දකුණු කොරියාවට කිම් සමඟ ඇති “ඉතා යහපත් සබඳතාව” ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කනගාටුවට හේතුවෙලා
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සමඟ දකුණු කොරියාවට ඇති “ඉතා යහපත් සබඳතාව” හේතුවෙන්, දකුණු කොරියාව සමඟ පවත්වන ඒකාබද්ධ හමුදා අභ්‍යාස සැලකිය යුතු ලෙස සීමා කරන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්ටගනයට නියෝග කර තිබේ.
ඊයේ(16) Truth Social සමාජ මාධ්‍ය වේදිකාවේ පළ කළ සටහනක ට්‍රම්ප් සඳහන් කළේ අද (16) ආරම්භ වීමට නියමිත වාර්ෂික හමුදා අභ්‍යාස සඳහා සහභාගි වීමට වොෂින්ටනය එකඟ වී තිබීම සම්බන්ධයෙන් තමන් “සතුටු නොවන” බවයි.
“මෙම අභ්‍යාස මිල අධික වනවා පමණක් නොව, එම වියදම්වලින් විශාල කොටසක් වෙනදා මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය විසින් දරනු ලබනවා. එමෙන්ම, ඒවා සම්පූර්ණයෙන්ම නුසුදුසු සහ සතුරු සංඥාවක් ලබා දෙනවා,” යනුවෙන් ඔහු ලියා තිබේ.
තම ජනාධිපති ධුර කාලය තුළ උතුරු කොරියාව “තර්ජනයක් නොවන සහ ගෞරවාන්විත” රටක් ලෙස හැසිරී ඇති බවද ට්‍රම්ප් සඳහන් කළේය.
හමුදා අභ්‍යාස සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට දැන් ප්‍රමාද වැඩි බැවින්, ඒවා “සැලකිය යුතු ලෙස අඩු කරන” ලෙස යුද ලේකම් පීට් හෙග්සෙත්ට උපදෙස් දුන් බවද ට්‍රම්ප් පැවසීය.
දින 11ක් පුරා පැවැත්වීමට නියමිත Ulchi Freedom Shield හමුදා අභ්‍යාස අගෝස්තු 27 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබූ අතර, දකුණු කොරියානු හමුදා භටයන් 18,000ක් පමණ සහ ඇමරිකානු හමුදා භටයන් 5,000ක් පමණ ඊට සහභාගි වීමට නියමිතව තිබිණි.
ඉරානයට එරෙහි වොෂින්ටනයේ මෙහෙයුමට එක්වීම දකුණු කොරියාව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන්ද ට්‍රම්ප් සෝල් පාලනය විවේචනය කළේය.
“ඉරාන ඉස්ලාමීය ජනරජය න්‍යෂ්ටික අවිවලින් තොර කිරීමේ අපගේ මෙහෙයුමට අප සමඟ එක්වීමට කැමතිදැයි මම මෑතකදී දකුණු කොරියානු ජනාධිපතිවරයාගෙන් විමසුවා. ඔවුන් ‘නැහැ, ස්තූතියි!’ යනුවෙන් පැවසුවා,” යනුවෙන්ද ඔහු ලියා තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති
"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ
ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..
ලෝක වෙළෙඳපොළට අනුව ඉන්ධන මිල වෙනස් කරන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි..