News Category
From Date
To Date
Maximum Number of Result

ජනරජවංශය (1 වැනි කොටස) - අවුමිල්දාරයෝ

Jul 30, 2026 at 02:06 PM
|

අවුමිල්දාරයෝ (Aumildars) ගැන කතාව කියන්නම්. (ඇත්තෙන්ම, මට මේ කතාව කියන්න උනන්දුවක් ඇතිවුණේ අපේ පියසිරි අමරකෝන් මහත්මයා ලියපු “ඊළාම් ප්‍රබන්ධය කාගේ නිර්මාණයක් ද?” කියන පොත කියවන්න පටන්ගත්තාට පස්සේ).

1782 ජනවාරි 11 වැනි දා තමයි බ්‍රිතාන්‍ය හමුදාව මුලින් ම ලන්දේසීන්ගෙන් ත්‍රීකුණාමලය උදුරගත්තේ. ඒත් ඒ බලය වැඩි කාලයක් රැකගන්න බ්‍රිතාන්‍ය හමුදාවට බැරිවුණා. ඒ අවුරුද්දේ ම අගෝස්තු 30 වැනි දා, ප්‍රංශ නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය වරාය අල්ලගත්තා. බ්‍රිතාන්‍ය හමුදාව ලංකාව අත්හැරලා ගියා. 1783 සැප්තැම්බර් 3 වැනි දා, පැරිස් ගිවිසුම අත්සන් කරද්දිත් ත්‍රිතුණාමලය වරාය තිබුණේ ප්‍රංශ නාවික හමුදාවේ පාලනය යටතේ. ඒත් “ත්‍රිකුණාමලයේ ඔප්පුව” තවදුරටත් බ්‍රිතාන්‍ය සන්තක කරගෙන හිටියා. ඒ හින්දා, පැරිස් ගිවිසුම යටතේ බ්‍රිතාන්‍යය ආණ්ඩුව ප්‍රංශය යටතේ තිබුණු ත්‍රිකුණාමලය ආපහු ලන්දේසීන්ට භාරදුන්නා. ඒ ගිවිසුම ප්‍රකාරව 1784 දී ලන්දේසි පාලකයෝ ආපහු ත්‍රිකුණාමලයේ පාලනය භාරගත්තා.

මේ හුවමාරුවෙන් අවුරුදු 11 කට පස්සේ, 1795 අගෝස්තු 26 වැනි දා, දෙවැනි වතාවටත් බ්‍රිතාන්‍ය හමුදාව ලන්දේසීන්ගෙන් ත්‍රිකුණාමලය උදුරගත්තා. 1796 පෙබරවාරි 15 වැනි දා වෙද්දි, ලන්දේසීන් යටතේ තිබුණු ලංකාවේ සියලු ම ප්‍රදේශ තමන්ගේ අණසක යටතට ගන්න ඉංග්‍රීසින්ට පුළුවන් වුණා.

මේ බල හුවමාරුව හොඳින් තහවුරු වෙන කල්, බ්‍රිතාන්‍යයෙන් ලංකාවට වෙන ම ආණ්ඩුකාරවරයෙක් පත් කළේ නෑ. ඉතින් 1795 අගෝස්තු 31 වැනි දා ඉඳලා 1798 ඔක්තෝබර් 12 වැනි දා දක්වා, බ්‍රිතාන්‍ය විසින් ලංකාවේ තමන්ගේ පාලන ප්‍රදේශ ආණ්ඩු කරන්න පත් කළේ හමුදා ආණ්ඩුකාරයෝ. අවුරුදු 3 කට ටිකක් වැඩි මේ පුංචි කාලය තුළ මෙහෙම හමුදා ආණ්ඩුකාරයෝ පස් දෙනෙක් පත් කරලා තියෙනවා. (මේ අය අතරින් 4 වැනියා උපතින් ප්‍රංශ ජාතිකයෙක්. ඒ යකා හමුදා ආණ්ඩුකාර තනතුර ලබාගෙන දවස් 10 ක් ඇතුළත කොළඹ දී අශ්ව කරත්තේ පෙරැළිලා පරලොව ගියා).

හමුදා ආණ්ඩුකාරයන්ට පූර්ණ කාලීනව සිවිල් වැඩවල නිරතවෙන්න අමාරයි. එහෙම වැඩවලට උවමනා දැනුමක් සහ පරිචයක් ඒ අයට තිබුණේ නෑ. ඉතින් මේ කාලයේ ලංකාවේ තමන්ට අයිති පාලන ප්‍රදේශවල පරිපාලන ගනුදෙනු කරන්න බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් තවත් හාදයෙක් (සිවිල් නිලධාරියෙක්) පත් කළා. ඒ වෙනුවෙන් හදපු තනතුරට කිව්වේ “සිවිල් පාලක සහ ආදායම් අධිකාරී” (Resident and Superintendent) කියලා. 1796 පෙබරවාරි 12 වැනි දා ඉඳලා 1798 ඔක්තෝබර් 12 වැනි දා දක්වා ම මේ තනතුර දැරුවේ එක පුද්ගලයෙක් විසින්. ඒ පුද්ගලයා තමයි රොබට් ඇන්ඩෲස් (Robert Andrews).

මේ කියන කාලයේ, ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනය තහවුරු කරගෙන තිබුණු ප්‍රදේශ පැවැතුණේත් මදුරාසි ආණ්ඩුකාරයාගේ අණසක යටතේ. ලංකාවෙන් යහමින් යමක් හම්බ කරගන්න පුළුවන් කියලා මදුරාසියේ ඉංග්‍රීසි ආණ්ඩුව (හරියට ම කියනවා නම්, පෙරදිග ඉන්දියානු වෙළෙඳ සමාගමේ මදුරාසි ආණ්ඩුව) හිතුවා. මේ ආදායම එකතු කරගන්න නම් ඒ වැඩේ කරන්න පුළුවන් පුද්ගලයෙක් පත් කරගන්න ඕන. රොබට් ඇන්ඩෲස්ට ඒ හැකියාව තියෙනවා කියලා මදුරාසි ආණ්ඩුව හිතුවා. ඇත්තෙන්ම, 1795 ඔක්තෝබර් මාසයේ දී (ඒ වෙද්දිත් ලංකාවේ ලන්දේසි පාලනය අවසන් වෙලා තිබුණේ නෑ), රොබට් ඇන්ඩෲස් හොර රහසේ ම මහනුවර රජ්ජුරුවෝ හම්බවෙන්න ගිහිල්ලා තිබුණා. මෙහෙම තානාපති වැඩක් කරපු ඔහුට මේ ආදායම් එකතු කරගන්න වැඩේ සුපිරියට ම කරන්න පුළුවන් කියලා මදුරාසි ආණ්ඩුව විශ්වාස කළා. ඉතින් මේ විශ්වාසය උඩ තමයි ඔහුට ලංකාවේ “සිවිල් පාලක සහ ආදායම් අධිකාරී” තනතුර ලැබුණේ.

ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන ප්‍රදේශවල සිවිල් පාලක සහ ආදායම් අධිකාරිවරයා හැටියට රොබට් ඇන්ඩෲස්ට ලොකු බලයක් හිමිවෙලා තිබුණා. ඉතින් පාලනයට අදාළ අභ්‍යන්තර ප්‍රතිපත්ති හදන වැඩේ ඔහු තනියම කළා. ඇත්තෙන්ම, හමුදා ආණ්ඩුකාරයා හිටියේ ඔහුට ඉහළින්. ඒත් හමුදා ආණ්ඩුකාරයාට කිය කියා වැඩ කරන පුරුද්දක් රොබට් ඇන්ඩෲට තිබුණේ නෑ. ඔහු තනියම තීරණ ගත්තා. අවශ්‍ය වෙලාවට, ඔහු තමන් ගත්ත තීරණ ගැන කෙළෙින් ම මදුරාසි ආණ්ඩුවට වාර්තා කළා. (මුල් කාලයේ දී, ඔහු කොළඹ, ගාල්ල, යාපනය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව කියන ප්‍රදේශවලට පත් කරපු සහායකයෝ තුන්දෙනාගෙන් උදව් ලබාගෙන තියෙනවා).

මදුරාසි ආණ්ඩුව හිතපු විදිහට ම, ලංකාවෙන් ලොකු ආදායමක් එකතු කරලා දෙන්න රොබට් ඇන්ඩෲස්ට පුළුවන් වුණා. මුල් අවුරුදු දෙකේ දී, මන්නාරමේ මුතු ජාවාරමෙන් විතරක් පවුම් 265,000 ක් උපද්දවලා දීලා තියෙනවා. ලොකු ආදායම් උපද්දවන සෙල්ලමක් හින්දා, මුතු ජාවාරම අස්සේ ලොකු ලොකු දූෂණ වැඩත් සිද්දවෙලා තියෙනවා. ලන්දේසි පාලකයෝ ගඩබා කරගෙන ඉඳලා අත ඇරලා ගියා කුරුඳුවලින් ලොකු ආදායමක් උපයලා දෙන්නත් රොබට් ඇන්ඩෲස් උන්නැහේට පුළුවන් වුණා.

මුල දී, මුතුවලින් සහ කුරුඳුවලින් ඉහළ ආදායම් උපයගන්න පුළුවන් වුණේ ඒවා “ස්ටොක් වෙලා” තිබුණු හින්දයි. ඒ ස්ටොක් ඉවරවුණාම කලින් වගේ ආදායම් හොයන්න රොබට් ඇන්ඩෲස්ට බැරිවුණා. ඉතින් ඔහු ආදායම් උපද්දවන්න පුළුවන් වෙනත් ක්‍රම ගැන හිතුවා. 

මදුරාසිය පැත්තේ නම් සෑහෙන ආදායම් උපද්දවාගෙන තිබුණේ බිම් බදුවලින්. ඒ හින්දා, ලංකාවේ තියෙන තමන්ගේ පාලන ප්‍රදේශවලිනුත් හොඳට බිම් බදු එකතු කරගන්න පුළුවන් කියලා රොබට් ඇන්ඩෲස් හිතුවා. ඉතින් ඔහු අභ්‍යන්තර ආදායම් (Inland Revenue) දෙපාර්තමේන්තුවක් ඇති කළා. ඔහු ආනයන සහ අපනයන බදුත් බලහත්කාරයෙන් වැඩ ගන්න මිනිස්සු වෙනුවෙන් ගහන උලියම් බද්දත් එකතු කරන්න පටන්ගත්තා. ඒත් ඒ වැඩේ සාර්ථක වුණේ නෑ. ඉතින් ඔහු ඒ බදු සෙල්ලම නවත්තලා දාලා සිංහල මිනිස්සු ජීවත්වෙච්ච ප්‍රදේශවල පොල් ගස්වලටත් කොස් ගස්වලටත් බදු ගහන්න පටන්ගත්තා. කාගේ හරි ඉඩමක පොල් ගස් 50 කට වඩා තියෙනවා නම් ඒ අය බදු ගෙවන්න ඕන කියලා ඔහු නියෝග කළා.

සිංහල බදු අය කරන්නෝ යොදාගෙන මේ මුදල් එකතු කරගන්න බෑ කියලා රොබට් ඇන්ඩෲස්ට තේරුණා. ඉතින් ඔහු විකල්පයකට යොමුවුණා. ඒ තමයි මදුරාසියෙන් අවුමිල්දාරයෝ (Aumildars) සහ තෝල්කයෝ (Dubashes, ද්වි-භාෂිකයෝ) ගෙන්නගන්න එක. (තෝල්කයෝ ගැන පස්සේ කතා කරමු. දැනට අවුමිල්දාරයෝ ගැන විතරක් කියන්නම්). ඉතින් රොබට් ඇන්ඩෲස් දේශීය බදු එකතු කරන්නෝ අයින් කරලා මදුරාසියෙන් ගෙන්නගත්ත අවුමිල්දාරයෝ සෙට් එකට ඒ වැඩේ පැවැරුවා. ගෙවල් ගානේ ගිහිල්ලා බදු එකතු කරන එක, ඒ සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කරන එක මේ අයට පැවැරුණා. ඉඩම් බදු දෙද්දි, වැඩියෙන් ම ලංසු ඉදිරිපත් කරන අයට ඒවා පවරන වැඩෙත් අවුමිල්දාරයෝ ම කළා.

අවුමිල්දාරයෝ කියන තනතුරු නාමය හැදිලා තියෙන්නේ “අමල්දාර්” (Amaldar) කියන පර්සියානු වචනයෙන් කියලයි කියන්නේ. පර්සියානු උරුමයක් ගෑවිලා තිබිච්ච මූගල් අධිරාජයයෙත් මේ තනතුර ක්‍රියාත්මක වුණා. මේ අයගේ හපන්කම්වලින් මදුරාසි කොම්පැනි ආණ්ඩුවත් වැඩගත්තා. ඉතින් එහෙම සෙට් එකක් ලංකාවට ඇරැගෙන ආවාම තමන්ගේ වැඩේ හොඳින් ම කරන්න පුළුවන් කියලයි රොබට් ඇන්ඩෲස් හිතුවේ.

මදුරාසියේ ඉඳලා ආපු අවුමිල්දාරයන්ට ලංකාවේ සංස්කෘතිය, භාෂාව සහ සමාජ පිළිවෙළ ගැන කිසිම අවබෝධයක් තිබුණේ නෑ. සිංහල මිනිස්සු කොහොමත් මාන්නක්කාරයි. ඉතින් මදුරාසියෙන් මොකෙක් හරි කල්ලතෝනියෙක් ඇවිල්ලා තමන්ට “උඹ, බන්, බොලන්” කියලා කතා කරලා බදු එකතු කරන වැඩේට අපේ මිනිස්සු විරුද්ධ වුණා. මේ වෙද්දි පොල් ගස්, කොස් ගස්වලට අමතරව දුම්කොළ, ලුණු වගේ ඒවාටත් බදු ගහන්න පටන් ඇරැගෙනයි තිබුණේ. ඉතින් මේ බදු බර හින්දා මිනිස්සුන්ට මහ විශාල පීඩාවකුත් ඇතිවෙලා තිබුණා.

අපේ මිනිස්සු භාණ්ඩවලින් බදු ගෙවන්නයි පුරුදුවෙලා හිටියේ. ඒත් රොබට් ඇන්ඩෲස් හඳුන්වලා දීපු ක්‍රමයේ හැටියට බදු ගෙවීම මුදල්වලින් ම කරන්න ඕන. මේ වෙනසටත් අපේ මිනිස්සු කැමැතිවුණේ නෑ. තමන්ගේ ම මිනිස්සු වෙනුවට පිට දේශක්කාර මිනිස්සු බලවත් වෙන එක දැකලත් අපේ මිනිස්සු හිත් නරක් කරගත්තා. සමාජයේ නායකයෝ වෙලා හිටිය මිනිස්සුන්ට තිබිච්ච පිළිගැනීම නැතිවෙන්නත් පටන්ගත්තා.

ඉතින් මෙහෙම ඇතිවෙලා පැටව් ගහපු නොහොඳ නෝක්කාඩුකම් 1797 දී පුපුරලා ගියා. සල්පිටි කෝරළේ, සියනෑ කෝරළේ සහ රයිගම් කෝරළේ මිනිස්සු බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව ප්‍රචණ්ඩ විදිහට කැරලි ගහන්න පටන්ගත්තා. මේ ප්‍රචණ්ඩ ක්‍රියා කොච්චර බලවත් වුණා ද කියනවා නම්, වන්නි ප්‍රදේශයේ දී අවුමිල්දාරයෙක් මරලා දාන්නත් කැරැලිකාරයෝ පෙළැඹුණා.

මේ කාලේ, ලංකාවේ හමුදා ආණ්ඩුකාර තනතුර දැරුවේ (අර අශ්ව කරත්තයෙන් වැටිලා මැරිච්ච එකාට පස්සේ) පියර්-ෆ්‍රේදරික් ද මරොන්  (Pierre-Frédéric de Meuron) කියන ස්විට්සර්ලන්ත සෙන්පතියා. තමන්ගේ පාලන ප්‍රදේශවල ඇතිවෙච්ච කලබල ගැන හොයලා, විසැඳුම් ඉදිරිපත් කරන්න මරොන් සෙන්පතියාගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත් කළා. “මරොන් කොමිසම” (Meuron Commission) කියලයි ඒකට කියන්නේ.

අදාළ කරුණු කාරණා හොයපු මරොන් කොමිසම තමන්ගේ නිර්දේශ ඉදිරිපත් කළා. අවුමිල්දාරයෝ අයින් කරන්න, දේශීය නිලධාරීන් පත් කරන්න, ලන්දේසි කාලයේ ක්‍රියාත්මක කරපු ජනතාවට පුරුදු පාලන සහ බදු ක්‍රම නැවත ක්‍රියාත්මක කරන්න කියන නිර්දේශ ඒ අතර තිබුණා.

1798 ඔක්තෝබර් 12 වැනි දා, පියර්-ෆ්‍රේදරික් ද මරොන් හමුදා ආණ්ඩුකාරයාගේත්, රොබට් ඇන්ඩෲස් සිවිල් පාලක සහ ආදායම් අධිකාරවරයාගේත් රාජකාරි කාලය අවසන් කෙරුණා. ඇත්තෙන්ම, ඒ තනතුරු දෙකත් නැති කරලා දැම්මා. ඒ දවසේ ම, අලුතින් ඇති කරපු ලංකාවේ ආණ්ඩුකාර තනතුරට ෆ්‍රෙඩ්රික් නෝර්ත් පත් කෙරුණා. මරොන් කොමිසමේ නිර්දේශ ෆ්‍රෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකාරයා විසින් ක්‍රියාත්මක කළා. ඉතින් අවුමිල්දාරයන්ගේ රාජකාරියත් අවසන් වුණා.

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.