මෝදිගේ සමීපතමයෙක් වන අමිත් ෂා ට එරෙහිව කැනඩාවෙන් කුමන්ත්‍රණ චෝදනාවක්
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සමීපතමයකු ලෙස සැළකෙන දැඩි හින්දු භක්තිකයෙකු වන ඉන්දීය රජයේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂාට එරෙහිව කැනේඩියානු රජයෙන් චෝදනාවක් එල්ල කර තිබේ.
ඒ, කැනඩාවේදී සීක් බෙදුම්වාදීන් ඉලක්ක කරගැනීමේ කුමන්ත්‍රණ පිටුපස අමිත් ෂා සිටින බවට යි.
කෙසේවෙතත්, කැනඩාවේ චෝදනා පදනම් විරහිත බව පවසන ඉන්දීය රජය ඒවා ප්‍රතික්ෂේප කර ඇත.
වොෂින්ටන් පෝස්ට් පුවත්පත වාර්තා කර ඇත්තේ, කැනඩාවේ සීක් බෙදුම්වාදීන් ඉලක්ක කරගනිමින් ප්‍රචණ්ඩත්වය සහ බිය ගැන්වීමේ ව්‍යාපාරයක් පිටුපස අමිත් ෂා සිටින බව කැනේඩියානු නිලධාරීන් චෝදනා කළ බවයි.
ඉන්දියාව සීක් බෙදුම්වාදීන් ‘ත්‍රස්තවාදීන්’ ලෙස හඳුන්වන අතර එම බෙදුම්වාදීන් රටේ ආරක්ෂාවට තර්ජනයක් බව ද පවසයි.
සීක් බෙදුම්වාදීන් ඉන්දිය භූමියෙන් වෙන් කර ඛලිස්තානය නමින් හැඳින්වෙන ස්වාධීන නිජබිමක් ඉල්ලා සිටියි.
ඒ සම්බන්ධයෙන් 1980 සහ 1990 දශකවලදී ඇති වූ කැරැල්ලකින් පුද්ගලයන් දසදහස් ගණනක් මිය ගියහ.
සීක් බෙදුම්වාදීන් පළවාහැරීම සඳහා ශුද්ධ වූ සික් කෝවිලට පහරදෙන ලෙස ආරක්ෂක හමුදාවන්ට නියෝග කිරීමෙන් පසුව ඉන්දියාවේ එවක අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි ඇයගේ ආරක්ෂාවට සිටි සීක් ආරක්ෂකයන් විසින්ම ඝාතනය කිරීමෙන් පසු, 1984 දි ඉන්දියාවේ සීක් විරෝධී කෝලාහල ආරම්භ වූ අතර ඉන් දහස් ගණනක් මියගියේය.
ඉන් අනතුරුව 2023 දී කැනඩාවේදී සීක් බෙදුම්වාදී නායක හර්දීප් සිං නිජ්ජාර් ඝාතනයට ලක්වූ අතර එම සිදුවීමට සම්බන්ධ කරමින් කැනඩාව ඉකුත් ඔක්තෝබර් මාසයේදී කැනඩාවේ සිටි ඉන්දීය රාජ්‍යතාන්ත්‍රිකයන් නෙරපාහරින ලදී.
එයට එකටඑක කිරීමක් ලෙස ඉන්දීය රජය විසින් ද කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් නෙරපාහරින ලදී.
මෙම අර්බුදය ඉන්දියාව සහ කැනඩාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා සඳහා දැඩි බලපෑම් එල්ල කර ඇති අතර, කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝගේ ඉන්දීය විරෝධී ප්‍රතිපත්තිය හේතුවෙන් ඔහුගේ පාලක පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ද විරෝධතා මතුවෙමින් ඇත.
-ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..
ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..
"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!
ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..
සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..
ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!
හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)
ශ්රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්
ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..
ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..
ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය
බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. - ජාතික සංවිධානවලින් චෝදනා