අමෙරිකාවේ නිවාස අහිමි ජනතාවගේ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ යයි
එක්සත් ජනපද නිවාස හා නාගරික සංවර්ධන දෙපාර්තමේන්තුව (HUD) විසින් ඊයේ (17) නිකුත් කරන ලද වාර්තාවකට අනුව, අමෙරිකානු ඉතිහාස්ය තුළ වෙන කවරදාටත් වඩා බොහෝ ඇමරිකානුවන්ට නිවාස අහිමි වී ඇත. උද්ධමනය, නිවාස හිඟය සහ කෝවිඩ්-19 වසංගතය තුළ අනුගමනය කරන ලද නෙරපා හැරීමේ ආරක්ෂණ පියවරයන් ආපසු හැරවීමට කටයුතු නොකිරීම මෙම ඉහළ යාමට හේතු වී ඇතැයි ඒජන්සිය පෙන්වා දෙයි.
HUD කළ සංගනයට අනුව නිවාස නොමැති ඇමරිකානුවන්ගේ වාර්ෂික සංඛ්‍යාව 2023 ජනවාරි මාසයේදී 653,104 දක්වා වූ අගයකට ළඟා විය. එම අගය 2007 දී නිවාස නොමැති අය ගණනය කිරීම සඳහා ආයතනය එහි වත්මන් ක්‍රමය ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ ඉහළම සංඛ්‍යාව වන්නේය. එම අගය පසුගිය වසරේ එම අගයට වඩා 12% ක වැඩිවීමක් පෙනුම් කරයි. ඒ අනුව නිවාස නොමැති පුද්ගලයින් 70,650 ක් අළුති එකතු වී හෝ නිවාස සතුව තිබී නිවාස අහිමි වීමෙන් නිවාස අහිමි පිරිසට එකතු වී තිබේ.
HUD ට අනුව,නිවාස කුලී වැඩිවීම් සහ කෝවිඩ් වසංගත සමයේ නිවාස කුලී පාලන වැඩසටහන් නිෂ්ක්‍රිය වීමත් සමඟ පළමු වරට නිවාස නොමැතිකම 25% කින් විශේෂයෙන් පෙර නොවූ විරූ වේගයකින් වැඩි විය. ඒ අතරම, නිවාස නොමැති ජනගහනයෙන් තුනෙන් එකක් (31%) ක්‍රමානුකූලව නවාතැන් අහිමි ජනතාව බවට පත්වෙමින් සිටින බව වාර්තා වේ.
අමෙරිකාවේ සියලුම ජන කොට්ඨාශයන් අතර දරුවන් සිටින පවුල් වල නිවාස නොමැතිකම 15.5%කින් ඉහළ ගොස් ඇති අතර එම අගය 2023 දී මුළු නිවාස නොමැති ජනගහනයෙන් 28% ක් විය.
2022 දී කුලී නිවාස අසාමාන්‍ය ලෙස හිඟ වූ බව HUD ආයතනය පිළිගෙන ඇති අතර, වෙළඳපල “අභියෝග සහිත” ලෙස හඳුන්වමින් රජය විසින් අනුග්‍රහය දක්වන ඉදිකිරීම් වල සිදු වූ වර්ධනය ප්‍රශ්නය විසඳා ඇති බව අවධාරනය කළේය.
කෙසේ වෙතත් දැරිය හැකි මිලෙහි අර්බුදයක් පවතී. 2001 සහ 2022 අතර මධ්‍ය කුලී අගය 18.8% කින් ඉහළ ගිය අතර එම කාලය තුළ උද්ධමනය සඳහා සකස් කරන ලද මධ්‍ය ආදායම වැඩි වූයේ 4.3% කින් පමණි. මෙම වසර මුලදීMoody’s Analytics ආයතනය විසින් නිකුත් කරන ලද වාර්තාවකින් හෙළි වූයේ සාමාන්‍ය ආදායම් ලබන කුටුම්භ ඔවුන්ගේ ආදායමෙන් 30%කට ආසන්න ප්‍රමාණයක් කුලී ලෙස ගෙවන බවයි.
ඒ අතරම, කම්කරු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවාතැන් දර්ශකයට අනුව අමෙරිකාවේ නිවාස මිල ගණන් අඛණ්ඩව වර්ධනය පාරිභෝගික මිල දර්ශකය තුළ මාසික වැඩිවීමට බලපාන මූලික සාධකය බවට පත්ව තිබේ.
විශේෂත්වය වන්නේ ව්‍යසනකාරී සංඛ්‍යා පැමිණෙන්නේ බිඩෙන් පරිපාලනය “නිවාස නැතිකම සීග්‍ර ලෙස ඉහළ යාම නැවැත්වූ” බව ප්‍රකාශ කිරීමෙන් වසරකට පසුව වීමය.
"නිවාස දැරිය හැකි මිලකට හෝ අඩුම ආදායම් ලබන පුද්ගලයින්ට සැලකිය යුතු සහ තිරසාර ෆෙඩරල් ආයෝජනයක් නොමැතිව, මේ රටේ දැරිය හැකි නිවාස සහ නිවාස නොමැතිකම අර්බුද තවදුරටත් නරක අතට හැරෙනු ඇත" යනුවෙන් සිකුරාදා නිවේදනයක් නිකුත් කරමින් Diane Yentel නම් විශෙෂඥය පැවසීය.
HUD හි නිවාස නොමැතිකම ගණනය කිරීම, 2023 ජනවාරි මාසයේ එක් රාත්‍රියක දී, තාවකාලිකව හෝ දින නියමයක් නොමැතිව පවුලේ අය හෝ මිතුරන් සමඟ රැඳී සිටීම හෝ නවාතැන් ලෙස වර්ගීකරණය නොකළ පහසුකම් හෝ ස්ථිර නිවාසවලට මාරුවීමේ ක්‍රියාවලියේ යෙදී සිටින පුද්ගලයින් ඇතුළත් නොවන බව සංඛ්‍යා ලේඛන විශ්විෂඥයන් අවධාරණය කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා