News Category
From Date
To Date
Maximum Number of Result

අනුරගේ කෘමිනාශක බොරුව..

Sep 14, 2026 at 05:38 AM
|

"ලබන වසරේ සිට සිපෙට්කෝ ආයතනය හරහා කෘමි නාශක සහ වල්නාශක ජනතාවට ලබාදෙනවා" - ජනාධිපති අනුර කුමාර දිසානායක පොළොන්නරුවේ දී

"Ceypecto Agro" නැතහොත් "සිපෙට්කෝ කෘෂි රසායන අංශය" යනු 1969දී ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ පිහිටවන ලද ආයතනයකි...

වසර 57ක් තිස්සේ තම ව්‍යාපාර කටයුතු කරගෙන ආ සහ අදටත් කරගෙන යන ආයතනයකි...

එසේනම් අනුර මේ ලබන වසරේ සිට දෙනවා යැයි කියන්නේ කුමක්ද..?

අන් කිසිවක් නොව 57 වසරක් තිබූ සාප ආණ්ඩු විසින් දුන් කෘෂි නාශක ටිකම තමයි...

ලොරියක කෝච්චි පෙට්ටියක් පටවාගෙන ගොස් ලංකාවේ ප්‍රථම වතාවයැයි කිව්වා සේමය... (එය දුම්රිය දෙපාර්තමේන්තුවට අතිශය සාමාන්‍ය දෙයකි)

පිටකොටුව බස් නැවතුමේ තීන්ත ගා අලුතෙන් හැදුවා සේ පාරම්බෑම වැනිම දෙයකි...

බස් 10ක් ගෙනත් ඔන්න අපි ලංකාවට මුලින්ම බස් ගෙනාවා යැයි කීම වැනිම දෙයකි...

රේල් පීලී වරායේ බෑ පසු වැලිකොට්ට පප්පා එය ෆේස්බුක් දැම්මා වැනිම දෙයක්...

එසේනම් අනුරත් මෙය දැනදැනම නැවත නැවත කරන්නේ ඇයි..?

මේ ගැන බොහෝ ගොවියන් දන්නේ නැත...

ඔවුන්ට මේවා ගෙන්නන්නෙ ආණ්ඩුවේ කුමන ආයතනයෙන්ද යන්න වැඩක් නැත...

මෙතෙක් තිබූ ආණ්ඩු ඒවා ගොවියන් අතට ලැබීමට සලස්වා ඇත...

නමුත් අනුර අහිංසක ගොවියන් රැවටීම නවතා නැත...

(උපුටාගැනීම - Pansilu Heenatikumbura)



සම්බන්ධිත පුවත් | Related News

2001 සැප්තැම්බර් 11 වන දින ඇමරිකාවේ සිදුවූ ත්‍රස්තප්‍රහාරයෙන් පුද්ගලයින් 3,000 කට ආසන්න සංඛ්‍යාවක් ඝාතනයට ලක් විණි. ඉන් දින තුනකට පසු, එවක ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්, වොෂින්ටන්හි පිහිටි දෙව්මැදුරේ සිට, ප්‍රහාරයෙන් කම්පනයට පත්ව සිටි ජාතිය අමතමින්, “ඉතිහාසය ඉදිරියේ අපගේ වගකීම පැහැදිලිය. එනම්, මෙම ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීම සහ ලෝකය නපුරෙන් මුදා ගැනීමයි.” යනුවෙන් පැවසීය. සැබැවින්ම, එම ප්‍රතිඥාව අතාර්කික එකක් විණි. එමතු නොව, ඉන්පසු ඇති වූ ‘ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය’ (War on Terror) ද කිසිසේත්ම යථාර්ථවාදී නොවීය.
මාධ්‍යවේදී උවිදු කුරුකුලසූරිය සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් පවසන්නේ විනිසුරුවරුන් විසින් තීරුබදු රහිත (Duty-free) වාහන බලපත්‍ර භාවිත කරමින් සිදුකරන ඇතැම් ක්‍රියාකාරකම් මගින් අධිකරණ පද්ධතියේ වෘත්තීය සදාචාරය සහ පරම පවිත්‍රතාවය බිඳවැටෙන බවය.
ක්‍රිස්තු පූර්ව 27 දී ඔගස්ටස් සීසර් අධිරාජ්‍යයාගේ පාලන සමයේ ආරම්භ වී ක්‍රිස්තු වර්ෂ 180 දී ඕරේලියස් අධිරාජ්‍යයාගේ අභාවය දක්වා වසර දෙසීයකට අධික කාලයක් රෝමානු අධිරාජ්‍යය තුළ පැවති සාමය සහ ස්ථාවරත්වය ලතින් බසින් හදුන්වන්නේ පැක්ස් රොමානා (Pax Romana) යන නමිනි.
චිතගොං කඳුකරය සහ කොක්සස් බසාර් වෙරළ ඉන්දියාව සුදදන්ගෙන් නිදහස ලබද්දි බෞද්ධ සහ හින්දු ආගම් අදහපු බරුවා වගේ සර්නේම් තිබුනු පිරිසක් ජීවත්වුනු පලාතක්.. මේ පලාත ඇත්තටම ඉන්දියාවට දියයුතුව තිබුනත් ඉන්දීය සාගරයට දෙපැත්තකින් ඇත්සස් නොදෙන අරමුණ සහ තවත් කාරණා ගනනාවක් එක්ක නැගෙනහිර පාකිස්තානයට අයිතිවුනා.. බංගලිදේසය බවට පසුව පත්වුනු මේ රටේ ජනගහන බෝම්බය ඉතාම තදින් පිපිරෙන එකක්.. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට විතගොං කදුකරයෙ සාම්පලයක බහුතරය සුළුතරය බවට හැරුනා..
ජාතියක ඉරණම තීරණය වන්නේ එහි ආර්ථික ශක්තියෙන් හෝ යුද බලයෙන් පමණක් නොවේ. එය තීරණය වන්නේ එම සමාජය සත්‍යය හඳුනාගන්නා ආකාරය, තම ඉතිහාසය තේරුම් ගන්නා ආකාරය සහ අනාගතය පිළිබඳ තීරණ ගන්නා ආකාරය මතය.
ඔබ වනාන්තරයේ ගලක් මත වාඩි වී, දෑස් පියාගෙන, මිනිත්තු කිහිපයක් හුස්ම ගන්නා ආකාරය සිතන්න. ඔබට රථ වාහනවල හඬ නෑසේ. එනමුත් ඔබට පාසිවල තෙතමනය, ශාකවල සුවඳ, තුරු පත් හරහා පෙරී එන වාතයේ සිසිලස දැනේ. ඔබේ හෘද ස්පන්දන වේගය මන්දගාමී වන්නේය. ඔබේ උරහිස් මත රැඳී තිබූ මහත් බරක් ක්‍රම ක්‍රමයෙන්සැහැල්ලු වන්නා සේ දැනෙන්නේය. මෙම වෙනස් ස්වභාවය එක වචනයකට කැටි කර ගත නොහැකි අපූර්ව තත්ත්වයකි. එය ආත්මීයව හා ප්‍රසන්නව දැනේ. එනමුත් එය මැනිය නොහැකි හැඟීමකි.
සැප්තැම්බර් 9 වන දින කොළඹදී ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ආරක්ෂක අවබෝධතා ගිවිසුම් (MoUs) තුනක් අත්සන් කෙරිණි.
ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.
ශ්‍රී ලංකාවේ ඉන්න එකම ජාතිය හෙළයෝ. එය තීරණය කරන්නේ ඉතිහාසය තුළින් මිස බංකොලොත් දේශපාලන මතිමතාන්තර ඔස්සේ නොවෙයි.

ප්‍රධාන පුවත්

"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි

මාතෘභූමියේ ආත්ම ගෞරවය සුරක්ෂිත කිරීමේ ජන සටන ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියෙන් ආරම්භ කළ බවත්, රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානක බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් පවත්වන පසුබිමක, ඔහු සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ භාෂණයේ නිදහස උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) වෙත නිල වශයෙන් පැමිණිලි කර තිබේ.

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.