News Category
From Date
To Date
Maximum Number of Result

සීයට 87ක් දුප්පතුන් සිටි රටක් වසර 46ක් තුළ ලෝක බලවතෙකු වූ හැටි - චීනයේ දශක හතරක පරිවර්තනය

Aug 15, 2024 at 11:38 AM
|

ලංකාවේ බොහෝ දෙනා හැත්තෑ වසරක සාපයක් ගැන නිතර කතා කරති. මා දැන් කියන්නට යන්නේ වසර හතලිස් හයකට පෙර ලංකාවට වඩා දරුණු ලෙස දුප්පත්කමින් බැට කෑ, සාගතවලින් මිලියන ගණන් ජනතාව මිය ගිය රටක් වූ චීනය ගැනය. එහෙත් අද ඒ රට වසර හතලිස් හයක් තුළ ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියමින් මිලියන 800කට වැඩි ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමට සමත්ව තිබේ. ඒ අනුව ගත් කළ චීනයේ අත්දැකීම ලංකාවට වැදගත් නොවන්නේද?  එහෙත් ප්‍රශ්නය වන්නේ ලංකාවේ සිස්ටම් චේන්ජ් ගැන කතා කරන බොහෝ දෙනා තවමත් යටත්විජිත කොල්ලයෙන් ධනවත් වූ බටහිර රාජ්‍යයන් වන්දනා කරනු විනා ස්වශක්තියෙන් නැගී සිටි චීනය වැනි රටවල් ගැන වැඩි යමක් කතා නොකිරීමය. නැතහොත් චීනය පිළිබඳ අපේ අවබෝධය ඉතා අල්ප මට්ටමක තිබීමය. නැතහොත් බටහිර ලෝකය විසින් තනා දුන් කණ්ණාඩි ඔස්සේ චීනය දෙස බැලීම විනා එහි සැබෑ තතු අධ්‍යයනයට අප උත්සුක නොවීමය. එවන් පසුබිමක් තුළ චීනය පිළිබඳ මේ සටහන ලිවීමට මට සිත් වූයේ හැත්තෑ වසරක සාපය ගැන නිතර කතා කරන කාලයක චීනයේ දශක හතරක මහා පරිවර්තනයේ කතාව ලංකාවට බෙහෙවින් වැදගත් යැයි සිතුණ නිසාය. 

චීන කොමියුනිස්ට් පක්ෂය බිහිවූයේ 1921දීය. චීන විප්ලවය සිදුවූයේ ඉන් වසර 28කට පසු 1949දීය. ඒ වෙනුවෙන් දෙස් විදෙස් ප්‍රතිවාදීන් සමඟ කළ සටනේදී කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයෝ මිලිනය ගණනක් සිය ජීවිත පරිත්‍යාග කළහ. එහෙත් එතැනින් සියල්ල අවසාන වී සමාජවාදය නමැති මැජික් ඔසුවෙන් රටේ ප්‍රශ්න සියල්ල කෙළවර වූයේ නැත. ධනපතියන් මැඩලීමෙන් හෝ දේපල අත්පත් කරගැනීමෙන් පමණක් දුප්පතුන්ට සමෘද්ධිය උදා කළ හැකි නොවීය. එතැන් සිට ඔවුන්ට ගමන් කිරීමට සිදුවූයේ බොහෝ බාධක, අභියෝග, අත්හදා බැලීම්, වරදවා ගැනීම් හා ඒ වෙනුවෙන් කළ අසීමිත වන්දි ගෙවීම් සහිත ඉතා දුෂ්කර මඟකය. විප්ලවයෙන් වසර තිහක් ගතවූ පසුවත් චීන ජනගහනයෙන් සීයට 87%ක ප්‍රමාණයක් දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවත් වූහ. ඔවුන්ගේ දිනක ආදායම ඩොලර් දෙකකට අඩු මට්ටමක තිබිණි. ඇත්තෙන්ම චීනයේ දැවැන්ත ආර්ථික විපර්යාසය ආරම්භ වූයේ 1978න් පසු හඳුන්වා දුන් නව ප්‍රතිසංස්කරණවලින් පසුවය. ඊට පෙර මාඕ සේතුංගේ පාලන සමයේ ගත් ඇතැම් ක්‍රියාමාර්ග මේ දැවැන්ත පරිවර්තනයට යම් පසුබිමක් සැකසූවා විය හැකි වුවද තීරණාත්මක පරිවර්තනය ආරම්භ වූයේ 1978න් පසුවය. චීන විප්ලවය සිදුවී දැන් වසර 75කි. ලංකාවට නිදහස ලැබී ගතවී ඇති කාලයද ඊට සමානය. ලංකාව තවම 74 වසරක සාපයක් ගැන කතා කරයි. එහෙත් චීනය ගැන කිවතොත් අපට කතා කරන්නට සිදුවන්නේ 74 වසරක මහා ආශ්චර්යයක් ගැනය. වඩාත් නිවැරදිව කිවතොත් වසර 46ක ආශ්චර්යයක් ගැනය. ඒ චීනයේ යෝධ පරිවර්තනය සැබවින්ම ආරම්භ වූයේ වසර 46කට පෙරාතුව නිසාය. දැන් මා කියන්නට යන්නේ මේ කෙටි කාලය තුළ චීනය අත්කර ගත් පරිවර්තනයේ තරම පෙන්වන දත්ත සංඛ්‍යා අතලොස්සක් ගැනය. 

1978 දී චීනයේ දළ ජාතික නිෂ්පාදනය අමෙරිකානු ඩොලර් බිලියන 218.50ක් වූ අතර, 2023දී මේ අගය ඩොලර් බිලියන 17663ක් හෙවත් ඩොලර් ටි්‍රලියන 17.66කි. ඒ අනුව චීනය අද ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන අතර, මේ වසර 46 තුළ චීනය තම ජාතික නිෂ්පාදනය 81 ගුණයකින් ඉහළ නංවා ගැනීමට සමත් වී තිබේ. 

1978 දී චීනයේ දළ ජාතික නිෂ්පාදනය ලෝකයේ සමස්ත නිෂ්පාදනයෙන් 2.32%ක ප්‍රතිශතයක් වූ අතර, 2023 දී එය සමස්ත ලෝක නිෂ්පාදනයේ 19%ක පංගුවකට හිමිකම් කීමට සමත්ව තිබේ. 2023 වසරේ ලංකාවට හිමි ලෝක නිෂ්පාදනයේ පංගුව 0.2%කි.

2023 වසරේ ලෝකයේ ඉහළම සමාගම් 500 ලැයිස්තුව :ත්‍දරඑමබැ ඨකදඉ්ක 500* අතර, චීන සමාගම් 135ක් වූ අතර, ඒ සමාගම්වලින් 71%ම චීන රජයට අයත් සමාගම් වීමද විශේෂිත කරුණකි. ඒ වසරේ එම ලැයිස්තුවේ ඇමරිකාවට හිමිව තිබූ සමාගම් ප්‍රමාණය 136කි.  

අද වන විට විද්‍යාව තාක්ෂණය ඔස්සේ දැවැන්ත ජයග්‍රහණ කන්දරාවක් අත් කරගෙන සිටින චීනය 2024 වසරේදී අභ්‍යාවකාශ පර්යේෂණ සඳහා ඩොලර් බිලියන 12ක මුදලක් වැය කළේය. අද ලෝකයේ දෙවැනි වැඩිම කෘත්‍රිම චන්ද්‍රිකා ප්‍රමාණය කක්ෂගත කර ඇත්තේද චීනය විසිනි. 

1980 දී චීනයේ ඒක පුද්ගල උපයෝජන ආදායම රෙන්මින්බි 171ක් වුවද අද එම අගය 32189කි. ඒ අනුව ඇමරිකානු ඩොලර් 10000 ඉක්මවූ ඒක පුද්ගල දළ ජාතික ආදායමකට හිමිකම් කියන චීනය ඉහළ මධ්‍යම ආදායම් ලබන ආර්ථිකයක් බවට පත්ව ඇත. නාගරික ග්‍රාමීය ආදායම් පරතරය වේගයෙන් අඩු වෙමින් පවතින අතර, ගතවූ වසර 46 තුළ මිලියන 400ක් වූ චීනයේ මැදි ආදායම් ලබන පිරිස ලොව විශාලතම මැදි ආදායම් ලබන පිරිස බවට පත්ව තිබේ. 

චීනයේ මේ මහා ආර්ථික පෙරළියේ වැදගත්ම ලක්ෂණය වන්නේ එය හුදු ධනය ගොඩගැසීමකින් නොනැවතී එහි ප්‍රතිලාභ එරට ජනයා අතරද බෙදාදීමට චීනය සමත් වීමය. මේ බව තහවුරු කෙරෙන නිර්ණායක ගණනාවකි. 

1950 දී චීනයේ ආයු අපේක්ෂාව වසර 43.45ක් වූ අතර, 2024 එම අගය 77.64කි. 1950 දී එරට උසස් අධ්‍යාපනයට බඳවා ගත් ප්‍රතිශතය 0.22% ක් වූ අතර, අද එම අගය 54.4%කි. 1950 දී පාසල්වලට ළමුන් ඇතුළත් කරගැනීමේ ප්‍රතිශතය 20%ක් වූ අතර, අද එම අගය 99.96කි. 1982 දී චීනයේ සාක්ෂරතාව 65.5ක් වූ අතර, අද එම අගය 97%කි. 1950 දී දහසකට දෙසීයක් වූ ළදරු මරණ අනුපාතය අද වන විට 5.4 කි. ලංකාවේ මෙන් නිදහස ලැබුණු කාලයේ සිට නොමිලේ ක්‍රියාත්මක වූ සෞඛ්‍ය සේවයක් චීනයේ නොතිබුණද අද වන විට ඔවුන් ලබා ඇති ආර්ථික ජයග්‍රහණවලට සමගාමීව එරට ජනගහනයෙන් 95%කට වැඩි පිරිසකට මූලික සෞඛ්‍ය රක්ෂණාවරණයක් සැපයීමට චීනය සමත්ව තිබේ. 

මේ සියලු ජයග්‍රහණ අතර වඩාත්ම පුදුම සහගත හා ආස්වාදනීය කාරණය වන්නේ දුප්පත්කම තුරන් කිරීම සඳහා චීනය අනුගමනය කළ ක්‍රියාමාර්ගයයි. 1980 වන විට චීනයේ ජනගහනය මිලියන 981.2කි. ඒ අතරින් මිලියන 870ක් එනම් ජනගහනයෙන් සීයට 87%ක ප්‍රමාණයක් දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවත් වූහ. ඔවුන්ගේ දිනක ආදායම ඩොලර් දෙකකට අඩු මට්ටමක තිබිණි. එහෙත් චීනයේ ආර්ථික වර්ධනය හා දරිද්‍රතාව මැඩලීම සඳහා එරට රජය අනුගමනය කළ වැඩපිළිවෙළ හමුවේ 2015 වන විට දරිද්‍රතා රේඛාවෙන් පහළ ජනගහනය මිලියන 10කට සීමා කිරීමට චීනය සමත් වූ අතර, අද වන එය තවත් සැලකිය යුතු අගයකින් පහත වැටී තිබේ. මෙහි සරල අදහස නම් පසුගිය වසර 46ක කෙටි කාලය තුළ මිලියන 877ක අතිවිශාල ජනගහනයක්, එනම් ලංකාවේ ජනගහනය මෙන් 40 ගුණයක ජනගහනයක් දුප්පත්කමින් මුදවා ගැනීමට චීනය සමත් වී ඇති බවය. මෙය මානව ඉතිහාසයේ දැවැන්තම දුප්පත්කම මැඬලීමේ වැඩසටහන වන අතර, එය සමස්ත ලෝකයේ දරිද්‍රතාව 70% පමණ ප්‍රතිශතයකින් පහත දැමීමට හේතු වූ බව අද ලෝක බැංකුව වැනි ආයතන පවා පිළිගන්නා කරුණකි. මේ මහා ජයග්‍රහණය අත් කරගන්නා ලද්දේ වසර 46ක කෙටි කාලයක් තුළ බොහෝ දුෂ්කරතා මධ්‍යයේ ස්වශක්තියෙන් නැගී සිටි රාජ්‍යයක් විසිනි. ලෝකය පුරා ඇති සම්පත් හා රාජ්‍යයන් කොල්ල කමින් ධනය ගොඩගසා ගනිමින් සංවර්ධිත යැයි කියන තත්ත්වයට පත් කිසිදු රටකට පවා සිය පොදු ජනයා වෙනුවෙන් මෙවැනි මෙහෙවරක් කිරීමට හැකි වී නැති බව අප මෙහිදී විශේෂයෙන් සිහියට ගත යුතුව තිබේ. එය පුදුම සහගත පරිවර්තනයක් වන්නේ ඒ නිසාය. 

චීනය මේ ජයග්‍රහණය අත් කරගත් ආකාරය, ඔවුන් ඒ සඳහා කළ අපරිමිත කැපකිරීම්, චීන ජනයාගේ උසස් ආකල්ප, දේශපාලන නායකත්වය, අත්හදා බැලීම්, වරද්දා ගැනීම්, පාඩම් ඉගෙන ගැනීම් ආදිය ගැන තව සංවාදයට ලක් කළ හැකි කාරණා කන්දරාවකි. ඒ සියල්ල ඒ ආශ්‍රිත අතුරු කතා මොහොතකට පසෙක තබා චීනය අත්කරගත් මේ වර්ධනයේ මා නිරීක්ෂණය කරන පොදු වැදගත්කම් තුනක් අවධාරණය කළ යුතු යැයි සිතමි. 

පළමු වැන්න නම් චීනය යටත්විජිත කොල්ලයකින් තොරව, ඉතා කෙටි කාලයක් තුළ ස්වශක්තියෙන් මේ ආර්ථික වර්ධනය අත්කර ගැනීමය. දෙවැනි කරුණ ආර්ථික වර්ධනයෙන් නොනැවතී සිය සමාජවාදී චින්තනය මත පදනම් වෙමින් එහි ප්‍රතිලාභ පොදු ජනයා අතර සාමූහිකව බෙදා දීමට චීනය සමත් වීමය. අනෙක චීනයේ ගෝලීය භූමිකාව හෙවත් ඔවුන් අත්කර ගත් ආර්ථික හා දේශපාලන බලය, බටහිර බලය මෙන් ලෝකයේ විනාශයට නොව මානව සංහතියේ යහපතට හේතු වන එකක් වීමය. මා මේ සඳහන් කළ කාරණා තුන ගැන බොහෝ වාද විවාද තිබෙන බව දනිමි. එහෙත් කාලයක් තිස්සේ චීනය පිළිබඳ හදාරන්නෙකු ලෙස මා මේ කාරණා සඳහන් කරනුයේ ඒවා හුදු හැඟීම්බර හිතලු ලෙස නොව වාස්තවික කරුණු ඇසුරින් සනාථ කළ හැකි දේ යැයි මා විශ්වාස කරන නිසාය. 

අවසාන වශයෙන් මේ කාරණා ලංකාව සමඟ මඳකට සසඳා බැලිය යුතුය. ලංකාව ලෝකයේ අවාසනාවන්තම රටක් යැයි අද බොහෝදෙනා විශ්වාස කරති. එහෙත් මානව සංවර්ධන දර්ශකය අනුව 2022 වසරේදී ලෝකයේ රටවල් 193ක් අතරින් ලංකාවට 78 වන ස්ථානය හිමිව තිබේ. 0.780ක් වූ එම අගය සියලුම සාෆ් කලාපීය රටවලට වඩා ඉහළ අගයකි. ඒ වසරේ ඉන්දියාවට හිමිවූ මානව සංවර්ධන දර්ශකයේ අගය 0.644ක් වූ අතර, ලෝකයේ ඔවුන්ට හිමි වූයේ 134 වැනි ස්ථානයයි. උපතේදී අපේක්ෂිත ආයු කාලය (වසර 77) හා සාක්ෂරතාව (92.8)  අනුව 2022 වසරේදී ලංකාව යන්තමින් දෙවැනි වූයේ මාලදිවයිනට පමණි. ඉහත රටවල් අතරින් අඩුම මාතෘ මරණ සහිත රට මෙන්ම, දිනකට අමෙරිකානු ඩොලර් 1.90කට වඩා අඩු  ආදායමක් ලබන දරිද්‍රතා රේඛාවෙන් පහළ ජනගහනය අඩුම රට වූයේද ලංකාවය. ඒ අනුව වසර හතලිස් හයකට පෙර ශ්‍රී ලංකාව සිටියේ චීනය සිටි තරම් දුගී දුප්පත් දුෂ්කර අඩියක නොවේ. 

එහෙත් මෙහි අතිශය බරපතළ හා තීරණාත්මක ගැටලුවක් තිබේ. ඒ ගැටලුව වන්නේ ලංකාව මේ තත්ත්වය උදා කරගන්නා ලද්දේ අපගේ නිෂ්පාදන ආර්ථිකය නිසි පරිමාණයට වර්ධනය කරගැනීමේ ප්‍රතිඵලයක් ලෙස නොව, ණයට ගෙන හෝ ජනතාවට පහසුකම් සැපයීමේ පැලැස්තරවාදී සුබසාධන පිළිවෙත් තුළින් වීමය. මහජන සුබසාධනය වරදක් නොවුණද එය කළ යුත්තේ සුබසාධනය සැපයිය හැකි තරමේ ශක්තිමත් ආර්ථිකයක් රට තුළ ගොඩනඟමින් මිස අවිචාරශීලීව ණය සහ ඡන්ද පොරොන්දු මත යැපෙමින් නොවේ. එහෙත් අප දිගින් දිගටම කළ ඒ වරදේ බරපතළ ප්‍රතිවිපාක අත්විඳීමට අද අපට සිදුව තිබේ. 

රටක ඉදිරි ගමන කෙරේ බලපාන සාධක ගණනාවක් තිබිය හැකි වුවද, ජාතික නිෂ්පාදනය ඒ අතර කේන්ද්‍රිය සාධකය වෙයි. ලංකාව අද මුහුණ දී සිටින ආර්ථික අර්බුදයේ පදනම තුළ ඇත්තේද අපගේ නිෂ්පාදන ධාරිතාවේ ඌන බව පිළිබඳ කාරණය මිස අන් යමක් නොවේ. රටක ශක්තිමත් ජාතික නිෂ්පාදනයකින් හා කාර්මීකරණයකින් තොරව රටක ආර්ථිකය, සමාජ තත්ත්වය නඟා සිටුවිය හැක්කේ කෙසේද? චීනය එදා කොතරම් දරිද්‍රතාවයේ ගිලී සිටි රටක් වුවද ඔවුහු බරපතළ දුෂ්කරතා මැද අඛණ්ඩව සිය ජාතික නිෂ්පාදනයේ ධාරිතාව ඉහළ දැමූහ. නමුත් අප කළේ සුබසාධනය භුක්ති විඳිමින්, පිල් බෙදී ආණ්ඩු මාරු කරමින් 70 දශකයේ යන්තමට හෝ පැවති කාර්මීකරණ පිළිවෙතද මුළුමනින්ම පාහේ අතහැර දැමීමය. එහි ප්‍රතිඵලයක් ලෙස වසර 46කට පසු ලංකාව සහ චීනය පැමිණ ඇති ගමනාන්ත දෙකෙහි වෙනස කෙතරම්දැ යන්න අද කිසිවෙකුට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. චීනය වසර 46ක් තුළ ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය ගොඩනඟන විට වසර 46කට පසු ලංකාවට සිදුවී ඇත්තේ ඊළඟ අයිඑම්එෆ් ණය වාරිකය දෙස බලා හූල්ලන ඉරණමකට ඇද වැටීමට නොවේද? 

ඇත්තෙන්ම අප චීනයේ ගමන ගැන කියවාගත යුත්තේ මේ කාරණය ගැඹුරින් අවබෝධ කරගැනීම සඳහාය. එහෙත් අපේ පිළිවෙත වී ඇත්තේ දහසක් දුෂ්කරතා මැඬ ස්වාධීනව නැගී සිටිමින් ඒ ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට අත්කර දුන් චීනය වැනි රටවල් දෙස බැලීම වෙනුවට තවමත් අපේ රටවල් සූරා කෑ යටත්විජිත ස්වාමිවරුන් වන්දනා කිරීමය. සුද්දා දිගටම හිටියා නම් ලංකාව අද දියුණු රටක් යැයි සිතන තරමට තවදුරටත් මානසික වහල්භාවයේ ගැලී සිටීමය. කැනඩාවේ ස්විස්ටර්ලන්තයේ විනය හැදියාව ගැන කතා කරමින් තමන්ගේ සංස්කෘතියට, ආගමට, භාෂාවට, දේශීය උරුමයන්ට අවමන් කිරීමය. එහෙත් ලංකාව අත්කරගත යුතු සැබෑ වෙනස වන්නේ මේ දීන මානසිකත්වයෙන් මිදී තමන්ගේ උරුමයන් මත පදනම් වූ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගා ගැනීමය. ඒ සඳහා එංගලන්තය දෙස නොව චීනය වැනි රටවල් දෙස විචක්ෂණශීලීව හැරී බැලීමය. 

- ඉසුරු ප්‍රසංග
(මව්බිම පුවත්පත) 

සම්බන්ධිත පුවත් | Related News

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.
නවීන විද්‍යාත්මක දැනුම වනාහි හුදු එක් ශිෂ්ටාචාරයක නිර්මාණයක් නොවන බව නූතන ලෝකය සාමාන්‍යයෙන් පිළිගන්නා කාරණයකි. එසේ වුවද නවීන විද්‍යාව යනු හුදු බටහිර ලෝකයේ පමණක් උපත ලැබූ දැනුම් සමුදායක් බව ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා තවමත් විශ්වාස කරති. ඒ මතය අදටත් වඩා ලෝකය පුරා ජනප්‍රියව පැවති කාලයක ඒ මතයට ප්‍රබල අභියෝගයක් එල්ල කළ එක්තරා සුවිශේෂී විද්වතෙක් බටහිර ලෝකයෙන්ම බිහිවිය. ඒ අදින් අවුරුදු 126කට පෙර බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර උපත ලැබූ ජෝශප් නීඩ්හැම් (Joseph Needham) නමැති ජීව රසායන විද්‍යාඥයාය.
2026 ලෝක කෘත්‍රිම බුද්ධි (AI) සමුළුව සහ ගෝලීය AI පාලනය පිළිබඳ උසස් පෙළේ රැස්වීම ජූලි 17 සිට 20 දක්වා චීනයේ ෂැංහයි නගරයේදී පැවැත්වේ.
සංචාරක නියෝජ්‍ය ඇමති 'මහාචාර්ය' රුවන් රණසිංහ දෙවෙනි වතාවටත් ආතල් එකක් දුන්නා.
ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය අර්ධද්වීපයේ පිහිටි වල්ලිපුරම් ප්‍රදේශයෙන් සොයාගත් ඓතිහාසික වල්ලිපුරම් රන් සන්නස පිළිබඳව වැදගත් තොරතුරු රැසක් Next page යූටියුබ් නාලිකාව විසින් ඉදිරිපත් කර තිබේ.
බෝධිසත්ව ගුණෝපේත අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ සිතෙහි ජනිත උදාරතර අරමුණක් මල් ඵල දැරීමෙන් යථාර්ථයක් බවට පැමිණි විද්‍යෝදය පිරිවෙණ තිඹිරිගෙය කර ගනිමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ආරම්භ වෙයි.
"තම සපත්තු ලේස් එක ගැටගසා ගැනීමටවත් නොදන්නා වයසේදී, ඒ සුරතල් දෑත්වලට යකඩ මාංචු වැටෙන්නේ කෙසේද? උසාවි කූඩුවක යකඩ කූරු අතරින් බියපත් දෑසින් සමාජය දෙස බලන අවුරුදු දහයට අඩු ඒ 'පුංචි අපරාධකාරයා' නිර්මාණය කළේ ඔහු විසින්මද? නැතහොත් මේ කුහක සමාජ ක්‍රමය විසින්ද?"
අනුර ජනාධිපති වීමෙන් පසුව සිදුකළ ඉන්දියානු සංචාරය අතර තුර ඉන්දියාව එකගතා ඇති වුන (ඇත්තටම සිදු කරන ලද) අවබෝධතා ගිවිසුම් 07 අතරේ තිබුණ දෙපාර්ශවයම එළි නොකරන ලද ශ්‍රම හුවමාරුව (අනියම් එට්කා ගිවිසුම) 2027 සිට ක්‍රියාත්මක වන්නට පිඔුරුපත් සැකසෙමින් තිබේ.
එක්සත් ජනපදය මෑතකදී තම ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කළේය.

ප්‍රධාන පුවත්

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.

ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්

නව දිල්ලියේදී පැවැත්වුණු ‘Calm Waters, Rising Tide: Stability as the Foundation for Indian Ocean Growth’ තේමාව යටතේ වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකදී, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහිෂිණි කොලොන්න මහත්මිය දෙරටේ ආරක්ෂක සහ ආර්ථික සබඳතා පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දී තිබේ.

ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..

ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කළේය.

ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..

ඉන්දියාවේ විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන දූෂණවලට එරෙහිව රට පුරා දැවැන්ත ජනතා විරෝධයක් ආරම්භ වී තිබේ.

ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය

මැද පෙරදිග පිහිටි තම ගුවන් ආරක්ෂක පද්ධති ඉරාන මිසයිලවලට එරෙහිව ප්‍රමාණවත් ලෙස ක්‍රියා නොකරන බවට එක්සත් ජනපදය තුළ දැඩි කනස්සල්ලක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය කිහිපයක් නම සඳහන් කිරීමට අකමැති වූ ඇමරිකානු හමුදා නිලධාරීන් උපුටා දක්වමින් පවසයි.

බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. - ජාතික සංවිධානවලින් චෝදනා

පුරාවිද්‍යා කොමසාරිස් සහ සුමන්තිරන්ලා රහසිගතව මුණගැසීම පිළිබඳව ලංකා ලීඩර් වෙත අදහස් දැක්වූ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ එම ක්‍රියාවලිය තුළ උතුර සහ නැගෙනහිර පළාත්වල සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ධුර 4ක් සඳහා පිටතින් බඳවා ගැනීම සඳහා නව තරග විභාගයක් පවත්වන බවය.

මීගමුව නගරාධිපති පල්ලියට එරෙහි වුනා.. ඒකයි එයාට ඉල්ලා අස්වෙන්න සිදුවුණේ.. - මීගමුව හිටපු නාගරික මන්ත්‍රීවරයකු හෙළිකරයි

පාස්කු ප්‍රහාරය පිළිබඳව කතෝලික පල්ලියේ පූජකවරු විසින් එක් එක් කාලවලදී විවිධ ප්‍රකාශ සිදුකරන බවත්, කතෝලික සභාව දේශපාලනය කරමින් සිටීම නිසා කතෝලික බැතිමතුන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් පවසමින් මීගමුව නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයකු විසින් අන්තර්ජාල නාලිකාවකට ප්‍රකාශයක් ලබාදෙමින් විශේෂ හෙළිදරව් කිරීමක් රැසක් සිදුකර තිබේ.

ඉරානයට එරෙහි මහා පරිමාණ යුද්ධයකට ඇමරිකාව සූදානම් වෙනවා -Washington Post/Wall Street Journal පුවත්පත් වාර්තා පවසයි

එක්සත් ජනපදය ඉරානයට එරෙහිව මහා පරිමාණ හමුදා ක්‍රියාමාර්ගයක් සඳහා සූදානම් වෙමින් සිටින අතර, මැද පෙරදිග කලාපයේ තම හමුදා පැවැත්ම තවදුරටත් ශක්තිමත් කරමින් සිටින බව Washington Post පුවත්පත ඇමරිකානු නිලධාරියෙකු උපුටා දක්වමින් වාර්තා කර ඇත.

සුරේෂ් සලේගේ රැඳවුම් නියෝග වහා හකුලා ගන්නා ලෙස බලකරමින් ප්‍රංශයේදී පැවති විරෝධතාව..

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට පනවා ඇති රැඳවුම් නියෝග වහාම හකුලා ගන්නා ලෙස බලකරමින් ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.

අවුරුදු 13ක් ඉස්කෝලෙ යන එක කාලය කා දැමීමක් කියලා මිනිස්සු කියනවා.. - අගමැති හරිනි

වර්තමාන පාසල් අධ්‍යාපන ක්‍රමය තුළ වසර 13ක කාලයක් ගත කිරීම කාලය නාස්ති කිරීමක් බවට සමාජය තුළ මතයක් ගොඩනැගී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.