ආරක්ෂක අංශ සාමාජිකයන් කුලී ඝාතකයන් ලෙස යොදා ගන්නා පාතාලයෝ ... නාඳුනන වෙඩික්කරු ගැන ඔත්තුවක්
පාතාල සන්නද්ධ කණ්ඩායම් විසින් සිදුකරන මිනිස් ඝාතනවලට සක්‍රීය සේවයේ යෙදී සිටින ආරක්ෂක අංශ සාමාජිකයන් කුලී ඝාතකයන් ලෙස යොදාගැනීම මේ වනවිට බහුල වශයෙන් සිදුවන බව පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත.
ඇතැම් ආරක්ෂක අංශ සාමාජිකයන් රාජකාරි වේලාවේ පවා සිය කඳවුරුවලින් පිටතට පැමිණ සිය රාජකාරි ගිනි අවියෙන්ම කොන්ත්‍රාත් මිනී මැරුම් සිදුකර ඇති බවද මේ වනවිට අනාවරණය වී තිබේ.
සක්‍රීය සේවයේ යෙදී සිටින ආරක්ෂක අංශ සාමාජිකයන් මේ ආකාරයෙන් කොන්ත්‍රාත් මිනී මැරුම් සිදුකිරීම ඉතාම බරපතළ තත්ත්වයක් බව පෙන්වා දෙන පොලිස් විමර්ශන නිලධාරීන් මෙය වළක්වා ගැනීමට කටයුතු නොකලහොත් ඉදිරියේදී දරුණු තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවද පෙන්වා දෙයි.
මෙම කුලී ඝාතකයන් ලෙස ක්‍රියාකරන ඇතැම් ආරක්ෂක අංශ සාමාජිකයන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් බවත් එසේත් නැත්නම් දැඩි මූල්‍ය අර්බුදවල සිටින පුද්ගලයන් බවත් පොලිසිය පවසයි.
මෙසේ කුලී ඝාතන සඳහා පැමිණි ආරක්ෂක අංශ සාමාජිකයන් අවස්ථා කීපයකදීම පොලිසියට කොටුවී තිබිණි.
මෙහි ආසන්නතම සිදුවීම වූයේ මීට දින කීපයකට උඩදී අම්බලන්ගොඩ නගරයේ මාළු ව්‍යාපාරිකයකු ඝාතනය කිරීම සඳහා පැමිණ සිටි ආරක්ෂක අංශ සාමාජිකයන් දෙදෙනකු පොලිසිය විසින් ආයුධත් සමග අත්අඩංගුවට ගැනීමය.
රාජකාරි වේලාව තුළ මේ ආකාරයට පාතාල කොන්ත්‍රාත්, මිනිස් ඝාතන සිදුකර පලායන ආරක්ෂක අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමේදී විශාල ගැටලු මතුවන බවද විමර්ශන නිලධාරීහු පෙන්වා දෙති.
ඒ මන්ද යත් ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ සැකකාර ආරක්ෂක අංශ සාමාජිකයා සිය කඳවුරේ රාජකාරිවල සිටි බව ඒ පිළිබඳ සටහන්වලින් ඔප්පු වේ.
එහෙත් ආරක්ෂක අංශ සාමාජිකයා හොර රහසේ සිය කඳවුරෙන් පිටතට පැමිණ සිය ඉලක්කය සපුරාගෙන නැවත සූක්ෂම ලෙස කඳවුර වෙත ගොස් රාජකාරියේ යෙදී සිටියි.
පොලිස් ඇසට වැලි ගසමින් සිය ඝාතන ඉලක්කයන් සපුරා ගැනීම සඳහා පාතාල නායකයන් මේ ආකාරයට සක්‍රීය සේවයේ යෙදී සිටින ආරක්ෂක අංශ සාමාජිකයන් යොදා ගන්නා බව පොලිසිය පවසයි.
පසුගිය කාලයේ දකුණු පළාතේ ඇතුළු ප්‍රදේශ ගණනාවක සිදුවූ පාතාල මිනීමැරුම් වලට සම්බන්ධ ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මේ වන තුරුත් අපොහොසත්ව ඇත. පොලිස් ආරංචි මාර්ග පවසන්නේ මේ වනතුරුත් අත්අඩංගුවට ගැනීමට අපොහොසත් වූ ඝාතකයන් බොහෝ විට ආරක්ෂක අංශවලට සම්බන්ධ සක්‍රීය සේවයේ යෙදී සිටින පුද්ගලයන් වියහැකි බවයි.
රාජ්‍ය ඇමැති ඩී. වී. චානකගේ මාමණ්ඩිය ඝාතනය, රත්ගමදි පොලිස් පරීක්ෂකවරයකු වෙඩිතබා මරා දැමීම, පාදුක්ක ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කිරීම ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට නොගත් මිනිස් ඝාතන රැසක් තවමත් තිබෙන බව පොලිස් ආරංචි මාර්ග කියා සිටී.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?