"විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස වැඩි කිරීම අල්ලසක්.. ජන මත විචාරණයක් අවශ්‍යයි" - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව ඉහළ නැංවීමට රජය ගෙන ඇති තීරණය අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කරන ලද මාරාන්තික පහරක් බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අවධාරණය කරයි.
හිරු නාලිකාව සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, මෙම පියවර ව්‍යවස්ථාපිත ප්‍රතිපත්තීන්ට පටහැනි මෙන්ම ජනතාවගේ පරමාධිපත්‍ය බලයට සිදුකරන බලපෑමක් බවයි.
මෙම තීරණය සම්බන්ධයෙන් සිය දැඩි විරෝධය පළ කරමින් හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දෙන්නේ, මෙය රජය විසින් විනිසුරුවරුන් වෙත පිරිනමන ලද ප්‍රසාද දීමනාවක් හෙවත් අල්ලසක් ලෙස හැඳින්විය හැකි බවයි.
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අධිකරණ බලය යනු ජනතාවගේ පරමාධිපත්‍යයේ කොටසක් බවත්, එවැනි වැදගත් ව්‍යුහයක වෙනසක් සිදු කරන්නේ නම් එය අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යොමු කළ යුතු බවත් ඒ මහතා පවසයි.
"විශ්‍රාම යන වයස තීරණය කර තිබෙන්නේ යම් ප්‍රතිපත්තියක් මතයි. 1978 ව්‍යවස්ථාව සකස් කළ අය ඉතා බුද්ධිමත් ලෙස අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා වන පරිදි මෙම වගන්ති ඇතුළත් කර තිබෙනවා. දැන් සිදුවන්නේ එම ස්වාධීනත්වය දේශපාලන අවශ්‍යතා මත පාවා දීමක්," යැයි සරත් එන්. සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
විනිසුරුවරුන්ගේ වයස ඉහළ දැමීම හරහා අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව අඩුවිය හැකි බව පෙන්වා දෙන ඒ මහතා, පැරණි විනිසුරුවරුන් දිගින් දිගටම සේවයේ රැඳී සිටීම නිසා තරුණ සහ දක්ෂ විනිසුරුවරුන්ට ඉහළ තනතුරුවලට පැමිණීමට ඇති අවස්ථාව ඇහිරී යන බව ද සඳහන් කළේය.
ඇමරිකාව හෝ බ්‍රිතාන්‍යය වැනි රටවල පවතින ක්‍රමවේද මෙරටට ආදේශ කිරීම ප්‍රායෝගික නොවන බවත්, ලංකාවේ ව්‍යවස්ථාව මෙරටට අනන්‍ය වූ බුද්ධිමය පදනමක් මත සකස් වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති
"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ
ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..