රාජ්‍ය අනුග්‍රහයෙන් නිධන් හෑරීම අදහාගන්න බැරි කාරණයක් - මහාචාර්ය අතුල සේනාරත්න
වෙහෙර විහාරවල දාගැබේ විහාර සඳහා මිනිසුන් පූජා කරන දේවල් ධාතු ගර්භ හා වෙහෙර විහාරවල තිබෙන්නට හෝ නොතිබෙන්නට හැකි බවත් භූ විද්‍යාව සම්බන්ධව වසර 40 ගණනක පලපුරුද්ද අනුව අඩි 40 ක් 50 යට ගල් හාරා නිදන් තැන්පත් කර ගල් උනු කර දැමීමක් හෝ ගල් ඇලවීමේ තාක්ෂණයක් එදත් අදත් නැති බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගර්භ විද්‍යාව පිළිබද සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.
මේ සම්බන්ධව රාජ්‍ය අනුග්‍රහය ලබාදීමේ අවශ්‍යතාවක් ද නොමැති බව මහාචාර්යවරයා පැවසීය.
අතුල සේනාරත්න මහතා මේ බව පැවසුවේ වේයන්ගොඩ වඳුරට ප්‍රදේශයේ අධිවේගී මාර්ග රක්ෂිතයේ නිධන් වස්තු ඇතැයි පැවසෙන ස්ථානයේ නිධන් වස්තු ඇතිදැයි කළ විමසීමකදීය.
පුරා විද්‍යා ගවේෂණ සඳහා භූ විදද්‍යාඥයන්ගේ අවධානය යොමුවන්නේ පුරා විද්‍යාඥයන්ගෙන් යම් ඉල්ලීමක් ලැබුණොත් පමණක් බවත් යම්කිසි අවශ්‍යතාවක් මත ආරාධනාවක් ලැබුණොත් පමණක් ඒ සඳහා භූ විද්‍යාඥයන් සහයෝගය ලබාදෙන බවත් අතුල සේනාරත්න මහතා පැවසීය.
බොහෝ විට ස්වාභාවිකව පාෂාණ දිරාපත්වීමෙන් සිදුවන සලකුණු තමන්ට අවශ්‍ය පරිදි නිර්වචනය කර එහි නිධන් ඇති බව පවසමින් එහි පසු පස ගොස් විශාල වශයෙන් මුදල්,කාලය,ශ්‍රමය නාස්ති කර ගන්නා බවත් වේයන්ගොඩ නිධන් හැරීම එවන් දේ පසු පස හඹායන අයට හොඳ ඇස් ඇරවීමක් බවත් මහාචාර්යවරයා පැවසීය.
භූ විද්‍යාත්මක වශයෙන් තමන්ට කියන්නට ඇත්තේ ලංකාවේ සමහර මිනිසුන් නිධන් පසු පස හඹා යෑමෙන් සිදු වන්නේ තමන් වගේම අනුන් රැවටීමක් බවද මහාචාර්යවරයා සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා මෙසේද කීය.
‘රාජ්‍ය අනුග්‍රහය ලැබිලා මෙවැනි දෙයක් කළා කියන්නෙ මට අදහාගන්න බැරි කාරණයක් භූ විද්‍යාව පිළිබඳව වසර 40 ක් ගානක් තිස්සේ කේෂත්‍රයේ කටයුතු කරපු අයෙක් විදිහට බොහෝ විට මිනිසුන්ට මම කියල දීලා තියෙනවා මේවා මිථ්‍යා නිසා මේ දේවල් පිටුපස යන්න එපා කියලා.මේවාට රාජ්‍ය අනුග්‍රහය දෙන්නත් අවශ්‍ය නැති දෙයක්. ඒ වගේ අදහසක් ඇතිවීම හිතාගන්නට බැරි කාරණයක්’
මේ අතර, පුරා දින තුනක් තිස්සේ අධිකරණ නියෝග මත කැණීමට ලක් කරනු ලැබු වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක ආධාරයෙන් කුඩා කොටස් බවට පත් කරනු ලැබුවද නිදන් වස්තු යැයි කියන කිසිදු ආගන්තුක දෙයක් සොයා ගැනීමට නොහැකි විය.
මෙසේ කැණීමට ලක් වූයේ වඳුරව රාජ මහා විහාරස්ථානය ආසන්නයේ එම විහාරස්ථානයට අයත්ව තිබී මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීමේ කටයුතු සඳහා පවරාගෙන ඇති කුඹුරු බිම් කොටසකි.
ඉකුත් එකොළොස් වැනිදා අධිකරණයෙන් දුන් නියෝගය මත 21 සහ 22 දින දෙකේදී මෙම කැණීම් අවසන් කිරීමට නොහැකි වීම හේතුවෙන් පොලීසිය අධිකරණයට කරුණු දක්වා තුන්වැනි දිනටත් එම කටයුතු පවත්වාගෙන යාමට කටයුතු කෙරිණ.
මෙම කැණීම් කටයුතු නිරීක්ෂණය කිරීමට සම්බන්ධ වූ අදාළ ආයතනයන්හි නිලධාරීන්ගෙන් ලබා ගන්නා අවසන් වාර්තා හෙට(26දා) අඟහරුවාදා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බව මෙහිදී කරුණු දැක් වු අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රසාද් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
චමිල් රූපසිංහ
පුෂ්ප කුමාර මල්ලවආරච්චි
වාරණ ආනන්ද ජයකොඩි
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..