News Category
From Date
To Date
Maximum Number of Result

රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා)..

Jul 27, 2026 at 09:20 AM
|

ඇය නමින් එච්.කේ. කරුණාවතීය. සම්පූර්ණ නම කුකුළේ කංකානම්ගේ කරුණාවතී ය. පක්ෂය ඇයට කීවේ කළු අක්කා කියාය. උපත වසර 1960 නොවැම්බර් 29 වැනිදා ය. ඇය උපන්නේ මතුගම වළල්ලාවිට ප්‍රාදේශීය කොට්ඨාශයේ ඉත්තෑපානේ ය. හරියට ම කිවහොත් පහළවෙල පරෙයිගම හික්ගහවත්ත ය. පියා කේ.කේ. පීටර් ය. ඔහු ලංකා සමසමාජ පක්ෂයේ කලක් ක්‍රියාකාරිකයෙකි. කළු අක්කාගේ පවුලේ සොයුරු සොයුරියන් ගණන 6 කි. ඉන් තිදෙනෙක් ගැහැනු ය. තිදෙනෙක් පිරිමි ය. කළු අක්කා ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන සාමාජිකයෙක් වූයේ 1978 දී ය. 

එතැන් පටන් ඇය රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට ද පූර්ණකාලීනයෙකි. රෝහණ විජේවීර උලපනේදී අත්අඩංගුවට ගන්නා විට සිද්ධිය සියසින් දුටු ඒ නිවසේ සිටි නිවැසියන් 7 දෙනාගෙන් එක් අයෙකි. සෙසු අය වූයේ විජේවීරගේ බිරිය චිත්‍රාංගනී, ගෙයි මුරකරු ලෙස සේවය කළ සයිමන් ඒකනායක, සේවිකාවන් ලෙස සේවය කළ කරුණාවතී සහ හම්බන්තොට ‘සෙව්වන්දි‘ සහ විජේවීරගේ නැඟණිය චිත්‍රාංගනී ඇතුළු සය දෙනෙකි. ලේලිය චිත්‍රාංගනී සමඟ අදිසි විරසකයක් ඇති කරගෙන සිටි විජේවීරගේ මව සිටියේ පාදුක්කේ ය.

කරුණාවතී විජේවීරගේ නිවෙසේ සේවයට පැමිණියේ විජේවීර අත්අඩංගුවට ගැනීමට හරියටම වසර දෙකයි මාස තුනකට පෙරදී ය. පක්ෂයේ පණිවිඩයක් අනුව පාදුක්කේ මීගොඩට පැමිණි ඇය, ජවිපෙ උපනායක වූ උපතිස්ස ගමනායකගේ මෝටර් රථයෙන් විජේවීරගේ නිවසේ සේවයට පැමිණියේය. උපතිස්ස ගමනායක මීගොඩට පැමිණෙන ලෙසට කරුණාවතීට දැන්වූ ඒ පණිවිඩය දී තිබුණේ කරුණාවතීගේ වැඩිමහල් සොහොයුරා වන කුකුළේ කංකානම්ගේ සයිමන් හරහා ය. සයිමල් ජවිපෙ පූර්ණකාලීනයකු වූයේ 1976 පෙබරවාරි මස සිට ය. වසර 1986 සිට 1990 දක්වා පැවැති ජවිපෙ 2වැනි කැරැල්ලේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රබල නායකයකු වූයේ ද සයිමන් ය. වැලිපන්න පොලිසිය විසින් 1989 සැප්තැම්බර් 18 සයිමන් අත්අඩංගුවට ගැනීමට තැත් කළ අවස්ථාවේදී ඇතිවූ වෙඩි හුවමාරුවකින් සයිමන් ද මරුමුවට පත්විය. එහිදී වැලිපන්න පොලිසියේ උපපොලිස් පරීක්ෂක රණවීරගේ අත ද තුවාල විය.

විජේවීර අත්ඩංගුවට ගැනීමේදී එහි සිටි අනෙක් සේවිකාව වූ සෙව්වන්දි හම්බන්තොට පදිංචිකාරියකි. අපොස (උසස් පෙළ) හදාරමින් සිටියදී ඇය ජවිපෙට එක්ව සිටියාය. විජේවීරගේ නිවසට පැමිණියේ ජවිපෙ ප්‍රබල ක්‍රියාකාරිකයකු වූ ඇයගේ පෙම්වතා හරහා ය.

බණ්ඩාරවෙල නෙළුව වත්තට ආරක්ෂක අංශ කඩා වදින්නේ 1989 නොවැම්බර් 08 වැනිදා පස්වරු 8.00ට පමණ ය. ඒ 1989 නොවැම්බර් 05 වැනිදා හෝමාගමදී ‘ඇම්බුස්‘ උගුලකට (සැඟවී සිට එම ස්ථානයට පැමිණෙන අය අත්අඩංගුවට ගැනීම) අසුවීමෙන් අත්අඩංගුවට පත් පැටියා හෙවත් වික්‍රම සමඟ ය. වික්‍රම ජවිපෙට අයත් බණ්ඩාරවෙල නෙළුව වත්තේ වැඩ කළ සේවකයන් 4 දෙනාගෙන් එක් අයෙකි. එහිදී නෙළුව වත්තේ සියලුම සේවකයන් ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්විය. එක් අයකු වූ නිව්ටන් උපන් ඇඳුමින්ම කැලයට පැන ගත් අතර දෙදෙනෙක් ආරක්ෂක අංශ විසින් නොවැම්බර් 9 වැනිදා මත්තේගොඩ යුද හමුදා කඳවුරට ගෙන එන ලදී. තවත් අයෙක් නෙළුව වත්තේ බට පඳුර අසලම ඝාතනයට ලක්ව පිළිස්සී දැවී ගියේය.

මත්තේගොඩට නොවැම්බර් 9 වැනිදා ගෙනාවේ නෙළුව වත්තේ සිටි නෙවිල් හෙවත් ලියන මහත්තයා සහ ධර්මේ හෙවත් නන්දසේන ය. කලක් විජේවීර නැවතී සිටි එමෙන්ම ඒ වන විට ද ජවිපෙ දේශපාලන මණ්ඩල රැස්වීම් සඳහා භාවිතයට ගත් ගලහ නිවස දැන ගෙන සිටියේ එම දෙදෙනාගෙන් නෙවිල් හෙවත් ලියන මහත්තයා පමණි. මෙම ලියුම්කරුට වැටලීමට සහභාගි වූ ඉහළ පෙළේ නිලධාරීන් කිහිපදෙනෙකුම දීර්ඝ ලෙස විස්තර කළ පරිදි නෙවිල් සමඟ ආරක්ෂක අංශ ගලහට ගියේය.ඒ 1989 නොවැම්බර් 12 වැනිදා උදෑසන ය. එහිදී ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයන් වූ පියදාස රණසිංහ සහ එච්.බී. හේරත් ද සිටියේය. එමෙන්ම ඒ වන විට මිය ගොස් සිටි දේශපාලන මණ්ඩල සභික නන්දතිලක ගලප්පත්තිගේ වැන්දඹු බිරිය රංජනී ගමගේ සහ එකම දරුවා වූ ඉසුරු අකලංක ද දන්දෙනිය ආරච්චිගේ කරුණාවතී ද ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙක් සහ ක්‍රියාකාරීන් දෙදෙනකු ද විය. කාන්තාවන් පසුදින නිදහස් කළ අතර සෙසු අය අත්අඩංගුවට පත්විය.

මෙම මෙහෙයුම සඳහා පැමිණියේ කර්නල් ජානක පෙරේරා, ක්ෂණික විහිදුම් බළකායේ අණදෙන නිලධාරියා වූ කපිතාන් ගාමිණී හෙට්ටිආරච්චි ඇතුළු කණ්ඩායමකි. අත්අඩංගුවට ගත් පියදාස රණසිංහ සහ එච්.බී. හේරත්ට අනේකවිධ වද වේදනා හේතුවෙන් අවසානයේ සිදුවූයේ ඔවුන් සමඟ විජේවීරගේ උලපනේ නිවස දක්වා පිටත්වීමට ය.

දිනය 1989 නොවැම්බර් 12 වැනිදා පෙරවරු 11.37 ය. පියදාස රණසිංහගේ මෝටර් රථය දුටු මුරකරු සයිමන් ඒකනායක ගේට්ටුව විවෘත කළේය. අනතුරුව විනාඩි 5කින් පැමිණියේ වෑන් රථයකි. විජේවීර සාලයේ පුටුව උඩ වාඩි වී සිටියේය. ඒ උපනායක උපතිස්ස ගමනායක හෙවත් කළු අයියා පැමිණෙන තෙක් ය. වෙනත් නිවෙසකට මාරු වීමට විජේවීර ඒ වන විටත් අදහස් කරගෙන සිටි අතර ඒ සඳහා පණිවිඩය ගෙන ඒමට සිටියේ ගමනායක ය. විජේවීර එදින උදෑසන ආහාරය ලෙස ගත්තේ කැකුළු බත්, කිරිහොදි සහ ලුණු මිරිසකි. ඔහු බොහෝවිට කෑමට ප්‍රිය කළේ රතුකැකුළු බත් සමඟ ඇඹුල්තියල් කරන ලද බලමාළු සහ පොල්සම්බෝල ය. අතුරුපස ලෙස ඔහු බොහෝවිට ගත්තේ දිවුල්කිරි හෝ ගස්ලබු ය. එළවළු තම්බා කෑමට ද ආශාවක් දැක්වූ අතර මස් කෑවේ ඉඳහිටය. විජේවීර ඉවීමට දක්ෂයෙකි. ඉඳහිට ඉඩ ලැබුණු විටෙක ඉවුම් පිහුම් කටයුතු ද සිදුකළේය.

නිවෙසට සිවිල් ඇඳුමින් ඇතුළු වූ ආරක්ෂක අංශවලට අයත් භටයන් ඉදිරිපස හා පසුපසට මුරකාවල් තර කළේය. සිදුවන්නේ කුමක්දැයි නිවසේ සිටි සියල්ලන්ටම අවබෝධ වී හමාරය. විජේවීර නිවස පිටුපසින් රහසේම යන්නට තැත් කළේය. ඉදිරිපසින් ගේ ඇතුළට පැමිණි හමුදා නිලධාරීන් විජේවීර කොහිදැයි විමසූ විට බිරිඳ චිත්‍රාංගනී කියා සිටියේ වත්තට ගිය බව ය. එහෙත් නිවස පිටුපස මුරට සිටි සිවිල් ඇඳුමින් සැරසුණු හමුදා භටයකු මඟහැර යන්නට තැත් දරන විජේවීර අතින් අල්ලා ගෙන නිවසට ඇතුළට ගෙනාවේය. හමුදා නිලධාරීහු විජේවීරට උපැස් යුවළ පලඳන්නයි අණ කළහ. ඉන්පසු විජේවීර තම අනන්‍යතාව පිළිගත්තේය.

පැමිණි වෑන් රථයේ බිම වැතිර සිටියේ එච්.බී. හේරත් සහ පියදාස රණසිංහ ය. ඔවුහු සිටියේ තදබල ලෙස වද හිංසාවලට ලක්වී බිම වැතිරගෙන ය. ඇඳගෙන සිටියේ සරොම් ය. හමුදා භටයෝ 5 දෙනකු එහි මුර සිටියෝ ය. වෑන් රථය අසලට පැමිණි විජේවීර ඇතුළු නිවසේ පිරිසට ඔවුහු හඳුනා ගැනීමට අවස්ථාව ආරක්ෂක අංශ විසින් උදා කළේ ය.

විජේවීරගේ දරුවෝ හඬන්නට පටන් ගත්හ. නිවසේ සිටි අයට සිදුව ඇත්තේ කුමක්දැයි අවබෝධ විය. තමා සියලු දේ පිළිබඳව වගකීම බාර ගන්නා බවත් පවුලේ කිසිවකුගෙන් ප්‍රශ්න නොකරන ලෙසත් විජේවීර හමුදා නිලධාරීන්ගේ ඉල්ලා සිටියේය. විජේවීර අත්අඩංගුවට ගත් හමුදා නිලධාරීන් වහාම එම ස්ථානයෙන් දරුවන් සමඟ පිටව යාම ආරක්ෂාකාරී බව විජේවීරගේ බිරියට කියා සිටියහ. යාමට මුදල් අවශ්‍ය දැයි හමුදා නිලධාරීහු ඇයගෙන් විමසූහ. හමුදා නිලධාරීන් සමඟ වාහනයට ගොඩවූ විජේවීර මීටර් කිහිපයක් ගොස් යළි පැමිණ බිරියට කියා සිටියේ මොරටුවට යාම අනාරක්ෂිත බැවින් පාදුක්කට යන ලෙස ය. එමෙන්ම චිත්‍රාංගනීගෙන් ඉල්ලා සිටියේ සිය දරුවන් වෙනත් ආගමකට යොමු නොකරන ලෙසය. සිය බිරිය ගැබිණි මවක් බව ද ඔහු ආරක්ෂක නිලධාරීන්ට හෙළි කළේය. විජේවීර කොළඹ ගෙනියන බව ආරක්ෂක අංශ බිරියට දැනුම් දෙන ලදි.

ගේට්ටුව විවෘත කළ සයිමන් ඒකනායක මුර වැඩයට අමතරව වත්තපිටිය ද බලා ගත්තේය. වෘත්තියෙන් ඔහු ගොවියෙකි. ඒ වනවිට වයස 55ක් පමණ විය. අනුරාධපුර පදවියේ පදිංචි දෙදරු පියෙකි. ජවිපෙට සම්බන්ධ වූයේ 1970 දී ය. වසර 1971 අප්‍රේල් කැරැල්ලේදී අත්අඩංගුවට පත්ව පසුව පුනරුත්ථාපනය වී 1975 දී නිදහස් විය. ජවිපෙ සමඟ 1978 සිට යළි පූර්ණකාලීනයකු වී රජරට පළාතේ නියමුවා, රතුලංකා සහ මාලිමා පුවත්පත බෙදාහැරීමේ වගකීම දැරීය. ඒකනායක විශ්වාසවන්තයකු ලෙසින් විජේවීරට හඳුන්වා දුන්නේ මැදවච්චියේ එච්.බී. හේරත් ය. හේරත් ඔහු හොඳින්ම හඳුනා ගත්තේ කලක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්ව සිටි දයාරත්න මඟිනි.

ගේට්ටුව විවෘත කිරීමෙන් පසු ඒකනායක විජේවීර ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කරමින් සිටියදී අලුත්ම කමිසයක් ද ඇඳගෙන වත්තෙන් බැහැරව ගියේය. පැමිණ සිටි ආරක්ෂක අංශ විජේවීර හැර කිසිවකු පිළිබඳව අවධානයක් යොමු කිරීමට උනන්දුවක් නොදැක්වීය. පසුව අසල කැලයක සැඟවුණු ඒකනායක ප්‍රවාහන පහසුකම් සපයා ගනිමින් කොළඹට පැමිණ එදින රැය ගත කළේ කොටුව දුම්රියපොළේ ය. පසුදින මහරගම කන්දේ පන්සලට ගොස් සිද්ධිය දැනුම් දී රාජාංගනයේ පහේ කණුව අසල සිටින සිය නැඟණියගේ නිවෙසට ගොස් නිහඬ ජීවිතයක් ගත කළේය. පසුව 1998 පෙබරවාරි මස ජවිපෙ අනුරාධපුර කාර්යාලයට පැමිණ තමා හඳුන්වා දී දීර්ඝ විස්තරයක් කළේය. (ඒකනායක 2006 දී මියගිය අතර ඔහු මිය යෑමට ප්‍රථම ලියුම්කරු ඔහු හමුවී ඔහුගේ කතාව පටිගත කරන ලදී.)

විජේවීර උලපනේ නිවසේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු නිවසින් පිටවීමට විජේවීර බිරිය චිත්‍රාංගනී වහවහා කටයුතු කරන ලදී. ඒකනායක හොර රහසේම ගොස් ඇති බව සියල්ලන්ටම වැටහිණි. නිවෙසට නිතර ගන්නා රියදුරා වන කළු මල්ලීට නිවසේ සේවිකා සෙව්වන්දී අත පණිවිඩයක් යවන ලද්දේ ඒ අනුවය. එම පණිවිඩය වූයේ නෑයෙක් හදිසියේ නැතිවී ඇති බැවින් කොළඹ යා යුතු බවය. කළු මල්ලී ජවිපෙ අයකු නොවේ. ඔහු ගමේ රියදුරෙකි.

කළු මල්ලීගේ රථයෙන් විජේවීරගේ බිරිය චිත්‍රාංගනී සහ දරුවන් ද විජේවීරගේ නැඟණිය වන චිත්‍රානි ද නිවසේ සේවිකාවන්ව සිටි ජවිපෙ පූර්ණකාලීනයන් වූ සෙව්වන්දී සහ කරුණාවතී ද මහරගම පැමිණියහ. අනිද්දාට යළි නිවෙසට පැමිණි විට මුදල් ලබාගත හැකි බව කළු මල්ලී කියා සිටියේය. පසුව හයර් කාර් රථයකින් මහරගම නිවසකට පැමිණියේය. නිවසේ අයට සිද්ධිය කීවේ නැත. ඒ වන විට නොවැම්බර් 13 වැනිදා උදෑසන 5.15 පමණ විය.පසුව එදිනම සවස 3.00 ට පාදුක්කට පැමිණියහ. හදිසියේ ගත් නිසා කුලී රියට ගෙවන ලද මුදල රු. 1,300කි. ඉන් බැස තවත් හයර් රථයකින් මීගොඩ නිවසට පිරිස ගියහ. එය ලංගම වැඩ කළ ජවිපෙ ක්‍රියාකාරී හිතවතකුගේ නිවසකි. විජේවීර ආගිය තැනකි. විජේවීරගේ මව ද පිරිස යනවිට එම නිවසේ නතරව සිටියාය.

විජේවීරගේ නැඟණිය චිත්‍රානි නීතිඥයෙක් සොයන්නැයි කියා ගිය ද යළි පැමිණියේ නැත. චිත්‍රාගනීගේ නොපැමිණීම පොලිස් අත්අඩංගුවට ගැනීමක් හෝ බියපත්ව සිදු කළ පලා යාමක් හෝ දැයි නිවසේ අය සිතූහ. (සතියකට පසුව චිත්‍රානි විජේවීර මහරගම පොලිසියට බාර වූයේ චිත්‍රාංගනී සහ දරුපවුල හමුදාවට බාර වූ පසුවය.) පක්ෂයේ නායකයාගේ බිරිය සහ දරුවන් තනිකර පලා යෑමට කළු අක්කාගේ සිත කිසිසේත්ම ඉඩ දුන්නේ නැත. මීගොඩ නිවසේ සිට චිත්‍රාංගනීගේ උපදෙස් පිට පොලිස්පතිට, හමුදාපතිට සහ ජනාධිපති ප්‍රේමදාසට ලිපි කිහිපයක් ද ලියා තැපැල් කරන ලදී. අක්කර භාගයකින් පමණ සමන්විත මීගොඩ නිවසේ එළවළු ද වගාකර තිබිණි. මීගොඩ නිවසේ සිවුදිනක් පමණ සිටින විට නිවසේ සිටීම තමනට ද අනතුරුදායක බව නිවැසියන් සිතුවාට සැක නැත. එබැවින් විකල්පයක් අනුගමනය කිරීමට විජේවීර බිරියට සිදුවිය.

නොවැම්බර් 19 වැනිදා උදෑසන 8.30ට විජේවීර බිරිය, සිය දරුවන් පස්දෙනා ද, නැන්දම්මා ද, සේවිකාවන් දෙදෙනා ද රැගෙන හංවැල්ලට පැමිණියේය. ඒ කුලී වෑන් රථයකිනි. ගෙවන ලද මුදල රු. 1,050 කි. පසුව එහි සිට කොළඹ කොටුවට පැමිණියේය. ඒ ද කුලී රථයකිනි. අනතුරුව තවත් කුලී රථයකින් හමුදා මූලස්ථානයට පැමිණියේය. වෙනත් විකල්පයක් චිත්‍රාංගනී විජේවීර සතු නොවන්නට ඇත.

හමුදා මූලස්ථානයට ගිය විජේවීර බිරිය එහි නිලධාරියකුට තමා හඳුන්වා දුන්නාය. ඔවුනට වාඩිවීමට කඩිනමින් ඉඩ සැලසිණි. ළමයින්ට බීම සහ බිස්කට් ද ලැබිණි. හමුදාපති හැමිල්ටන් වනසිංහ විනාඩි 25ක් තුළ එහි පැමිණියේය. සියලුදෙනා ආදරයෙන් පිළිගත්තේය. හමුදාපති, ජනාධිපති ප්‍රේමදාසට ද දුරකථන ඇමතුමක් දුන්නේය. විජේවීර බිරිය සමඟ දුරකථනයෙන් ජනාධිපති ප්‍රේමදාස අදහස් හුවමාරු කර ගත්තේය. පසුව කොළඹ යුද හමුදා කාන්තා මූලස්ථානයට ඔවුහු රැගෙන ගියහ.

මාස දෙකකට පසු විජේවීරගේ බිරිය සහ දරුපවුල ගණේමුල්ලේ හමුදා මූලස්ථානයට මාරු කරන ලදි. වෙනම නිවසක් ද සැපයිණි. කාන්තා සෙබළුන් දෙදෙනෙක් ද සහායට යොදවන ලදී. මාස හතක් එම නිවසේ වාසය කළ විජේවීරගේ බිරිය සහ දරුපවුල පසුව ත්‍රිකුණාමලයට ද අනතුරුව වැලිසර ද හමුදා ආරක්ෂාව යටතේ පසුවිය.

වර්තමානයේ ද විජේවීරගේ බිරිය චිත්‍රාංගනී විජේවීර සිටිනුයේ වැලිසර හමුදා කඳවුරේ ය. මෙම ලියුම්කරු සමඟ ඇය හත් අට වරක්ම හමුවී දීර්ඝ ලෙස අතීත තොරතුරු ආවර්ජනය කළා ය. චිත්‍රාංගනී සමඟ අද ඇයගේ තනි නොතනියට වැලිසර සිටිනුයේ තෙවැනි දරුවා වන මාෂා ය. ලොකු දුව ඊෂා සහ දෙදරු මවක් වූ දෙවැනි දියණිය ද ලංකාවේය. එක් පුතකු රුසියාවේ ය. අනෙක් පුතු සහ එක් දියණියක් ඕස්ට්‍රේලියාවේ ය. ඉන් දෙදෙනෙකුම ආචාර්ය උපාධිය හදාරනු ලබයි.

උලපනේදී අත්අඩංගුවට ගත් විජේවීර 1989 නොවැම්බර් 13 අලුයම 1.35 ට බොරැල්ල කනත්තේදී ඝාතනයට ලක්විය. විජේවීර සිටි ස්ථානයට ගලහ සිට ආරක්ෂක අංශ සමඟ විජේවීර උලපනේදී අත්අඩංගුවට ගන්නා විට පැමිණි දේශපාලන මණ්ඩල සභික එච්.බී. හේරත් ද විජේවීර ඝාතනයට විනාඩි 5 කට පමණ පසු අලුයම 1.40ට එම ස්ථානයේදී ඝාතනය විය. එමෙන්ම ගලහ සිට එච්.බී. හේරත් සමඟ ආරක්ෂක අංශ සමඟ උලපනේට පැමිණි පියදාස රණසිංහ ද මත්තේගොඩ කඳවුරේ රඳවා තබා ගැනීමෙන් පසු 1989 නොවැම්බර් 15 ඝාතනයට ලක්විය.

කළු අක්කා හෙවත් කරුණාවතී විජේවීරගේ බිරිය සහ දරුපවුල සමඟින් හමුදාවට බාර වීමට සිදුවුව ද ඇයට ද අවසානයේ උරුම වූයේ බන්ධනාගාරයයි. හමුදාව මඟින් වැලිපැන්න පොලීසියට බාර දුන් වැලිපැන්න පොලීසියේ දෙසතියක් පමණ අත්අඩංගුවේ පසුවිය. පසුව මතුගම උසාවිය හමුවේ ඇයට නඩු පැවරිණි. අවසානයේ වැලිකඩ සහ තංගල්ල බන්ධනාගාරයන්හි වසරකට අධික කාලයක් සිටීමෙන් අනතුරුව නිදහස ලැබිණි. එහිදී ඇය බැලීමට හෝ චිත්‍රාංගනීගේ නොපැමිණීම පිළිබඳ ඇයට කනගාටුවක් ද නොවීය.

කරුණාවතී හෙවත් කළු අක්කට මේ සියල්ල පිළිබඳ පසුතැවීමක් නැත. ඒ ඇය අරමුණක් වෙනුවෙන් පෙනී සිටි බැවිනි. සිය ජීවිත කාලය ම ඇය පක්ෂයේ අරමුණු වෙනුවෙන් කැප කළ හෙයින් අදට ද අවිවාහකය. බස්නාහිර පළාතේ කම්හලක ශ්‍රමය වගුරන ඇයට තමා කළ කැපකිරීම් පිළිබඳව කිසිදු කනගාටුවක් ද නැත. තවමත් ජවිපේ දැයි මම සමුගන්නට මොහොතකට පෙර ඇයගෙන් ඇසුවෙමි. එම පක්ෂය සමඟ වර්තමානයේ නැති වුවද අදටත් එම අරමුණු වෙනුවෙන් පෙනී සිටින බව ඇය අවධාරණය කළා ය.

එඩිතර ගැමි තරුණියකගේ මහා දිගු කතාවක් වරුවකට පමණ සීමා විය. වසර 34ක් පුවත්පත්කලාවේදියකුට නොකී කතාව ඇය මා හමුවේ දිගහැරියේය. අපගේ සාකච්ඡාව පැවතියේ එළිමහනේදීය

Copied by

@ By Dharman Wickremaretne  ධර්මන් වික්‍රමරත්න විසිනි.

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වැනි දකුණු ආසියාතික රටවල දේශපාලනික හා සමාජයීය අරගල සංසන්දනය කිරීමේදී, පැනනගින ජන අරගලවල ස්භාවය, ඒවාට පාදක වන ඉල්ලීම්වල ස්වභාවය සහ රජයන් විසින් ඒවා විසඳන ආකාරය පිළිබඳව වැදගත් පාඩම් රැසක් ඉගෙන ගැනීමට තිබේ.
ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය 7.6% කින් ඉහළ යමින් ලොව වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය ලෙස පැවතියද, එමගින් සාමාන්‍ය ජනතාවට සහ තරුණ පරපුරට සැබෑ සෙතක් වී නොමැති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ ප්‍රෞඩ ඉතිහාසය සහ අක්ෂර කලාවේ විකාශනය පිළිබඳව නව මානයක් එකතු කරමින්, ලංකාවෙන් හමු වූ පැරණිම සිංහල (බ්‍රාහ්මී) අක්ෂර පිළිබඳ සොයාගැනීම සම්බන්ධයෙන් Next page අන්තර්ජාල නාලිකාව විසින් විශේෂ අනාවරණයක් සිදුකර තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාරය බාහිර දේශපාලනික මොළකාරයෙකු විසින් සැලසුම් කරන ලද්දක් බවට වන මතවාදය පිළිගැනීමට නම්, ජනතාවට පහත සඳහන් අපහසු කාලරාමුව (an inconvenient timeline) අමතක කිරීමට සිදු වේ:
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ නේපාලය ඇතුළු දකුණු ආසියානු සහ ගෝලීය දකුණේ බොහෝ රටවල ඉකුත් කාලසීමාවේ සිදුවූ මහජන අරගල සහ ආණ්ඩු පෙරළිවලින් පසු එම රටවල් යහපත් තත්ත්වයකට පත්වෙනවා වෙනුවට තවදුරටත් දැවැන්ත අරාජිකත්වයකට හා අගාධයට පත්ව ඇති බව පෙනෙන්නට තිබේ.
සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති ධුරය සඳහා නැවත වරක් වෛද්‍ය නොවන පුද්ගලයෙකු පත් කිරීමට සූදානම් වන බවට මහජන යුතුකම් කේන්ද්‍රය චෝදනා කරයි.
දන්නේ නැති‍ මගුල් ගැන කියවන්න මේ හාදයා සෑහෙන කැමැත්තක් දක්වනවා. චීනයේ වෙනත් ප්‍රදේශවල ඉන්න අයට පෙයි-චිං අගනුවරට එන්න බෑ කියන මේ බයිලයත් එහෙම එකක්.
හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.
නවීන විද්‍යාත්මක දැනුම වනාහි හුදු එක් ශිෂ්ටාචාරයක නිර්මාණයක් නොවන බව නූතන ලෝකය සාමාන්‍යයෙන් පිළිගන්නා කාරණයකි. එසේ වුවද නවීන විද්‍යාව යනු හුදු බටහිර ලෝකයේ පමණක් උපත ලැබූ දැනුම් සමුදායක් බව ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා තවමත් විශ්වාස කරති. ඒ මතය අදටත් වඩා ලෝකය පුරා ජනප්‍රියව පැවති කාලයක ඒ මතයට ප්‍රබල අභියෝගයක් එල්ල කළ එක්තරා සුවිශේෂී විද්වතෙක් බටහිර ලෝකයෙන්ම බිහිවිය. ඒ අදින් අවුරුදු 126කට පෙර බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර උපත ලැබූ ජෝශප් නීඩ්හැම් (Joseph Needham) නමැති ජීව රසායන විද්‍යාඥයාය.

ප්‍රධාන පුවත්

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය..

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමේ පුද්ගල කේන්ද්‍රීය 22 වන ව්‍යවස්ථා සංශෝධනයට සමාජයේ සෑම අතකින්ම විරෝධය පළවී අවසන්.. - උදය ගම්මන්පිල

අද පැවති මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

ලාල් කාන්ත ඇමතිකමෙන් එලවන තුරු අරගල කරනවා.. - අනුරාධ තෙන්නකෝන්

කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා වහාම එම ධුරයෙන් ඉවත් කරන ලෙස බලකරමින් ලබන සිකුරාදා සිට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බව ජාතික ගොවිජන එකමුතුව නිවේදනය කරයි.

අමෙරිකාව සහ ඉරානය තාවකාලිකව ප්‍රහාර අත්හිටුවයි..

රාජ්‍යතන්ත්‍රික සාකච්ඡා සඳහා වැඩි කාලයක් සහ අවස්ථාවක් ලබා දීමේ අරමුණින් අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එල්ල කරන ප්‍රහාර පිට පිට දෙවැනි රාත්‍රියටත් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

වේගවත් ආර්ථික වර්ධනය හමුවේ ඉන්දියාව දැවැන්ත ප්‍රජාතන්ත්‍රවාදී සහ රැකියා අර්බුදයක - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය 7.6% කින් ඉහළ යමින් ලොව වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය ලෙස පැවතියද, එමගින් සාමාන්‍ය ජනතාවට සහ තරුණ පරපුරට සැබෑ සෙතක් වී නොමැති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

කළු මුහුදේ බලය තහවුරු කරගනිමින් රුසියාවෙන් දැවැන්ත මෙහෙයුමක්: යුක්රේන යුද්ධය අවසාන අදියරට

පසුගිය මාස කිහිපය පුරා රුසියානු හමුදා දියත් කළ දැවැන්ත හමුදා මෙහෙයුම් හමුවේ යුක්රේන යුද්ධය ඉතා තීරණාත්මක මෙන්ම අවසාන අදියරකට එළඹෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ජනපති මන්දිරවල පිටස්තරයින් 3000කට වැඩිය නවාතැන් අරන්.. - විගණන කාර්යාලයෙන් අනාවරණයක්

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

"ශ්‍රී ලංකාව සැමවිටම අපගේ හදවත් තුළයි" – චීන තානාපති චී ෂෙන්හොං වසර 6ක සේවයෙන් පසු සමුගනියි..

වසර හයකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස සේවය කළ චී ෂෙන්හොං (Qi Zhenhong) මහතා සිය රාජ්‍ය තාන්ත්‍රික සේවා කාලය අවසන් කරමින් ශ්‍රී ලාංකික ජනතාව වෙත විශේෂ සමුගැනීමේ පණිවිඩයක් නිකුත් කර තිබේ.

"ගොවි පුත්තු ටික ගමට එනකම් ගොවියො බලාගෙන ඉන්නේ".. - ජයන්ත සමරවීර

වත්මන් ආණ්ඩුව මේ වන විට හතර වරිගයටම එපා වී ඇති බවත්, එම හතර වරිගයටම එපා වූ බවට ජීවමාන සාක්ෂිය වන්නේ මේ රටේ ගොබි ජනතාව බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

පාර්ලිමේන්තු වරප්‍රසාද පිටුපස හැංගෙන්නේ නැතුව ඕන නම් එළියෙදි කියන්න.. – නීතිඥ සංගමයේ සභාපති ගැන කළ ප්‍රකාශයට මන්ත්‍රී අසිත නිරෝෂණට අභියෝගයක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති නීතිඥ රජීව් අමරසූරියට එරෙහිව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩවිතාන විසින් ඊයේ (24) පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය, පදනම් විරහිත සහ ද්වේෂසහගත බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනය කරයි.

විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම: 'ගොඩගැසුණු නඩු ඉවර කිරීම අරමුණ නම් මුර්දු ප්‍රනාන්දු සිටියදී නොගෙනාවේ ඇයි?' - ආචාර්ය නිහාල් ජයවික්‍රම ප්‍රශ්න කරයි!

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීමට රජය ගෙන ඇති යෝජනාව සහ අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වී ඇති බව කියන බලපෑම පිළිබඳව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින් සංවිධානය කරන ලද විශේෂ සම්මන්ත්‍රණයකදී මෙරට ප්‍රමුඛ පෙළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයින් සහ නීතිඥයින් විසින් අදහස් දක්වා තිබේ.

ට්‍රම්ප්ට වෙලා තියෙන්නේ "ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී" වගේ වැඩක්.. - ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ

යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා ප්‍රකාශ කළේ ඇමරිකානු දේශපාලනය තුළ ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින බවයි.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බද්දක්..

ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි 10%ක් සහ 12.5%ක් වන පරිදි නව ආනයන බදු පැනවීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.