එදා ඉන්දියානු විරෝධය නිසා ජවිපෙ අවුල්... අද හොඳයි, ඉන්දියාවටත් ගිහින්... ආයෝජනවලටත් විරුද්ධ නැති වෙයි - නාමල් කියයි
පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන “සද් ජන රළ ” රැස්වීම් මාලාවේ සමාරම්භක රැස්වීම පොලොන්නරුව ගිරිතලේ ප්‍රදේශයේදී පැවැත්විණි.
පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රීක් නායක සිරිපාල ගම්ලත් මහතා විසින් මෙම රැස්වීම සංවිධානය කරනු ලැබ තිබූ අතර මෙම රැස්වීම සදහා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතීඥ සාගර කාරියවසම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ,තිස්ස කුට්ටිආරච්චි ,ඩී.වී.චානක ,ඉන්දික අනුරුද්ධ,තේනුක විදානගමේ,ජගත් සමරවික්‍රම,චින්තක මායාදුන්න යන මන්ත්‍රීවරුන් ඇතුලු පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ,
"අපේ රටේ දැවැන්තම හා ප්‍රධානම දේශපාලන පක්ෂය තමයි පොදුජන පෙරමුණ. අපි වගකීම් පැහැර හරින පක්ෂයක් නෙමෙයි. වගකීම් බාර අරන් කටයුතු කරන පක්ෂයක්.පහුගිය කාලෙ කුමන්ත්‍රණශීලීව අපේ පක්ෂය වැට්ටුවා .අපේ ආන්ඩුවටත් එදා ගෝඨාභය රාජපක්ෂ පාලනයෙදි වෙඩි තියලා අපේ බලය රැකගන්න කටයුතු කරන්න තිබුණා. නමුත් එහෙම දෙයක් නොවිය යුතුයි.
අරගලයට සම්බන්ධ තරුණයො පුනරුත්ථාපනය කරන්න ඕන කියලයි මම අදත් හිතන්නෙ. ආණ්ඩුව ඇතුලෙම ක්‍රියාත්මක වුනු කුමන්ත්‍රණ නිසා අපේ ආණ්ඩුව වැටුනෙ. ඒක හදුනගන්න අපිට බැරි උනා .ඒක අපි පිලිගන්න ඕන.
පහුගිය කාලෙ අධිකරණයෙන් තීන්දුවක් දුන්නා.මේ රට බංකොලොත්වීම පිලිබදව.මේ නඩු තීන්දුවෙ කොහෙවත් නෑ රාජපක්ෂල මේ රට බංකොලොත් කලා කියලා නෑ. දැන් මහ බැංකු අධිපත්වරයා කියනවා මේ රට බංකොලොත් නෑ කියලා.අපේ අමරකීර්ති අතකෝරල මන්ත්‍රීවරයා මැරුණට පස්සෙ තමයි කියන්නෙ රට බංකොලොත් නෑ කියලා. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහතාගෙ පාලනය කාලෙ වගේ ග්‍රාමීය ආර්ථිකය යලි ගොඩනැගීමේ වැඩපිලිවෙලක් නැවත සකස් කල යුතුයි.
මම දැක්කා අනුර කුමාර දිසානායක ඉන්දියාවට ගිහිල්ලා සාකච්ඡා කරනවා.ඒක හොදයි. නමුත් පහුගිය කාලෙ ජනතා විමුක්ති පෙරමුණ දැඩි ඉන්දීය විරෝධී ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කලා. ඉන්දියාවෙන් අපේ රටට ආව ආයෝජන විශාල ප්‍රමාණයක් ජනතා විමුක්ති පෙරමුණ මැදිහත්වෙලා මේ රටට අහිමි කලා සාම්පූර් බලාගාරය ඊට හොදම නිදසුනක්. නමුත් ජනතා විමුක්ති පෙරමුණ වෙනත් මතයකට ඇවිල්ලා තියෙනවා.
ඉස්සර පන්ති පහේ ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කතා කරපු ජවිපෙ අද ඉන්දියානු සංචාරයක් ගිහින් උදම් අනමින් ඒ ගැන කතා කරනවා. නිසා ජනතා විමුක්ති පෙරමුණ මේ ඉන්දියානු සංචාරයෙන් පස්සෙ මේ රටට එන ආයෝජන වලට එකගත්වය පල කරයි කියලා හිතනවා. ඒ නිසා මේ රට ගොඩ නැගීම සදහා අපි සියලු දෙනා එකතුවෙලා කටයුතු කරමු.ඒ සදහා කටයුතු කරන්න සදධන්තයින් තමයි ඔයාලා. ඒ නිසා මේ රටට වගකියන ජනතාවට වගකියන කෙනෙක් අපේ පක්ෂයේ ඉදිරිපත් කරනවා."
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?