නේපාලයේ ආපදාවෙන් දින 10ක් උමගක සිරවී සිටි චීන ජාතිකයකු බේරාගැනේ..
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නේපාල හමුදාව සඳහන් කළේ, 'අපර් ත්‍රිශූලි-1' (Upper Trishuli-1) ජල විදුලි ව්‍යාපෘතියට අයත් මීටර් 225ක් දිගැති උමගක් තුළ සිරවී සිටි 'ලූ හයිටාඕ' (Lu Haitao) නමැති මෙම චීන ජාතිකයා මෙලෙස නිරුපද්‍රිතව මුදාගත් බවයි.
පසුගිය අගෝස්තු 26 වැනිදා ගඟේ ඉහළ පෝෂක ප්‍රදේශයේ හිමකඳක් (Glacier) කඩාවැටීමත් සමඟ හදිසි ගංවතුරක් හටගත් අතර, ප්‍රදේශයේ පිහිටි ජල විදුලි ව්‍යාපෘති උමං මාර්ග තුළ පුද්ගලයින් 900 දෙනෙකු පමණ සිරවී සිටින බවට විශ්වාස කෙරෙන අතර, එම උමං මාර්ග තුළින් මෙතෙක් පණපිටින් මුදාගත් තෙවැනි පුද්ගලයා වන්නේ මෙම චීන ජාතිකයාය.
ඊයේ දිනද එම ගඟේම පිහිටි 'අපර් ත්‍රිශූලි 3A' ජල විදුලි මධ්‍යස්ථානයේ උමගකින් පුද්ගලයින් දෙදෙනෙකු පණපිටින් මුදාගැනීමට මුදවාගැනීමේ කණ්ඩායම් සමත් විය.
මුදාගත් චීන ජාතිකයාගේ සිරුරේ බාහිර තුවාල කිසිවක් දක්නට නොතිබූ අතර, ශරීර උෂ්ණත්වය අඩුවීමේ (Mild Hypothermia) ලක්ෂණ හැරුණු විට ඔහුගේ ශාරීරික තත්ත්වය යහපත් මට්ටමක පවතින බව විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.
අධික ලෙස වෙහෙසට පත්ව සිටි ඔහුව හමුදා හෙලිකොප්ටර් යානයක් මගින් වහාම හමුදා රෝහලක් වෙත යොමුකර තිබේ.
චීනයේ ටිබෙට් සීමාවට ආසන්න නේපාලයේ නගර සහ ගම්මාන රැසක් ගංවතුරට සහ මඩපහරට හසුවීමෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 1,344 දක්වා ඉහළ ගොස් ඇති බව නේපාල ආපදා කළමනාකරණ අධිකාරිය පවසයි.
එමෙන්ම, විදේශිකයින් 583 දෙනෙකු (වන්දනාකරුවන් සහ සංචාරකයින්) ඇතුළුව තවත් 4,887 දෙනෙකු තවමත් අතුරුදන්ය.
මේ අතර, මායිම් පාලමෙන් ඔබ්බෙන් පිහිටි චීනයේ ටිබෙට් කලාපයෙන් ද මරණ 31ක් වාර්තා වී ඇති අතර, විදේශිකයන් 261 දෙනෙකු ඇතුළුව තවත් 531 දෙනෙකු අතුරුදහන්ව සිටින බව චීන රාජ්‍ය මාධ්‍ය සේවය වන 'සින්හුවා' වාර්තා කරයි.
මූලාශ්‍රය - රොයිටර්ස්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..