පොලිස් අත්අඩංගුවේදී තරුණයෙකු මියයාම: හෝමාගම අපරාධ අංශ ස්ථානාධිපති ඇතුළු තිදෙනෙකුගේ වැඩ තහනම්..
හෝමාගම මූලස්ථාන පොලිසියේ අත්අඩංගුවේ පසුවූ 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් මෙන්ම පූර්ණ ස්වාධීන පරීක්ෂණයක් පවත්වා නීතිය දැඩිව ක්රියාත්මක කරන ලෙස මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල මහතා විසින් පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතා වෙත දන්වා ඇත.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කිරිවත්තුඩුව, මුණමල්වත්ත ප්රදේශයේ පදිංචිව සිටි එක්දරු පියෙකු වන ෆ්රැන්සිස් දුරගේ ඉෂාර හර්ෂ කුමාර නැමැති 29 හැවිරිදි තරුණයෙකි.
මියගිය තරුණයාගේ ඥාතීන් බරපතළ චෝදනාවක් එල්ල කරමින් ප්රකාශ කරන්නේ, තම ඥාතියා පොලිස් නිලධාරීන්ගේ අමානුෂික පහරදීම්වලට ලක්වීම හේතුවෙන් මියගොස් ඇති බවයි.
වාර්තා වන තොරතුරුවලට අනුව, ඉකුත් 25 වනදා අලුයම් කාලයේදී සැකපිට අත්අඩංගුවට ගත් මෙම තරුණයා හෝමාගම පොලිසියේ සිරමැදිරිය තුළ රඳවා තබා තිබේ. එදින උදෑසන ඔහුගේ සුවදුක් බැලීම සඳහා ඥාතීන් පිරිසක් පොලිස් ස්ථානයට ගොස් ඇති අතර, එහිදී අපරාධ විමර්ශන අංශය තුළට රැගෙන ගොස් සිටි තරුණයා පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු විසින් ඔසවාගෙන විත් යළි සිරමැදිරියට දමනු දැකගත හැකි වූ බව ඥාතීහු පවසති. ඒ වන විටත් ඔහු දැඩි ලෙස පහරකෑමට ලක්ව අසාධ්ය තත්ත්වයේ පසුවූ බවට ඔවුහු චෝදනා කරති.
අනතුරුව සිරමැදිරිය තුළ ඇදවැටී සිටි තරුණයාගේ තත්ත්වය බරපතළ බව දැක ඥාතීන් කළ දැඩි පෙරැත්ත කිරීම් හමුවේ ඔහු හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබුණද, රෝහලට රැගෙන ඒමටත් පෙරම ඔහු මියගොස් සිටි බව ඥාතීන්ගේ අදහස වී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
බුදු දහමට සුද්දන්වත් නොකළ තරමේ හානියක් මේ කල්ලිය කරනවා.. - සාසන විමර්ශන මහ සභාවේ රොටුඹ ප්රේමරතන නාහිමි
ඔර්නබ් ඉතා ප්රබල සුළි කුණාටුවක් වෙයි.. කන්කසන්තුරේට කිලෝමීටර් 890ක් දුරින්..
රුවන්වැලි සෑය වටා වැටක් ගැසීම හා පූජා විධි සම්බන්ධයෙන් ආණ්ඩුව දැන් කියන කතාව..
2026 බ්රසීල ජනාධිපතිවරණය: ලූලා ද සිල්වාගේ ඓතිහාසික නැවත නැගී සිටීම සහ එහි දේශපාලනික වැදගත්කම.. - මැතිවරණ ප්රතිඵල සහ ඓතිහාසික ජයග්රහණය
දිවයිනේ සියලු පාසල් හෙට වැසෙයි..
ඉතිහාසය අනාගත ජයග්රහණවලට මග පාදන බව චීන ජනපති කියයි..
ලූලා ද සිල්වා නැවතත් බ්රසීලයේ ජනාධිපති ධුරයට..
කෙම්මනි කැනීම් වාර්තාව සම්පූර්ණයෙන් පිළිගන්නවා.. – අරුන් සිද්ධාර්ථ
අනුරාධපුර පූජා නගර සැලසුම පිටුපස බෞද්ධයන්ගේ වටිනාකම් සූක්ෂම ලෙස විනාශකර දැමීමේ මෙහෙයුමක්.. - විමල්ගෙන් අනාවරණයක්
විහාරමහාදේවී උද්යානයේ සත්යග්රහය අත්හිටුවයි.
දිවුලපතානේ සිංහල ගොවීන්ගේ ගොවිබිම් වලට සිදුකරන හිරිහැර ගැන රජයේ අවධානය යොමුවිය යුතුයි.. යුද්දෙ කාලේ මිනිස්සුන්ට තිබුනේ සිවුරේ හයිය.. - අගමැති ඉදිරියේ දිඹුලාගල හිමිගෙන් සැර ප්රකාශයක්
PTA අහෝසි කරනවා කිව්ව අය PSTA ගෙනැවිත් වෘත්තීය සමිති අහෝසි කරන්න හදනවා.. වසර දෙකක් නඩු නැතුව හිරේ තියන්න හමුදාවට බලය දෙන PSTA පනත වහා හකුළා ගනු! - ජාතික ගුරු ව්යාපාරය ආණ්ඩුවට රතු එළියක්
අනුරාධපුර පූජා නගරයේ ආත්මය මරා දමන්න හදන නූතන එළාර ලා..
1818 කැරැල්ල ගැන කියමින් අගමැතිතුමිය ඉතිහාසය විකෘති කරන්නේ කුමන පදනමකින්ද? - ජාතික ගුරු ව්යාපාරය ප්රශ්න කරයි..
ඇමරිකා බාධක නිසා දකුණු මුහුදේ හිරවුනු ඉරාන නැවුවල නැවියන් පිරිසක් ගාළු වරායට ගෙනේ..
චීන-ශ්රී ලංකා රබර්-සහල් ගිවිසුමට මුල් වූ ආර්.ජී. සේනානායක මහතාගේ පවුලේ සාමාජිකයින් චීන තානාපතිවරයා හමුවෙයි..