නේපාලයේ ආපදාවෙන් දින 10ක් උමගක සිරවී සිටි චීන ජාතිකයකු බේරාගැනේ..
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නේපාල හමුදාව සඳහන් කළේ, 'අපර් ත්‍රිශූලි-1' (Upper Trishuli-1) ජල විදුලි ව්‍යාපෘතියට අයත් මීටර් 225ක් දිගැති උමගක් තුළ සිරවී සිටි 'ලූ හයිටාඕ' (Lu Haitao) නමැති මෙම චීන ජාතිකයා මෙලෙස නිරුපද්‍රිතව මුදාගත් බවයි.
පසුගිය අගෝස්තු 26 වැනිදා ගඟේ ඉහළ පෝෂක ප්‍රදේශයේ හිමකඳක් (Glacier) කඩාවැටීමත් සමඟ හදිසි ගංවතුරක් හටගත් අතර, ප්‍රදේශයේ පිහිටි ජල විදුලි ව්‍යාපෘති උමං මාර්ග තුළ පුද්ගලයින් 900 දෙනෙකු පමණ සිරවී සිටින බවට විශ්වාස කෙරෙන අතර, එම උමං මාර්ග තුළින් මෙතෙක් පණපිටින් මුදාගත් තෙවැනි පුද්ගලයා වන්නේ මෙම චීන ජාතිකයාය.
ඊයේ දිනද එම ගඟේම පිහිටි 'අපර් ත්‍රිශූලි 3A' ජල විදුලි මධ්‍යස්ථානයේ උමගකින් පුද්ගලයින් දෙදෙනෙකු පණපිටින් මුදාගැනීමට මුදවාගැනීමේ කණ්ඩායම් සමත් විය.
මුදාගත් චීන ජාතිකයාගේ සිරුරේ බාහිර තුවාල කිසිවක් දක්නට නොතිබූ අතර, ශරීර උෂ්ණත්වය අඩුවීමේ (Mild Hypothermia) ලක්ෂණ හැරුණු විට ඔහුගේ ශාරීරික තත්ත්වය යහපත් මට්ටමක පවතින බව විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.
අධික ලෙස වෙහෙසට පත්ව සිටි ඔහුව හමුදා හෙලිකොප්ටර් යානයක් මගින් වහාම හමුදා රෝහලක් වෙත යොමුකර තිබේ.
චීනයේ ටිබෙට් සීමාවට ආසන්න නේපාලයේ නගර සහ ගම්මාන රැසක් ගංවතුරට සහ මඩපහරට හසුවීමෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 1,344 දක්වා ඉහළ ගොස් ඇති බව නේපාල ආපදා කළමනාකරණ අධිකාරිය පවසයි.
එමෙන්ම, විදේශිකයින් 583 දෙනෙකු (වන්දනාකරුවන් සහ සංචාරකයින්) ඇතුළුව තවත් 4,887 දෙනෙකු තවමත් අතුරුදන්ය.
මේ අතර, මායිම් පාලමෙන් ඔබ්බෙන් පිහිටි චීනයේ ටිබෙට් කලාපයෙන් ද මරණ 31ක් වාර්තා වී ඇති අතර, විදේශිකයන් 261 දෙනෙකු ඇතුළුව තවත් 531 දෙනෙකු අතුරුදහන්ව සිටින බව චීන රාජ්‍ය මාධ්‍ය සේවය වන 'සින්හුවා' වාර්තා කරයි.
මූලාශ්‍රය - රොයිටර්ස්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..