News Category
From Date
To Date
Maximum Number of Result

නිරා සහ නීරා..

Aug 23, 2026 at 03:41 PM
|

මේ ලිපියෙන් මම නිරා ගැනත් නීරා ගැනත් කියනවා. මම මෙතැන “නිරා” කියලා කියන්නේ නිර්මාල්ට. ඒ හාදයා පිරිමියෙක් කියලයි මම හිතාගෙන ඉන්නේ. නීරා කාන්තාවක්. නීරා තමයි නිරාගේ ගුරුවරිය.

“නිරා” (නිර්මාල්) නිරාගමිකයෙක් නෙවෙයි. මේ යකා ආගම් විරෝධියෙක්.

අපි මුලින් ම, මේ කාරණය පැහැදිළි කර ගනිමු.

යම් පුද්ගලයෙක් ආගම් පිළිගන්නේ නැතිනම්, ආගම්වලින් කියන දේවල් නො සළකා හැරලා තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නවා නම්, අපි එහෙම අයට “නිරාගමිකයෝ” (An irreligionists) කියලා කියනවා. මෙහෙම අය ආගම්වලට විරුද්ධ නෑ. මේ අය ආගම් පිළිගන්නේ, අදහන්නේ නෑ. තමන් වගේ නොවන මිනිස්සු ආගම් අදහනවා දැක්කාම නිරාගමිකයන්ට කැහිල්ලක් හැදෙන්නේ නෑ. නළියන්නේ නෑ. ආගමික ශාස්තෘවරු ගැන, ආගම් අදහන අය ගැන ද්වේෂයක්වත්, වෛරයක්වත් මෙහෙම අයට නෑ. නිරාගමිකයෝ ආගම් දිහා උපේක්‍ෂාවෙන් බලනවා. එච්චරයි.

ඒත් “ආගම් විරෝධියෝ” (Anti-religionists) ඊට හාත්පසින් ම වෙනස්. මේ අය ආගමික ශාස්තෘවරුන්ට, ආගමික ආයතනවලට, චාරිත්‍රවලට සහ නීති රීතිවලට විරුද්ධයි. ඉතින් මෙහෙම අය ඉවරයක් නැතුව ආගම් විවේචනය කරනවා. ආගම්වල විනාශය අපේක්‍ෂා කරනවා. ආගම්වලින් තොර සමාජයක් වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒ වැඩේට අදාළ ප්‍රොපගැන්ඩා කරනවා. ඒ වගේ ම, මෙහෙම අය ආගම් විරෝධී වැඩවලට සක්‍රීයව දායකවෙනවා.

සියලු ම ආගම්වලට විරුද්ධ අයත්, තෝරාගත්ත ආගමකට (සමහර විට ආගම් කීපයකට) විතරක් විරුද්ධ අයත් විදිහට ආගම් විරෝධියෝ වර්ග කරන්න පුළුවන්. තෝරාගත්ත ආගම්වලට විරුද්ධ අය “බුද්ධාගම් විරෝධියෝ” (Anti-Buddhists), “කතෝලික විරෝධියෝ” (Anti-Catholics), “ක්‍රිස්තියානි විරෝධියෝ” (Anti-Christians), “හින්දු විරෝධියෝ” (Anti-Hindus), “ඉස්ලාම් විරෝධියෝ” (Anti-Islamists), “යුදෙව් විරෝධියෝ” (Anti-Jews) කියන විදිහට වෙන් කරලා හඳුනාගන්න පුළුවන්.

“නිරා” (නිර්මාල්) කියන්නේ හැම ආගමකට ම විරුද්ධ කෙනෙක් නෙවෙයි. මේ යකා විරුද්ධ බුද්ධාගමට විතරයි. මේ “නිරා” කවදාවත් බෞද්ධ නොවන වෙනත් ආගම්, ඒ ආගම්වල ශාස්තෘවරු, ඉතිහාසය, ඒ ආගම්වලට සම්බන්ධ ඓතිහාසික චරිත ගැන වචනයක්වත් කියන්නේ නෑ. ඉතින් මේ “නිරා” සහසුද්දෙන් ම බුද්ධාගම් විරෝධියෙක් විතරයි.

ඉතින් මෙහෙම එවුන්ට “නිරාගමිකයෝ” කියලා බොරු ගෞරව නාමයක් පටබඳින්න ඕන නෑ.

“මට දේශද්‍රෝහි ඉතිහාසකාරයෙක් වෙන්න උත්තේජනය ලැබුණේ කොමියුනිස්ට් පක්‍ෂයේ අතීත දැවැන්තයෙක් වෙච්ච ලෙස්ලි ගුණවර්ධනගෙන්” කියලා මේ බුද්ධාගම් විරෝධී “නිරා” (නිර්මාල්) ළඟ දී කියලා තිබුණා. (මම ඒ ප්‍රකාශයේ වැරැදි හදලයි මෙතැන දැම්මේ. සිංහල වාක්‍යයක්වත් හරියට සහ නිරවුල්ව ලියාගන්න බැරි එකෙක් තමයි ඉතිහාසය පිළිබඳ මහාචාර්ය පට්ටමක් ඇරැගෙන පුරාණ ඓතිහාසික මූලාශ්‍ර ගැන කියවන්නේ). ඇත්තෙන්ම, “නිරා” (නිර්මාල්) කියන මේ කතාව තවත් ටොම් පචයක් විතරයි. මේ යකාගේ ගුරුවරයා මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන නෙවෙයි.

නිරා (නිර්මාල්) උත්තේජනය ලබාගෙන තියෙන්නේ නීරාගෙන් (නීරා වික්‍රමසිංහගෙන්). කොළඹ විශ්වවිද්‍යාලයේ රජ කරන ලිබ්බන්ගේ බලකොටුවලට එබිලා බැලුවාම මේ ගුරු - ගෝල සම්බන්ධකම ලේසියෙන් ම හොයාගන්න පුළුවන්.

1964 මැයි 8 වැනි දා තමයි නීරා කොන්ජිත් සමරසිංහ (Nira Konjit Samarasinghe) ඉපැදිලා තියෙන්නේ. Konjit නම තියෙන අය ඉතියෝපියාව, එරිත්‍රියාව වගේ රටවල්වල ඉන්නවා කියලා කියනවා. ඒ රටවල්වල මේ “කාන්ජිත්” නම “මිල කරන්න බැරි තරම් ලස්සන” කියන අර්ථයෙන් යොදාගන්නවා කියලයි කියන්නේ. ඒත් නීරාගේ “කොන්ජිත්” නමයි ඉතියෝපියානු “කාන්ජිත්” නමයි අතර සම්බන්ධයක් තියෙනවා ද කියලා මම නම් දන්නේ නෑ. ඇත්තෙන්ම, නීරාගේ නමේ තියෙන “Konjit” කොටස උච්චාරණය කරන්නේ කොහොම ද කියන එකවත් මම දන්නේ නෑ.

කොළඹ ඉපැදිච්ච නීරා කොන්ජිත් සමරසිංහ ප්‍රංශයේ පැරිස් නගරයේ තමයි හැදිලා වැඩිලා, ලොකු මහත්වෙලා තියෙන්නේ. 1981 දී (ඒ කියන්නේ, වයස අවුරුදු 17 දී), නීරා පැරිස් හතර සෝබෝන් විශ්වවිද්‍යාලයට (University of Paris IV – Sorbonne) ඇතුළත් වෙලා තියෙනවා.

1968 අවුරුද්දේ ප්‍රංශයේ ඇවිලිච්ච ශිෂ්‍ය විරෝධාවලින් පස්සේ, 1970 දී පැරිස් විශ්වවිද්‍යාලය (University of Paris) ස්වාධීන ආයතන 13 කට කඩලා වෙන් කළා. ඒ “කොටස්” අංකවලින් තමයි නම් කළේ. නීරා ඇතුළුවෙච්ච කොටස “පැරිස් හතර” (Paris IV) කියලා හඳුන්වලා තියෙන්නේ ඒ හින්දයි. ඒක “පැරිස් හතර - සෝබෝන් විශ්වවිද්‍යාලය” කියලා නිල විදිහට හැඳින්නුවා. මානව විද්‍යාව, සාහිත්‍යය, ඉතිහාසය සහ භාෂා වගේ විෂයයන් තමයි මේ පැරිස් හතර විශ්වවිද්‍යාලයේ උගන්නලා තියෙන්නේ. 2018 ජනවාරි 1 වැනි දා, මේ පැරිස් හතර සෝබෝන් විශ්වවිද්‍යාලය සහ පියරේ සහ මාරි කියුරි විශ්වවිද්‍යාලය (Pierre and Marie Curie University) එකතු කරලා සෝබෝන් විශ්වවිද්‍යාලය (Sorbonne University) ඇති කළා.

1981 ඉඳලා 1984 වෙන කල් ම (වයස අවුරුදු 20 ක් වෙන කල් ම), නීරා ඉගෙනගෙන තියෙන්නේ පැරිස් හතර සෝබෝන් විශ්වවිද්‍යාලයේ. ඊට පස්සේ, 1985 දී, නීරා එංගලන්තේ ඔක්ස්පර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළුවෙලා තියෙනවා. 1989 දී, ඇය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් “නූතන ඉතිහාසය” පිළිබඳ ආචාර්ය උපාධිය ලබාගෙන තියෙනවා. ඒ ආචාර්ය උපාධිය ලබාගත්තාට පස්සේ තමයි නීරා සමරසිංහ ලංකාවට ඇවිල්ලා 1990 දී කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට එකතුවෙලා තියෙන්නේ.

නිරා (නිර්මාල්) 1965 අවුරුද්දේ ඉපැදිච්ච කෙනෙක්. ඒ කියන්නේ, නිරා නීරාට වඩා අවුරුද්දකින් බාලයි. නිරා 1991 දී (ඒ කියන්නේ, නීරා කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට එකතුවෙලා අවුරුද්දකට පස්සේ) ඉතිහාසය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාටිය (BA) ලබාගත්තා. 1992 දී, නිරා (නිර්මාල්) පරිවාස කථිකාචාර්යවරයෙක් (A probationary lecturer) විදිහට කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ ආචාර්ය මණ්ඩලයට එකතුවුණා.

ආචාර්ය මණ්ඩලයට එකතුවෙලා අවුරුදු 8 කට පස්සේ, 2000 අවුරුද්දේ, මේ නිරා (නිර්මාල්) කොළඹ විශ්වවිද්‍යාලයෙන් ම දර්ශනපති (M.Phil.) උපාධිය ලබාගෙන තියෙනවා. ඒ උපාධිය ගන්න කලින්, 1998 දී, මේ හාදයා ඉන්දියාවේ ඇමෙරිකානු අධ්‍යයන පර්යේෂණ මධ්‍යස්ථානයෙන් (American Studies Research Centre) “ඇමෙරිකානු ශිෂ්ටාචාරය සහ සංස්කෘතිය” (American Civilization and Culture) පිළිබඳ සැටිෆිකේට් එකකුත් ලබාගෙන තියෙනවා. ඊටත් කලින්, 1994 දී, මේ නිරා ස්විධනයේ උප්සලා විශ්වවිද්‍යාලයෙන් “ගැටුම් නිරාකරණය” (Conflict resolution) ගැන මාස තුනක පාඨමාලාවක් හදාරලා ඩිප්ලෝමවකුත් ලබාගෙන තියෙනවා.

2007 දී තමයි, නිරා (නිර්මාල්) නෙදර්ලන්තයේ ලේඩන් විශ්වවිද්‍යාලයෙන් (Leiden University) ආචාර්ය (Ph.D.) උපාධිය ලබාගත්තේ. ඊට කලින් (2002 දී), මේ හාදයා ඒ විශ්වවිද්‍යාලයෙන් ම (ලේඩන් විශ්වවිද්‍යාලයෙන් ම), විශේෂ ශාස්ත්‍රපති උපාඨියක් (Advanced Master) ලබාගෙන තියෙනවා.

නිරා (නිර්මාල්) විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදිහට ගත කරපු මුල් අවුරුදු කීපයේ ඇරෙන්න ආචාර්ය උපාධිය ලබාගන්නා දවස දක්වා ම (ඇත්තෙන්ම, ඊටත් වැඩි කාලයක්, හරියට ම කියනවා නම් 1990 ඉඳලා 2009 දක්වා ම), නීරා සමරසිංහ (වික්‍රමසිංහ) කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ උගන්නලා තියෙනවා. (නීරා සමරසිංහ පස්සේ කාලෙක වික්‍රමසිංහ බවට පත්වුණේ මාර්ටින් වික්‍රමසිංහගේ පවුලට සම්බන්ධ කෙනෙක් කසාද බැන්ද හින්දා කියලයි කියන්නේ. මේ ඕපදූප ගැන වැඩි දැනුමක් මට නෑ).

2009 අවුරුද්දේ (ඒ කියන්නේ නිරා ලේඩන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගෙන අවුරුදු දෙකකට පස්සේ) නීරා වික්‍රමසිංහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් අස්වුණා. ඊට පස්සේ, 2010 දී, ඇය නිරා (නිර්මාල්) ආචාර්ය උපාධිය ලබාගත්ත නෙදර්ලන්තයේ ලේඩන් විශ්වවිද්‍යාලයේ ආසියානු අධ්‍යයන ආයතනයේ (Institute for Area Studies) නූතන දකුණු ආසියානු අධ්‍යයන කටයුතු පිළිබඳ මහාචාර්යවරිය බවට පත්වුණා.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ දීර්ඝ කාලීන සාමාජිකයෙක් වෙච්ච මහාචාර්ය රණවීර ලෙස්ලි ගුණවර්ධන ඉගැන්නුවේ සහ තමන්ගේ ශාස්ත්‍රීය ජීවිතය ගත කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ. 1997 – 2000 කාලයේ දී, ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විදිහටත් කටයුතු කළා. ඔහු 2000 අවුරුද්දේ,  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කටයුතුවලින් මුළුමනින් ම අයින්වෙලා දේශපාලනයට සම්බන්ධ වුණා. 2000 – 2001 කාලයේ දී, ඔහු චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවේ විද්‍යා සහ තාක්‍ෂණික ඇමැතිවරයා විදිහටත් කටයුතු කළා. කාලයක් අසනීපවෙලා හිටිය ලෙස්ලි ගුණවර්ධන මහාචාර්යතුමා 2010 අවුරුද්දේ මියගියා. ඒ වෙද්දි, ඔහුගේ වයස අවුරුදු 72 ක්.

ඉතින් තමන් “ඉතිහාසකාරයෙක්” බවට පත්වුණේ (ඇත්තෙන්ම, මේ යකා ඉතිහාසකාරයෙක් නෙවෙයි) ලෙස්ලි ගුණවර්ධන මහාචාර්යතුමාගෙන් ලැබිච්ච උත්තේජනයෙන් කියලා නිරා (නිර්මාල්) කියන කතාව ඇත්තක් නෙවෙයි. නිරා (නිර්මාල්) වැඩිම කාලයක් ආශ්‍රය කරලා තියෙන්නේ නීරා වික්‍රමසිංහ මිසක් ලෙස්ලි ගුණවර්ධන නෙවෙයි. නිරා සහ නීරා දෙන්නා ම නෙදර්ලන්තයේ ලේඩන් විශ්වවිද්‍යාලයට සම්බන්ධ අය වීමත් විශේෂයක්.

2001 – 2006 කා‍ලයේ දී, ලේඩන් විශ්වවිද්‍යාලය මෙහෙයවපු “නව හවුල්කාරීත්ව යුගයක් කරා” (Towards a New Age of Partnership, TANAP) කියන වැඩපිළිවෙළේ අනුග්‍රහයෙන් තමයි නිරා (නිර්මාල්) ආචාර්ය උපාධිය කළේ. ආසියාවේ, අප්‍රිකාවේ සහ යුරෝපයේ තරුණ උගත්තු අලුත් හවුල්කාරීත්වයක් වෙනුවෙන් පුහුණු කරවාගැනීම වෙනුවෙන් තමයි ලේඩන් විශ්වවිද්‍යාලය මේ TANAP වැඩේ කළේ. නිරා (නිර්මාල්) කියන්නේ ඒ “අලුත් හවුල්කාරීත්වයට” සම්බන්ධ කරගත්ත කෙනෙක්.

නිරා (නිර්මාල්) තමන්ගේ ආචාර්ය උපාධිය ලබාගන්න උදව් කළ අයට නිබන්ධයේ පිටු තුනක් ම කැප කරලා ප්‍රණාමය පළ කරලා තියෙනවා. ඒ ලැයිස්තුවේ මුලින් ම තියෙන්නේ ආචාර්ය උපාධි පර්යේෂණයේ ජ්‍යෙෂ්ඨ අධීක්‍ෂකවරයා විදිහට කටයුතු කරපු ලියොනාර්ඩ් බ්ලුසේ (Leonard Blussé) මහාචාර්යවරයාගේ නම. ඊ ළඟ‍ට, ආචාර්ය උපාධි පර්යේෂණයේ අධීක්‍ෂකවරයා විදිහට කටයුතු කරපු ලෝඩවයික් වගනාර් (Lodewijk Wagenaar) මහාචාර්යවරයාගේ නම තියෙනවා.

මේ මුල් නම් දෙක කියලා ප්‍රණාමය පළ කළාට පස්සේ නිරා (නිර්මාල්) ඊ ළඟට මෙහෙම කියනවා.

“Professor Nira Wickramasinghe of the University of Colombo, my Sri Lankan supervisor, always kept a close eye on me when I was struggling to concentrate on my research in the Colombo Archives. Her guidance and encouragement were most helpful.”

මේ කියන්නේ මොකක්ද?

තමන්ගේ ආචාර්ය උපාධි අධ්‍යයන පර්යේෂණ කටයුතු ශ්‍රී ලංකාව පැත්තෙන් අධීක්‍ෂණය කළේ නීරා වික්‍රමසිංහ මහාචාර්යවරිය බවත් කොළඹ ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ කරපු පර්යේෂණ කටයුතුවලට හරියාකාරව අවධානය යොමු කරන්න බැරිවෙච්ච වෙලාවට ඇය ඉතාමත් තදින් මේ ගෝලයා දිහා ඇහ ගහගෙන බලාගෙන හිටිය බවත් තමයි මේ කියන්නේ. ඒ වගේ ම “ඇයගේ මාර්ගෝපදේශන සහ දිරිගැන්වීම අතිශයින් ම ප්‍රයෝජනවත් වුණා” කියලත් නිරා (නිර්මාල්) කියනවා.

මේ ආචාර්ය උපාධි පර්යේෂණය කරන කාලය වෙද්දි විරුද්ධවාදියෙක් වෙලා හිටිය දීප්ති කුමාර ගුණරත්නටත් X - කණ්ඩායමේ සගයන්ටත් නිරා (නිර්මාල්) තමන්ගේ ප්‍රණාමය පළ කරනවා.

“මගේ දීර්ඝ කාලීන දේශපාලන මිතුරා වෙච්ච දීප්ති කුමාරගුණරත්නගෙන් ලැබිච්ච බුද්ධිමය ප්‍රබෝධය මට කවදාවත් අමතක කරන්න බෑ. ඒත් අවාසනාවන්ත විදිහට මේ වෙද්දි අපි දැඩි දේශපාලන විරුද්ධවාදියෝ බවට පත්වෙලා. X - කණ්ඩායමේ සගයෝ සෙට් එකත් හැම වෙලාවේ ම මං ළඟ හිටියා.” (“I cannot forget the intellectual inspiration from Deepti Kumara Gunaratna, my long-time political friend, although we have, unfortunately, become strong political opponents by now. My ‘Comrades-in-Arms’ of the Group X were always around me.”)

මේ විදිහට තමන්ට ගෑවිච්ච කොල්ලන්ටයි බල්ලන්ටයි හැම එකාට ම ප්‍රණාමය පළ කරන නිරා (නිර්මාල්) තමන්ගේ ආචාර්ය උපාධි නිබන්ධනයේ කිසිම තැනක “තමන්ට ඉතිහාසකාරයෙක් වෙන්න උත්තේජනය ලබාදීපු ලෙස්ලි ගුණවර්ධන මහාචාර්යතුමා” ගැන වචනයක්වත් කියන්නේ නෑ.

මොන තරම් ගුණමකු මිනිහෙක් ද?

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සම්බන්ධිත පුවත් | Related News

නන්දා මාලනීගේ සිංදු අහලා තරුණයන් ප්‍රචණ්ඩ වුණා නම් හැමදාම බණ අහන මිනිස්සු නිවන් ගියා ද කියලා එක්තරා රැඩිකල් නිරාගමික භික්ෂුවක් ප්‍රශ්නයක් අහලා තිබුණා.
එක්සත් ජනපදය සහ ඉරානය අතර ගැටුම දෛනික බෝම්බ ප්‍රහාර සහ පළිගැනීමේ ප්‍රහාර මාලාවක් බවට මේ වන විට පත්ව ඇත. මේ තත්වය තුළ ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් හිමි රාජ්‍ය පාලකයෝ මෙන්ම සාමාන්‍ය ජනයා හුස්ම හිරකරගෙන, ඊළඟට සිදුවන්නේ කුමක්දැයි බලා සිටිති.
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස සහ ධූර කාලය වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුව විසින් මේ වන විට 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන (22A) පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් සිටින අතර, එය මහා සංඝරත්නය, නීතිඥවරුන්, විද්වතුන් සහ අධිකරණ ක්ෂේත්‍රය පුරා දැඩි සංවාදයකට තුඩු දී ඇත. මෙවැනි විශාල මට්ටමේ ව්‍යුහාත්මක වෙනස්කම් නීත්‍යානුකූලව, සුමටව මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL), අධිකරණය සහ ශ්‍රී ලංකාවේ ජනතාවගේ පූර්ණ එකඟතාව සහිතව සිදු විය යුත්තකි.
හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති රිට් පෙත්සමට මැදිහත් වීම සඳහා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ඉදිරිපත් කර ඇති පෙත්සම, සම්පූර්ණයෙන්ම පරස්පර විරෝධී කරුණු මත පදනම් වූවක් බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා ලිපියක් මගින් කරුණු අනාවරණය කරයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය විෂය පිළිබඳ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මැතිතුමා යූ ටියුබ් චැනලයක මීට මාස කිහිපයකට පෙර කරන ලද සාකච්ඡාවක් පිලිබඳව මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල විවිධ මත පළවෙමින් පවතී. අද ලංකාවේ සාමාන්‍යයෙන් සිදුවන්නාක් මෙන් මෙවන් කරුණක් සම්බන්ධයන් සිදුවන සාකච්ඡා තම තමන්ගේ පුද්ගලික අදහස් වලින්, අපහාස , අවලාද, මඩ ප්‍රහාර වලින් ඔබ්බට නොගොස් එකතැන පල්වෙමින් පවතී.
අගෝස්තු 18 වැනිදා, ප්‍රාන්ත නීතිපතිවරුන්ගෙන් සමන්විත ද්විපාර්ශ්වික සන්ධානයක් විසින් Meta සමාගමට එරෙහිව ගොනු කරන ලද නඩුවක් ඇමරිකානු ෆෙඩරල් අධිකරණයකදී විභාගයට ගැනීම ආරම්භ විය.
ඉස්ලාමීය ආගමික උමතුවක් සහ අන්තවාදයක් පවතින බව ප්‍රතික්ෂේප කරන සමාජ මතවාදයක් පවතින එකම රට ලංකාව පමණක් විය හැකිය.
රුසියා–යුක්රේන ගැටුම තවත් තීරණාත්මක අවධියක් පසුකරමින් සිටී.
ලෝකයම මැදපෙරදිග යුද්ධ සහ ඇමෙරිකානු ආර්ථිකය දෙස බලන් ඉද්දී, ආසියාවේ ප්‍රබලම රටක විශාල ආර්ථික අර්බුදයක් නිහඬව නිර්මාණය වෙමින් පවතිනවා. ඒ වෙන කිසිම රටක් නෙවෙයි, තාක්ෂණයෙන් සහ දියුණුවෙන් ලෝකයටම ආදර්ශයක් වූ ජපානයයි.

ප්‍රධාන පුවත්

පළාත් සභාවලට අධිකරණ බලය?.. - 22 සංශෝධනයේ සැඟවුනු කතාව එළියට..

හිරු සලකුණ වැඩසටහනේදී එම වැඩසටහනට පැමිණි නීතිඥවරුන් විසින් 22 සංශෝධනය පිටුපස ඇති සැඟවුණු කරුණු රැසක් හෙළිදරව් කර ඇති අතර, 22 සංශෝධනයෙන් ප්‍රාදේශීය අභියාචනාධිකරණ පිහිටුවීම මගින් රටේ ඒකීය භාවයට බරපතළ තර්ජනයක් එල්ල විය හැකි බවට ද එහිදී කරුණු අනාවරණය කර ඇත.

2025 දී අත්සන් කළ ඉන්දු- ලංකා ආරක්ෂක ගිවිසුම වහා ක්‍රියාත්මක කරන්නැයි කියන්න ඉන්දීය ආරක්ෂක ඇමති ලංකාවට..

ලබන මස මුල් සතියේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං, පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී දෙරට අතර අත්සන් තබන ලද ආරක්ෂක සහයෝගිතා අවබෝධතා ගිවිසුම (MoU) ඉක්මනින් හා පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ඇති බව The Sunday Times පුවත්පත වාර්තා කරයි.

අමෙරිකාවේ පරාජය අත ළඟ: අමෙරිකාවට ඉරාන යුද්ධය ජයගත නොහැක්කේ ඇයි?

එක්සත් ජනපදය සහ ඉරානය අතර ගැටුම දෛනික බෝම්බ ප්‍රහාර සහ පළිගැනීමේ ප්‍රහාර මාලාවක් බවට මේ වන විට පත්ව ඇත. මේ තත්වය තුළ ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් හිමි රාජ්‍ය පාලකයෝ මෙන්ම සාමාන්‍ය ජනයා හුස්ම හිරකරගෙන, ඊළඟට සිදුවන්නේ කුමක්දැයි බලා සිටිති.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අවුරුදු 21ට අඩු දරුවන් 8500ක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරනවා.. ඔවුන් වැටෙන්නේ පාතාලයන් ළඟට.. - සිරගෙවල්වල ආතතියට හේතුව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි.

රටම එකට ක්‍රියාවලිය තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අවුරුදු 21ට අඩු දරුවන් 8500ක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන බවත්, ඔවුන් වින්දිතයන් බවත්, ඔවුන්ව උසාවි දැමූ පසු ඇප ලබා නොදීම නිසා රිමාන්ඩ් බන්ධනාගාරයට යාමට සිදුවන බවත් එහිදී ඔවුන් වැටෙන්නේ පාතාල අපරාධකරුවන් අතරට බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

"කොහොමත් ජනමත විචාරණයක් පැවැත්වෙන්නේ නැහැ" - අධිකරණ ඇමති කියයි

22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් "කොහොමත් ජනමත විචාරණයක් පැවැත්වෙන්නේ නැහැ" යනුවෙන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට පාර්ශ්ව රැසක දැඩි විරෝධයක් එල්ල වී තිබේ .

කාදිනල්හිමි ඉල්ලන්නේ අසත්‍ය තොරතුරු මත පදනම්වූ සලේගේ රිට් පෙත්සම ප්‍රතික්ෂේප කිරීම නම් කාදිනල්හිමිගේ පෙත්සමටත් අත්විය යුත්තේ එම ඉරණම නොවේද?

හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති රිට් පෙත්සමට මැදිහත් වීම සඳහා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ඉදිරිපත් කර ඇති පෙත්සම, සම්පූර්ණයෙන්ම පරස්පර විරෝධී කරුණු මත පදනම් වූවක් බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා ලිපියක් මගින් කරුණු අනාවරණය කරයි.

22 වන සංශෝධනය පිටුපස දෙමළ ඩයස්පෝරාවේ බලපෑමක් තිබිය හැකියි.. – නීතිඥ ගාමිණී අල්විස්

රජය විසින් ඉදිරිපත් කිරීමට සූදානම් වන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙමළ ඩයස්පෝරාවේ ඉල්ලීමක් මත සිදුවන්නක් විය හැකි බව නීතිඥ ගාමිණී අල්විස් මහතා පවසයි.

ශිරාණි බණ්ඩාරනායකව තනතුරෙන් ඉවත් කළේ ඒකීය ශ්‍රී ලංකාව තුළ ෆෙඩරල්කරණයට පක්ෂපාතී වූ තීන්දු දුන් නිසයි.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ශිරාණි බණ්ඩාරනායක අග්‍රවිනිශ්චකාරතුමිය ලබාදුන් නඩු තීන්දු 5ක් පිළිබඳව තොරතුරු අනාවරණය කරමින් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසන්නේ එම නඩු තීන්දු ඒකීය රටක් තුළ ෆෙඩරල්කරණයට පක්ෂපාති වූ නඩුතීන්දු ලෙස හැඳින්විය හැකි බවයි.

Meta පැරදුණත් ජනතාව වහලුන්ද?.. - Meta නඩුව පිටුපස ඇති ඇත්ත මෙන්න..

සමාජ මාධ්‍ය වේදිකාවලට පරිශීලකයින් ඇබ්බැහි කරවීම, පරිශීලක දත්ත සඟවා රැස්කිරීම සහ විශේෂයෙන්ම ළමුන්ගේ මානසික සෞඛ්‍යයට හානි සිදුකිරීම යන චෝදනා පදනම් කරගනිමින් Meta සමාගමට එරෙහිව ඇමරිකානු ෆෙඩරල් අධිකරණයකදී නඩු විභාගයක් ආරම්භ වී තිබේ. එක්සත් ජනපදයේ ප්‍රාන්ත 29ක් එක්ව ගොනුකර ඇති මෙම නඩුව සඳහා කැලිෆෝනියා, කොලරාඩෝ, කෙන්ටකි සහ නිව් ජර්සි යන ප්‍රාන්ත නීතිපතිවරුන් ප්‍රධාන වශයෙන් පෙනී සිටියි.

22 ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 11ක්..

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කර ඇති අතර, ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබේ.

ඇමරිකාවේ අභ්‍යවකාශ අභිලාෂයන් අවි තරඟයකට මඟ පෑදීමේ අවදානමක් පවතිනවා-ඉරානය අනතුරු අඟවයි

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ඉරානයේ නිත්‍ය නියෝජිතවරයා අනතුරු අඟවා ඇත්තේ, අභ්‍යවකාශයේදී හමුදාමය හා උපායමාර්ගික ආධිපත්‍යය අත්පත් කර ගැනීමට එක්සත් ජනපදය දරන උත්සාහයන් අභ්‍යවකාශ අවි තරඟයක අවදානම ඉහළ නංවන අතර, එය අභ්‍යවකාශය හමුදාමය ගැටුම් සඳහා භාවිත වන වේදිකාවක් බවට පත් කිරීමේ තර්ජනයක් ඇති කරන බවයි.

දුප්පත්කම සහ කටුක අභියෝග ජය ගනිමින් ක්ෂේත්‍රයේ හිනිපෙත්තටම ගිය විශාරද නන්දා මාලනීයගේ ජීවිත ගමනින් බිඳක්..

ශ්‍රී ලාංකේය සුගම සංගීත ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙවරක් ඉටු කළ, ‘ජාතියේ යශෝරාවය’ ලෙස විරුදාවලිය ලත් ප්‍රවීණ ගායිකා විශාරද, ආචාර්ය නන්දා මාලනිය ඊයේ(20) දින නුගේගොඩ නාවල පාරේ පිහිටි තම නිවසේදී අභාවප්‍රාප්ත විය.

සුරේෂ් සලේට යුක්තිය ඉල්ලා අරඹුණු "JUSTICE FOR SALLAY" වැඩසටහන..

හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට යුක්තිය ඉල්ලා "JUSTICE FOR SALLAY" නමින් සවිධානය කළ විශේෂ විශේෂ වැඩසටහනක් ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණි.

22 සංශෝධනය කළ හැක්කේ ජනතා මතය විමසීමකින් පමණයි.. ආණ්ඩුව යන්නේ ඒකාධිපති ගමනක්.. - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම

ආණ්ඩුව උත්සාහ දරමින් සිටින්නේ අධිකරණයත් ඇතුළුව සමස්ථ රාජ්‍ය යාන්ත්‍රණය මාලිමාවේ බලය යටතට ගෙන ඒමට බවත්, මෙය ඉතා භයානක ප්‍රතිඵල ගෙන දෙන්නක් බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

පුරාවිද්‍යා පනත අහෝසිකර ජාතික උරුම පනත නමින් පනතක් ගේන්න බෙදුම්වාදීන් යෝජනා කරලා.. උතුරු සහ නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන අනතුරේ.. 22 වන සංශෝධනයේ ඇත්ත කතාව මෙන්න.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්

ආණ්ඩුව ඉතා නිර්ලජ්ජිත ලෙස දෙමළ ඩයස්පෝරාව ප්‍රමුඛ බෙදුම්වාදීන් සතුටු කිරීමට පුරාවිද්‍යා පනත අහෝසිකර ජාතික උරුම පනත නමින් පනතක් ගෙනවිත් උතුරු සහ නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන මෙම ජාතිවාදීන්ගේ ග්‍රහණයට නතු කිරීමට උත්සාහ දරන බවත්, නැවත වටයකින් රණවිරු දඩයම ආරම්භ කර නාවික හමුදාවේ සිටි උසස් නිලධාරීන් කිහිපදෙනෙකුට පුනුරුත්තාපනය කළ කොටි ත්‍රස්තවාදියෙකුගේ කටඋත්තර බලෙන් ගෙන ඔවුන්ව සිරගත කිරීමට උත්සාහ දරන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බාධක පනවා ඉරානය ජය ගන්න ට්‍රම්ප්ට පුලුවන්ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ ගෙන් අනාවරණයක්

එක්සත් ජනපදය විසින් ඉරානයට එරෙහිව නැවතත් දැඩි ආර්ථික සම්බාධක පැනවීමේ සූදානම සහ ඒ හරහා මැදපෙරදිග දේශපාලනික හා ආර්ථික ක්ෂේත්‍රයට එල්ල විය හැකි බලපෑම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතාගේ සහභාගීත්වයෙන් අන්තර්ජාල නාලිකාවක් ඔස්සේ පවත්වා තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.