රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිකුරාදා පැවසුවේ, තමාගේ අනුප්‍රාප්තිකයා වන අනුර කුමාර දිසානායක පසුගිය වසරේ ඉන්දියාව සමඟ අත්සන් කළ එකඟතා ලියවිල්ල දැන් ක්‍රියාත්මක කළයුතු බවයි.
මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ජනාධිපති තනතුරට තේරී පත් වූ අනුර දිසානායක ජනාධිපතිවරයා දෙසැම්බර් මැද භාගයේදී ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතය.
2023 ජූලි මාසයේදී ඉන්දීය සංචාරය අතරතුර, එවකට ජනාධිපති වික්‍රමසිංහ, අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ ‘එකඟතා ලේඛනයකට'(Vision Document) අත්සන් කර ඇති අතර, දෙරට අතර සහයෝගීතාවයේ ක්ෂේත්‍ර, විශේෂයෙන් ආර්ථික හවුල්කාරිත්වය එමගින් දක්වා ඇත.
“මමත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිත් අත්සන් කළ ‘දර්ශන ලේඛනයේ’ අපි දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගිතා ක්ෂේත්‍ර දක්වා තිබෙනවා. ඔහු (අනුර දිසානායක) ඉදිරියට යා යුතු බවත්, අපි මෙම දර්ශන ලේඛනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවත් මගේ අදහසයි,” යැයි ඉන්දියාවේ සංචාරයක නිරත රනිල් වික්‍රමසිංහ එරට PTI පුවත් සේවය වෙත පවසා ඇත.
ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට, රනිල් වික්‍රමසිංහගේ පසුගිය සංචාරයේදී සම්මත කරගත් දර්ශන ලේඛනයේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍ර, ගුවන්, බලශක්ති සබඳතා සහ ජනතාව අතර සම්බන්ධතාව ශක්තිමත් කිරීම පිළිබඳව අවධාරණය කර ඇත.
- ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා