News Category
From Date
To Date
Maximum Number of Result

සීයට 87ක් දුප්පතුන් සිටි රටක් වසර 46ක් තුළ ලෝක බලවතෙකු වූ හැටි - චීනයේ දශක හතරක පරිවර්තනය

Aug 15, 2024 at 11:38 AM
|

ලංකාවේ බොහෝ දෙනා හැත්තෑ වසරක සාපයක් ගැන නිතර කතා කරති. මා දැන් කියන්නට යන්නේ වසර හතලිස් හයකට පෙර ලංකාවට වඩා දරුණු ලෙස දුප්පත්කමින් බැට කෑ, සාගතවලින් මිලියන ගණන් ජනතාව මිය ගිය රටක් වූ චීනය ගැනය. එහෙත් අද ඒ රට වසර හතලිස් හයක් තුළ ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියමින් මිලියන 800කට වැඩි ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමට සමත්ව තිබේ. ඒ අනුව ගත් කළ චීනයේ අත්දැකීම ලංකාවට වැදගත් නොවන්නේද?  එහෙත් ප්‍රශ්නය වන්නේ ලංකාවේ සිස්ටම් චේන්ජ් ගැන කතා කරන බොහෝ දෙනා තවමත් යටත්විජිත කොල්ලයෙන් ධනවත් වූ බටහිර රාජ්‍යයන් වන්දනා කරනු විනා ස්වශක්තියෙන් නැගී සිටි චීනය වැනි රටවල් ගැන වැඩි යමක් කතා නොකිරීමය. නැතහොත් චීනය පිළිබඳ අපේ අවබෝධය ඉතා අල්ප මට්ටමක තිබීමය. නැතහොත් බටහිර ලෝකය විසින් තනා දුන් කණ්ණාඩි ඔස්සේ චීනය දෙස බැලීම විනා එහි සැබෑ තතු අධ්‍යයනයට අප උත්සුක නොවීමය. එවන් පසුබිමක් තුළ චීනය පිළිබඳ මේ සටහන ලිවීමට මට සිත් වූයේ හැත්තෑ වසරක සාපය ගැන නිතර කතා කරන කාලයක චීනයේ දශක හතරක මහා පරිවර්තනයේ කතාව ලංකාවට බෙහෙවින් වැදගත් යැයි සිතුණ නිසාය. 

චීන කොමියුනිස්ට් පක්ෂය බිහිවූයේ 1921දීය. චීන විප්ලවය සිදුවූයේ ඉන් වසර 28කට පසු 1949දීය. ඒ වෙනුවෙන් දෙස් විදෙස් ප්‍රතිවාදීන් සමඟ කළ සටනේදී කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයෝ මිලිනය ගණනක් සිය ජීවිත පරිත්‍යාග කළහ. එහෙත් එතැනින් සියල්ල අවසාන වී සමාජවාදය නමැති මැජික් ඔසුවෙන් රටේ ප්‍රශ්න සියල්ල කෙළවර වූයේ නැත. ධනපතියන් මැඩලීමෙන් හෝ දේපල අත්පත් කරගැනීමෙන් පමණක් දුප්පතුන්ට සමෘද්ධිය උදා කළ හැකි නොවීය. එතැන් සිට ඔවුන්ට ගමන් කිරීමට සිදුවූයේ බොහෝ බාධක, අභියෝග, අත්හදා බැලීම්, වරදවා ගැනීම් හා ඒ වෙනුවෙන් කළ අසීමිත වන්දි ගෙවීම් සහිත ඉතා දුෂ්කර මඟකය. විප්ලවයෙන් වසර තිහක් ගතවූ පසුවත් චීන ජනගහනයෙන් සීයට 87%ක ප්‍රමාණයක් දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවත් වූහ. ඔවුන්ගේ දිනක ආදායම ඩොලර් දෙකකට අඩු මට්ටමක තිබිණි. ඇත්තෙන්ම චීනයේ දැවැන්ත ආර්ථික විපර්යාසය ආරම්භ වූයේ 1978න් පසු හඳුන්වා දුන් නව ප්‍රතිසංස්කරණවලින් පසුවය. ඊට පෙර මාඕ සේතුංගේ පාලන සමයේ ගත් ඇතැම් ක්‍රියාමාර්ග මේ දැවැන්ත පරිවර්තනයට යම් පසුබිමක් සැකසූවා විය හැකි වුවද තීරණාත්මක පරිවර්තනය ආරම්භ වූයේ 1978න් පසුවය. චීන විප්ලවය සිදුවී දැන් වසර 75කි. ලංකාවට නිදහස ලැබී ගතවී ඇති කාලයද ඊට සමානය. ලංකාව තවම 74 වසරක සාපයක් ගැන කතා කරයි. එහෙත් චීනය ගැන කිවතොත් අපට කතා කරන්නට සිදුවන්නේ 74 වසරක මහා ආශ්චර්යයක් ගැනය. වඩාත් නිවැරදිව කිවතොත් වසර 46ක ආශ්චර්යයක් ගැනය. ඒ චීනයේ යෝධ පරිවර්තනය සැබවින්ම ආරම්භ වූයේ වසර 46කට පෙරාතුව නිසාය. දැන් මා කියන්නට යන්නේ මේ කෙටි කාලය තුළ චීනය අත්කර ගත් පරිවර්තනයේ තරම පෙන්වන දත්ත සංඛ්‍යා අතලොස්සක් ගැනය. 

1978 දී චීනයේ දළ ජාතික නිෂ්පාදනය අමෙරිකානු ඩොලර් බිලියන 218.50ක් වූ අතර, 2023දී මේ අගය ඩොලර් බිලියන 17663ක් හෙවත් ඩොලර් ටි්‍රලියන 17.66කි. ඒ අනුව චීනය අද ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන අතර, මේ වසර 46 තුළ චීනය තම ජාතික නිෂ්පාදනය 81 ගුණයකින් ඉහළ නංවා ගැනීමට සමත් වී තිබේ. 

1978 දී චීනයේ දළ ජාතික නිෂ්පාදනය ලෝකයේ සමස්ත නිෂ්පාදනයෙන් 2.32%ක ප්‍රතිශතයක් වූ අතර, 2023 දී එය සමස්ත ලෝක නිෂ්පාදනයේ 19%ක පංගුවකට හිමිකම් කීමට සමත්ව තිබේ. 2023 වසරේ ලංකාවට හිමි ලෝක නිෂ්පාදනයේ පංගුව 0.2%කි.

2023 වසරේ ලෝකයේ ඉහළම සමාගම් 500 ලැයිස්තුව :ත්‍දරඑමබැ ඨකදඉ්ක 500* අතර, චීන සමාගම් 135ක් වූ අතර, ඒ සමාගම්වලින් 71%ම චීන රජයට අයත් සමාගම් වීමද විශේෂිත කරුණකි. ඒ වසරේ එම ලැයිස්තුවේ ඇමරිකාවට හිමිව තිබූ සමාගම් ප්‍රමාණය 136කි.  

අද වන විට විද්‍යාව තාක්ෂණය ඔස්සේ දැවැන්ත ජයග්‍රහණ කන්දරාවක් අත් කරගෙන සිටින චීනය 2024 වසරේදී අභ්‍යාවකාශ පර්යේෂණ සඳහා ඩොලර් බිලියන 12ක මුදලක් වැය කළේය. අද ලෝකයේ දෙවැනි වැඩිම කෘත්‍රිම චන්ද්‍රිකා ප්‍රමාණය කක්ෂගත කර ඇත්තේද චීනය විසිනි. 

1980 දී චීනයේ ඒක පුද්ගල උපයෝජන ආදායම රෙන්මින්බි 171ක් වුවද අද එම අගය 32189කි. ඒ අනුව ඇමරිකානු ඩොලර් 10000 ඉක්මවූ ඒක පුද්ගල දළ ජාතික ආදායමකට හිමිකම් කියන චීනය ඉහළ මධ්‍යම ආදායම් ලබන ආර්ථිකයක් බවට පත්ව ඇත. නාගරික ග්‍රාමීය ආදායම් පරතරය වේගයෙන් අඩු වෙමින් පවතින අතර, ගතවූ වසර 46 තුළ මිලියන 400ක් වූ චීනයේ මැදි ආදායම් ලබන පිරිස ලොව විශාලතම මැදි ආදායම් ලබන පිරිස බවට පත්ව තිබේ. 

චීනයේ මේ මහා ආර්ථික පෙරළියේ වැදගත්ම ලක්ෂණය වන්නේ එය හුදු ධනය ගොඩගැසීමකින් නොනැවතී එහි ප්‍රතිලාභ එරට ජනයා අතරද බෙදාදීමට චීනය සමත් වීමය. මේ බව තහවුරු කෙරෙන නිර්ණායක ගණනාවකි. 

1950 දී චීනයේ ආයු අපේක්ෂාව වසර 43.45ක් වූ අතර, 2024 එම අගය 77.64කි. 1950 දී එරට උසස් අධ්‍යාපනයට බඳවා ගත් ප්‍රතිශතය 0.22% ක් වූ අතර, අද එම අගය 54.4%කි. 1950 දී පාසල්වලට ළමුන් ඇතුළත් කරගැනීමේ ප්‍රතිශතය 20%ක් වූ අතර, අද එම අගය 99.96කි. 1982 දී චීනයේ සාක්ෂරතාව 65.5ක් වූ අතර, අද එම අගය 97%කි. 1950 දී දහසකට දෙසීයක් වූ ළදරු මරණ අනුපාතය අද වන විට 5.4 කි. ලංකාවේ මෙන් නිදහස ලැබුණු කාලයේ සිට නොමිලේ ක්‍රියාත්මක වූ සෞඛ්‍ය සේවයක් චීනයේ නොතිබුණද අද වන විට ඔවුන් ලබා ඇති ආර්ථික ජයග්‍රහණවලට සමගාමීව එරට ජනගහනයෙන් 95%කට වැඩි පිරිසකට මූලික සෞඛ්‍ය රක්ෂණාවරණයක් සැපයීමට චීනය සමත්ව තිබේ. 

මේ සියලු ජයග්‍රහණ අතර වඩාත්ම පුදුම සහගත හා ආස්වාදනීය කාරණය වන්නේ දුප්පත්කම තුරන් කිරීම සඳහා චීනය අනුගමනය කළ ක්‍රියාමාර්ගයයි. 1980 වන විට චීනයේ ජනගහනය මිලියන 981.2කි. ඒ අතරින් මිලියන 870ක් එනම් ජනගහනයෙන් සීයට 87%ක ප්‍රමාණයක් දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවත් වූහ. ඔවුන්ගේ දිනක ආදායම ඩොලර් දෙකකට අඩු මට්ටමක තිබිණි. එහෙත් චීනයේ ආර්ථික වර්ධනය හා දරිද්‍රතාව මැඩලීම සඳහා එරට රජය අනුගමනය කළ වැඩපිළිවෙළ හමුවේ 2015 වන විට දරිද්‍රතා රේඛාවෙන් පහළ ජනගහනය මිලියන 10කට සීමා කිරීමට චීනය සමත් වූ අතර, අද වන එය තවත් සැලකිය යුතු අගයකින් පහත වැටී තිබේ. මෙහි සරල අදහස නම් පසුගිය වසර 46ක කෙටි කාලය තුළ මිලියන 877ක අතිවිශාල ජනගහනයක්, එනම් ලංකාවේ ජනගහනය මෙන් 40 ගුණයක ජනගහනයක් දුප්පත්කමින් මුදවා ගැනීමට චීනය සමත් වී ඇති බවය. මෙය මානව ඉතිහාසයේ දැවැන්තම දුප්පත්කම මැඬලීමේ වැඩසටහන වන අතර, එය සමස්ත ලෝකයේ දරිද්‍රතාව 70% පමණ ප්‍රතිශතයකින් පහත දැමීමට හේතු වූ බව අද ලෝක බැංකුව වැනි ආයතන පවා පිළිගන්නා කරුණකි. මේ මහා ජයග්‍රහණය අත් කරගන්නා ලද්දේ වසර 46ක කෙටි කාලයක් තුළ බොහෝ දුෂ්කරතා මධ්‍යයේ ස්වශක්තියෙන් නැගී සිටි රාජ්‍යයක් විසිනි. ලෝකය පුරා ඇති සම්පත් හා රාජ්‍යයන් කොල්ල කමින් ධනය ගොඩගසා ගනිමින් සංවර්ධිත යැයි කියන තත්ත්වයට පත් කිසිදු රටකට පවා සිය පොදු ජනයා වෙනුවෙන් මෙවැනි මෙහෙවරක් කිරීමට හැකි වී නැති බව අප මෙහිදී විශේෂයෙන් සිහියට ගත යුතුව තිබේ. එය පුදුම සහගත පරිවර්තනයක් වන්නේ ඒ නිසාය. 

චීනය මේ ජයග්‍රහණය අත් කරගත් ආකාරය, ඔවුන් ඒ සඳහා කළ අපරිමිත කැපකිරීම්, චීන ජනයාගේ උසස් ආකල්ප, දේශපාලන නායකත්වය, අත්හදා බැලීම්, වරද්දා ගැනීම්, පාඩම් ඉගෙන ගැනීම් ආදිය ගැන තව සංවාදයට ලක් කළ හැකි කාරණා කන්දරාවකි. ඒ සියල්ල ඒ ආශ්‍රිත අතුරු කතා මොහොතකට පසෙක තබා චීනය අත්කරගත් මේ වර්ධනයේ මා නිරීක්ෂණය කරන පොදු වැදගත්කම් තුනක් අවධාරණය කළ යුතු යැයි සිතමි. 

පළමු වැන්න නම් චීනය යටත්විජිත කොල්ලයකින් තොරව, ඉතා කෙටි කාලයක් තුළ ස්වශක්තියෙන් මේ ආර්ථික වර්ධනය අත්කර ගැනීමය. දෙවැනි කරුණ ආර්ථික වර්ධනයෙන් නොනැවතී සිය සමාජවාදී චින්තනය මත පදනම් වෙමින් එහි ප්‍රතිලාභ පොදු ජනයා අතර සාමූහිකව බෙදා දීමට චීනය සමත් වීමය. අනෙක චීනයේ ගෝලීය භූමිකාව හෙවත් ඔවුන් අත්කර ගත් ආර්ථික හා දේශපාලන බලය, බටහිර බලය මෙන් ලෝකයේ විනාශයට නොව මානව සංහතියේ යහපතට හේතු වන එකක් වීමය. මා මේ සඳහන් කළ කාරණා තුන ගැන බොහෝ වාද විවාද තිබෙන බව දනිමි. එහෙත් කාලයක් තිස්සේ චීනය පිළිබඳ හදාරන්නෙකු ලෙස මා මේ කාරණා සඳහන් කරනුයේ ඒවා හුදු හැඟීම්බර හිතලු ලෙස නොව වාස්තවික කරුණු ඇසුරින් සනාථ කළ හැකි දේ යැයි මා විශ්වාස කරන නිසාය. 

අවසාන වශයෙන් මේ කාරණා ලංකාව සමඟ මඳකට සසඳා බැලිය යුතුය. ලංකාව ලෝකයේ අවාසනාවන්තම රටක් යැයි අද බොහෝදෙනා විශ්වාස කරති. එහෙත් මානව සංවර්ධන දර්ශකය අනුව 2022 වසරේදී ලෝකයේ රටවල් 193ක් අතරින් ලංකාවට 78 වන ස්ථානය හිමිව තිබේ. 0.780ක් වූ එම අගය සියලුම සාෆ් කලාපීය රටවලට වඩා ඉහළ අගයකි. ඒ වසරේ ඉන්දියාවට හිමිවූ මානව සංවර්ධන දර්ශකයේ අගය 0.644ක් වූ අතර, ලෝකයේ ඔවුන්ට හිමි වූයේ 134 වැනි ස්ථානයයි. උපතේදී අපේක්ෂිත ආයු කාලය (වසර 77) හා සාක්ෂරතාව (92.8)  අනුව 2022 වසරේදී ලංකාව යන්තමින් දෙවැනි වූයේ මාලදිවයිනට පමණි. ඉහත රටවල් අතරින් අඩුම මාතෘ මරණ සහිත රට මෙන්ම, දිනකට අමෙරිකානු ඩොලර් 1.90කට වඩා අඩු  ආදායමක් ලබන දරිද්‍රතා රේඛාවෙන් පහළ ජනගහනය අඩුම රට වූයේද ලංකාවය. ඒ අනුව වසර හතලිස් හයකට පෙර ශ්‍රී ලංකාව සිටියේ චීනය සිටි තරම් දුගී දුප්පත් දුෂ්කර අඩියක නොවේ. 

එහෙත් මෙහි අතිශය බරපතළ හා තීරණාත්මක ගැටලුවක් තිබේ. ඒ ගැටලුව වන්නේ ලංකාව මේ තත්ත්වය උදා කරගන්නා ලද්දේ අපගේ නිෂ්පාදන ආර්ථිකය නිසි පරිමාණයට වර්ධනය කරගැනීමේ ප්‍රතිඵලයක් ලෙස නොව, ණයට ගෙන හෝ ජනතාවට පහසුකම් සැපයීමේ පැලැස්තරවාදී සුබසාධන පිළිවෙත් තුළින් වීමය. මහජන සුබසාධනය වරදක් නොවුණද එය කළ යුත්තේ සුබසාධනය සැපයිය හැකි තරමේ ශක්තිමත් ආර්ථිකයක් රට තුළ ගොඩනඟමින් මිස අවිචාරශීලීව ණය සහ ඡන්ද පොරොන්දු මත යැපෙමින් නොවේ. එහෙත් අප දිගින් දිගටම කළ ඒ වරදේ බරපතළ ප්‍රතිවිපාක අත්විඳීමට අද අපට සිදුව තිබේ. 

රටක ඉදිරි ගමන කෙරේ බලපාන සාධක ගණනාවක් තිබිය හැකි වුවද, ජාතික නිෂ්පාදනය ඒ අතර කේන්ද්‍රිය සාධකය වෙයි. ලංකාව අද මුහුණ දී සිටින ආර්ථික අර්බුදයේ පදනම තුළ ඇත්තේද අපගේ නිෂ්පාදන ධාරිතාවේ ඌන බව පිළිබඳ කාරණය මිස අන් යමක් නොවේ. රටක ශක්තිමත් ජාතික නිෂ්පාදනයකින් හා කාර්මීකරණයකින් තොරව රටක ආර්ථිකය, සමාජ තත්ත්වය නඟා සිටුවිය හැක්කේ කෙසේද? චීනය එදා කොතරම් දරිද්‍රතාවයේ ගිලී සිටි රටක් වුවද ඔවුහු බරපතළ දුෂ්කරතා මැද අඛණ්ඩව සිය ජාතික නිෂ්පාදනයේ ධාරිතාව ඉහළ දැමූහ. නමුත් අප කළේ සුබසාධනය භුක්ති විඳිමින්, පිල් බෙදී ආණ්ඩු මාරු කරමින් 70 දශකයේ යන්තමට හෝ පැවති කාර්මීකරණ පිළිවෙතද මුළුමනින්ම පාහේ අතහැර දැමීමය. එහි ප්‍රතිඵලයක් ලෙස වසර 46කට පසු ලංකාව සහ චීනය පැමිණ ඇති ගමනාන්ත දෙකෙහි වෙනස කෙතරම්දැ යන්න අද කිසිවෙකුට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. චීනය වසර 46ක් තුළ ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය ගොඩනඟන විට වසර 46කට පසු ලංකාවට සිදුවී ඇත්තේ ඊළඟ අයිඑම්එෆ් ණය වාරිකය දෙස බලා හූල්ලන ඉරණමකට ඇද වැටීමට නොවේද? 

ඇත්තෙන්ම අප චීනයේ ගමන ගැන කියවාගත යුත්තේ මේ කාරණය ගැඹුරින් අවබෝධ කරගැනීම සඳහාය. එහෙත් අපේ පිළිවෙත වී ඇත්තේ දහසක් දුෂ්කරතා මැඬ ස්වාධීනව නැගී සිටිමින් ඒ ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට අත්කර දුන් චීනය වැනි රටවල් දෙස බැලීම වෙනුවට තවමත් අපේ රටවල් සූරා කෑ යටත්විජිත ස්වාමිවරුන් වන්දනා කිරීමය. සුද්දා දිගටම හිටියා නම් ලංකාව අද දියුණු රටක් යැයි සිතන තරමට තවදුරටත් මානසික වහල්භාවයේ ගැලී සිටීමය. කැනඩාවේ ස්විස්ටර්ලන්තයේ විනය හැදියාව ගැන කතා කරමින් තමන්ගේ සංස්කෘතියට, ආගමට, භාෂාවට, දේශීය උරුමයන්ට අවමන් කිරීමය. එහෙත් ලංකාව අත්කරගත යුතු සැබෑ වෙනස වන්නේ මේ දීන මානසිකත්වයෙන් මිදී තමන්ගේ උරුමයන් මත පදනම් වූ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගා ගැනීමය. ඒ සඳහා එංගලන්තය දෙස නොව චීනය වැනි රටවල් දෙස විචක්ෂණශීලීව හැරී බැලීමය. 

- ඉසුරු ප්‍රසංග
(මව්බිම පුවත්පත) 

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.