අලුත්ම ශ්‍රේණිගත කිරීම්වලින් ලංකාවේ විශ්වවිද්‍යාල රැසක් පහළට..
ලන්ඩනයේ පිහිටි ප්රමුඛ පෙළේ උසස් අධ්‍යාපන විශ්ලේෂණ ආයතනයක් වන 'QS Quacquarelli Symonds' විසින් නිකුත් කරන ලද 2027 ආසියානු විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට (QS World University Rankings: Asia 2027) අනුව, ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ විශ්වවිද්‍යාල පසුගිය වසර හතරක කාලය තුළ ලැබූ පහළ ස්ථානයන් දක්වා පසුබැස ඇති බව Mirror Business අතිරේකය වාර්තා කරයි.
එම ශ්‍රේණිගත කිරීම්වලට අනුව, අඛණ්ඩව පස්වන වසරටත් මෙරට ඉහළම ශ්‍රේණිගත කිරීම් සහිත උසස් අධ්‍යාපන ආයතනය ලෙස කොළඹ විශ්වවිද්‍යාලය සිය ස්ථානය තහවුරු කරගෙන තිබුණද, එය පෙර වසරට වඩා ස්ථාන 46කින් පසුපසට යමින් 364 වැනි ස්ථානය දක්වා පහත වැටී තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය 389 වැනි ස්ථානයටත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය 398 වැනි ස්ථානයටත් පත්ව ඇති අතර, එම විශ්වවිද්‍යාල ත්‍රිත්වය ආසියාවේ හොඳම විශ්වවිද්‍යාල 400 අතර රැඳී සිටියද ඒ සෑම එකක්ම වසර හතරක කාලසීමාව තුළ වාර්තා කළ පහළම ස්ථාන කරා පසුබැසීම කැපී පෙනේ.
විශේෂයෙන් 2025 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලය 275 වැනි ස්ථානයේ පැවති අතර, ඊට සාපේක්ෂව එය මේ වන විට ස්ථාන 89කින් පහත වැටී ඇත. මේ අතර, ශ්‍රේණිගත කිරීමට ඇතුළත් වූ මෙරට විශ්වවිද්‍යාල 12න් 8ක්ම මෙවර පසුබෑමකට ලක්ව ඇති අතර, ප්‍රගතියක් වාර්තා කර ඇත්තේ විශ්වවිද්‍යාල දෙකක් පමණි.
ඒ අනුව, මොරටුව විශ්වවිද්‍යාලය ස්ථාන 37ක් ඉදිරියට පැමිණෙමින් 517 වැනි ස්ථානයටත්, කැළණිය විශ්වවිද්‍යාලය ස්ථාන 44කට වඩා ඉදිරියට පැමිණෙමින් 687 වැනි ස්ථානයටත් පත්වෙමින් දේශීය වශයෙන් ඉහළම සාධනීය වර්ධනයක් පෙන්නුම් කර තිබේ.
කලාපයේ අනෙකුත් රටවල විශ්වවිද්‍යාල ශීඝ්‍රයෙන් ඉදිරියට යද්දී මෙරට විශ්වවිද්‍යාලවල සමස්ත ලකුණු මට්ටම පෙර පැවති මට්ටමේම එකතැන පල්වීම මෙම පසුබෑමට මූලික හේතුව වී ඇති බව QS ආයතනය පෙන්වා දී ඇත. විශේෂයෙන් සේවා යෝජකයන්ගේ කීර්තිනාමය, ආචාර්ය-ශිෂ්‍ය අනුපාතය සහ ආචාර්ය උපාධිධාරී (PhD) කථිකාචාර්යවරුන්ගේ ප්‍රතිශතය යන දර්ශකයන් හමුවේ මෙරට සියලුම විශ්වවිද්‍යාල පාහේ සැලකිය යුතු පසුබෑමක් පෙන්නුම් කර තිබේ.
උදාහරණයක් ලෙස, කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංඛ්‍යාව 6%කින් ඉහළ යද්දී ආචාර්ය මණ්ඩලය 3%කින් පහත වැටී ඇති අතර, යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්ය-ශිෂ්‍ය අනුපාතය 24%කින් කඩා වැටී ඇත.
එමෙන්ම ජාත්‍යන්තර පර්යේෂණ සහ විදේශීය ආචාර්යවරුන් හා සිසුන් ආකර්ෂණය කරගැනීමේ දර්ශකයන්හිදී ශ්‍රී ලංකාව කලාපීය සාමාන්‍ය අගයන්ට වඩා අතිශය පහළ මට්ටමක පසුවන බවද QS දත්ත හෙළි කරයි.
මෙවර ආසියානු ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය හොංකොං විශ්වවිද්‍යාලය විසින් හිමිකරගෙන ඇති අතර, කලාපීය වශයෙන් ඉන්දියාවේ දිල්ලි IIT ආයතනය (66), පකිස්ථානයේ NUST විශ්වවිද්‍යාලය (76) සහ බංග්ලාදේශයේ ඩකා විශ්වවිද්‍යාලය (136) කොළඹ විශ්වවිද්‍යාලයට වඩා බෙහෙවින් ඉදිරියෙන් සිටින බවද වාර්තා වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මැතිවරණ දිනයේදී ඊශ්‍රායලයට වාර්ෂිකව ලබාදෙන ඩොලර් බිලියන 4ක ආධාර නතර කරන බව ට්‍රම්ප් නිවේදනය කරයි..
ඡන්ද ගණන් කර අවසන් වෙන්නත් පෙරම ට්‍රම්ප් ට දැවැන්ත පරාජයක්...
ජනාධිපති සහභාගී වූ ABU සමුළුවේ සත්කාරකත්වයට 'සිරස' ට ලබාදුන් රුපියල් මිලියන 104ක අනුග්‍රාහකත්වය ගැන දැඩි කතාබහක්..
අමෙරිකාවේ සෙනෙට් සභාවේ බලය ඩිමොක්රටික් පක්ෂය දිනා ගනී..
GSP+ අහිමි වීමේ ලොකු ඉඩක්.. - ජී.එල්. පීරිස්ගෙන් අනාවරණයක්
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සත්කාරය දරන සමුළුවකට කෝටි 10ක් ලබාදීම ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
සංචාරක ප්‍රවර්ධනය වෙස්මුහුණක් පමණයි.. ඇතුළේ තියෙන්නේ සහචරයාට සැලකීමයි.. මහජන බදු මුදල්වලින් චෙවෝන් ඩැනියෙල්ගේ උපසභාපති ධුරය සමරනවාද?.. - විමල් ප්‍රශ්න කරයි..
ඇමෙරිකා-ඉරාන සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වෙයි.. ඇමෙරිකාව යළිත් ඉරානයට ප්‍රහාර එල්ල කළහොත් මැදපෙරදිග කලාපය පුරා යුද්ධයක් ව්‍යාප්ත වීමේ අවදානමක්..
ක්‍රිෂාන්ති කුමාරස්වාමි දූෂණය කර මරා දමා මාලය කඩාගත් සෝමරත්න රාජපක්ෂ.. දෙමළ ඩයස්පෝරාවට වීරයා වූ ද්‍රෝහියාගේ කතාව..
ABU සමුළුවේ සත්කාරකත්වය සිරසයි.. අනුග්‍රහය සංචාරක කාර්යංශයයි..
ජංගම ගිණුමේ ඩොලර් මිලියන 420 ක හිඟයක්... වෙළෙඳ හිඟය බිලියන 7.9 ඉක්මවයි.. - මහ බැංකුව
"දැන් අපේ බෞද්ධ සිද්ධස්ථාන ගැන තීරණ ගන්නෙත් ඉන්දියාවෙන්ද?" - අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම සහ ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති පිටුපස ඇති සැඟවුණු අරමුණු වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
පොහොර වෙනුවට බොරු සහතික එපා.. 2026 මාස් කන්නය ආරම්භයේදීම ගොවීහු දැඩි අර්බුදයක.. - අනුරාධ තෙන්නකෝන්
නොපියවූ දේශීය ආදායම් බදු හිඟය රුපියල් ට්‍රිලියන 2.1ක්.. බදු පැනවීම් හමුවේ දිළිඳුකම හා අසමානතාව උග්‍ර වෙලා..- IMF
ඉන්ධන මිල ඉහළට..
ගෙවිඳු, සෙනෙවිට නඩු දැම්මෙත් නෑ.. සෙනෙවි නිලන්තට නඩු දාන්නෙත් නෑ..