රනිල්ගෙ ගොට්ටෙක් කියල මට චෝදනා කළාට මම එහෙම නැහැ... ඒත් රනිල් හැර විකල්පයක් නැහැ - ප්‍රසන්න කියයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් ලබා දිය යුතු බවට තමන් කළ ප්‍රකාශය හේතුවෙන් තමන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ගොට්ටෙකු බවටත්, පක්ෂය කැඩීමට සූදානම් වන බවටත්, රාජපක්ෂලාට විරුද්ධ බවටත් ඇතැමුන් කරන චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඔහු අවධාරණය කරන්නේ මේ මොහොතේ රනිල් හැර රටට වෙන විකල්පයක් නොමැති නිසා තමන් රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටින බවයි. තම හෘද සාක්ෂියට අනුව සිදු කරන්නක් බවද ඇමතිවරයා පෙන්වා දෙයි.
එය කිසිසේතම පක්ෂයට හෝ රාජපක්ෂලාට එරෙහි වීමක් නොවන බව අවධාරණය කරන ඇමතිවරයා තමන් මේ ප්‍රකාශය කරන්නේ රට ගැන සිතා බවද කියයි.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ කටාන සහ දිවුලපිටිය හිටපු පළාත් පාලන නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට එක්වෙමිණි. ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙය කැඳවා තිබූ අතර ඇමතිවරයාගේ උඩුගම්පල කාර්යාලයේදී එය පැවැත්විණි.
මෙම සාකච්ඡාව සඳහා කටාන සහ දිවුලපිටිය හිටපු පළාත් පාලන නියෝජිතයින් සියළු දෙනා සහභාගී වී සිටි අතර රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ සහ කටාන පොහොට්ටු සංවිධායක ආනන්ද හරිස්චන්ද්‍ර යන මහත්වරුද සහභාගී වූහ.
සාකච්ඡාව අතර තුරදී ඇමතිවරයා ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් විකල්පයක් ඇත්නම් යෝජනා කරන්නැයි පළාත් පාලන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය. ඔවුන් සියළු දෙනා කීවේ එවැනි විකල්පයක් නොමැති බවයි.
එහිදී ඇමතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය,
“මම දන්න තරමින් අපේ පක්ෂය ජනාධිපතිවරණ අපේක්ෂකයක් ඉදිරිපත් කරන්න තවම තීරණය කරලා නෑ. ධම්මික පෙරේරා ජනාධිපතිවරණ අපේ අපේක්ෂකයෙක් විදියට තවම නම් කරලා නෑ. ඒ බව බැසිල් රාජපක්ෂ හා පක්ෂ මහලේකම්වරයා මට පැවසුවා.
මම විශ්වාස කරන විදියට ඉස්සෙල්ලා එන්නේ ජනාධිපතිවරණයක්. ඒ වගේම මම පුද්ගලිකව විශ්වාස කරනවා මේ වෙලාවේ ජාතික අපේක්ෂකයා විදියට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යුතුයි කියලා. අවුරුදු දෙකකට කලින් රට තිබුණ තැනයි අද රට තියෙන තැනයි සංසන්ඳනය කරලා බලන්න. අපි අද රටක් විදියට ඉතාම හොඳ තැනක ඉන්නවා. මේ අර්බුද ටික සම්පූර්ණයෙන්ම විසඳන්න වත්මන් ජනාධිපතිවරයාට යම් කාලයක් දිය යුතු බව රටේ ව්‍යාපාරිකයන් අතර මතයක් තිබෙනවා.
2015දි මෛත්‍රීපාල සිරිසේන මහතාට මිනිස්සු ඡන්දය දුන්නේ යහපාලනය ගේන්න. 2019 මිනිස්සු ගෝඨාභය රාජපක්ෂ දිනෙව්වේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න. මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහතා පත්කර ගන්න ඕන ආර්ථික අර්බුදය ජයගන්නයි.
මම ජනාධිපතිතුමා ගැන කතා කරන කොට සමහරු කියනවා මම පොහොට්ටුව කඩාගෙන යන්න හදනවා කියලා. රාජපක්ෂලට විරැද්ධ වෙනවා කියලා. තව සමහරු කියනවා ප්‍රසන්න රනිල්ගේ ගොට්ටෙක් වෙලා කියලා.
මොකද මම හැමදාම දේශපාලනය කළේ මගේ හෘද සාක්ෂියට අනුවයි. අනිත් අය කයිවාරු ගැහුව්වා. නමුත් අභියෝගය භාර අරගෙන වැඩක් කරලා පෙන්නුවේ වත්මන් ජනාධිපතිවරයා විතරයි. ඒ නිසා ජනාධිපතිවරයා නැවත ඉදිරිපත් වෙනවා නම් අපි පක්ෂයක් ලෙස එතුමාට උදවු කරන්න ඕන. මොකද මේ වෙලාවේ වෙන විකල්පයක් නෑ.
මම පක්ෂයට මේ යෝජනාව කරන්නේ රට ගැන හිතලයි. රට ගැන හිතනවා නම් අපි මේ වෙලාවේ ගන්න ඕනේ හොඳම තීන්දුව රනිල් වික්‍රමසිංහ මහතා ජාතික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමයි. ඒක පක්ෂය දෙකඩ කිරීමක්වත් රනිල්ට ගොට්ට ඇල්ලීමක්වත් නොවෙයි. රාජපක්ෂලාට විරුද්ධ වීමකුත් නෙමෙයි. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙනකොට අපි පක්ෂයක් ලෙස ශක්තිමත් වෙන්න ඕනේ. එතකොටයි අපිට පක්ෂයේ තැන රැක ගන්න පුළුවන්. ඒ සඳහා පක්ෂය ගම් මට්ටමින් ශක්තිමත් කරන්න ඕනේ.
මේ රටේ ආර්ථිකය කඩාගෙන වැටුණේ රාජපක්ෂලා නිසා නෙවෙයි. නමුත් එහෙම මතයක් රටේ හදනවා. මේ කඩා වැටීමට රට පාලනය කළ සියදෙනා අඩු වැඩි වශයෙන් වගකිව යුතුයි. ජනතා විමුක්ති පෙරමුණත් වගකිව යුතුයි. ඔවුනුත් අඩුවැඩි වශයෙන් මේ රටේ පාලනයට විවිධ අවස්ථාවලදී සම්බන්ධ වෙලා තියෙනවා. අරගලකරුවන්ට බයේ රටක් පාලනය කරන්න බැහැ. ජනතා විමුක්ති පෙරමුණට ගමේ බලයක් නැහැ. ඇත්ත ඒකයි. ජනතා විමුක්ති පෙරමුණ පහුගිය ජනාධිපතිවරණයේදී ගත්තේ ඡන්ද ලක්ෂ පහයි. ඒක සියයට සියයෙන් වැඩි කළත් දිනන්න බැහැ.
– ප්‍රදීප් අනුර කුමාර
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?