වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
රුසියානු තානපති කාර්යලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව රුසියාවට එරෙහි සම්බාධක ක්‍රියාත්මක වන බවට චෝදනා එල්ල වී ඇති බව ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම ප්‍රකාශ කර තිබේ.එලෙසම යුරෝපා සංගමය, රුසියාවේ තෙල් හා ගෑස් ආදායම පහත වැටෙමින් තිබෙන බවටත්, ණය ගැනීමේ පිරිවැය ඉහළ යමින් පවතින බවටත්, ප්‍රධාන වෙළඳපල අහිමි වෙමින් සහ යුක්රේනයට එරෙහි යුද්ධයට මුදල් සැපයීම වඩ වඩාත් දුෂ්කර වෙමින් පවතින බවටත් කරුණු දක්වා ඇතැයි ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය පවසයි.
මෙම ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ නොමඟ යවන සුළු ප්‍රකාශයන් බව අවධාරණය කරන ෂ්‍රී ලංකාවේ රුසියානු තානපති කාර්යාලය වීදුරු ගෙවල් වල සිට ගල් ගැසීමට කටයුතු නොකරන ලෙස යුරෝපා සංගමය වෙත අවවාද කරයි.
සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින්...
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ මාධ්‍ය නිවේදනය
2026 ජූනි 6
"X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහිව ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් කරන ලද නොමඟ යවන තොරතුරු පිළිබඳවයි
රුසියාවට එරෙහි සම්බාධක ක්‍රියාත්මක වන බවට චෝදනා එල්ල වී ඇති බව ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම ප්‍රකාශ කර ඇත. ඔවුනට අනුව රුසියාවට, තෙල් හා ගෑස් ආදායම පහත වැටෙමින් තිබේ, ණය ගැනීමේ පිරිවැය ඉහළ යමින් පවතී, ප්‍රධාන වෙළඳපල අහිමි වෙමින් පවතී, සහ යුක්රේනයට එරෙහි යුද්ධයට මුදල් සැපයීම වඩ වඩාත් දුෂ්කර වෙමින් පවතී.
මෙම ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ නොමඟ යවන සුළු ප්‍රකාශයන් වේ. ඉතාලිය, ස්පාඤ්ඤය සහ ග්‍රීසිය රුසියාවෙන් ස්වභාවික ද්‍රව වායු මිලදී ගැනීම් වැඩි කරමින් සිටී. හංගේරියාව සහ ස්ලෝවැකියාව “Druzhba” නල මාර්ගය ඔස්සේ රුසියානු තෙල් ලබා ගැනීම දිගටම කරගෙන යාමට අදහස් කරති. මේ වන විට, තුන්වන පාර්ශවයේ රටවලින් රුසියානු බොර තෙල් වලින් සාදන ලද ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීමට එක්සත් රාජධානිය කාල සීමාවක් සඳන් නොකරම එකඟ වී ඇත.
මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පිරිස් වෙත, අපි සත්‍ය සංඛ්‍යාලේඛන ලබා දීමට කැමැත්තෙමු. 2025 වර්ෂයේදී යුරෝපා සංගමයෙහි රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 81.7 දක්වා ඉහළ ගොස් තිබේ. අප හොඳින්ම දන්නා නරකම සංඛ්‍යාලේඛන: ග්‍රීසිය 146%, ඉතාලිය 137%, ප්‍රංශය 115% සහ බෙල්ජියම 108% වැනි දරුණු අගයකට ළඟා වී තිබේ. රුසියාවට ඇති රාජ්‍ය ණය ප්‍රතිශතය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 16.4% ක් පමණ වන අතර ඉහත කී රටවලට සාපේක්ෂව අඩු අගයකි.
2025 දී යුරෝපා සංගමයේ අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.1% ක් වැනි අගයක පවතුණි. යුරෝපා සංගමයේ ඉහළම අයවැය හිඟයන් ඇති රටවලට පෝලන්තය (7.3%), බෙල්ජියම (5.2%), ප්‍රංශය (5.1%) සහ එක්සත් ජනපදය (5.9%) යන යුරෝපා සංගමයේ සාමාජික රටවල් ඇතුළත් වේ. එහෙත් රුසියාවේ එය 2.6% ක් පමණ වන අගයකි.
එලෙසම, සියලුම කාර්මික රටවල් අතර රුසියානු සමූහාණ්ඩුව අඩුම විරැකියා අනුපාතයක් පෙන්වන රටකි. එනම්, ආර්ථික වශයෙන් ක්‍රියාකාරී ජනගහනයෙන් ආසන්න වශයෙන් 2.2% කි. එහෙත් එම අගය ජපානයේ එය 2.5%ක් වන අතර යුරෝපා කලාපයේ 5.9% ක් වැනි ඉහළ අගයක් ගනී.
ඒ අනුව සම්බාධකවලින් වැඩි හානියක් සිදුවන්නේ කාටද යන්න වෛෂයික සංඛ්‍යාලේඛන මගින් පැහැදිලිව පෙන්වා දෙයි.
රුසියාවේ යැයි අර්ථ දක්වන ආර්ථික බිඳවැටීම ඉදිරිපත් කරමින් බ්‍රසල්ස් නිලධාරීන් ජාත්‍යන්තර ප්‍රජාව නොමඟ යැවීම නැවැත්වීමට කාලය පැමිණ ඇති බව අපි අවධාරණය කරමු. එලෙසම කියෙව්හි දූෂිත, නාසි පාලනයට සහාය වීම සඳහා යුරෝපීය බදු ගෙවන්නන්ගේ මුදල් වියදම් කිරීම නැවැත්වීම වඩා යෝග්‍ය වනු ඇති බවද අපි අවධාරණය කරමු.
රුසියානු විරෝධී පණිවිඩ හෝ ක්‍රියාවන් තුළ සංවිධානය කිරීමට ගන්නා ඕනෑම උත්සාහයකට දැඩි ප්‍රතිචාර දැක්වීමේ අයිතිය තානාපති කාර්යාලය සතු බව දැඩිව අවධාරණය කරමු.
අවසාන වශයෙන් ඔබේ නිවස වීදුරුවලින් සාදා ඇත්නම් ගල් ගැසීමට කටයුතු නොකරන ලෙස අපි අවවාද කරමු.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..