News Category
From Date
To Date
Maximum Number of Result

ෆෙඩරල් ගිනි අවි සහ බදු නීති කඩ කිරීම සම්බන්ධයෙන් මේ වසර මුලදී වරදකරු වූ ඉවත්ව යන එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ පුත් හන්ටර්ට ජනාධිපති සමාව ලැබී ඇතැයි වාර්තා වේ. ඒ අනුව ඉවත්ව යන එක්සත් ජනපද ජනපති තමාගේ වචන වලට තමාම පිටුපා ඇතැයි එරට ජනතාව පවසන බවද පුවත් වාර්තා පවසයි.

ජනවාරි මාසය ඕස්ට්‍රේලියාවේ දෙමළ උරුම මාසය ලෙස පිළිගත යුතු බවට ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ඇන්ඩෲ චාල්ටන් විසින් යෝජනා කර තිබේ.

ඊශ්‍රායලය සමඟ එකඟ වූ සටන් විරාමය ක්‍රියාත්මක කිරීමට ලෙබනන් හමුදාව සමඟ කටයුතු කරන බව හිස්බුල්ලා මහලේකම් නයිම් කාසෙම් ප්‍රකශ කර තිබේ.

රුසියාව නිෂ්පාදනය කළ නවීන ඔරෙෂ්නික් බැලස්ටික් මිසයිලයේ ප්‍රහාරක බලය උල්කාපාත ප්‍රහාරයකට සමාන බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ(28) ප්‍රකාශ කළේය. හයිපර්සොනික් වර්ගයට අයත් නව අවියට ශක්තිමත් ඉලක්ක වෙත සාර්ථකව පහර දිය හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ඩොලර් බිලියන 80 (පවුම් බිලියන 63) කට වඩා වැඩි වටිනාකමක් ඇති බවට ඇස්තමේන්තු කර ඇති ලොව විශාලතම රන් නිධිය මධ්‍යම චීනයේ හුනාන් පළාතේ පිංජියැන්ග් ප්‍රාන්තයෙන් හමුව ඇති බව වාර්තා වේ.

ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම අමෙරිකානු ව්‍යාපාරිකයකු සහ ලොව අංක එකේ ධනවතා වන එලොන් මස්ක් මෙතෙක් ලොව සිටි ධනවත්ම පුද්ගලයා ලෙස සුප්‍රකට ෆෝබ්ස් සඟරාව මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

අන්තර්ජාතික අපරාධ අධිකරණය මගින් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතනියාහු හා හිටපු ආරක්ෂක ඇමති ඉයොන් ගැලන්ට්ට එරෙහිව වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ.

එක්සත් ජනපද ජාතික ණය තත්වය මගින් පිළිබිඹු කරන්නේ ආණ්ඩුවව විසින් එහි මෙහෙයුම් සහ වගකීම් සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් පියවා ගැනීම සඳහා ණය මත යැපෙන බවයි. කෙසේ වුවද ණය මට්ටමේ තිරසාරභාවය, අනාගත ආර්ථික වර්ධනය කෙරෙහි එහි බලපෑම සහ බදු ගෙවන්නන් මත ඇති විය හැකි බර පිළිබඳ කනස්සල්ල, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ආර්ථික විද්‍යාඥයින් අතර සැලකිය යුතු විවාදයකට තුඩු දෙනු ලබන්නේය.

ඊයේ(23) නේටෝ විරෝධී සහ පලස්තීන හිතවාදී විරෝධතාකරුවෝ මොන්ට්‍රියල් නගරයේ වීදිවලට පැමිණ සටන් පාඨ කියමින් මෝටර් රථවලට ගිනි තබා කඩ සාප්පු ඉදිරිපස විනාශ කර සිටියදී පොලිසිය එම ක්‍රියාවන් වැලැක්වීමට ගත් උත්සාහයේදී අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.කැනඩාවේ Francophone නගරයේදී මේ මස 23 සහ 24 යන දිනයන්හිදී ණැඨ්O හි වාර්ෂික සමුළුව පැවැත්වීමට කටයුතු යොදා තිබේ.


ප්‍රධාන පුවත්

රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)

ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකාරීන් පිරිසක් විසින් රටේ අර්බුද මැද මහජනයාගේ මනස වෙනත් පැත්තකට යොමු වී ඇති මොහොතක දරුවන් ලිංගික අපරාධවලින් ආරක්ෂා කරගැනීමට පනවා තිබූ දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 ආ වගන්ති සංශෝධනය කර ලක්ෂ 60ක පමණ වන මෙරට දරුවන්ගේ ජීවිත අනතරුරට හෙළීමට කටයුතු සූදානම් කර ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා නගයි.

ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)

කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට පැතිරෙන තොරතුරු සම්පූර්ණ අසත්‍ය බවත්, එවන් පුවත් ඇතැම් විට තම විරුද්ධවාදින් හෝ අවධානය දිනා ගැනීම සඳහා විවිධ මාධ්‍ය විසින් පල කරන එවා විය හැකි බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..

විවිධ විදේශීය ආදාර ලබන රාජ්‍ය නොවන සංවිධානවලට සම්බන්ධවී සිටින සහ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 A වගන්ති සංශෝධනය කර සමලිංගික ක්‍රියා සහ ළමා අපචාර ප්‍රචලිත කිරීම මගින් සමාජය බිඳවැට්ටවීමට කුමන්ත්‍රණ කරන පිරිස්වල නම් ලැයිස්තු 3ක් මේ වන විට හෙළිදරව් වී ඇත.

ශ්‍රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !

ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම හේතුවෙන් නැගෙනහිර සහ බටහිර සම්බන්ධ කරන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය සැපයුම් දාමයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇතැයි මත්ද්‍රව්‍ය ප්‍රචලිත වීම සම්බන්ධයෙන් අධ්‍යයනයේ යෙදෙන විද්වතුන් පවසති. එලෙසම ඔවුනට අනුව ශ්‍රී ලංකාවේ නීති විරෝධී මත්ද්‍රව්‍ය පරිභෝජන රටාව තුළ මෙතම්ෆෙටමින් භාවිතය දක්වා සැලකිය යුතු වෙනස්කමකට භාජනය වී තිබේ.

ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)

ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ අරමුදල් යන සංකල්පය බදු දැලෙන් නිදහස්ව මුදල් භාවිතා කරමින් මුදල් විශුද්ධිකරණයේ යෙදීම සඳහා භාවිතා වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා චෝදනා නගයි.

රණවිරු දඩයමට සියල්ල සූදානම්.. - ආණ්ඩුව අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම හරහා සිදුකරන මහා පාවාදීම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

පසුගිය රණවිරු සැමරුම සම්බන්ධයෙන් ආණ්ඩුව ක්‍රියාකළ ආකාරය පිළිබඳව ජනතාවගේ සැකසංකා වර්ධනය වීමක් පෙන්නුම් කරන පසුබිමක ආණ්ඩුව විසින් අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමේ ක්‍රියාදාමය කරළියට පැමිණ ඇති බවත්, අධිකරණ පද්ධතියේ ඇති කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා ගෙනෙන දෙයක් ලෙස මතුපිටින් පෙන්නුවද මෙම අභිචෝදක කාර්යාලය ගෙන ඒමේ ඇත්ත අරමුණ එය නොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

එක්සත් ජනපදය තමන්ටම හානි කර ගනී: ෂැංග්‍රි-ලා සංවාදයේදී 'චීන තර්ජනය' අතිශයෝක්තියට නැංවීම සම්බන්ධයෙන් චීන ආරක්ෂක අමාත්‍යාංශය ඇමරිකානු ආරක්ෂක ප්‍රධානියාට දොස් පවරයි.

22 වන ෂැංග්‍රි-ලා සංවාදයේදී චීනය සම්බන්ධයෙන් එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයා කළ "චීන තර්ජනය" ආඛ්‍යානය අතිශයෝක්තියට නැංවූ නිෂේධාත්මක අදහස් දැක්වීම්වලට ප්‍රතිචාර වශයෙන්, චීනයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු වන ෂැං ෂියාඕගැං ඉරිදා ප්‍රකාශ කළේ ෂැංග්‍රි-ලා සංවාදයේදී ආරවුල් ඇති කිරීමට, ගැටුම් ඇති කිරීමට සහ ආත්මාර්ථකාමී අවශ්‍යතා ලුහුබැඳීමට එක්සත් ජනපදය පුරුදු වී සිටින බවයි. එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රකාශ ගැඹුරින් මුල් බැසගත් ආධිපත්‍යවාදී තර්කනය, හිරිහැර කිරීමේ හැසිරීම සහ සීතල යුද්ධ මානසිකත්වයෙන් පිරී තිබුණි.

රුසියානු ගුවන් තොටුපළවලට එල්ලවූ යුක්රේන ප්‍රහාරය: මෙතෙක් හෙළිවූ කරුණු

සයිබීරියාව සහ ඈත පෙරදිග ඇතුළු රුසියානු කලාප පහක හමුදා ගුවන් තොටුපළවල්, කියෙව් විසින් සංවිධානය කරන ලද "සම්බන්ධීකරණ ඩ්‍රෝන් ප්‍රහාර" වලට ඉලක්ක වී ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ(01) පැවසීය

බ්‍රික්ස් සමුළුවට සහභාගී වෙන්න ජනපති පුටින්ගේ ආරාධනයට ජනපති අනුර කිව්ව දේ මෙන්න..- මෙරට රුසියා තානාපතිගෙන් අනාවරණයක්..

රුසියාවේ පැවැති බ්‍රික්ස් සමුළුවට සහභාගී වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාට තමන් පසුගිය ඔක්තොම්බර් මාසයේදී ආරාධනා කළ බව කොළඹ සිටින ශ්‍රී ලංකාවේ රුසියා තානාපති ලෙවන් ජගර්යන් මහතා සඳහන් කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.