ජපානයේ "නිහඬ" ආර්ථික බෝම්බය: අනාගතයේ රටට මොකද වෙන්නේ?..
ලෝකයම මැදපෙරදිග යුද්ධ සහ ඇමෙරිකානු ආර්ථිකය දෙස බලන් ඉද්දී, ආසියාවේ ප්‍රබලම රටක විශාල ආර්ථික අර්බුදයක් නිහඬව නිර්මාණය වෙමින් පවතිනවා. ඒ වෙන කිසිම රටක් නෙවෙයි, තාක්ෂණයෙන් සහ දියුණුවෙන් ලෝකයටම ආදර්ශයක් වූ ජපානයයි.
එදා ලෝකයේ 3 වෙනි විශාලතම ආර්ථිකයට හිමිකම් කී ජපානයට, අද ඒ ස්ථානය ජර්මනියට පවරා දෙන්න සිදුවෙලා. එපමණක් නොව, ඉන්දියාවත් ඉතා ඉක්මනින්ම ජපානය පසුකර යාමට ආසන්නයි.
ලෝකයේ සුපිරිම රටකට මෙහෙම වුණේ ඇයි?
මෙයට ප්‍රධාන හේතු 3ක් බලපා තිබෙනවා.
වයස්ගත වන ජනගහනය: ජපානයේ උපත් අනුපාතය දැඩි ලෙස පහළ බැස ඇති අතර (2024 දී 1.15 දක්වා), ජනගහනයෙන් 30% කට වඩා වයස අවුරුදු 65 ට වැඩි අයයි. වැඩකරන තරුණ පරපුර අඩුවීම නිසා බදු ආදායම අඩු වී, පෙන්ෂන් සහ සෞඛ්‍ය වියදම් අධික වී තිබේ.
වසර 30 ක් තිස්සේ වැඩි නොවූ වැටුප්: 1980 ගණන්වල පැවැති ඉඩම් සහ කොටස් වෙළඳපොළ බුබුල (Bubble Economy) පිපිරීමෙන් පසු, සමාගම් ස්ථිර සේවකයින් වෙනුවට තාවකාලික සේවකයින් ලබා ගැනීමට පටන් ගත්තේය. මෙයින් 1.4% ක වැනි ඉතා අඩු වැටුප් වර්ධනයක් පමණක් සිදු වූ අතර මිනිසුන්ගේ මිලදී ගැනීමේ හැකියාව පහත වැටුණි.
පහත වැටෙන 'යෙන්' මුදල් ඒකකය: තෙල්, ගෑස් සහ ආහාර ද්‍රව්‍යවලින් 60% කට වඩා පිටරටින් ගෙන්වන ජපානයට, ඩොලරයට සාපේක්ෂව 'යෙන්' අගය බැසීම නිසා බඩු බාහිරාදිය ගෙන්වීමේ වියදම අධික ලෙස ඉහළ ගොස් ඇත.
හිස් වෙන ගෙවල් (Akia) සහ ණය බර
පාළු වූ නිවාස: ජපානයේ සමස්ත නිවාසවලින් 14% ක් (මිලියන 9 ක් පමණ) කිසිවෙකු නොමැතිව පාළුවට ගොස් ඇත.
ණය ප්‍රමාණය: ජපානයේ ණය බර මුළු ආර්ථිකයෙන් 250% ක් වුවද, ණයවලින් 93% ක්ම ලබාගෙන ඇත්තේ තමන්ගේම රටේ ජනතාවගෙන් සහ බැංකුවලින් වන බැවින් රට එකපාරටම බංකොලොත් වන්නේ නැත.
ලෝක ආර්ථිකයට වන බලපෑම කුමක්ද?
ජපානය වසර 17 කට පසු තමන්ගේ පොලී අනුපාත වැඩි කිරීමට පටන් ගෙන ඇත. ජපාන ආයෝජකයින් විදේශයන්හි (විශේෂයෙන් ඇමෙරිකාවේ) ආයෝජනය කර ඇති මුදල් ආපසු ජපානයට ගෙන ඒමට පටන් ගතහොත්, එය සමස්ත ලෝක කොටස් වෙළඳපොළටම විශාල බලපෑමක් එල්ල කළ හැකිය!
ජපානය එකපාර කඩා වැටෙන්නේ නැති වුණත්, වයස්ගත වන ජනගහනයත් එක්ක හිමීට හැකිළෙමින් පවතිනවා. ඉදිරියේදී අපේ රටටත් මෙවැනි ජනගහන ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වුණොත් මුහුණ දෙන්න වෙන්නේ කෙබඳු තත්ත්වයකටද?
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති
"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ
ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..
ලෝක වෙළෙඳපොළට අනුව ඉන්ධන මිල වෙනස් කරන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි..