News Category
From Date
To Date
Maximum Number of Result

රාජ්‍ය නායකයෙකු ජනතාව අමතන විට අනුගමනය කළ යුතු ජාත්‍යන්තරව පිළිගත් මූලධර්ම

Sep 15, 2026 at 04:53 AM
|

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක රාජ්‍ය නායකයකු විසින් ජනතාව ඇමතීම හුදෙක් දේශපාලන කථාවක් කිරීමක් ලෙස සැලකිය නොහැක. රාජ්‍ය නායකයාගේ නිල ප්‍රකාශයක් හෝ ජාතිය අමතා කරන කථාවක් රාජ්‍යයේ ප්‍රතිපත්ති පැහැදිලි කිරීම, ජනතාවට තොරතුරු සැපයීම, අර්බුදකාරී අවස්ථාවක ජනතාවට මඟපෙන්වීම සහ රාජ්‍යය කෙරෙහි මහජන විශ්වාසය පවත්වාගෙන යාම යන කාර්යයන් ඉටු කරයි.

රාජ්‍ය නායකයන්ගේ සෑම ජනතා ඇමතුමකටම අදාළ වන, නීතිමය වශයෙන් බැඳී ඇති එක් විශ්වීය ජාත්‍යන්තර සංග්‍රහයක් නොපවතී. එහෙත් ආර්ථික සංවර්ධනය සහ සහයෝගීතාවය   සඳහා වන සංවිධානය- Organization for Economic Cooperation and Development - OECD-  සහ ලෝක සෞඛ්‍ය සංවිධානය-WHO -වැනි ජාත්‍යන්තර ආයතන විසින් රාජ්‍ය හා මහජන සන්නිවේදනය සම්බන්ධයෙන් වර්ධනය කර ඇති මූලධර්ම එකට සලකා බැලීමෙන් රාජ්‍ය නායකයෙකුගේ වගකීම් සහගත ජනතා සන්නිවේදනය සඳහා පැහැදිලි ජාත්‍යන්තර ප්‍රමිතියක් හඳුනාගත හැකිය. 

විශේෂයෙන්ම මහජන සන්නිවේදනය - public communication- යනු පොදු යහපත වෙනුවෙන් තොරතුරු ලබාදීම පමණක් නොව ජනතාවට සවන් දීම හා ඔවුන්ට ප්‍රතිචාර දැක්වීමද ඇතුළත් රාජ්‍ය කාර්යයක් ලෙස හඳුනාගනී. 

 ඒ අනුව මහජන සන්නිවේදනය සඳහා බලපානු ලබන ප්‍රධාන මූලධර්ම මෙසේය.

1. සත්‍යතාව හා නිරවද්‍යතාව — Truthfulness and Accuracy

රාජ්‍ය නායකයෙකුගේ කථාවේ මූලිකම ගුණාංගයක් විය යුත්තේ ඉදිරිපත් කරන කරුණු සත්‍ය හා නිරවද්‍ය වීමයි. ආර්ථික සංඛ්‍යා, රැකියා දත්ත, අපරාධ සංඛ්‍යා, රාජ්‍ය ආදායම් හා වියදම්, ජාතික ආරක්ෂාව හෝ වෙනත් කරුණු සම්බන්ධයෙන් ජනතාව නොමඟ යවන ආකාරයේ තොරතුරු ඉදිරිපත් කිරීම රාජ්‍යය කෙරෙහි ඇති විශ්වාසයට හානි කරයි.

WHO සන්නිවේදන රාමුවේ technical accuracy විශ්වසනීය සන්නිවේදනයේ ප්‍රධාන අංගයක් ලෙස හඳුනාගෙන ඇත.

එබැවින් රාජ්‍ය නායකයෙකුගේ කථාවක වැදගත් ප්‍රකාශ  හැකි තරම් සත්‍ය අසත්‍යතාවය සොයා බැලිය හැකි කරුණු මත පදනම් - verifiable factual basis- විය යුතුය.

2. විනිවිදභාවය — Transparency

සත්‍යය පැවසීම පමණක් ප්‍රමාණවත් නොවේ. රාජ්‍යය ගන්නා තීරණවල හේතු සහ ඒවාට පදනම් වූ තොරතුරු ජනතාවට තේරුම්ගත හැකි ආකාරයෙන් පැහැදිලි කිරීමද අවශ්‍යය.

විශේෂයෙන්ම තොරතුරු සම්පූර්ණ නොවන අවස්ථාවක,

“අප දැනට දන්නා කරුණු මෙසේය; තවමත් අප නොදන්නා හෝ තහවුරු නොවූ කරුණු මෙසේය”

යන ප්‍රවේශය වඩාත් වගකීම් සහගත වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව විවෘතභාවය සහ අවංක භාවය-openness and honesty- යනු තමන් දන්නා දේ මෙන්ම නොදන්නා දේ පිළිබඳවත් අවංක වීමයි.

3. වගවීම — Accountability

ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේදී රාජ්‍ය නායකයා ජනතාවට වගකිව යුතුය. එබැවින් නිල ජනතා ඇමතුමකදී රජයේ සාර්ථකත්වයන් පමණක් ප්‍රකාශ කර අසාර්ථකත්වයන් සඟවා තැබීම සුදුසු රාජ්‍ය සන්නිවේදනයක් නොවේ.

OECD විසින් රාජ්‍ය සන්නිවේදනය යනු විනිවිද භාවය, අභිමානවත්භාවය,වගවීම සහ  සියලු පාෂාගේ සහභාගිත්වය- transparency, integrity, accountability and stakeholder participation- යන විවෘත රාජ්‍ය පාලනයේ මූලධර්ම ප්‍රවර්ධනය කිරීමේ මෙවලමක් ලෙස හඳුන්වයි. 

ඒ අනුව, වැරදි සිදුවී ඇත්නම් ඒවා පිළිගැනීම, ඒවා නිවැරදි කිරීමට ගන්නා පියවර පැහැදිලි කිරීම සහ ඒවායේ ප්‍රතිඵල පිළිබඳව නැවත ජනතාවට වාර්තා කිරීම වගවීමේ සන්නිවේදනයේ කොටසකි.

4. රාජ්‍ය සන්නිවේදනය සහ පක්ෂ දේශපාලන ප්‍රචාරණය වෙන් කිරීම

මෙය ඉතා වැදගත් මූලධර්මයකි.

රාජ්‍ය නායකයෙකුට දේශපාලන පක්ෂයක නායකයෙකු හෝ සාමාජිකයෙකු විය හැකිය. එහෙත් ඔහු හෝ ඇය රාජ්‍ය නායකයා ලෙස ජනතාව අමතන අවස්ථාව සහ දේශපාලන පක්ෂ නායකයා ලෙස පක්ෂිකයන් අමතන අවස්ථාව සංකල්පීය වශයෙන් වෙනස් වේ.

OECD මෙම වෙනස පැහැදිලිව දක්වයි. පොදු ජනතාව ආමන්ත්‍රණය කිරීම යනු- Public communication- යනු පොදු යහපත වෙනුවෙන් ජනතාවට තොරතුරු සැපයීම, ඔවුන්ට සවන්දීම සහ ප්‍රතිචාර දැක්වීමයි. දේශපාලන සන්නිවේදනය- Political communication- යනු පක්ෂ, මැතිවරණ, දේශපාලන පුද්ගලයන්  සමඟ පවත්වන සන්නිවේදනයයි. 

මෙහි ප්‍රතිඵලයක් වශයෙන් රාජ්‍ය සම්පත්, රාජ්‍ය මාධ්‍ය සහ නිල රාජ්‍ය වේදිකා පෞද්ගලික හෝ පක්ෂ ප්‍රතිරූප ගොඩනැගීම සඳහා භාවිත කිරීමෙන් වැළකීම යහපත් ප්‍රජාතන්ත්‍රවාදී සන්නිවේදනයේ වැදගත් අරමුණකි.

5. ගෞරවය සහ එකමුතුභාවය — Respect and Social Cohesion

රාජ්‍ය නායකයා තමන්ට ඡන්දය දුන් පිරිස පමණක් නොව සමස්ත රාජ්‍යයේ ජනතාව නියෝජනය කරන නිල තනතුරක් දරයි.

එබැවින් ජනතාව අමතන විට දේශපාලන විරුද්ධවාදීන්, විවේචකයන් හෝ විවිධ සමාජ කණ්ඩායම් පිළිබඳ අවමානාත්මක, වෛරී හෝ අනවශ්‍ය ලෙස සමාජය බෙදන භාෂාව භාවිත කිරීමෙන් වැළකීම වැදගත්ය.

රාජ්‍ය නායකයාගේ කථාව “අපි සහ ඔවුන්” (us versus them) යන බෙදීම්කාරී ආකෘතියට වඩා පොදු පුරවැසිභාවය හා ජාතික එකමුතුව ශක්තිමත් කරන ආකාරයෙන් පැවතිය යුතුය.

6. පැහැදිලි හා සරල භාෂාව — Clarity and Plain Language

රාජ්‍ය නායකයාගේ පණිවිඩය උගතුන්ට පමණක් නොව සාමාන්‍ය පුරවැසියාටද තේරුම්ගත හැකි විය යුතුය.

WHO මාර්ගෝපදේශ අනුව තාක්ෂණික තොරතුරු- technical information-, විශේෂඥයන් නොවන ප්‍රේක්ෂකයන්ට-non-expert audience-  තේරුම්ගත හැකි පණිවිඩ බවට පරිවර්තනය කළ යුතුය. තොරතුරු සංවිධානය කිරීමේදී වැදගත්ම කරුණු මුලින් ඉදිරිපත් කළ යුතුය.

එබැවින් අනවශ්‍ය තාක්ෂණික වචන, දිගු වාක්‍ය සහ අපැහැදිලි සංඛ්‍යාලේඛන වෙනුවට  සරල භාෂාවක් -plain language- භාවිත කිරීම යෝග්‍ය වේ.

7. කාලෝචිත බව — Timeliness

නිවැරදි තොරතුරු වැරදි වේලාවක ලබාදීමෙන්ද ඒවායේ වටිනාකම අඩුවිය හැකිය.

ජාතික ආරක්ෂක තත්ත්වයක්, ස්වාභාවික විපතක්, වසංගතයක්, ආර්ථික අර්බුදයක් හෝ වෙනත් හදිසි තත්ත්වයක් ඇති විට ජනතාවට තොරතුරු ලබාදීම අනවශ්‍ය ලෙස ප්‍රමාද නොකළ යුතුය යන්න WHO සන්නිවේදන රාමුව “communicate early” සහ “communicate at the right time” යන මූලධර්ම මගින් අවධාරණය කරයි. 

8. සංවේදීභාවය — Empathy

රාජ්‍ය නායකයෙකු කථා කරන්නේ සංඛ්‍යා හා ප්‍රතිපත්ති පිළිබඳව පමණක් නොවේ. එම ප්‍රතිපත්තිවල බලපෑමට ලක්වන මිනිසුන් පිළිබඳවද ඔහු හෝ ඇය අවධානය යොමු කළ යුතුය.

උදාහරණයක් ලෙස ආර්ථික අර්බුදයකදී,

“ජනතාව කැපකිරීම් කළ යුතුය”

යනුවෙන් පමණක් ප්‍රකාශ කිරීම සහ,

“ජීවන වියදම ඉහළ යාමෙන් පවුල් මුහුණ දෙන දුෂ්කරතාව අප හඳුනාගෙන ඇති අතර, එහි බලපෑම අවම කිරීමට මෙම පියවර ගනිමු”

යනුවෙන් ප්‍රකාශ කිරීම අතර සැලකිය යුතු සන්නිවේදනමය වෙනසක් ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය-WHO-  විශ්වසනීය සන්නිවේදනයේ පදනම ලෙස ප්‍රවීණතාවය- competence- හා අවංක භාවය - honesty-  සමඟ කැපකිරීම සහ සොයා බැලීම- commitment- and caring -  දක්වා ඇත.

9. ජනතාවට සවන්දීම සහ ද්විපාර්ශක සන්නිවේදනය— Listening and Two-Way Communication

නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය සන්නිවේදනය එක් දිශාවකට පමණක් ගලා යන ක්‍රියාවලියක් නොවේ.

ආණ්ඩුවෙන් මිනිසුන්ට-Government → People

යන සම්ප්‍රදායික ආකෘතිය වෙනුවට, ආණ්ඩුවෙන් මිනිසුන්ට සහ මිනිසුන්ගෙන් ආණ්ඩුවට- Government ⇄ People-

යන දෙපාර්ශ්වික සන්නිවේදන ආකෘතිය වඩාත් සුදුසුය.

OECD අනුව නිවැරදි හා කාලෝචිත තොරතුරු සැපයීම සමඟ සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වය- stakeholder participation- සහ ප්‍රතිපෝෂණය- feedback- සඳහා අවස්ථාව ලබාදීම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති සෑදීමේ policy-making- ක්‍රියාවලියට අත්‍යවශ්‍ය වේ. 

එබැවින් ජනතාවගේ විවේචනය පාලනය කිරීමට උත්සාහ කිරීම වෙනුවට එය ප්‍රතිපෝෂණයක්- feedback- ලෙස සැලකීම ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයට වඩාත් ගැළපේ.

10. ප්‍රවේශ විය හැකි බව සහ ඇතුළත්කම — Accessibility and Inclusiveness

රාජ්‍ය නායකයාගේ පණිවිඩය සමාජයේ විවිධ කණ්ඩායම් වෙත ළඟා විය යුතුය.

භාෂාමය සුළුතරයන්, ආබාධ සහිත පුද්ගලයන්, තාක්ෂණික පහසුකම් අඩු ප්‍රදේශවල ජනතාව සහ විවිධ සමාජ කණ්ඩායම් පිළිබඳවද අවධානය යොමු කළ යුතුය.

ලෝක සෞඛ්‍ය සන්ධානය-WHO- විසින් ගුණාත්මක සන්නිවේදනයක- effective communication- තිබිය යුතු  ගුණාංග හයක් ලෙස, ප්‍රවේශය තිබීම, ක්‍රියාමාර්ග ගත හැකිවීම, විශ්වාස කළ හැකි වීම, කාලෝචිත වීම සහ අවබෝධ කරගැනීමට හැකිවීම- accessible, actionable, credible and trusted, relevant, timely සහ understandable- යන කරුණු හඳුනාගෙන ඇත.

ආබාධ සහිත පුද්ගලයන්ටද තොරතුරු ප්‍රවේශ විය හැකි ලෙස සැලසුම් කිරීමේ වැදගත්කම ලෝක සෞඛ්‍ය සංවිධානය- WHO 

World Health Organization- අවධාරණය කරයි.

රාජ්‍ය නායකයකුගේ කථාවක්  ඔබටද පහත දැක්වෙන සරල පරීක්ෂණය පදනම් කරගෙන  විශ්ලේෂණය කළ හැකිය:

1. ප්‍රකාශ කළ කරුණු සත්‍ය සහ තහවුරු කළ හැකිද?

2. අදාළ තොරතුරු විනිවිදභාවයෙන් ඉදිරිපත් කර තිබේද?

3. රජයේ ක්‍රියා සම්බන්ධයෙන් වගවීමක් පෙන්නුම් කරන්නේද?

4. එය රාජ්‍ය සන්නිවේදනයක්ද, පක්ෂ ප්‍රචාරණයක්ද?

5. විරුද්ධ මත දරන්නන්ටද ගෞරවයෙන් කථා කරන්නේද?

6.ජනතාව අතර බෙදීම් ඇති කරනවාද, නැතහොත් සමාජ එකමුතුව වර්ධනය කරනවාද?

7. භාෂාව සාමාන්‍ය ජනතාවට පැහැදිලි හා තේරුම්ගත හැකිද?

8. අර්බුදයකදී ජනතාවගේ දුෂ්කරතා පිළිබඳ සංවේදීභාවයක් පෙන්වනවාද?

9. ජනතා විවේචන හා අදහස් සඳහා සවන්දීමේ ඉඩක් තිබේද?

10. පණිවිඩය සියලු වැදගත් ජන කණ්ඩායම් වෙත කාලෝචිතව හා ප්‍රවේශ විය හැකි ආකාරයෙන් ලබාදී තිබේද?

නිගමනය

රාජ්‍ය නායකයෙකුගේ ජනතා ඇමතුම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ වැදගත් අංගයකි. එහි අරමුණ නායකයාගේ පෞද්ගලික හෝ පක්ෂ දේශපාලන ප්‍රතිරූපය ගොඩනැගීම පමණක් නොවිය යුතුය. එය ජනතාවට සත්‍ය හා කාලෝචිත තොරතුරු සැපයීම, රාජ්‍ය තීරණ පැහැදිලි කිරීම, වගවීම තහවුරු කිරීම, ජනතා විශ්වාසය ගොඩනැගීම සහ ජනතාව හා රාජ්‍යය අතර ප්‍රජාතන්ත්‍රවාදී සංවාදයක් ඇති කිරීම සඳහා භාවිත කළ යුතුය.

OECD විසින් මහජන සන්නිවේදනය- public communication- විවෘත පාලනයක්- open government- සහ ප්‍රජාතන්ත්‍රවාදය- democracy- ශක්තිමත් කිරීමේ මෙවලමක් ලෙස සලකන අතර, එහි මූලික පදනම ලෙස විනිවිද භාවය- transparency-, අභිමානවත් භාවය-integrity, වග වීමට හැකිවීම- accountability සහ සියලු පාර්ශ්වගේ සහභාගිත්වය- stakeholder participation-;;යන ගුණාංග දක්වා ඇත. 

එබැවින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ගේ සාරය එක් වාක්‍යයකින් දැක්විය හැක්කේ:

“රාජ්‍ය නායකයා ජනතාව අමතන්නේ ජනතාව පාලනය කිරීම සඳහා නොව, ජනතාවට තොරතුරු ලබාදීමට, ඔවුන්ට වගවීමට, ඔවුන්ට සවන්දීමට සහ පොදු යහපත වෙනුවෙන් ඔවුන් සමඟ සන්නිවේදනය කිරීමටය.”

ප්‍රධාන මූලාශ්‍ර

1. OECD (2021), OECD Report on Public Communication: The Global Context and the Way Forward, OECD Publishing, Paris. මෙය රටවල් 46ක සහ ආයතන 63ක public communication practices පදනම් කරගත් පුළුල් අධ්‍යයනයකි. 

2. World Health Organization, WHO Strategic Communications Framework for Effective Communications. එය accessible, actionable, credible, relevant, timely සහ understandable යන මූලධර්ම හය ඉදිරිපත් කරයි.

WHO Principles for Effective Communications⁠,

3. OECD, Recommendation of the Council on Open Government සහ ඒ මත පදනම් වූ Public Communication Framework. මෙහි transparency, integrity, accountability සහ stakeholder participation විවෘත රාජ්‍ය පාලනයේ මූලධර්ම ලෙස සලකා ඇත. 

ආචාර්ය නීතිඥ රාජා ගුණරත්න,

ජෙෂ්ඨ කථිකාචාර්ය, 

නීති අධ්‍යවන දෙපාර්තමේන්තුව.

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය.

සම්බන්ධිත පුවත් | Related News

රටක පවතින අර්බුද හා ගැටලුවලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පමණක් දෝෂාරෝපණය කිරීම සුදුසු නොවන බවත්, සැබෑ ගැටලුව පවතින්නේ පාලනය කිරීමේ ඇති අසමත්කම තුළ බවත් පෙන්වා දෙන තොරතුරු ඇතුළත් සටහනක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
2001 සැප්තැම්බර් 11 වන දින ඇමරිකාවේ සිදුවූ ත්‍රස්තප්‍රහාරයෙන් පුද්ගලයින් 3,000 කට ආසන්න සංඛ්‍යාවක් ඝාතනයට ලක් විණි. ඉන් දින තුනකට පසු, එවක ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්, වොෂින්ටන්හි පිහිටි දෙව්මැදුරේ සිට, ප්‍රහාරයෙන් කම්පනයට පත්ව සිටි ජාතිය අමතමින්, “ඉතිහාසය ඉදිරියේ අපගේ වගකීම පැහැදිලිය. එනම්, මෙම ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීම සහ ලෝකය නපුරෙන් මුදා ගැනීමයි.” යනුවෙන් පැවසීය. සැබැවින්ම, එම ප්‍රතිඥාව අතාර්කික එකක් විණි. එමතු නොව, ඉන්පසු ඇති වූ ‘ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය’ (War on Terror) ද කිසිසේත්ම යථාර්ථවාදී නොවීය.
"ලබන වසරේ සිට සිපෙට්කෝ ආයතනය හරහා කෘමි නාශක සහ වල්නාශක ජනතාවට ලබාදෙනවා" - ජනාධිපති අනුර කුමාර දිසානායක පොළොන්නරුවේ දී "Ceypecto Agro" නැතහොත් "සිපෙට්කෝ කෘෂි රසායන අංශය" යනු 1969දී ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ පිහිටවන ලද ආයතනයකි..
මාධ්‍යවේදී උවිදු කුරුකුලසූරිය සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් පවසන්නේ විනිසුරුවරුන් විසින් තීරුබදු රහිත (Duty-free) වාහන බලපත්‍ර භාවිත කරමින් සිදුකරන ඇතැම් ක්‍රියාකාරකම් මගින් අධිකරණ පද්ධතියේ වෘත්තීය සදාචාරය සහ පරම පවිත්‍රතාවය බිඳවැටෙන බවය.
ක්‍රිස්තු පූර්ව 27 දී ඔගස්ටස් සීසර් අධිරාජ්‍යයාගේ පාලන සමයේ ආරම්භ වී ක්‍රිස්තු වර්ෂ 180 දී ඕරේලියස් අධිරාජ්‍යයාගේ අභාවය දක්වා වසර දෙසීයකට අධික කාලයක් රෝමානු අධිරාජ්‍යය තුළ පැවති සාමය සහ ස්ථාවරත්වය ලතින් බසින් හදුන්වන්නේ පැක්ස් රොමානා (Pax Romana) යන නමිනි.
චිතගොං කඳුකරය සහ කොක්සස් බසාර් වෙරළ ඉන්දියාව සුදදන්ගෙන් නිදහස ලබද්දි බෞද්ධ සහ හින්දු ආගම් අදහපු බරුවා වගේ සර්නේම් තිබුනු පිරිසක් ජීවත්වුනු පලාතක්.. මේ පලාත ඇත්තටම ඉන්දියාවට දියයුතුව තිබුනත් ඉන්දීය සාගරයට දෙපැත්තකින් ඇත්සස් නොදෙන අරමුණ සහ තවත් කාරණා ගනනාවක් එක්ක නැගෙනහිර පාකිස්තානයට අයිතිවුනා.. බංගලිදේසය බවට පසුව පත්වුනු මේ රටේ ජනගහන බෝම්බය ඉතාම තදින් පිපිරෙන එකක්.. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට විතගොං කදුකරයෙ සාම්පලයක බහුතරය සුළුතරය බවට හැරුනා..
ජාතියක ඉරණම තීරණය වන්නේ එහි ආර්ථික ශක්තියෙන් හෝ යුද බලයෙන් පමණක් නොවේ. එය තීරණය වන්නේ එම සමාජය සත්‍යය හඳුනාගන්නා ආකාරය, තම ඉතිහාසය තේරුම් ගන්නා ආකාරය සහ අනාගතය පිළිබඳ තීරණ ගන්නා ආකාරය මතය.
ඔබ වනාන්තරයේ ගලක් මත වාඩි වී, දෑස් පියාගෙන, මිනිත්තු කිහිපයක් හුස්ම ගන්නා ආකාරය සිතන්න. ඔබට රථ වාහනවල හඬ නෑසේ. එනමුත් ඔබට පාසිවල තෙතමනය, ශාකවල සුවඳ, තුරු පත් හරහා පෙරී එන වාතයේ සිසිලස දැනේ. ඔබේ හෘද ස්පන්දන වේගය මන්දගාමී වන්නේය. ඔබේ උරහිස් මත රැඳී තිබූ මහත් බරක් ක්‍රම ක්‍රමයෙන්සැහැල්ලු වන්නා සේ දැනෙන්නේය. මෙම වෙනස් ස්වභාවය එක වචනයකට කැටි කර ගත නොහැකි අපූර්ව තත්ත්වයකි. එය ආත්මීයව හා ප්‍රසන්නව දැනේ. එනමුත් එය මැනිය නොහැකි හැඟීමකි.
සැප්තැම්බර් 9 වන දින කොළඹදී ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ආරක්ෂක අවබෝධතා ගිවිසුම් (MoUs) තුනක් අත්සන් කෙරිණි.

ප්‍රධාන පුවත්

ඇමරිකාවටත් අභියෝගයක් වූ හුතී බලයේ රහස ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

යේමනයේ අන්සාර් අල්ලා හෙවත් හූති සටන්කාමීන් රතු මුහුද ආශ්‍රිතව තම බලය තහවුරු කරගැනීමෙන් අනතුරුව, භූමිය අත්පත් කරගැනීමේ ප්‍රහාරාත්මක මෙහෙයුම් තවදුරටත් වේගවත් කර ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

ව්‍යවස්ථා සංශෝධනවලින් පමණක් රටක ගැටලු විසඳිය හැකිද?..

රටක පවතින අර්බුද හා ගැටලුවලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පමණක් දෝෂාරෝපණය කිරීම සුදුසු නොවන බවත්, සැබෑ ගැටලුව පවතින්නේ පාලනය කිරීමේ ඇති අසමත්කම තුළ බවත් පෙන්වා දෙන තොරතුරු ඇතුළත් සටහනක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.

ගෝඨාගේ කාලයේ තෙල් අර්බුදය කෘතිමව නිර්මාණය කළ හැටි මෙන්න.. - සංඛ චන්දිම අබේවර්ධනගෙන් හෙළිදරව්වක්..

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී මෙරට ඇති වූ ඛනිජ තෙල් අර්බුදය ස්වාභාවිකව සිදු වූවක් නොව, සැලසුම් සහගතව කෘතිමව නිර්මාණය කරන ලද්දක් බව සංඛ චන්දිම අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

රට අනතුරේ හෙලමින් NATO සරණ පතන්නේ නොදන්නාකමට ද?, මෝඩකමට ද?.. - වෛද්‍ය ජී. වීරසිංහ ගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා කැනඩාවේදී NATO හමුදා ප්‍රධානීන් හමුවී, මෙරට අවි ආයුධ නවීකරණය කිරීමටත්, යුධ ගබඩා සැලසුම් කිරීමටත්, NATO සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ඉහළ නැංවීමටත් කළ ආරාධනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සිය දැඩි විරෝධය පළ කර සිටියි.

වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දෙවසරක පාලන කාලය ලෝකයේ වෙනත් රටක පාලනයක් හා සැසඳීමේ දී හොඳම සමපාත වීම ලෙස සැලකිය හැක්කේ වෙනිසියුලාවේ අන්තර් කාලීන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් ගේ පාලනයට බව ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි

මාතෘභූමියේ ආත්ම ගෞරවය සුරක්ෂිත කිරීමේ ජන සටන ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියෙන් ආරම්භ කළ බවත්, රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානක බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් පවත්වන පසුබිමක, ඔහු සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ භාෂණයේ නිදහස උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) වෙත නිල වශයෙන් පැමිණිලි කර තිබේ.

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.