කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
ඊයේ(23) නේටෝ විරෝධී සහ පලස්තීන හිතවාදී විරෝධතාකරුවෝ මොන්ට්‍රියල් නගරයේ වීදිවලට පැමිණ සටන් පාඨ කියමින් මෝටර් රථවලට ගිනි තබා කඩ සාප්පු ඉදිරිපස විනාශ කර සිටියදී පොලිසිය එම ක්‍රියාවන් වැලැක්වීමට ගත් උත්සාහයේදී අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.කැනඩාවේ Francophone නගරයේදී මේ මස 23 සහ 24 යන දිනයන්හිදී NATO හි වාර්ෂික සමුළුව පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
නේටෝ විරෝධී පෙලපාලිකරුවන් පිරිසක් 22දා පස්වරුවේ නගර මධ්‍යයේ උද්‍යානයක රැස්ව සිටි අතර, ඒ අසල පැවති ඊශ්‍රායල විරෝධී පෙළපාලියක් සමඟ එකතු වූ බව කැනඩා පොලිසිය ප්‍රාදේශීය මාධ්‍ය වෙත පැවසීය.
https://twitter.com/i/status/1860135216989503876
මුලදී සාමකාමී වුවත්, ඊශ්‍රායල විරෝධී කණ්ඩායම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ අනුරුවක් පුළුස්සා, කැරලි මර්දන නිලධාරීන් වෙත ගිනිදැල්වු අයිතමයන් මගින් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගැනීමෙන් පසු විරෝධතාව ප්‍රචණ්ඩකාරී වූ බව පොලිසිය පවසයි.
පසුව වෙස්මුහුණු පැළඳ ගත් කලහකාරීන් පිරිසක් Rene-Levesque Boulevard වෙත අවතීර්ණ වෙමින් කාර්ය බහුල වාණිජ මංසන්ධිය දිගේ ජනෙල් කඩා දැමූහ. පොලිස් නිලධාරීන් පිරිස විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පෙර පිරිස වාහන දෙකකට ගිනි තබා ඇත.ගැටුමේදී නිලධාරීන්ට පහරදුන් බව කියන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
https://twitter.com/i/status/1860126996350795923
නේටෝ නියෝජිතයන් සිය ගනනක් මොන්ට්‍රියල් වෙත කන්ඩායමේ වාර්ෂික සමුලුව පැවැට්ජ්හ්වීම සඳහා පැමිණි විට විරෝධතා සිදු විය. 22 ද සිට 25 දා දක්වා දිවෙන, සමුළුවට මිසයිල ආරක්ෂණය, දේශගුණික විපර්යාස සහ "ජයග්‍රහණය තෙක් යුක්රේනයට සහාය දීම" පිළිබඳ ඉහළ මට්ටමේ සාකච්ඡා ඇතුළත් වනු ඇත.
ව්ලැඩිමීර් සෙලෙන්ස්කි මේ මස මුලදී කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ සමඟ පැවැත්වූ සාකච්ඡාවෙන් පසුව යුක්රේන නායකයා නිවේදනය කළේ වසර අවසන් වන විට කැනඩාව NASAMS ගුවන් ආරක්ෂක පද්ධතියක් යුක්රේනයට සපයන බවයි.
https://twitter.com/i/status/1860118160311218437
විරෝධතාවලට දිනකට පෙර, දස දහස් ගනනක් පලස්තීන හිතවාදී සිසුන් පන්ති වර්ජනයක නිරත වූ අතර පන්තිවලට සහභාගී වීම ප්‍රතික්ෂේප කළ මොන්ට්‍රියෙල්හි කොන්කෝඩියා විශ්ව විද්‍යාලයේ ඊශ්‍රායලයට විරෝධී සිසුන් සහ පෙලපාලිකරුවන් ඊශ්‍රායලයට පක්ෂ කණ්ඩායම් අතර ගැටුම් ඇති විය.සිසු වර්ජනයට නායකත්වය දෙන වාමාංශික ශිෂ්‍ය කන්ඩායමක් පැවසුවේ, ගාසා තීරයේ සිදුවෙමින් පවතින ජන සංහාරයට නේටෝව පිටුබලය දෙන බවට චෝදනා කරමින් සමුලුව සමග සමපාත වීමට කාලය එළඹ ඇති බවයි.
Anti-NATO protesters burn cars in Canada (VIDEOS)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්