දූෂිත අමාත්යවරුන්ට සහ දූෂිත නිලධාරීන්ට පූජා භූමි සංවර්ධනය යනු අයුතු ප්රතිලාභ ලැබෙන ඉල්ලමක් බවට පත්වෙලා.. - ජාතික සංවිධාන කියයි
අනුරාධපුර පූජාභූමි සංවර්ධන ක්රියාවලිය තුළ දක්නට ලැබෙන යටි අරමුණු හෙළිදරව් කරමින් ජාතික සංවිධාන විසින් සිදුකරනු ලබන හෙළිදරව් කිරීම් හෙළා දකිමින් අමාත්ය වසන්ත සමරසිංහ මහතා විසින් සිදුකළ ප්රකාශයක් පිළිබඳව ලංකා ලීඩර් විසින් වෛද්ය වසන්ත බණ්ඩාර මහතාගෙන් අදහස් විමසන ලදී.
මේ ඔහුගේ අදහස් ඔහුගේ වචනයෙන්,
"අපි පූජා භූමි සංවර්ධනයට විරුද්ධ නැහැ. විරුද්ධ වන්නේ සංවර්ධනයේ නාමයෙන් විවිධ විදේශීය බලවේග සතුටු කිරීම සඳහා සිදුකරන බෞද්ධ විරෝධී ක්රියාමාර්ග වලට සහ ඉඩම් කොල්ලයට යි. දූෂිත ඇමතිවරුන් සහ දූෂිත නිලධාරීන් පූජා භූමි සංවර්ධනය නාමයෙන් විහාර දේවාලගම් ඉඩම් සහ මහජනයා නැවත පදිංචි කිරීමෙන් ලබාගන්නා ඉඩම් ව්යාපාරික කටයුතු වලට ලබාදීම මගින් සහ කොන්ත්රාත් ලබාදී අයුතු ප්රතිලාභ ලබා ගන්නවා. විහාර දේවාලගම් ඉඩම් භාවිත කළ හැක්කේ පොදු පහසුකම් වලට පමණයි. නමුත් දඹුල්ල පූජා නගර සංවර්ධන ක්රියාවලිය තුළ නීති විරෝධීව විහාර දේවාලගම් ඉඩම් ව්යාපාරිකයන්ට ලබාදුන්නා.
ඊට අමතරව සැලසුම් සකස් කිරීමට අදාල ක්රියාවලිය පිළිබඳව අමාත්යවරයා බොරු කියනවා. අදාල මූලික සාකච්ඡාවලට අටමස්ථානාධිපති ස්වාමීන් වහන්සේ ප්රමුඛ සෙසු විහාරාධිපති ස්වාමීන් වහන්සේලාගෙන් අදහස් ලබාගෙන නැහැ. තීන්දු ගැනීම සඳහා සහභාගී වන්නේ ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් සමග ඉන්දියානු තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ නාගරික සංවර්ධන අධිකාරියේ මෙන්ම භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පමණයි. පුරාවිද්යා නිලධාරීන් පවා සහභාගී කරගෙන නැහැ. අඩුමතරමින් මූලික පුරාවිද්යා සමීක්ෂණ වාර්තාව හෝ ලබාගෙන නැහැ. තීන්දු අරගෙන අදාල සැලසුම් අනුමැතිය සඳහා ඉන්දියානු තානාපති කාර්යාලයට යැවීමෙන් පසුව තමයි ගැසට් කරන්නේ. දැන් තමයි පුරාවිද්යා දෙපාර්තමේන්තුව සමීක්ෂණ සඳහා සූදානම් වන්නේ.
ඊට අමතරව මෙම ක්රියාවලියට අදාල සෙසු ආයතන කැඳවා නැහැ. (ආයතන 13ක් පමණ කැඳවිය යුතුයි) නිලධාරීන්ගේ කටවල් වහන්න ඔවුන්ට ඉඩම් පගාවක් දෙනවා. බුලතාකුලම වැව් රක්ෂිතයේ අක්කර 180ක් ඔවුන්ට බෙදා දෙනවා නිවාස ඉදිකිරීම සඳහා.
රුවන්වැලි සෑය වටා වැටක් ගැසීම මගින් පුරාවිද්යා වටිනාකමට හානියක් වෙනවා. බෞද්ධ ස්ථානවලට අමතරව සෙසු ආගමික ස්ථාන තිබෙන්නේ ජේතවනාරාමය අසල තිබෙන හින්දු කෝවිල තමයි.
තවද ලෝකය පුරා ක්රියාන්විතයක් දියත් වෙනවා බෞද්ධ සිද්ධස්ථාන වලින් මල් ආසන ඉවත් කර ඒවා වැඳුම් පිදුම් කරන ස්ථාන වෙනුවට හුදු ස්මාරක බවට පත්කිරීම සඳහා. දැනටමත් ජේතවනාරාමයේ මල් ආසන ඉවත් කරලා. අභයගිරියේ ඉවත් කරන්න සූදානම් වුනා, විරෝධය නිසා බැරිවුනා. රුවන්වැලි සෑය වටා වැටක් ගැසීමේ යටි අරමුණ මල් ආසන වැලි මළුවට ගෙන ඒම නොවේ නම් එසේ නොකරන බවට සහතිකයක් දෙන්න ඕනේ.
ඊට අමතරව පූජාභූමිය තුළ මාර්ග දෙපස පිළිම ඉවත් කිරීමේ උවමනාව කුමක් ද?. පරිසර හිතකාමීත්වය නාමයෙන් වත්පිළිවෙත් වෙනස් කිරීමට බලපෑම් කරන්නේ ඇයි?. පූජා නගරයක භෞතික සංවර්ධනය සිදුකරන්න ඕන එම ප්රදේශය සංචාරක පුරවරයක් කරන්න නොවේ. සැබෑ ලෙසට අධ්යාත්මික ක්රියාවලියට පුදපූජා සහ වත් පිළිවෙත් වලට පහසුකම් සැපයීම සඳහා. ඒ පිළිබඳව මහා සංඝරත්නය සමග කතා කළ යුතුයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
දූෂිත අමාත්යවරුන්ට සහ දූෂිත නිලධාරීන්ට පූජා භූමි සංවර්ධනය යනු අයුතු ප්රතිලාභ ලැබෙන ඉල්ලමක් බවට පත්වෙලා.. - ජාතික සංවිධාන කියයි
යුක්රේනයට සැපයූ මිසයිල “විවෘත වෙළෙඳපොළේ” විකුණා දමලා – ට්රම්ප්ගෙන් චෝදනාවක්!
ඩොලර් මිලියන 130ක සෞදි කොහුබත් ගනුදෙනුව අහිමි වූ හැටි මෙන්න..
ඥානසාර හිමිගේ නිදහස පතා මහ සඟරුවන ජනපති කාර්යාලය අසළ රැය පහන් කරති..
මාලිමාවට ඡන්දය දුන්න එම ගැන කණගාටු වෙනවා.. තඹුත්තේගම වීරයා බන්ධනාගාර කොමසාරිස්ට කළින්ම පැන්නා.. - මහාචාර්ය පූජ්ය පාතේගම ඤානිස්සර හිමි
ආණ්ඩුව බෞද්ධ උරුමය විනාශ කරනවා කියලා ජාතික සංවිධාන එකමුතුව බිල්ලෙක් මවන්න හදනවා.. අනුරාධපුර ඇතුල් නගරයේ ජනතාව නැවත පදිංචි කරන්න අක්කර 200ක් වෙන්කරලා තියෙන්නේ.. - ඇමති වසන්ත සමරසිංහ
ඥාණසාර හිමි නිදහස් කරන තුරු විරෝධය අඛණ්ඩව..
මැදපෙරදිග බල තුලනය වෙනස් කරමින් සවුදිය චීනයේ සහාය පතයි.. - ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
එක්සත් රාජධානියේ නව රැකියා පහකින් හතරක්ම විදේශිකයන්ට – වාර්තාවක් පවසයි
ඉන්දීය දේශසීමා උපාය නිසා චීන–ඉන්දීය සබඳතා නැවතත් අර්බුදයකට.. ස්ථාන නාම වෙනස් කිරීමට චීනයෙන් දැඩි විරෝධයක්..
ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කරන්න යෝජනාවක්.. - ජ්යෙෂ්ඨ නීතිඥ කල්යානන්ද තිරාණගමගෙන් විශේෂ හෙළිදරව්වක්
ලාල් විජේනායක කමිටු වාර්තාවේ ව්යවස්ථා ප්රතිසංස්කරණ යෝජනා වර්තමාන ආණ්ඩුවේ ක්රියාමාර්ගවලින් තහවුරු වෙන්නේ මෙහෙමයි.. නිරාගමික රාජ්යයකට යන ගමන..
සිවුරට යුක්තිය - නිදහසේ පා ගමන අද කොළඹට..
ඉන්දියානු උවමනාවට රුවන්වැලි මහා සෑයට යකඩ වැටක්.. ජේතවනාරාමය අසල රාම කෝවිලක්.. - වෛද්ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක් (වීඩියෝ)
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..