ඊශ්‍රායලයටට එරෙහි ඉරානයේ " Operation True Promise-4" දී ප්‍රථම වරට ඉරානය සෙජ්ජිල් මිසයිල යොදා ඊශ්‍රායලයේ හමුදා ඉලක්ක රාශියකට දැඩි ප්‍රහාර එල්ල කරයි.
පසුගිය පෙබරවාරි 28 වන දින එක්සත් ජනපද-ඊශ්‍රායල ආක්‍රමණශීලී යුද්ධය ආරම්භ වීමෙන් පසු ප්‍රථම වතාවට උපායමාර්ගික ඝන ඉන්ධන සෙජ්ජිල් මිසයිල භාවිතා කරමින් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය අද ඊශ්‍රායල ඉලක්ක වලට එරෙහිව නව වටයේ මිසයිල ප්‍රහාර එල්ල කර ඇතැයි ඉරානයේ තස්නිම් පුවත් සේවය පවසයි.
ඒ අනුව අද (15) "Operation True Promise-4" හි ප්‍රහාරක මෙහෙයුමක් ලෙස ඊශ්‍රායල සියොන්වාදී පාලන තන්ත්‍රයට එරෙහිව පළිගැනීමේ මිසයිල ප්‍රහාර 54 වන රැල්ල ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් සිදු කර ඇතැයි තස්නිම් පුවත් සේවය වැඩිදුරටත් පවසයි..
මේ අතර නිවේදනයක් නිකුත් කරමින්, ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ මහජන සම්බන්ධතා කාර්යාලය පැවසුවේ නව ප්‍රහාර රැල්ලට ටොන් දෙකක යුධ හිසකින් සමන්විත සුපිරි බර කොරාම්ෂහර් මිසයිල සහ කයිබාර්-ෂෙකාන් (කයිබාර්-බස්ටර්), කද්ර් සහ එමාඩ් මිසයිල දියත් කිරීමද ඇතුළත් වූ බවයි.
"Operation True Promise-4" මෙහෙයුමේදී ප්‍රථම වතාවට, ඊශ්‍රායලයේ ගුවන් පාදක මෙහෙයුම්වලට බලපෑම් කරන කළමනාකරණ සහ තීරණ ගැනීමේ මධ්‍යස්ථානවලට එරෙහිව උපායමාර්ගික සහ ඝන ඉන්ධන මිසයිල සෙජ්ජිල් ප්‍රහාර එල්ල වූ බව නිවේදනයේ සඳහන් වෙයි.
ඊශ්‍රායලයේ මිලිටරි සහ ආරක්ෂක කර්මාන්තවල බලපෑම් ඇති ප්‍රධාන යටිතල පහසුකම් මෙන්ම ඊශ්‍රායල හමුදා රැස්වන ස්ථාන, ඊශ්‍රායල හමුදා අල්ලා ගත් ප්‍රදේශවල මර්මස්ථාන සාර්ථකව ඉලක්ක කර ඇති බවද ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය ප්‍රකාශ කළේය.
මේ අතර ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය අද(15) ඊශ්‍රායලයේ කලාපීය අණ සහ පාලන මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් "Operation True Promise-4" මෙහෙයුමෙහි 53 වන ප්‍රහාර රැල්ල දියත් කරනු ලැබුවේ පසුගිය මාර්තු 4 වන දින ශ්‍රී ලංකාවේ ම්හුදු කළාපයේදී එක්සත් ජනපද නාවික හමුදාවේ ටෝපිඩෝවකින් ප්‍රහාරයට ලක් වූ ඉරාන නාවික හමුදාවේ ඩෙනා ප්‍රහාරක නෞකාවේ දිවි පිදූ 84 දෙනා සිහි කිරීම සඳහා බවද ප්‍රකාශ කරන ලැබුවේය.
මෙම මෙහෙයුමට ෆට්ටා සහ කද්ර් මිසයිල 10 ක් මෙන්ම ඉරානයට එරෙහි ආක්‍රමණශීලී ප්‍රහාරවලදී බුද්ධි තොරතුරු සහ සහාය ලබා දී ඇති අල්-දෆ්‍රා කඳවුරේ ස්ථානගත කර ඇති එක්සත් ජනපද හමුදා ඉලක්ක කරගත් විනාශකාරී ඩ්‍රෝන යානා භාවිතා කරමින් ඒකාබද්ධ ප්‍රහාරයක් එල්ල කර බවද ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ මහජන සම්බන්ධතා කාර්යාලය පැවැසුවේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..