News Category
From Date
To Date
Maximum Number of Result

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවන ධුර කාලය තුළ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුව පළමු අවස්ථාව සඳහා සත්කාරක රටක් ලෙස සෞදි අරාබිය විය හැකි බවට නම් කර තිබේ.

USAID ආයතනය සැමවිටම කියුබානු රජය බිඳ වැට්ටවීමේ අරමුණින් ක්‍රියාතමක කර ඇතැයි කියුබානු විදේශ අමාත්‍ය බෲනෝ රොඩ්රිගස් පවසයි.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳුදා එක්සත් ජනපදය හා ජපානයෙන් ඉල්ලා සිටියේ "එක් චීනයක් මූලධර්මයට" අනුකූල වන ලෙසත් තායිවාන් ප්‍රශ්නය සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරයන්ට ගරු කරන ලෙසත් ඉල්ලා සිටියේය.

මීට වසර 10කට පමණ පෙර සිට විමල් වීරවංශ ඇමතිවරයා, උදය ගම්මන්පිල ඇමතිවරයා සහ සරත් වීරසේකර වැනි ඇමතිවරුන් මෙරට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන පවසන විට ඊට සමහරුන් හිනා වූ බවත් අද වන විට ඒ කියපු කාරනා සත්‍ය බව පෙනෙන්ට තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

"යුක්‍රේනයේ තිබෙන ඛනිජ සම්පත් කෙදිනක හෝ රුසියානුවන් සතු විය හැකිවීම " නොසලකා යුක්රේනයේ තිබෙන දුර්ලභ ඛනිජ සම්පත් වොෂින්ටනයට අලෙවි කිරීමෙන් වොෂින්ටනයට තම මුදල් ආපසු ලබා ගැනීම සහතික කිරීම සඳහා කියෙව් සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමට අවශ්‍ය බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

USAID විසින් එක්සත් ජනපදයේ උපන් අල්-කයිඩා සාමාජිකයෙකු වන අන්වර් අල්-අව්ලාකිට(Anwar al-Awlaki) මූල්‍ය ආධාර ලබා දී ඇති බව එක්සත් ජනපද විමර්ශන මාධ්‍යවේදිනියක් වන පැමෙලා බ්‍රවුන්(Pamela Browne) විසින් හෙළිදරව් කර තිබේ.

ඔබ මෑතකදී සමාජ මාධ්‍යවල, විශේෂයෙන් X හි යම් කාලයක් ගත කර ඇත්නම්, ඔබ රටාවක් යම් රටාවක් නිරීක්ෂණය කරන්නට ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන බදාදා අමෙරිකාවට පැමිණීමට නියමිතව තිබේ.

2025 සඳහා ප්‍රධාන ප්‍රමුඛතා ලෙස මෙම ක්ෂේත්‍ර ඉස්මතු කරමින්, අඩු උන්නතාංශ ප්‍රවාහනය සහ කෘත්‍රිම බුද්ධිය (AI) තුළ මාර්ග සහ ගුවන් සහයෝගීතාව සඳහා ප්‍රමිතීන් සංවර්ධනය කිරීම කඩිනම් කිරීමට උත්සාහ කරන ලෙස චීනයේ ප්‍රවාහන අමාත්‍යාංශය (MOT) ඉල්ලා තිබේ.


ප්‍රධාන පුවත්

බ්‍රික්ස් සමුළුවට සහභාගී වෙන්න ජනපති පුටින්ගේ ආරාධනයට ජනපති අනුර කිව්ව දේ මෙන්න..- මෙරට රුසියා තානාපතිගෙන් අනාවරණයක්..

රුසියාවේ පැවැති බ්‍රික්ස් සමුළුවට සහභාගී වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාට තමන් පසුගිය ඔක්තොම්බර් මාසයේදී ආරාධනා කළ බව කොළඹ සිටින ශ්‍රී ලංකාවේ රුසියා තානාපති ලෙවන් ජගර්යන් මහතා සඳහන් කරයි.

යුද ජයග්‍රහණය රටට ලබාදුන් රණවිරුවන් ආරක්ෂා කිරීමට ආණ්ඩුවට කොන්දක් නැත්නම් එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් - විමල් කියයි (වීඩියෝ)

යුද ජයග්‍රහණය රටට ලබාදීම උදෙසා ක්‍රියා කළ රණවිරුවන්ට අද බලවත් අන්තර්ජාතික තර්ජනයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, මෙරට පාලකයන්ට ආරක්ෂක හමුදා ආරක්ෂා කිරීමට කොන්ද පණ නැතිනම් එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

චෙක් නොකර වරායෙන් එළියට ගිය කන්ටේනර් 323 ගැන හොයන්න දාපු කමිටුවේ වාර්තාව තවම නැතිලු..

බහාලුම් 323ක් කොළඹ වරායෙන් රේගු පරීක්ෂාවකින් තොරව මුදා හැරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් පත් කරන ලද කමිටුවට මාස හතරකට ආසන්න කාලයක් ගතවී ඇතත්, එහි විමර්ශනය තවමත් අවසන් කර නොමැත.

කෙහෙළිය හිරේ දමා භාවිතයෙන් ඉවත් කළ ඖෂධයේ අවුලක් නැහැලු - ඖෂධ නියාමන අධිකාරිය දැන් කියන කතාව මෙන්න.. (වීඩියෝ)

පසුගිය කාලයේ රට පුරා මහත් ආන්දෝලනයක ලක්වූ හියුමන් ඉමියුනොග්ලොබියුලින් නම් ඖෂධය භාවිතා කිරීම හේතුවෙන් රෝගීන් මියගිය බවටද කරුණු වාර්තා වූ අතර, මෙම ඖෂධය ගෙන්වා රෝහල්වලට ලබාදීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නීතිය හමුවට ඉදිරිපත් කිරීම ද සිදුවිය.

හිටපු ලොක්කන් 50කගේ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා අවසන් විමර්ශන ගොනු නීතිපතිට යවයි..

මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ විමර්ශන අවසන් කළ ගොනු පනහකට ආසන්න ප්‍රමාණයක් නඩු පැවරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබ ඇත.

ගොවි කාරක සභා අරමුදලෙන් රු. මිලියන 250ක් ගසාකාලා - ජාතික ගොවිජන එකමුතුවෙන් අනාවරණයක්..

ගොවිජන බැංකු ( නියමු ) ව්‍යාපෘතිය සහ ගොවි කාරක සභාව සදහා ගිණුම්කරණ මෘදුකාංග ලබාදීම සදහා පරිගණක ඇතුලු මුද්‍රණ උපකරණ මිලදී ගැනීමේ මුවාවෙන් රුපියල් මිලියන 250ක මහා පරිමාණ මුල්‍යමය වංචාවක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයාගේ මැදිහත්වීමෙන් සිදුවී ඇති බව ජාතික ගොවිජන එකමුතුව පවසයි.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිගේ කෙරුවාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී එළියට.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන්ගේ විෂය දැනුම මෙන්න..

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ලෙස වර්තමාන රජය විසින් පත් කළ සුනිල් ජයරත්න මහතා සිවිල් ගුවන්සේවා අධිකාරිය සම්බන්ධයෙන් දැනුම්වත් භාවයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් මේ වන විට අර්බුදයක් නිර්මාණය වී තිබේ.

වැඩ නොදැන වැඩට බැස්ස සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා අමාරුවෙ වැටුන හැටි.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන් ගැන අනාවරණයක්.. (වීඩියෝ)

සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා එම තනතුරට සදුසුදැයි යළි සලකා බැලිය යුතුව ඇති බව රජයේ මුදල් පිළිබඳ තාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා පවසයි.

රජයේ වාහන රහසිගත වෙන්දේසියක්.. සැප වාහන 22ක් කුණු කොල්ලෙට විකුණලා..

උතුරු මැද පළාත් සභාව සතු සුඛෝපභෝගී වාහන විසි දෙකක් රහසිගතව ටෙන්ඩර් කැඳවා අඩුමිලට වෙන්දේසි කර ඇති බවට අපි පුරවැසියෝ සංවිධානය චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.