මෝදිගේ සමීපතමයෙක් වන අමිත් ෂා ට එරෙහිව කැනඩාවෙන් කුමන්ත්‍රණ චෝදනාවක්
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සමීපතමයකු ලෙස සැළකෙන දැඩි හින්දු භක්තිකයෙකු වන ඉන්දීය රජයේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂාට එරෙහිව කැනේඩියානු රජයෙන් චෝදනාවක් එල්ල කර තිබේ.
ඒ, කැනඩාවේදී සීක් බෙදුම්වාදීන් ඉලක්ක කරගැනීමේ කුමන්ත්‍රණ පිටුපස අමිත් ෂා සිටින බවට යි.
කෙසේවෙතත්, කැනඩාවේ චෝදනා පදනම් විරහිත බව පවසන ඉන්දීය රජය ඒවා ප්‍රතික්ෂේප කර ඇත.
වොෂින්ටන් පෝස්ට් පුවත්පත වාර්තා කර ඇත්තේ, කැනඩාවේ සීක් බෙදුම්වාදීන් ඉලක්ක කරගනිමින් ප්‍රචණ්ඩත්වය සහ බිය ගැන්වීමේ ව්‍යාපාරයක් පිටුපස අමිත් ෂා සිටින බව කැනේඩියානු නිලධාරීන් චෝදනා කළ බවයි.
ඉන්දියාව සීක් බෙදුම්වාදීන් ‘ත්‍රස්තවාදීන්’ ලෙස හඳුන්වන අතර එම බෙදුම්වාදීන් රටේ ආරක්ෂාවට තර්ජනයක් බව ද පවසයි.
සීක් බෙදුම්වාදීන් ඉන්දිය භූමියෙන් වෙන් කර ඛලිස්තානය නමින් හැඳින්වෙන ස්වාධීන නිජබිමක් ඉල්ලා සිටියි.
ඒ සම්බන්ධයෙන් 1980 සහ 1990 දශකවලදී ඇති වූ කැරැල්ලකින් පුද්ගලයන් දසදහස් ගණනක් මිය ගියහ.
සීක් බෙදුම්වාදීන් පළවාහැරීම සඳහා ශුද්ධ වූ සික් කෝවිලට පහරදෙන ලෙස ආරක්ෂක හමුදාවන්ට නියෝග කිරීමෙන් පසුව ඉන්දියාවේ එවක අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි ඇයගේ ආරක්ෂාවට සිටි සීක් ආරක්ෂකයන් විසින්ම ඝාතනය කිරීමෙන් පසු, 1984 දි ඉන්දියාවේ සීක් විරෝධී කෝලාහල ආරම්භ වූ අතර ඉන් දහස් ගණනක් මියගියේය.
ඉන් අනතුරුව 2023 දී කැනඩාවේදී සීක් බෙදුම්වාදී නායක හර්දීප් සිං නිජ්ජාර් ඝාතනයට ලක්වූ අතර එම සිදුවීමට සම්බන්ධ කරමින් කැනඩාව ඉකුත් ඔක්තෝබර් මාසයේදී කැනඩාවේ සිටි ඉන්දීය රාජ්‍යතාන්ත්‍රිකයන් නෙරපාහරින ලදී.
එයට එකටඑක කිරීමක් ලෙස ඉන්දීය රජය විසින් ද කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් නෙරපාහරින ලදී.
මෙම අර්බුදය ඉන්දියාව සහ කැනඩාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා සඳහා දැඩි බලපෑම් එල්ල කර ඇති අතර, කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝගේ ඉන්දීය විරෝධී ප්‍රතිපත්තිය හේතුවෙන් ඔහුගේ පාලක පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ද විරෝධතා මතුවෙමින් ඇත.
-ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..