පුරාවිද්‍යා පනත අහෝසිකර ජාතික උරුම පනත නමින් පනතක් ගේන්න බෙදුම්වාදීන් යෝජනා කරලා.. උතුරු සහ නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන අනතුරේ.. 22 වන සංශෝධනයේ ඇත්ත කතාව මෙන්න.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්
ආණ්ඩුව ඉතා නිර්ලජ්ජිත ලෙස දෙමළ ඩයස්පෝරාව ප්‍රමුඛ බෙදුම්වාදීන් සතුටු කිරීමට පුරාවිද්‍යා පනත අහෝසිකර ජාතික උරුම පනත නමින් පනතක් ගෙනවිත් උතුරු සහ නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන මෙම ජාතිවාදීන්ගේ ග්‍රහණයට නතු කිරීමට උත්සාහ දරන බවත්, නැවත වටයකින් රණවිරු දඩයම ආරම්භ කර නාවික හමුදාවේ සිටි උසස් නිලධාරීන් කිහිපදෙනෙකුට පුනුරුත්තාපනය කළ කොටි ත්‍රස්තවාදියෙකුගේ කටඋත්තර බලෙන් ගෙන ඔවුන්ව සිරගත කිරීමට උත්සාහ දරන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ජාතික සංවිධාන එකමුතුව මගින් පැවැත්වූ ප්‍රවෘති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා පවසන්නේ 22 වැනි සංශෝධනය හරහා ආණ්ඩුව ඉතා අවුල් සහගත තත්ත්වයක් රටේ නිර්මාණය කර ඇති බවයි.
පසුගිය දා දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන ශානක්‍යන් සහ සුමන්තිරන් විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පැමිණ නැගෙනහිර පාළාතේ පුරාවිද්‍යා ගවේෂණ වාර්තාවල කරුණු වෙනස් කිරීම සඳහා සාකච්ඡා කර ඇති බවත්, එමෙන්ම බඳවා ගැනීම් පටිපාටිය වෙනස් කර උතුරු නැගෙනහිර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ තනතුරු හතරට ඔවුන්ට අවශ්‍ය පුද්ගලයන් පත් කිරීමට ඔවුන් සාකච්ඡා කර ඇති බවත් ඒ මහතා හෙළිදරව් කරයි.
එමෙන්ම ඔවුන් විසින් ජාතික උරුම ප්‍රතිපත්තිය නමින් ප්‍රතිපත්තියක් ගෙනවිත් පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුව අහෝසි කර ඒ වෙනුවට ජාතික උරුම දෙපාර්තමෙන්තුව නමින් දෙපාර්තමෙන්තුවක් ඇති කිරීමට යෝජනා කර ඇති බවත්, ඒ සඳහා නීති තෙටුම්පත් මේ වන විට සකස් කරමින් පවතින බවත් වෛද්‍ය වසන්න බණ්ඩාර මහතා මෙහිදී අනාවරණය කළේය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති
"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ
ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..
ලෝක වෙළෙඳපොළට අනුව ඉන්ධන මිල වෙනස් කරන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි..