යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි යුද ආධාර ඉල්ලන්න අමෙරිකාවට ගිහින්
යුක්‍රේන ජනාධිපති වොලොද්මීර් සෙලෙන්ස්කි අමෙරිකානු සංචාරයක නිරත වන අතර, ඔහු අද (12) ධවල මන්දිරයේ දී ජනාධිපති ජෝ බයිඩන් සමග සාකච්ඡා කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සංචාරයට පෙර යුක්‍රේන ජනාධිපතිවරයා ආවේගශීලි ආයාචනයක් සිදුකරමින් ප්‍රකාශ කළේ, යුක්‍රේනය සඳහා තවදුරටත් යුද ආධාර අවශ්‍ය බවය.
යුක්‍රේනය සටන් කරන්නේ තම නිදහස සඳහා පමණක් නොව ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා බව හමුදා නිලධාරීන් පිරිසක් අමතමින් යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් යුක්‍රේනයට ඩොලර් බිලියන 60ක යුද ආධාර ලබාදීමට කොංග්‍රස් මණ්ඩලයෙන් ඉල්ලා සිටිය ද අවස්ථා කිහිපයකදී එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කෙරුණි.
යුක්‍රේන ජනාධිපතිවරයා මෙම සංචාරයේ දී කථානායක මයික් ජොන්සන් හමුවී යුද ආධාර ලබාගැනීම සඳහා වන ඉල්ලීම් ඉදිරිපත් කිරීමට ද නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා