News Category
From Date
To Date
Maximum Number of Result

2026 ජුනි 29 සිට ජූලි 31 දක්වා ජැමෙයිකාවේ කිංස්ටන් නුවරදී ජාත්‍යන්තර මුහුදු පත්ල අධිකාරියේ (International Seabed Authority – ISA) වැනි සැසිවාරයේ දෙවැනි කොටස පැවැත්විණු අතර මෙම සැසිවාරයට රුසියානු අන්තර්රාජ්‍ය නියෝජිත කණ්ඩායමක් සහභාගී විය.

චීනයේ බීජිං නුවරදී පසුගිය 17 වනදා චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය මියාඕ ඩෙයූ සමඟ පැවති හමුවකදී ජ්‍යෙෂ්ඨ ඉරාන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීවරයා පවසා සිටියේ ඉරාන–චීන සබඳතා ගොඩ නැගී ඇත්තේ අන්‍යෝන්‍ය ගෞරවය මත බවයි .

රොයිටර්-ඉප්සොස් (Reuters/Ipsos) විසින් පවත්වන ලද නවතම මත විමසුමකට අනුව, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනතා අනුමැතිය 33% දක්වා පහළ ගොස් ඇති බව අනාවරණය වී තිබේ.

සිඩ්නි නුවර පැවැත්වෙන ලෝක ප්‍රකට "Mardi Gras" (ලෝක ප්‍රසිද්ධ LGBTQ+) පෙළපාලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඕස්ට්‍රේලියාවේ One Nation පක්ෂ නායිකා සහ සෙනෙට් මන්ත්‍රී පෝලින් හැන්සන් (Pauline Hanson) ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබේ.

ලතින් ඇමරිකානු රටවල පවතින සංවිධානාත්මක මත්ද්‍රව්‍ය කාටෙල් වෙත රුසියාව නීති විරෝධී ලෙස අවි ආයුධ සැපයූ බවට පෙන්වීමට බටහිර බුද්ධි සේවාවන් සහ යුක්රේනය එක්ව කුමන්ත්‍රණයක් දියත් කරමින් සිටින බව රුසියානු සමූහාණ්ඩුවේ විදේශ බුද්ධි සේවය (SVR) පවසයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2025 ජනවාරියේ බලයට පත්වීමෙන් පසු තම මූල්‍ය තත්ත්වය පිරිහී ඇති බව ලියාපදිංචි ඇමරිකානු ඡන්දදායකයන්ගෙන් 53%ක් පමණ විශ්වාස කරන බව බ්‍රිතාන්‍ය පුවත්පතක් වෙනුවෙන් Focaldata ආයතනය විසින් සිදු කරන ලද මත විමසුමක් මගින් ඊයේ(16) අනාවරණය විය.

සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය අතර ත්‍රෛපාර්ශ්වික ආරක්ෂක සහයෝගිතා ගිවිසුමක් අත්සන් කර ඇති අතර, එය මැදපෙරදිග කලාපීය බල සමතුලිතතාව කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි විදේශ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

බංග්ලාදේශයේ හිටපු අගමැති ෂෙයික් හසීනා ඉන්දියාව විසින් පිටුවහල් කරන තුරු බංග්ලාදේශයේ වත්මන් අග්‍රමාත්‍ය තාරික් රහමාන් ඉන්දියානු සංචාරය සඳහා එක් නොවන බව ප්‍රකාශ කර තිබේ.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සමඟ දකුණු කොරියාවට ඇති “ඉතා යහපත් සබඳතාව” හේතුවෙන්, දකුණු කොරියාව සමඟ පවත්වන ඒකාබද්ධ හමුදා අභ්‍යාස සැලකිය යුතු ලෙස සීමා කරන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්ටගනයට නියෝග කර තිබේ.


ප්‍රධාන පුවත්

SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..

රටේ පවතින අර්බුද හමුවේ විපක්ෂයේ සියලු කණ්ඩායම් එක් කර ගනිමින් පුළුල් පොදු වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමට සමගි ජන බලවේගයේ නායකත්වය අපොහොසත් වීම සහ පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල ලබා දීම සම්බන්ධයෙන් ගත් ඒකපාර්ශ්වික තීරණය මුල් කරගනිමින් පක්ෂය තුළ මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ සත්‍යග්‍රහය අද තුන්වැනි දිනටත්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් පැවැත්වේ.

භික්‍ෂු සත්‍යග්‍රහයට පහර දීමක්..?

බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහා නිදහස් කරන ලෙස බලකරමින් කොළඹ විහාරමහාදේවී උද්‍යාන පරිශ්‍රයේ පැවැත්වෙන සත්‍යග්‍රහයේ නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පොලිස් ප්‍රහාරයකට ලක්වූ බවට චෝදනා කරමින් හදිසියේ රෝහල්ගත කර තිබේ.

ඩොන්බාස් කලාපයේ යුක්රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් රුසියානු හමුදා පාලනයට යටත් වෙයි – රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය

ඩොන්බාස් කලාපයේ පිහිටි යුක්රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් වන ඩොබ්‍රොපිලියේ (Dobropolye ) බලය රුසියානු හමුදා අත්පත් කරගෙන ඇති බව රුසියානු සන්නද්ධ හමුදාවල ප්‍රධාන මාණ්ඩලික ප්‍රධානී වැලරි ගෙරසිමොව් (Valery Gerasimov) ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත වාර්තා කර තිබේ.

නොරොච්චෝල සම්පූර්ණයෙන්ම නවතී..

දිවයින පුරා හදිසියේ සිදුවූ විදුලි සැපයුම බිඳවැටීමත් සමඟ නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ක්‍රියාත්මක වූ විදුලි ජනන ඒකක තුනම මුළුමනින්ම අක්‍රිය වී ඇති බව බලාගාර කළමනාකාරීත්වය තහවුරු කරයි.

ප්‍රගීත් එක්නැලිගොඩ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට සැලසුම් කළේද?

2026 ඔක්තෝබර් මාසයේදී පුනරුත්ථාපනය කරන ලද හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු විසින් ලබා දෙන ලද සාක්ෂියක් මඟින්, එක්නැලිගොඩගේ දේශපාලන සබඳතා, හබරණදී පවත්වන ලද රැස්වීමක් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රැගත් ගුවන් යානයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමේ යෝජනාවක් පිළිබඳව බරපතළ ප්‍රශ්න මතු කර තිබේ.

ඥානසාර හිමි නිදහස්කරන තෙක් මහ සඟරුවන විහාරමහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයක..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේ පිරිසක් කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිති.

මහින්ද ගමන් ගන්නා ගුවන් යානයට ප්‍රහාරයක් එල්ල කළ යුතු බව එක්නැලිගොඩ කියලා.. එක්නැලිගොඩ සහෝදරයෙකු ලෙස ඇසුරු කළ බව හිටපු LTTE සාමාජික මුරලි ගෙන් ප්‍රකාශයක්..

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සමයේ, ජනාධිපතිවරයා ගමන්කරන ගුවන් යානයට මිසයිල ප්‍රහාරයක් එල්ලකළ හොත් රටේ පාලනය වෙනස් කොට රටේ ප්‍රශ්න අවසන් කළ හැකි බව ප්‍රගීත් එක්නැලිගොඩ තමන් සමඟ පැවසූ බව හිටපු LTTE සංවිධාන සාමාජිකයෙකු වූ මුරලි නමැත්තා අධිකරණයේදී අද (16) හෙළි කළේය.

ආසියාව තුළ සිය අභිමතය බලහත්කාරයෙන් පැටවීමට නේටෝ සංවිධානය උත්සාහ කරනවා – ලැව්රොව්

ආසියාව තුළ වගකීම් සීමාවෙන් ඔබ්බට ගොස් බලපෑම් කිරීමට නේටෝව දරන උත්සාහයට සාධනීය ප්‍රතිචාරයක් අවශ්‍ය බව රුසියානු විදේශ අමාත්‍යවරයා පැවසුවේය.

දූෂිත අමාත්‍යවරුන්ට සහ දූෂිත නිලධාරීන්ට පූජා භූමි සංවර්ධනය යනු අයුතු ප්‍රතිලාභ ලැබෙන ඉල්ලමක් බවට පත්වෙලා.. - ජාතික සංවිධාන කියයි

අනුරාධපුර පූජාභූමි සංවර්ධන ක්‍රියාවලිය තුළ දක්නට ලැබෙන යටි අරමුණු හෙළිදරව් කරමින් ජාතික සංවිධාන විසින් සිදුකරනු ලබන හෙළිදරව් කිරීම් හෙළා දකිමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව ලංකා ලීඩර් විසින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් අදහස් විමසන ලදී.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.