ජාතික ආදායමෙන් 64% ක් භුක්ති විඳින්නේ ඉහළම ධනවතුන් 10% ක්... පහළම ස්තරය 50%ක පිරිස භුක්ති විඳින්නේ ජාතික ආදායමෙන් 4%යි - විමල් වීරවංශ
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන(UNDP) ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ව්‍යුහාත්මක කරුණු ගණනාවක් සහිත වාර්තාවක් එළිදක්වා ඇති බවත් එහි "ශ්‍රී ලංකාවේ ජාතික ආදායමෙන් සියයට 64ක් භුක්ති විඳිනු ලබන්නේ ඉහළම ධනවතුන් සියයට 10කි. පහළම ස්තරය වූ සියයට 50ක පිරිස භුක්ති විඳිනු ලබන්නේ ජාතික ආදායමෙන් සියයට 4කි." යන කරුණු ද අන්තර්ගතව ඇතැයි අනාවරණය කළ ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කරන්නේ, රටේ බදු ප්‍රතිපත්තිය සැකසිය යුත්තේ ඉහත කී බරපතළ විෂමතාවට සරිලන ආකාරයට බවයි.
මෙම විෂමතාව පිළිබඳව කිසිත් නොසිතා වක්‍ර බදු "තොග පිටින්" පැටවීමෙන් මේ පහළම සිටින සියයට 50ක ස්තරයට ජාතික ආදායමෙන් දැනට භුක්ති විඳිනු ලබන සියයට 4 ද අහිමි වීමට හැකි බවත් මෙමගින් පැහැදිලි වන්නේ "වත්මන් පාලකයන් පාලනතන්ත්‍රය මෙහෙයවන්නේ රටේ සැබෑ තත්ත්වය පිළිබඳව නිවැරදි කිරාමැන බැලීමකින් තොරවය" යන්න බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
අද(30) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී වීරවංශ මහතා මේ අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.
"ධනවත්ම සියයට 10ට ජාතික ආදායමෙන් සියයට 64ක්"
"තවමත් පොදු ජනතාව අතට පත්ව නොමැති වුවත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන(UNDP) විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව ව්‍යුහාත්මක කරුණු ගණනාවක් සහිත වාර්තාවක් නිකුත් කොට තිබෙනවා. එම කරුණු අතර ශ්‍රී ලංකාවේ ධනවත්ම සියයට 1 ජාතික ආදායමෙන් සියයට 31ක් භුක්ති විඳින බවත් එම ඉහළම ධනවතුන් සියයට 1ත් ඇතුළුව ධනවත්ම සියයට 10 ජාතික ආදායමෙන් සියයට 64ක් භුක්ති විඳින බවත් සඳහන් වෙනවා. මධ්‍යම පංතිය ලෙස හඳුනාගන්නා සියයට 40ක පිරිස ජාතික ආදායමෙන් සියයට 32ක් භුක්ති විඳින බවත් පහළම ස්තරය හෙවත් යටම සිටින සියයට 50 භුක්ති විඳින්නේ ජාතික ආදායමෙන් සියයට 4ක් බවත් එහි සඳහන්. මෙමගින් අපට පෙනී යනවා, 'මේ රටේ ආදායම් බෙදී යෑමේ විෂමතාව කොතරම් බරපතළ ද?' කියා.
"විෂම බදු ක්‍රියාවලියක්!"
මේ කනගාටුදායක තත්ත්වය තවදුරටත් විමසා බැලුවොත් ඔබට පෙනේවි, දළ දේශීය නිෂ්පාදිතයට වැඩිම දායකත්වය ලබා දෙන්නේ මේ ජාතික ආදායමෙන් සියයට 4ක් භුක්ති විඳින ඉහත කී සියයට 50ක පහළම ස්තරය බව. මේ සියයට 50ක පිරිස තමයි වැඩිපුරම ශ්‍රමය වගුරවන්නේ; කෘෂිකාර්මික නිෂ්පාදනයේ ප්‍රධානතම බලවේගය වන්නේ. ඉහළම ධනවතුන් සියයට 10 ජාතික ආදායමෙන් සියයට 64ක් භුක්ති විඳිද්දී පහළම ස්තරය වූ සියයට 50 භුක්ති විඳින්නේ ජාතික ආදායමෙන් සියයට 4ක් නම් මේ රටේ බදු ප්‍රතිපත්තිය සහ අනෙකුත් ප්‍රතිපත්ති සැකසිය යුත්තේ ඊට සරිලන ආකාරයට නොවේද? මේ විෂමතාව පිළිබඳව කිසිසේත්ම නොසිතා වක්‍ර බදු 'තොග පිටින්' පැටවීමෙන් මේ යටම සිටින සියයට 50ක ස්තරයට ජාතික ආදායමෙන් දැනට භුක්ති විඳින සියයට 4ක ප්‍රමාණයත් අහිමි වීමට පුළුවන්. මේකෙන් පැහැදිලියි, 'අපේ රටේ පාලකයෝ පාලනතන්ත්‍රය මෙහෙයවන්නේ සැබෑ තත්ත්වය පිළිබඳව නිවැරදි කිරාමැන බැලීමකින් නොවෙයි' කියා. ඒකයි මෙවැනි විෂම බදු ක්‍රියාවලියක් පවත්වාගෙන යන්නේ.
වැට් බදු පරාසය පුළුල් කළාම...
දැන් බලන්න, සියයට 18ක වැට් බද්ද බලපාන පරාසය පුළුල් කර තිබෙනවා. ඒ අනුව දේශීය ටින්මාළු නිෂ්පාදනයට, දේශීය පොල්තෙල් නිෂ්පාදනයට, දේශීය ටැක්සි සේවාවන්ට(PickMe එකට වැට් බදු ගහනවා. Uber එකට නැහැ.) වැට් බද්ද ගහනවා. මේකෙන් වෙන්නේ දේශීය නිෂ්පාදන, දේශීය සේවා සපයන ආයතන බිඳවට්ටලා විදේශීය නිෂ්පාදන, විදේශීය සේවා සපයන ආයතන දිරිගැන්වීම. දේශීය ටින්මාළු නිෂ්පාදකයන් පවසා තිබෙනවා, 'මේ වැට් බද්ද නිසා අපේ ටින්මාළු කර්මාන්ත ශාලා 16ක් වසා දැමීමට සිදු වෙනවා' කියා. මේ විදිහට දේශීය කර්මාන්ත, සේවා සපයන දේශීය ව්‍යවසායන් වැසී යන විට අවසානයේ සිදු වන්නේ ඉහත කී සියයට 50ක ස්තරයට ජාතික ආදායමෙන් හිමි වන සියයට 4ක කොටස ද පහළ වැටීමයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මග පෙන්වීම...
මේ අනුව පැහැදිලියි, 'ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මග පෙන්වීම අනුව මේ ආණ්ඩුව විසින් අනුගමනය කරන ප්‍රතිපත්ති අනුව අපේ රට ප්‍රපාතයෙන් ප්‍රපාතයට ඇද වැටෙනවා මිසක් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්නේ නැහැ' කියා. දැන් බලන්න, නිදසුනක් ලෙස තේවලට ගහන පොහොර ටිකටත් වැට් බද්ද ගැහුවාම අපේ අපනයන ආදායම වැඩි වෙයිද? ඒ වගේම ඉන්දියාවේ අදානි සමාගමෙන් සුනිත්‍ය බල විදුලි ඒකකයක් මිලදී ගන්නේ රුපියල් 50ට නම්, එය අවුරුදු 9ක ගිවිසුමකට යටත් නම් ඒකෙන් සිදුවන්නෙත් දේශීය නිෂ්පාදනවල පිරිවැය ඉහළ යාමයි. අවසානයේ අධික බදු ගැසීම සහ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම විසින් දේශීය නිෂ්පාදනවලට විදේශීය වෙළඳපොළ තුළ තරග කිරීමට නොහැකි තත්ත්වයක් උදාවෙනවා.
"එට්කා පැමිණීම : හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා කඩා වැටීම"
මේ විදිහට දේශීය නිෂ්පාදන පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳවැටීමට සලස්වා ඇති මේ ආණ්ඩුව දැන් සූදානම් වෙනවා ඉන්දියාව සමග එට්කා ගිවිසුම අත්සන් කරන්න. එට්කා ගිවිසුම අත්සන් කළාම ඉන්දියානුවන්ට ශ්‍රී ලංකාවේ සේවා ආර්ථිකයට හා වෙළඳාමට සම්බන්ධ වීමට අවස්ථාව උදාවෙනවා. ඉන්පසු සිල්ලර වෙළඳාමට, තොග බඩු වෙළඳාමට, ටැක්සි සේවා, හෙද සේවා ඇතුළු සියලු සේවාවන්ට ඉන්දියානුවන් නිදහසේ පැමිණේවි. එට්කා ගිවිසුම අත්සන් කළොත් ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වන ප්‍රාන්තය බවට නිසැක ලෙසම පත්වෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෝක ආර්ථික සමුළුවේදී කිව්වා, 'ඉන්දියාව සමග අපි බලශක්ති ඒකාබද්ධකරණයකට යනවා. ඒ විතරක් නොවෙයි දෙරටෙහි රේගු අතර සහයෝගීතාව වැඩි කරනවා' කියලා. රේගු අතර සහයෝගීතාව වැඩි කරනවා කියන්නේ, රේගු දෙක ඒකාබද්ධ කිරීමටයි. ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මේ වෙලාවෙ එට්කා ගිවිසුම අත්සන් කළොත් ඒක 'හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා කඩා වැටුණා වගේ' වෙයි.
මේ සියල්ල පිළිබඳව හොඳ අවධානයෙන් නොසිටියොත් අපේ රට තවදුරටත් දරුණු අගාධයකට ඇදවැටෙන එක වළක්වන්න බැහැ. 'එය වළක්වාගැනීම සඳහා මුළු වෙර යොදා කටයුතු කිරීමට පෙරට එන්න' කියා මේ රටේ ජනතාවට ආයාචනය කරනවා"
මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ කැස්බෑව නගර සභාවේ හිටපු මන්ත්‍රී රංජිත් පත්මසිරි, කඩුවෙල මහ නගර සභාවේ හිටපු මන්ත්‍රී යූ. ධනවංශ යන මහත්වරු ද එක්ව සිටියහ.
(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්‍රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්‍රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?