ගැඹුරු මුහුදු පත්ලේ ඇති සම්පත් සම්බන්ධයෙන් ඇමරිකාව ගන්නා ඒකපාර්ශ්වික පියවරට රුසියාවේ විරෝධය
2026 ජුනි 29 සිට ජූලි 31 දක්වා ජැමෙයිකාවේ කිංස්ටන් නුවරදී ජාත්‍යන්තර මුහුදු පත්ල අධිකාරියේ (International Seabed Authority – ISA) වැනි සැසිවාරයේ දෙවැනි කොටස පැවැත්විණු අතර මෙම සැසිවාරයට රුසියානු අන්තර්රාජ්‍ය නියෝජිත කණ්ඩායමක් සහභාගී විය. එහි ප්‍රධානියා ලෙස ස්වභාවික සම්පත් හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය දිමිත්‍රි ටෙටෙන්කින් කටයුතු කරනු ලැබීය. රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය, ස්වභාවික සම්පත් හා පරිසර අමාත්‍යාංශය සහ විශේෂිත ආයතනවල නියෝජිතයෝද එම නියෝජිත කණ්ඩායමට ඇතුළත් වීම විශේෂත්වයකි.
සමුළුවේ මහා සභා රැස්වීම විවෘත කිරීමේ අවස්ථාවේදී කළ දේශනයේදී දිමිත්‍රි ටෙටෙන්කින්, 1982 එක්සත් ජාතීන්ගේ මුහුදු නීතිය පිළිබඳ සම්මුතියේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රධාන යාන්ත්‍රණයක් ලෙස ජාත්‍යන්තර මුහුදු පත්ල අධිකාරියට ඇති වැදගත්කම අවධාරණය කළේය.
එමෙන්ම වර්තමානයේ පවතින කරුණු කිහිපයක් සම්බන්ධයෙන් රුසියාවේ ස්ථාවරයද ඔහු පැහැදිලි කරනු ලැබීය. විශේෂයෙන්ම, 2023 වසරේදී ඇමරිකා එක්සත් ජනපදය විසින් ඒකපාර්ශ්විකව ස්ථාපිත කරන ලද “දිගු කරන ලද” මහාද්වීපික තටාකයේ බාහිර සීමාවන් රුසියානු සමූහාණ්ඩුව පිළිනොගන්නා බව ටෙටෙන්කින් අවධාරණය කළේය.
එවැනි පියවරක් ස්ථාපිත ජාත්‍යන්තර භාවිතයන්ට අනුකූල නොවන අතර, ඊට අදාළ ක්‍රියා පටිපාටිද සපුරාලන්නේ නැති බව රුසියාවේ ස්ථාවරය බව ඔහු අවධාරණය කළේය. එම සීමාවන් තුළ මුහුදු පත්ලේ සම්පත් සූරාකෑම සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ග ගත හැකි වීමද රුසියාව පිළිගත නොහැකි කරුණක් ලෙස සලකයි. 2025 අප්‍රේල් 24 වැනිදා ඇමරිකානු ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැඹුරු මුහුදු පත්ලේ ඛනිජ සම්පත් කැණීම සම්බන්ධ විධායක නියෝගය පිළිබඳවද රුසියාව එම ස්ථාවරයම දරන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
එම විධායක නියෝගය මගින් ඇමරිකා එක්සත් ජනපදයේ මහාද්වීපික තටාකයේ බාහිර සීමාවන් තුළ මෙන්ම ජාතික අධිකරණ බලයෙන් ඔබ්බෙහි පිහිටි ප්‍රදේශවල මුහුදු පත්ලේ සම්පත් ගවේෂණය සහ සූරාකෑම සම්බන්ධයෙන් කටයුතු කරන බව අමාත්‍ය දිමිත්‍රි ටෙටෙන්කින් පෙන්වා දුන්නේය.
රුසියාව අවධාරණය කරන්නේ ගැඹුරු මුහුදු පත්ල සංවර්ධනය කිරීම සඳහා ගනු ලබන ඒකපාර්ශ්වික පියවර 1982 එක්සත් ජාතීන්ගේ සම්මුතිය මගින් ස්ථාපිත කර ඇති “ප්‍රදේශය” (Area) පිළිබඳ පාලන තන්ත්‍රය තවත් දුර්වල කරන බව පැවසූ ඒ මහතා
එවැනි ක්‍රියාමාර්ග ජාත්‍යන්තර මුහුදු පත්ල අධිකාරියට ලබා දී ඇති බලතල හා වගකීම් දුර්වල කරන අතර, සියලු රටවල, විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික හා සමාජීය ප්‍රගතියට තර්ජනයක් එල්ල කරන බව පෙන්වා දෙන්නේය.
රුසියාවේ අදහස අනුව, ජාත්‍යන්තර මුහුදු පත්ල සම්පත් භාවිතය සම්බන්ධයෙන් ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ග වෙනුවට, 1982 එක්සත් ජාතීන්ගේ මුහුදු නීතිය පිළිබඳ සම්මුතිය සහ ජාත්‍යන්තර මුහුදු පත්ල අධිකාරියේ රාමුව තුළ ස්ථාපිත කර ඇති ජාත්‍යන්තර නීති හා ක්‍රියා පටිපාටිවලට අනුකූලව කටයුතු කිරීම අවශ්‍ය බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති