News Category
From Date
To Date
Maximum Number of Result

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා නම් ජනමත විචාරණයකට යන්නැයි නීතීඥ සංගමය කියයි..

Jul 28, 2026 at 10:01 AM
|

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ දැනට පවතින විනිසුරු පුරප්පාඩු පිරවීමට ජනාධිපතිවරයා පියවර නොගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.

රූපවාහිනී නාලිකාවක  වැඩසටහන සමඟ එක්වෙමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති, නීතීඥ රජීව් අමරසූරිය මහතා මේ බව අවධාරණය කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ දැනට විනිසුරු පුරප්පාඩු අටක් පවතින බවත්, ව්‍යවස්ථාවට අනුව එම තනතුරු සඳහා නම් යෝජනා කිරීම ජනාධිපතිවරයාගේ වගකීමක් වුවද මාස ගණනාවක් තිස්සේ එම පත්කිරීම් මඟහැර සිටීම බරපතළ ගැටලුවක් බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ සූදානමක් පිළිබඳව මීට සති කිහිපයකට පෙර තමන් කිසිවක් නොදන්නා බව පැවසූ රජයේ පාර්ශවයන්, නීතීඥ සංගමයේ අදහස් විමසීමක් පවා සිදු නොකර මෙලෙස කටයුතු කිරීම පිටුපස බරපතළ දූෂණයක් පවතින බවට ද ඔහු චෝදනා කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති, නීතීඥ රජීව් අමරසූරිය මහතා,

"මොකක්ද මේ හදිස්සිය? මේක මේ මේ මීටර් 100 රේස් එකක්නෙ දුවන්නේ. එතකොට සති දෙක තුනකට ඉස්සෙල්ලා කවුරුත් ආණ්ඩුවේ කිව්වේ නෑනේ මේක කරනවා කියලා. හැමෝම කියනවා එහෙම කතාවක් තියෙනවා, ඇහිලා තියෙනවා, මං හිතන්නේ අධිකරණ ඇමතිතුමාත් එක වෙලාවක කිව්වා දන්නෑ කියලා. ඊට පස්සේ පස්සේ කිව්වා ඒ වගේ කතාවක් තියෙනවා කියලා. ඉතින් කොහෙන්ද මේක ආවේ? මේක ඇත්තටම දූෂණයක්. සති තුනකට ඉස්සෙල්ලා එහෙම දෙයක් දන්නෑ කියපු කට්ටියම එකපාරට, දැන් අපෙන් අදහස් විමසනවා කියලත් කිව්වනේ...

අපට වේකන්සීස් අටක් තියෙනවා මේ සුප්‍රීම් කෝර්ට් එකේ. ඒවා පුරවන්නේ නෑ. ඒක අපේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. ව්‍යවස්ථාව අනුව එතුමා නමක් යවන්න ඕනේ. ඉතින් මාස ගාණක් පත් කරන්නේ නෑ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන වගන්තීන් හා සම්ප්‍රදායත් කඩ කිරීමක්. මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා ආණ්ඩුවෙන්, ජනාධිපතිතුමාගෙන් මේ ගැන අයෙත් හිතලා බලන්න. මේක මේ වෙලාවේ අවශ්‍ය දෙයක් නෙවෙයි. වැඩි කරන්න ඕන නම් අපි සාකච්ඡා කරලා බලමු. ජනමත විචාරණයකට තමයි යන්න වෙන්නේ. කෙලින්ම ජනමත විචාරණයකට ගිහිල්ලා ජනතාවගෙන් අහන්න."

සම්බන්ධිත පුවත් | Related News

විනිසුරු විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කරමින් කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය සම්බන්ධව අද (28) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් ප්‍රශ්න කෙරුණු අතර, මෙම කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාද එක්ව සිටියේය.
විනිසුරුවන්ගේ සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ද සේවා කාලය දීර්ඝ කළ යුතු බව ෆීලඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යාමේ අවශ්‍යයතාවයක් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.
තමන්ගේ ගෙදර පූසා ලේනෙකු ඇල්ලුවොත් පූසාගේ පැත්ත නොගන්නා බවත්, ගන්නේ ලේනාගේ පැත්ත බවත් අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 146 වන ව්‍යවස්ථාව ප්‍රකාරව, අභියාචනාධිකරණයේ අධිකරණ බලය ප්‍රාදේශීයව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම වැඩිදුර කරුණු සලකාබැලීම සඳහා අගෝස්තු මස 25 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.
අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින සන්නද්ධ ගැටුම් සඳහා ඇමෙරිකානු ජනතාවගෙන් හිමිවන සහාය පහත වැටී ඇති බවත්, එම හමුදා ක්‍රියාමාර්ගවල පැහැදිලි අරමුණක් ප්‍රකාශ කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අසමත් වී ඇති බවත් නවතම Reuters මතවිමසුමකින් හෙළි වී ඇති බවට තොරතුරු වාර්තා වේ.
යුක්‍රේන යුද්ධයේ වර්තමාන තත්ත්වය සහ යුක්‍රේනයේ භූමියේ අනාගතය පිළිබඳව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් විශේෂ අදහස් දැක්වීමක් සිදු කර තිබේ.
පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය එල්ලකිරීමේ චෝදනාවලට වරදකරු වූ සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට වසර එක හමාරක සිරදඬුවමක් නියම කර තිබේ.

ප්‍රධාන පුවත්

"අපි කිසිදු යුද්ධයක් ආරම්භ කළේ නැහැ.. යුක්‍රේනයට බටහිර භූමි ප්‍රදේශ අහිමි වීම වැළැක්විය නොහැකියි".. - රුසියානු ජනාධිපති පුටින්ගෙන් විශේෂ ප්‍රකාශයක්

යුක්‍රේන යුද්ධයේ වර්තමාන තත්ත්වය සහ යුක්‍රේනයේ භූමියේ අනාගතය පිළිබඳව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් විශේෂ අදහස් දැක්වීමක් සිදු කර තිබේ.

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා නම් ජනමත විචාරණයකට යන්නැයි නීතීඥ සංගමය කියයි..

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ දැනට පවතින විනිසුරු පුරප්පාඩු පිරවීමට ජනාධිපතිවරයා පියවර නොගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.

අලුතෙන් එන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක බුද්ධාගම කියන පරිච්ඡේදය රැකුනොත් හොඳයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ප්‍රතිඥා දී තිබෙන එකම රට ශ්‍රී ලංකාව පමණක් බවත්, ඇතැම් ආගමික නායකයන් සහ දේශපාලනඥයන් තැන් තැන්වල පවසා ඇති කතාවල යටිපෙළ කියවා ගත හොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ගෙන ඒමේ වැඩි ඉඩකඩක් පවතින බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ හෙළිකරති.

වෙනත් අයගේ සිත් රිදේවි කියා දළදා පෙරහැර කොට කරන්න උගත්කමක් නැති අම්බරුවෝ සැරසෙනවා.. - උලපනේ හිමියන්ගෙන් සැර ප්‍රකාශයක්

වර්තමානයේ පෙරහැර පවත්වන පිළිවල තීරණය කරන්නේ සංවිධායකවරුන් විසින් නොවන බවත්, එය පාතාලයන් විසින් සිදුකරමින් සිටින බවත් පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

කසාවත තුළ ගොඩනැගී තිබෙන ජාතික බලය සංස්කෘතිය විනාශ කිරීමේ කුමන්ත්‍රණය ගැන අගලකඩ හිමිගෙන් සැර ප්‍රකාශයක්.. මඩ බළකායෙන් එල්ලවන තර්ජන ගැනත් හෙළිකරති..

මෙරට භික්ෂූන් වහන්සේ අප්‍රසාදයට පත්කරමින්, උන්වහන්සේට සමාජය ඉදිරියට පැමිණීමට නොහැකි පරිසරයක් නිර්මාණය කිරීමට අදාළ කුමන්ත්‍රණ ඉදිරියේදී සිදුවිය හැකි බව ශාසනාරක්ෂක සංඝ සභාවේ සභාපති මණ්ඩල සාමාජික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් පවසයි.

විනිසුරු වයස වැඩි කිරීම හිතුවක්කාර අශිෂ්ඨ තීරණයක් .. මාලිමාවේ කිසි සාකච්චාවක් කලේ නෑ.. මට කට වහං ඉන්න කිවුවා..- මාලිමා නායකත්ව මණ්ඩල ලාල් විජේනායක

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා රජය ගෙන ඇති යෝජනාවට ජාතික ජන බලවේගයේ විධායක සභාවේ සාමාජික, නීතිඥ ලාල් විජේනායක මහතා සිය දැඩි විරෝධය පළ කර සිටියි.

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය..

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමේ පුද්ගල කේන්ද්‍රීය 22 වන ව්‍යවස්ථා සංශෝධනයට සමාජයේ සෑම අතකින්ම විරෝධය පළවී අවසන්.. - උදය ගම්මන්පිල

අද පැවති මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

ලාල් කාන්ත ඇමතිකමෙන් එලවන තුරු අරගල කරනවා.. - අනුරාධ තෙන්නකෝන්

කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා වහාම එම ධුරයෙන් ඉවත් කරන ලෙස බලකරමින් ලබන සිකුරාදා සිට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බව ජාතික ගොවිජන එකමුතුව නිවේදනය කරයි.

අමෙරිකාව සහ ඉරානය තාවකාලිකව ප්‍රහාර අත්හිටුවයි..

රාජ්‍යතන්ත්‍රික සාකච්ඡා සඳහා වැඩි කාලයක් සහ අවස්ථාවක් ලබා දීමේ අරමුණින් අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එල්ල කරන ප්‍රහාර පිට පිට දෙවැනි රාත්‍රියටත් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

වේගවත් ආර්ථික වර්ධනය හමුවේ ඉන්දියාව දැවැන්ත ප්‍රජාතන්ත්‍රවාදී සහ රැකියා අර්බුදයක - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය 7.6% කින් ඉහළ යමින් ලොව වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය ලෙස පැවතියද, එමගින් සාමාන්‍ය ජනතාවට සහ තරුණ පරපුරට සැබෑ සෙතක් වී නොමැති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

කළු මුහුදේ බලය තහවුරු කරගනිමින් රුසියාවෙන් දැවැන්ත මෙහෙයුමක්: යුක්රේන යුද්ධය අවසාන අදියරට

පසුගිය මාස කිහිපය පුරා රුසියානු හමුදා දියත් කළ දැවැන්ත හමුදා මෙහෙයුම් හමුවේ යුක්රේන යුද්ධය ඉතා තීරණාත්මක මෙන්ම අවසාන අදියරකට එළඹෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ජනපති මන්දිරවල පිටස්තරයින් 3000කට වැඩිය නවාතැන් අරන්.. - විගණන කාර්යාලයෙන් අනාවරණයක්

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

"ශ්‍රී ලංකාව සැමවිටම අපගේ හදවත් තුළයි" – චීන තානාපති චී ෂෙන්හොං වසර 6ක සේවයෙන් පසු සමුගනියි..

වසර හයකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස සේවය කළ චී ෂෙන්හොං (Qi Zhenhong) මහතා සිය රාජ්‍ය තාන්ත්‍රික සේවා කාලය අවසන් කරමින් ශ්‍රී ලාංකික ජනතාව වෙත විශේෂ සමුගැනීමේ පණිවිඩයක් නිකුත් කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.