රුවන්වැලි සෑයට සහ ආගමික ස්ථානවලට බලපෑම් කළහොත් පාලකයන්ට දැඩි විපාක.. - මියුරු සම්පත් ලියනගේ අනතුරු අඟවයි
ජ්‍යෝතිෂවේදී මියුරු සම්පත් ලියනගේ මහතා පවසන්නේ අනුරාධපුර අටමස්ථානයට සහ රුවන්වැලි මහා සෑයට යම් අයුරකින් බාධා කිරීම් හෝ අනිසි බලපෑම් සිදු කළහොත්, වත්මන් පාලකයන්ට මෙන්ම ඉන්දියානු අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු පාර්ශ්වයන්ටද දැඩි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවයි.
අන්තර්ජාල වීඩියෝ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
රුවන්වැලි මහා සෑය යනු ලංකාවේ කුසලය, ශක්තිය සහ බලය වැඩියෙන්ම පවතින ප්‍රධානතම කේන්ද්‍රස්ථානයක් බවත්, එය වෙනත් තැනක නිර්මාණය කිරීමට නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.
ඇතැමුන් රුවන්වැලි සෑය වටා බාධක යෙදීමට සහ ඒ ආශ්රිත භූමි සංවර්ධන හරහා ව්‍යාපාරික අවකාශයන් නිර්මාණය කරමින් ජනතාව ආගමෙන් හා අධ්‍යාත්මයෙන් දුරස් කිරීමට උත්සාහ කරන බවට ඔහු චෝදනා කරයි. තවද, ඉන්දියාව විසින් තම අධ්‍යාත්මික සහ හින්දු බලපෑම් ව්‍යාප්ත කිරීම සඳහා මෙවැනි කේන්ද්‍රස්ථාන ඉලක්ක කරමින් විවිධ සැලසුම් ක්‍රියාත්මක කරන බව ඔහු පවසයි.
අතීතයේ පූජනීය ස්ථාන සහ නිධන් විනාශ කළ පාලකයන්ට මෙන්ම ධර්මයට අපහාස කළ අයට ස්වභාවධර්මයෙන් දැඩි දඬුවම් ලැබී ඇති බව සිහිපත් කරන ඒ මහතා, රුවන්වැලි සෑයට අත තබන ඕනෑම පාලකයෙකුට අනාතයෙහි දැඩි විනාශයකට හා අවාසනාවන්ත ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇතැයි අවධාරණය කළේය.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අමෙරිකාවේ සෙනෙට් සභාවේ බලය ඩිමොක්රටික් පක්ෂය දිනා ගනී..
GSP+ අහිමි වීමේ ලොකු ඉඩක්.. - ජී.එල්. පීරිස්ගෙන් අනාවරණයක්
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සත්කාරය දරන සමුළුවකට කෝටි 10ක් ලබාදීම ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
සංචාරක ප්‍රවර්ධනය වෙස්මුහුණක් පමණයි.. ඇතුළේ තියෙන්නේ සහචරයාට සැලකීමයි.. මහජන බදු මුදල්වලින් චෙවෝන් ඩැනියෙල්ගේ උපසභාපති ධුරය සමරනවාද?.. - විමල් ප්‍රශ්න කරයි..
ඇමෙරිකා-ඉරාන සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වෙයි.. ඇමෙරිකාව යළිත් ඉරානයට ප්‍රහාර එල්ල කළහොත් මැදපෙරදිග කලාපය පුරා යුද්ධයක් ව්‍යාප්ත වීමේ අවදානමක්..
ක්‍රිෂාන්ති කුමාරස්වාමි දූෂණය කර මරා දමා මාලය කඩාගත් සෝමරත්න රාජපක්ෂ.. දෙමළ ඩයස්පෝරාවට වීරයා වූ ද්‍රෝහියාගේ කතාව..
ABU සමුළුවේ සත්කාරකත්වය සිරසයි.. අනුග්‍රහය සංචාරක කාර්යංශයයි..
ජංගම ගිණුමේ ඩොලර් මිලියන 420 ක හිඟයක්... වෙළෙඳ හිඟය බිලියන 7.9 ඉක්මවයි.. - මහ බැංකුව
"දැන් අපේ බෞද්ධ සිද්ධස්ථාන ගැන තීරණ ගන්නෙත් ඉන්දියාවෙන්ද?" - අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම සහ ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති පිටුපස ඇති සැඟවුණු අරමුණු වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
පොහොර වෙනුවට බොරු සහතික එපා.. 2026 මාස් කන්නය ආරම්භයේදීම ගොවීහු දැඩි අර්බුදයක.. - අනුරාධ තෙන්නකෝන්
නොපියවූ දේශීය ආදායම් බදු හිඟය රුපියල් ට්‍රිලියන 2.1ක්.. බදු පැනවීම් හමුවේ දිළිඳුකම හා අසමානතාව උග්‍ර වෙලා..- IMF
ඉන්ධන මිල ඉහළට..
ගෙවිඳු, සෙනෙවිට නඩු දැම්මෙත් නෑ.. සෙනෙවි නිලන්තට නඩු දාන්නෙත් නෑ..
අප මේ ගමන් කරන්නේ මුරුගසං වරුසාව දෙසටද?..
වටගල හා ජයකොඩිගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් මුල්‍ය විශුද්ධිකරණය යටතේ පරීක්ෂණ..
සතුරන් ත්‍රස්තවාදී ආක්‍රමණයකට මුලපිරුවහොත්, එම ගැටුම අවසන් කරන කාලය සහ කොන්දේසි තීරණය කරන්නේ ඉරානය.. - ප්‍රහාරයට සැරසෙන්නැයි ඉරාන නායකගෙන් හමුදාවට නියෝග..