News Category
From Date
To Date
Maximum Number of Result

නිරා සහ නීරා..

Aug 23, 2026 at 03:41 PM
|

මේ ලිපියෙන් මම නිරා ගැනත් නීරා ගැනත් කියනවා. මම මෙතැන “නිරා” කියලා කියන්නේ නිර්මාල්ට. ඒ හාදයා පිරිමියෙක් කියලයි මම හිතාගෙන ඉන්නේ. නීරා කාන්තාවක්. නීරා තමයි නිරාගේ ගුරුවරිය.

“නිරා” (නිර්මාල්) නිරාගමිකයෙක් නෙවෙයි. මේ යකා ආගම් විරෝධියෙක්.

අපි මුලින් ම, මේ කාරණය පැහැදිළි කර ගනිමු.

යම් පුද්ගලයෙක් ආගම් පිළිගන්නේ නැතිනම්, ආගම්වලින් කියන දේවල් නො සළකා හැරලා තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නවා නම්, අපි එහෙම අයට “නිරාගමිකයෝ” (An irreligionists) කියලා කියනවා. මෙහෙම අය ආගම්වලට විරුද්ධ නෑ. මේ අය ආගම් පිළිගන්නේ, අදහන්නේ නෑ. තමන් වගේ නොවන මිනිස්සු ආගම් අදහනවා දැක්කාම නිරාගමිකයන්ට කැහිල්ලක් හැදෙන්නේ නෑ. නළියන්නේ නෑ. ආගමික ශාස්තෘවරු ගැන, ආගම් අදහන අය ගැන ද්වේෂයක්වත්, වෛරයක්වත් මෙහෙම අයට නෑ. නිරාගමිකයෝ ආගම් දිහා උපේක්‍ෂාවෙන් බලනවා. එච්චරයි.

ඒත් “ආගම් විරෝධියෝ” (Anti-religionists) ඊට හාත්පසින් ම වෙනස්. මේ අය ආගමික ශාස්තෘවරුන්ට, ආගමික ආයතනවලට, චාරිත්‍රවලට සහ නීති රීතිවලට විරුද්ධයි. ඉතින් මෙහෙම අය ඉවරයක් නැතුව ආගම් විවේචනය කරනවා. ආගම්වල විනාශය අපේක්‍ෂා කරනවා. ආගම්වලින් තොර සමාජයක් වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒ වැඩේට අදාළ ප්‍රොපගැන්ඩා කරනවා. ඒ වගේ ම, මෙහෙම අය ආගම් විරෝධී වැඩවලට සක්‍රීයව දායකවෙනවා.

සියලු ම ආගම්වලට විරුද්ධ අයත්, තෝරාගත්ත ආගමකට (සමහර විට ආගම් කීපයකට) විතරක් විරුද්ධ අයත් විදිහට ආගම් විරෝධියෝ වර්ග කරන්න පුළුවන්. තෝරාගත්ත ආගම්වලට විරුද්ධ අය “බුද්ධාගම් විරෝධියෝ” (Anti-Buddhists), “කතෝලික විරෝධියෝ” (Anti-Catholics), “ක්‍රිස්තියානි විරෝධියෝ” (Anti-Christians), “හින්දු විරෝධියෝ” (Anti-Hindus), “ඉස්ලාම් විරෝධියෝ” (Anti-Islamists), “යුදෙව් විරෝධියෝ” (Anti-Jews) කියන විදිහට වෙන් කරලා හඳුනාගන්න පුළුවන්.

“නිරා” (නිර්මාල්) කියන්නේ හැම ආගමකට ම විරුද්ධ කෙනෙක් නෙවෙයි. මේ යකා විරුද්ධ බුද්ධාගමට විතරයි. මේ “නිරා” කවදාවත් බෞද්ධ නොවන වෙනත් ආගම්, ඒ ආගම්වල ශාස්තෘවරු, ඉතිහාසය, ඒ ආගම්වලට සම්බන්ධ ඓතිහාසික චරිත ගැන වචනයක්වත් කියන්නේ නෑ. ඉතින් මේ “නිරා” සහසුද්දෙන් ම බුද්ධාගම් විරෝධියෙක් විතරයි.

ඉතින් මෙහෙම එවුන්ට “නිරාගමිකයෝ” කියලා බොරු ගෞරව නාමයක් පටබඳින්න ඕන නෑ.

“මට දේශද්‍රෝහි ඉතිහාසකාරයෙක් වෙන්න උත්තේජනය ලැබුණේ කොමියුනිස්ට් පක්‍ෂයේ අතීත දැවැන්තයෙක් වෙච්ච ලෙස්ලි ගුණවර්ධනගෙන්” කියලා මේ බුද්ධාගම් විරෝධී “නිරා” (නිර්මාල්) ළඟ දී කියලා තිබුණා. (මම ඒ ප්‍රකාශයේ වැරැදි හදලයි මෙතැන දැම්මේ. සිංහල වාක්‍යයක්වත් හරියට සහ නිරවුල්ව ලියාගන්න බැරි එකෙක් තමයි ඉතිහාසය පිළිබඳ මහාචාර්ය පට්ටමක් ඇරැගෙන පුරාණ ඓතිහාසික මූලාශ්‍ර ගැන කියවන්නේ). ඇත්තෙන්ම, “නිරා” (නිර්මාල්) කියන මේ කතාව තවත් ටොම් පචයක් විතරයි. මේ යකාගේ ගුරුවරයා මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන නෙවෙයි.

නිරා (නිර්මාල්) උත්තේජනය ලබාගෙන තියෙන්නේ නීරාගෙන් (නීරා වික්‍රමසිංහගෙන්). කොළඹ විශ්වවිද්‍යාලයේ රජ කරන ලිබ්බන්ගේ බලකොටුවලට එබිලා බැලුවාම මේ ගුරු - ගෝල සම්බන්ධකම ලේසියෙන් ම හොයාගන්න පුළුවන්.

1964 මැයි 8 වැනි දා තමයි නීරා කොන්ජිත් සමරසිංහ (Nira Konjit Samarasinghe) ඉපැදිලා තියෙන්නේ. Konjit නම තියෙන අය ඉතියෝපියාව, එරිත්‍රියාව වගේ රටවල්වල ඉන්නවා කියලා කියනවා. ඒ රටවල්වල මේ “කාන්ජිත්” නම “මිල කරන්න බැරි තරම් ලස්සන” කියන අර්ථයෙන් යොදාගන්නවා කියලයි කියන්නේ. ඒත් නීරාගේ “කොන්ජිත්” නමයි ඉතියෝපියානු “කාන්ජිත්” නමයි අතර සම්බන්ධයක් තියෙනවා ද කියලා මම නම් දන්නේ නෑ. ඇත්තෙන්ම, නීරාගේ නමේ තියෙන “Konjit” කොටස උච්චාරණය කරන්නේ කොහොම ද කියන එකවත් මම දන්නේ නෑ.

කොළඹ ඉපැදිච්ච නීරා කොන්ජිත් සමරසිංහ ප්‍රංශයේ පැරිස් නගරයේ තමයි හැදිලා වැඩිලා, ලොකු මහත්වෙලා තියෙන්නේ. 1981 දී (ඒ කියන්නේ, වයස අවුරුදු 17 දී), නීරා පැරිස් හතර සෝබෝන් විශ්වවිද්‍යාලයට (University of Paris IV – Sorbonne) ඇතුළත් වෙලා තියෙනවා.

1968 අවුරුද්දේ ප්‍රංශයේ ඇවිලිච්ච ශිෂ්‍ය විරෝධාවලින් පස්සේ, 1970 දී පැරිස් විශ්වවිද්‍යාලය (University of Paris) ස්වාධීන ආයතන 13 කට කඩලා වෙන් කළා. ඒ “කොටස්” අංකවලින් තමයි නම් කළේ. නීරා ඇතුළුවෙච්ච කොටස “පැරිස් හතර” (Paris IV) කියලා හඳුන්වලා තියෙන්නේ ඒ හින්දයි. ඒක “පැරිස් හතර - සෝබෝන් විශ්වවිද්‍යාලය” කියලා නිල විදිහට හැඳින්නුවා. මානව විද්‍යාව, සාහිත්‍යය, ඉතිහාසය සහ භාෂා වගේ විෂයයන් තමයි මේ පැරිස් හතර විශ්වවිද්‍යාලයේ උගන්නලා තියෙන්නේ. 2018 ජනවාරි 1 වැනි දා, මේ පැරිස් හතර සෝබෝන් විශ්වවිද්‍යාලය සහ පියරේ සහ මාරි කියුරි විශ්වවිද්‍යාලය (Pierre and Marie Curie University) එකතු කරලා සෝබෝන් විශ්වවිද්‍යාලය (Sorbonne University) ඇති කළා.

1981 ඉඳලා 1984 වෙන කල් ම (වයස අවුරුදු 20 ක් වෙන කල් ම), නීරා ඉගෙනගෙන තියෙන්නේ පැරිස් හතර සෝබෝන් විශ්වවිද්‍යාලයේ. ඊට පස්සේ, 1985 දී, නීරා එංගලන්තේ ඔක්ස්පර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළුවෙලා තියෙනවා. 1989 දී, ඇය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් “නූතන ඉතිහාසය” පිළිබඳ ආචාර්ය උපාධිය ලබාගෙන තියෙනවා. ඒ ආචාර්ය උපාධිය ලබාගත්තාට පස්සේ තමයි නීරා සමරසිංහ ලංකාවට ඇවිල්ලා 1990 දී කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට එකතුවෙලා තියෙන්නේ.

නිරා (නිර්මාල්) 1965 අවුරුද්දේ ඉපැදිච්ච කෙනෙක්. ඒ කියන්නේ, නිරා නීරාට වඩා අවුරුද්දකින් බාලයි. නිරා 1991 දී (ඒ කියන්නේ, නීරා කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට එකතුවෙලා අවුරුද්දකට පස්සේ) ඉතිහාසය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාටිය (BA) ලබාගත්තා. 1992 දී, නිරා (නිර්මාල්) පරිවාස කථිකාචාර්යවරයෙක් (A probationary lecturer) විදිහට කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ ආචාර්ය මණ්ඩලයට එකතුවුණා.

ආචාර්ය මණ්ඩලයට එකතුවෙලා අවුරුදු 8 කට පස්සේ, 2000 අවුරුද්දේ, මේ නිරා (නිර්මාල්) කොළඹ විශ්වවිද්‍යාලයෙන් ම දර්ශනපති (M.Phil.) උපාධිය ලබාගෙන තියෙනවා. ඒ උපාධිය ගන්න කලින්, 1998 දී, මේ හාදයා ඉන්දියාවේ ඇමෙරිකානු අධ්‍යයන පර්යේෂණ මධ්‍යස්ථානයෙන් (American Studies Research Centre) “ඇමෙරිකානු ශිෂ්ටාචාරය සහ සංස්කෘතිය” (American Civilization and Culture) පිළිබඳ සැටිෆිකේට් එකකුත් ලබාගෙන තියෙනවා. ඊටත් කලින්, 1994 දී, මේ නිරා ස්විධනයේ උප්සලා විශ්වවිද්‍යාලයෙන් “ගැටුම් නිරාකරණය” (Conflict resolution) ගැන මාස තුනක පාඨමාලාවක් හදාරලා ඩිප්ලෝමවකුත් ලබාගෙන තියෙනවා.

2007 දී තමයි, නිරා (නිර්මාල්) නෙදර්ලන්තයේ ලේඩන් විශ්වවිද්‍යාලයෙන් (Leiden University) ආචාර්ය (Ph.D.) උපාධිය ලබාගත්තේ. ඊට කලින් (2002 දී), මේ හාදයා ඒ විශ්වවිද්‍යාලයෙන් ම (ලේඩන් විශ්වවිද්‍යාලයෙන් ම), විශේෂ ශාස්ත්‍රපති උපාඨියක් (Advanced Master) ලබාගෙන තියෙනවා.

නිරා (නිර්මාල්) විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදිහට ගත කරපු මුල් අවුරුදු කීපයේ ඇරෙන්න ආචාර්ය උපාධිය ලබාගන්නා දවස දක්වා ම (ඇත්තෙන්ම, ඊටත් වැඩි කාලයක්, හරියට ම කියනවා නම් 1990 ඉඳලා 2009 දක්වා ම), නීරා සමරසිංහ (වික්‍රමසිංහ) කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ උගන්නලා තියෙනවා. (නීරා සමරසිංහ පස්සේ කාලෙක වික්‍රමසිංහ බවට පත්වුණේ මාර්ටින් වික්‍රමසිංහගේ පවුලට සම්බන්ධ කෙනෙක් කසාද බැන්ද හින්දා කියලයි කියන්නේ. මේ ඕපදූප ගැන වැඩි දැනුමක් මට නෑ).

2009 අවුරුද්දේ (ඒ කියන්නේ නිරා ලේඩන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගෙන අවුරුදු දෙකකට පස්සේ) නීරා වික්‍රමසිංහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් අස්වුණා. ඊට පස්සේ, 2010 දී, ඇය නිරා (නිර්මාල්) ආචාර්ය උපාධිය ලබාගත්ත නෙදර්ලන්තයේ ලේඩන් විශ්වවිද්‍යාලයේ ආසියානු අධ්‍යයන ආයතනයේ (Institute for Area Studies) නූතන දකුණු ආසියානු අධ්‍යයන කටයුතු පිළිබඳ මහාචාර්යවරිය බවට පත්වුණා.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ දීර්ඝ කාලීන සාමාජිකයෙක් වෙච්ච මහාචාර්ය රණවීර ලෙස්ලි ගුණවර්ධන ඉගැන්නුවේ සහ තමන්ගේ ශාස්ත්‍රීය ජීවිතය ගත කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ. 1997 – 2000 කාලයේ දී, ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විදිහටත් කටයුතු කළා. ඔහු 2000 අවුරුද්දේ,  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කටයුතුවලින් මුළුමනින් ම අයින්වෙලා දේශපාලනයට සම්බන්ධ වුණා. 2000 – 2001 කාලයේ දී, ඔහු චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවේ විද්‍යා සහ තාක්‍ෂණික ඇමැතිවරයා විදිහටත් කටයුතු කළා. කාලයක් අසනීපවෙලා හිටිය ලෙස්ලි ගුණවර්ධන මහාචාර්යතුමා 2010 අවුරුද්දේ මියගියා. ඒ වෙද්දි, ඔහුගේ වයස අවුරුදු 72 ක්.

ඉතින් තමන් “ඉතිහාසකාරයෙක්” බවට පත්වුණේ (ඇත්තෙන්ම, මේ යකා ඉතිහාසකාරයෙක් නෙවෙයි) ලෙස්ලි ගුණවර්ධන මහාචාර්යතුමාගෙන් ලැබිච්ච උත්තේජනයෙන් කියලා නිරා (නිර්මාල්) කියන කතාව ඇත්තක් නෙවෙයි. නිරා (නිර්මාල්) වැඩිම කාලයක් ආශ්‍රය කරලා තියෙන්නේ නීරා වික්‍රමසිංහ මිසක් ලෙස්ලි ගුණවර්ධන නෙවෙයි. නිරා සහ නීරා දෙන්නා ම නෙදර්ලන්තයේ ලේඩන් විශ්වවිද්‍යාලයට සම්බන්ධ අය වීමත් විශේෂයක්.

2001 – 2006 කා‍ලයේ දී, ලේඩන් විශ්වවිද්‍යාලය මෙහෙයවපු “නව හවුල්කාරීත්ව යුගයක් කරා” (Towards a New Age of Partnership, TANAP) කියන වැඩපිළිවෙළේ අනුග්‍රහයෙන් තමයි නිරා (නිර්මාල්) ආචාර්ය උපාධිය කළේ. ආසියාවේ, අප්‍රිකාවේ සහ යුරෝපයේ තරුණ උගත්තු අලුත් හවුල්කාරීත්වයක් වෙනුවෙන් පුහුණු කරවාගැනීම වෙනුවෙන් තමයි ලේඩන් විශ්වවිද්‍යාලය මේ TANAP වැඩේ කළේ. නිරා (නිර්මාල්) කියන්නේ ඒ “අලුත් හවුල්කාරීත්වයට” සම්බන්ධ කරගත්ත කෙනෙක්.

නිරා (නිර්මාල්) තමන්ගේ ආචාර්ය උපාධිය ලබාගන්න උදව් කළ අයට නිබන්ධයේ පිටු තුනක් ම කැප කරලා ප්‍රණාමය පළ කරලා තියෙනවා. ඒ ලැයිස්තුවේ මුලින් ම තියෙන්නේ ආචාර්ය උපාධි පර්යේෂණයේ ජ්‍යෙෂ්ඨ අධීක්‍ෂකවරයා විදිහට කටයුතු කරපු ලියොනාර්ඩ් බ්ලුසේ (Leonard Blussé) මහාචාර්යවරයාගේ නම. ඊ ළඟ‍ට, ආචාර්ය උපාධි පර්යේෂණයේ අධීක්‍ෂකවරයා විදිහට කටයුතු කරපු ලෝඩවයික් වගනාර් (Lodewijk Wagenaar) මහාචාර්යවරයාගේ නම තියෙනවා.

මේ මුල් නම් දෙක කියලා ප්‍රණාමය පළ කළාට පස්සේ නිරා (නිර්මාල්) ඊ ළඟට මෙහෙම කියනවා.

“Professor Nira Wickramasinghe of the University of Colombo, my Sri Lankan supervisor, always kept a close eye on me when I was struggling to concentrate on my research in the Colombo Archives. Her guidance and encouragement were most helpful.”

මේ කියන්නේ මොකක්ද?

තමන්ගේ ආචාර්ය උපාධි අධ්‍යයන පර්යේෂණ කටයුතු ශ්‍රී ලංකාව පැත්තෙන් අධීක්‍ෂණය කළේ නීරා වික්‍රමසිංහ මහාචාර්යවරිය බවත් කොළඹ ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ කරපු පර්යේෂණ කටයුතුවලට හරියාකාරව අවධානය යොමු කරන්න බැරිවෙච්ච වෙලාවට ඇය ඉතාමත් තදින් මේ ගෝලයා දිහා ඇහ ගහගෙන බලාගෙන හිටිය බවත් තමයි මේ කියන්නේ. ඒ වගේ ම “ඇයගේ මාර්ගෝපදේශන සහ දිරිගැන්වීම අතිශයින් ම ප්‍රයෝජනවත් වුණා” කියලත් නිරා (නිර්මාල්) කියනවා.

මේ ආචාර්ය උපාධි පර්යේෂණය කරන කාලය වෙද්දි විරුද්ධවාදියෙක් වෙලා හිටිය දීප්ති කුමාර ගුණරත්නටත් X - කණ්ඩායමේ සගයන්ටත් නිරා (නිර්මාල්) තමන්ගේ ප්‍රණාමය පළ කරනවා.

“මගේ දීර්ඝ කාලීන දේශපාලන මිතුරා වෙච්ච දීප්ති කුමාරගුණරත්නගෙන් ලැබිච්ච බුද්ධිමය ප්‍රබෝධය මට කවදාවත් අමතක කරන්න බෑ. ඒත් අවාසනාවන්ත විදිහට මේ වෙද්දි අපි දැඩි දේශපාලන විරුද්ධවාදියෝ බවට පත්වෙලා. X - කණ්ඩායමේ සගයෝ සෙට් එකත් හැම වෙලාවේ ම මං ළඟ හිටියා.” (“I cannot forget the intellectual inspiration from Deepti Kumara Gunaratna, my long-time political friend, although we have, unfortunately, become strong political opponents by now. My ‘Comrades-in-Arms’ of the Group X were always around me.”)

මේ විදිහට තමන්ට ගෑවිච්ච කොල්ලන්ටයි බල්ලන්ටයි හැම එකාට ම ප්‍රණාමය පළ කරන නිරා (නිර්මාල්) තමන්ගේ ආචාර්ය උපාධි නිබන්ධනයේ කිසිම තැනක “තමන්ට ඉතිහාසකාරයෙක් වෙන්න උත්තේජනය ලබාදීපු ලෙස්ලි ගුණවර්ධන මහාචාර්යතුමා” ගැන වචනයක්වත් කියන්නේ නෑ.

මොන තරම් ගුණමකු මිනිහෙක් ද?

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.