News Category
From Date
To Date
Maximum Number of Result

ඉරානය සතු ඉහළ ප්‍රතිශතයකින් යුත් සෙසු සම්පූර්ණ කරන ලද යුරේනියම් (Highly Enriched Uranium) තොග අත්හැරීමට එකඟ වුවද, ඊට හිලව් වශයෙන් එම රටට පනවා ඇති ආර්ථික සම්බාධක ලිහිල් කිරීමට අමෙරිකාව පියවර නොගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

නව ඉබෝලා වෛරස් ප්‍රභේදයකට එරෙහිව රුසියානු විද්‍යාඥයින් විසින් එන්නතක් නිපදවා ඇති බව රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරෂ්කෝ පවසයි.

කියෙව් පාලනය රුසියානු සිවිල් වැසියන්ට එල්ල කරන අඛණ්ඩ ත්‍රස්ත ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් රුසියානු හමුදාව යුක්රේන හමුදා අණ දෙන නිලධාරීන් සහ නායකත්වය විසින් භාවිතා කරන බංකර් ඉලක්ක කිරීම ආරම්භ කරන බව ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී ඇන්ඩ්‍රි කර්ටපොලොව් පවසයි

SpaceX සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්ගේ සන්නිවේදන චන්ද්‍රිකා ජාලය උපයෝගී කරගනිමින් යුක්රේනයට පසුගියදා ලුගාන්ස්ක් විද්‍යාල නේවාසිකාගාරයකට මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමට හැකි වූ බව රුසියානු පාර්ලිමේන්තු කථානායක වියචෙස්ලාව් වොලොඩින් ඊයේ පැවසුවේය.

ඉබෝලා ආසාදනය වී ඇති බවට සැක කෙරෙන උගන්ඩා ජාතික කාන්තාවක් ඉන්දියාවේ බැංගලෝර් තාක්ෂණික මධ්‍යස්ථානයේ නිරෝධායනය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ජපානය 2025 වර්ෂයේදී ලොව විශාලතම ශුද්ධ ණයහිමියන් අතර තුන්වන ස්ථානයට ඇද වැටී ඇති අතර චීනය විසින් ජපානය අභිබවා ගොස් තිබේ. 2024 දී ජර්මනියට මෙම දර්ශකයේ ඉහළම ස්ථානය අහිමි වීමෙන් පසු ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල තවත් පහත වැටීමක් සනිටුහන් කර ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.

හෝමුස් සමුද්‍ර සන්ධිය අසල පිහිටි ඉරාන මිසයිල දියත් කිරීමේ මධ්‍යස්ථාන සහ නෞකා ඉලක්ක කර ස්වයං ආරක්ෂක ප්‍රහාර එල්ල කළ බව අමෙරිකානු ආරක්ෂක අංශ සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුක්‍රේනයේ කියෙව් (Kyiv) අගනුවර වෙසෙන සියලුම විදේශීය පුරවැසියන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ ජාත්‍යන්තර සංවිධානවල සේවකයන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි එම නගරයෙන් ඉවත් වන ලෙස රුසියාව නිල අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

අමෙරිකානු වීසා බලපත්‍ර ලබාගැනීමේදී මතුවූ ගැටලුවක් හේතුවෙන් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගී නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


ප්‍රධාන පුවත්

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

ජයග්‍රාහී ජාතියක් වීමට නම් මව් භාෂාවට මුල් තැන දිය යුතුයි.. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග

ඕනෑම රටක් හෝ ජාතියක් ඉදිරියට ගොස් ජයග්‍රාහී ස්ථානයකට පැමිණීමට නම් මව් භාෂාවට ප්‍රමුඛස්ථානය ලබා දීම අනිවාර්ය සාධකයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.

ශ්‍රීලංකන් ගුවන් සමාගම මුල්කරගෙන ඇමති සහ නියෝජ්‍ය ඇමති අතර ගැටුම උපරිමයට පැමිණෙයි..

පාඩුවලට මුහුණ දී සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරියෙකු (CEO) පත්කිරීමේ මතභේදාත්මක තීරණයත් සමඟ, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක සහ නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු අතර පවතින ගැටුම උපරිම මට්ටමකට පැමිණ ඇති බව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග කිහිපයකින් වාර්තා වේ.

බටහිර රටවල ආරක්ෂණවාදයේ වගකීමෙන් පලා යාමට චීනය බිල්ලක් කර නොගත යුතුය!

මේ වන විට චීනය නිෂ්පාදන අංශයෙන් ලබා ගෙන ඇති අද්විතීය ජයග්‍රහනය සම්බන්ධයෙන් බටහිර රටවල පාලකයන් වික්ෂිප්ත වී ඇති ස්වභාවයක් ඔවුන්ගේ හැසිරීම් වලට අනුව වටහා ගත හැක. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් චීන කොමියුනිස්ට් පක්ෂය දැඩි ස්ථාවරයක සිටී. ඒ සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය දැක්වෙන වැදගත් සටහනක් ග්ලොබල් ටෛම්ස් වෙබ් අඩවිය තබා තිබුණි. ලංකා ලීඩර් පාඨකයාගේ පරිශීලනය සඳහා මෙසේ පල කරමු..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය..

අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සහ අධිකරණවල එකතු වී ඇති නඩු ප්‍රමාණය කාර්යක්ෂමව අවසන් කිරීමේ අරමුණින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

හම්බන්තොට වරාය කොළඹ වරායට නොසිතූ අභියෝගයක් වන ලකුණු! – ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් අනාවරණයක්

හම්බන්තොට වරායේ වර්තමාන ක්‍රියාකාරීත්වය සහ මෙහෙයුම් රටාව හේතුවෙන් කොළඹ වරායේ ඉදිරි කටයුතු හා ආදායම් මාර්ගයන් වෙත නොසිතූ ප්‍රබල අභියෝගයක් එල්ල වෙමින් පවතින බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා පවසයි.

රාජ්‍ය බලය අල්ලන්න හදන්නේ මාලිමාවද? ජවිපෙ ද? මේ දෙක අතරේ සිටින වෙනත් කොටසක්ද? - නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් ප්‍රබල අනාවරණයක්..

රට දැන් අමුතුම තැනකට යමින් ඇති බවත් එය උසාවියේ සිටින අයට තේරුම් ගත හැකි බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය, රාජ්‍ය වගවීම සහ නීතියේ ආධිපත්‍යය: අනාගතයට තීරණාත්මක පූර්වාදර්ශයක්

2019 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ වඩාත්ම ඛේදනීය, සංවේදී සහ විවාදාත්මක ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් එකකි. මෙම සිදුවීමේ ඇති බරපතලම සහ ඛේදනීයම කරුණ වන්නේ, ප්‍රහාරය එල්ල වන දින, වේලාව, ස්ථාන සහ ඊට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ නිශ්චිත පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට බලධාරීන් අසමත් වීමයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.