නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
මේ දිනවල වෙළෙඳපොළ තුළ උග්‍ර නාඩු සහල් හිඟයක් පැවතිය ද පසුගිය වර්ෂයේ වී අස්වැන්නෙන් නාඩු වී මෙටි්‍රක් ටොන් ලක්ෂ 22ක් සහල් බවට පත් නොකොට මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිපදෙනකු විසින් සඟවා තබාගෙන ඇතැයි ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.
එම මෝල්හිමියන් මෙම කුමන්ත්‍රණය සෑම වර්ෂයකම ඔක්තෝබර්, නොවැම්බර් මාසවලදී දියත් කරන බව ද එහි අරමුණ නාඩු සහල් හිඟයක් මවාපෑම තුළින් සහල් ආනයනය කිරීමට රජය පොලඹවා ගැනීම බව ද තෙන්නකෝන් මහතා කීවේය. එසේ සහල් ආනයනය කිරීම තුළින්, ලබන දෙසැම්බර් මාසය වනවිට නෙළීම ආරම්භ කරන මාස් කන්නයේ අස්වැන්න කුණුකොල්ලයට ගොවීන්ගෙන් මිලදී ගැනීමට මෙම මෝල්හිමියන්ට අවස්ථාව ලැබෙන බව ද අනුරාධ තෙන්නකෝන් මහතා කීවේය.
පැවැති සෑම රජයක්ම හසුවූ මෝල්හිමියන්ගේ මෙම කූට උපායට නව රජය ද හසුවී ඇති බව සහල් මෙටි්‍රක් ටොන් 70,000ක උපරිමයකට යටත්ව ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණයෙන් සනාථ වන බව ද ඒ මහතා කීවේය.
“පසුගිය වර්ෂයේ වී මෙටි්‍රක් ටොන් ලක්ෂ 46ක් රට තුළ නිෂ්පාදනය වුණා. ඉන් සියයට 75ක්ම නාඩු සහල්. අපේ රටේ වාර්ෂික සහල් අවශ්‍යතාව මෙටි්‍රක් ටොන් 26ක් පමණයි. එහෙමනම් ඉතිරි සහල් ටිකට මොකද වුණේ. පාරිභෝගික අධිකාරිය බොරුවට ගිහිල්ලා මහා පරිමාණ සහල් ගබඩා පරීක්ෂා කරනවා. නමුත් මේ අස්වැන්න සහල් බවට පත් නොකර වී විදියට තවමත් ගබඩා කර තිබෙන බවට සැකයක් අපට තිබෙනවා.
අපි පැහැදිලිවම කියනවා එක්තරා මධ්‍යම පරිමාණයේ වී මෝල්හිමියෙක් නාඩු වී කිලෝ ලක්ෂ 18ක් තවමත් ගබඩා කරගෙන සිටිනවා කියා. පාරිභෝගික අධිකාරියට මම අභියෝග කරනවා, එන්න මමත් එක්ක මෙම වී මෝල් පරීක්ෂා කරන්න යන්න. මම පෙන්වන්නම් වී සඟවාගෙන සිටින ආකාරය.
තවමත් මහා පරිමාණ වී මෝල්හිමියන් සහල් බවට පත් කරන්නේ මීට අවුරුදු 2කට හෝ 3කට පෙර ලබාගත් වී අස්වැන්නයි. එහෙමනම් කොහොමද රටේ නාඩු සහල් හිඟයක් ඇති වන්නේ. රජයට පුළුවන්කමක් ලැබිලා නැහැ රටේ සමස්ත වී සංචිතය කොච්චරක් ද කියලා හොයාගන්න."
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා