News Category
From Date
To Date
Maximum Number of Result

හෝමුස් සමුද්‍ර සන්ධිය සියලුම මුහුදු ගමනාගමන කටයුතු සඳහා වසා දැමීමට පියවර ගත් බව ඉරාන මධ්‍යම යුද අණදෙන මූලස්ථානය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

බ්‍රිතාන්‍ය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය දේශපාලනය සහ අධිකරණ පද්ධති පිළිබඳ දිගුකාලීන නිරීක්ෂකයෙකු වෙමින්, එම ක්ෂේත්‍ර දෙක අතර විටින් විට දක්නට ලැබෙන විකෘති අන්තර්ක්‍රියා පිළිබඳවද අවධානයෙන් සිටි අයෙකු ලෙස, 2011 අප්‍රේල් මාසයේදී ග්‍රීක රජයේ බැඳුම්කරවල සිදුකළ ආයෝජනයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හිටපු මහ බැංකු අධිපතිවරයෙකුට එරෙහිව අපරාධමය “දූෂණ” චෝදනා විභාග කිරීම සඳහා ශ්‍රී ලංකාවේ මහාධිකරණ “ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක්” (Trial-at-Bar) පත් කර තිබීම මා පුදුමයට පත් කළේය.

"මම ඊශ්‍රායල රජයේ කැබිනට් මණ්ඩලයේ සිටියා නම්, මට මුළු ලෝකයෙන් ම ඉතිරි වෙලා ඉන්න බලවත් ම සගයාට පහර ගහන්න යන්නේ නෑ... පසුගිය මාස තුන තුළ ඔබේ රට බේරාගත්ත අවිවලින් තුනෙන් දෙකක් ම ඇමෙරිකාවේ නිෂ්පාදනය කරපු ඒවා වගේ ම, ඒවාට මුදල් වියදම් කරලා තියෙන්නේ ඇමෙරිකාවේ බදු ගෙවන ජනතාව."

ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක් (Burgenstock) කඳුකර නිවාඩු නිකේතනයේදී අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර අද සිකුරාදා (19) පැවැත්වීමට සැලසුම් කර තිබූ සාකච්ඡා පැවැත්වෙන්නේ නැති බව ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඇමරිකා එක්සත් ජනපදය සමඟ අලුතින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම යුද ශක්තියෙන් ලබාගත් රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක් ලෙසත් වොෂින්ටනය ඔවුන්ගේ කිසිදු අරමුණක් මිලිටරිමය වශයෙන් සාක්ෂාත් කර ගැනීමට අපොහොසත් වූ බවට සාක්ෂියක් ලෙසත් ඉරාන නිලධාරීන් විසින් අවබෝධතා ගිවිසුම අර්ථ දක්වා ඇත.

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සබඳතාවල නව හැරවුමක් සනිටුහන් කරමින්, දෙරට අතර නවතම ද්විපාර්ශ්වික එකඟතා ගිවිසුමකට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන ජනාධිපති මසූඩ් පීසෙෂ්කියන් විසින් විද්‍යුත් ක්‍රමයට අත්සන් තබා තිබේ.

2026 ජූනි 15 වනදා, ඉන්දියාවේ කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරයේ (Kudankulam NPP) ඉදිකිරීම් භූමියේ පවතින 5 වන බලශක්ති ඒකකයේ රියැක්ටර් පීඩන යාත්‍රාව (Reactor Pressure Vessel) එහි සැලසුම්ගත ස්ථානයේ සාර්ථකව සවි කර තිබේ.

අත්හිටුවා ඇති වත්කම් නිදහස් කරගැනීමේ ක්‍රියාවලිය මහ බැංකුව සමග එක්ව අවසන් කර ඇති බව ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගායි (Esmaeil Baghaei) තහවුරු කර තිබේ.

හොර්මුස් සමුද්‍ර සන්ධියේ පනවා තිබූ ඇමරිකානු නාවික හමුදා අවහිරතා නිමා කරමින්, බොරතෙල් බැරල් මිලියන 5කට ආසන්න ප්‍රමාණයක් රැගත් ඉරාන තෙල් නැව් අවම වශයෙන් තුනක්වත් එතෙර බලා යාත්‍රා කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ප්‍රධාන පුවත්

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

ජයග්‍රාහී ජාතියක් වීමට නම් මව් භාෂාවට මුල් තැන දිය යුතුයි.. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග

ඕනෑම රටක් හෝ ජාතියක් ඉදිරියට ගොස් ජයග්‍රාහී ස්ථානයකට පැමිණීමට නම් මව් භාෂාවට ප්‍රමුඛස්ථානය ලබා දීම අනිවාර්ය සාධකයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.

ශ්‍රීලංකන් ගුවන් සමාගම මුල්කරගෙන ඇමති සහ නියෝජ්‍ය ඇමති අතර ගැටුම උපරිමයට පැමිණෙයි..

පාඩුවලට මුහුණ දී සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරියෙකු (CEO) පත්කිරීමේ මතභේදාත්මක තීරණයත් සමඟ, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක සහ නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු අතර පවතින ගැටුම උපරිම මට්ටමකට පැමිණ ඇති බව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග කිහිපයකින් වාර්තා වේ.

බටහිර රටවල ආරක්ෂණවාදයේ වගකීමෙන් පලා යාමට චීනය බිල්ලක් කර නොගත යුතුය!

මේ වන විට චීනය නිෂ්පාදන අංශයෙන් ලබා ගෙන ඇති අද්විතීය ජයග්‍රහනය සම්බන්ධයෙන් බටහිර රටවල පාලකයන් වික්ෂිප්ත වී ඇති ස්වභාවයක් ඔවුන්ගේ හැසිරීම් වලට අනුව වටහා ගත හැක. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් චීන කොමියුනිස්ට් පක්ෂය දැඩි ස්ථාවරයක සිටී. ඒ සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය දැක්වෙන වැදගත් සටහනක් ග්ලොබල් ටෛම්ස් වෙබ් අඩවිය තබා තිබුණි. ලංකා ලීඩර් පාඨකයාගේ පරිශීලනය සඳහා මෙසේ පල කරමු..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය..

අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සහ අධිකරණවල එකතු වී ඇති නඩු ප්‍රමාණය කාර්යක්ෂමව අවසන් කිරීමේ අරමුණින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

හම්බන්තොට වරාය කොළඹ වරායට නොසිතූ අභියෝගයක් වන ලකුණු! – ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් අනාවරණයක්

හම්බන්තොට වරායේ වර්තමාන ක්‍රියාකාරීත්වය සහ මෙහෙයුම් රටාව හේතුවෙන් කොළඹ වරායේ ඉදිරි කටයුතු හා ආදායම් මාර්ගයන් වෙත නොසිතූ ප්‍රබල අභියෝගයක් එල්ල වෙමින් පවතින බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා පවසයි.

රාජ්‍ය බලය අල්ලන්න හදන්නේ මාලිමාවද? ජවිපෙ ද? මේ දෙක අතරේ සිටින වෙනත් කොටසක්ද? - නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් ප්‍රබල අනාවරණයක්..

රට දැන් අමුතුම තැනකට යමින් ඇති බවත් එය උසාවියේ සිටින අයට තේරුම් ගත හැකි බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය, රාජ්‍ය වගවීම සහ නීතියේ ආධිපත්‍යය: අනාගතයට තීරණාත්මක පූර්වාදර්ශයක්

2019 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ වඩාත්ම ඛේදනීය, සංවේදී සහ විවාදාත්මක ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් එකකි. මෙම සිදුවීමේ ඇති බරපතලම සහ ඛේදනීයම කරුණ වන්නේ, ප්‍රහාරය එල්ල වන දින, වේලාව, ස්ථාන සහ ඊට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ නිශ්චිත පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට බලධාරීන් අසමත් වීමයි.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම නුසුදුසු බව පවසා ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්?

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා යෝජනා කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු සහ අනුචිත බව පවසමින් ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති රජීව් අමරසූරිය විසින් සඳහන් කරයි.

ස්පාඤ්ඤයට එල්ල වූ මහා සංක්‍රමණික බලපෑම ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශේෂ අනාවරණයක්..

මෑත කාලීනව ස්පාඤ්ඤය මුහුණ දුන් නීති විරෝධී මහා සංක්‍රමණික රැල්ල සහ ඒ පිටුපස ඇති ජාත්‍යන්තර හා භූ-දේශපාලනික බලපෑම් පිළිබඳව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා විශේෂ විශ්ලේෂණයක නිරත වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.