්ට සවන් දීම, ඔවුන්ට සහාය වීම සහ ඔවුන්ට සහභාගී වීමට ඉඩක් ලබා දීම" රජයේ වගකීමක් ලෙස ඔහු සැලකන බවත් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..