රතන් ටාටා දිවි සැරියට සමුදෙයි
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 86කි.
අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් පසුගියදා ඔහුව මුම්බායි නුවර රෝහලකට ඇතුළත් කර තිබුණු අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස මියගොස් තිබේ.
1937 ඉන්දියාවේ මුම්බායි හිදී උපත ලැබූ මෙම ධන කුවේරයා ඉන්දීය කාර්මික ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් කළ මෙහෙය ඇති විශාලය.
ඔහු ටාටා සමුහයේ සහ ටාටා සන්ස් යන සමාගම් වල සභාපති ලෙස 1990 සිට 2012 දක්වා කටයුතු කළේය.
පසුව එම සමාගම් වල පරිපාලනයේ ඇතිවූ යම් යම් ගැටලු හේතුවෙන් ඔහු නැවතත් 2016 ඔක්තෝබර් සිට 2017 පෙබරවාරි දක්වා අන්තර්වාර සභාපතිවරයා ලෙස එම සමාගම් වෙනුවෙන් සිය ශ්‍රමය සහ කාලය වැය කළේය.
ඉන්දීය සමාජයේ විශිෂ්ට පුද්ගලයෙක් ලෙස සැලකෙන රතන් ටාටා එරට පුරවැසියෙකුට ලබාදෙන දෙවැනි ඉහළම සම්මානය වන පද්ම විධූෂන් සම්මානය 2008 වසරේදී හිමිකර ගත්තේය.
ඔහු කෝනල් විශ්ව විද්‍යාලයේ ගෘහ නිර්මාණය පිළිබඳ උපාධිධරයෙකි.
රතන්, ටාටා සමාගම හා එක්වූයේ 1961 වසරේදීය.
1990 දශකය ආරම්භයේදී ටාටා සමාගමේ සභාපතිවරයා ලෙස පත්වූ ඔහු, එම සමාගම ලොව පුරා ප්‍රචලිත කරමින් එය ගෝලීය ව්‍යාපාරයක් ලෙස ඉහළට ඔසවා තැබීමට සමත් විය.
එසේම ලොව ප්‍රකට සමාගම් වන Tetley, Jaguar Land Rover, සහ Corus වැනි සමාගම් සිය පාලනයට ගැනීමට ඔහු සමත්විය.
- අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්