
2024 රුසියානු ජනාධිපතිවරණයට අපේක්ෂක්යෙකු ලෙස පුටින් ඉදිරිපත් වන බව පවසයි
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යළිත් වරක් ජනාධිපතිවරණ මැතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කර තිබේ.යම් කිසි විදියකින් ඔහු ජයග්‍රහණය කළහොත් ඔහු පස්වන වරටත් රුසියාවේ රාජ්‍ය නායකත්වයට පත් වීම සනිටුහන් කරනු ඇත.
රුසියානු ජනාධිපතිවරණය 2024 මාර්තු 15 සහ මාර්තු 17 අතර පැවැත්වෙනු ඇත.එසේම ජනාධිපතිවරණ ජයග්‍රාහකයා මැයි මස මුලදී ප්‍රකාශයට පත් කරනු ඇත.
මේ අතර යුක්රේනයට එරෙහි හමුදා මෙහෙයුමට සහභාගී වූ සෙබළුන්ට "රුසියාවේ වීරයා" පදක්කම් පිරිනැමීමේ උත්සවයකට එක් වීමටද පුටින් කටයුතු කළේය.
එහිදී මෑතකදී රුසියානු ෆෙඩරල් විෂය පාර්ලිමේන්තුවේ කථානායක ලෙස නම් කරන ලද ඩොනෙට්ස්ක් මහජන ජනරජයේ වීරයා සම්මානයෙන් පිදු ලැබූ ආර්ටියොම් සෝඉගා පුටින් 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේදැයි විමසූවේය. එම ප්‍රශ්නයට ස්ථිර ලෙස පිළිතුරු දෙමින් පුටින් පැවසුවේ තමා ජනාඪ්Hඉපතිවරණයට ඉදිරිපත්වන බවයි.
පුටින් සහ හමුදා නිළධාරින් එකිනෙකා හමුවන උත්සවයේ දර්ශනවල ෂෝගා "ඔබේ ක්‍රියාවන්ට ස්තූතියි... අපි නිදහස් වුණා, අපට තෝරා ගැනීමට අවස්ථාව ලැබුණා... ඔබ අපේ ජනාධිපති... අපි ඔබේ කණ්ඩායමයි, අපට ඔබව අවශ්‍යයි, රුසියාවට ඔබව අවශ්‍යයි," පවස්නු පැහැදිළිව දක්නට ලැබේ.
ඔහුට ප්‍රශංසා කිරීම ගැන ස්තූති කරමින් පුටින් පවසා සිටියේ මෙම කාරනය සම්බන්ධයෙන් “විවිධ කාලවලදී විවිධ සිතුවිලි” පහළවූ නමුත් අවසාන තීරණයක් ගැනීමට කාලය පැමිණ ඇති බවයි. "මම රුසියානු සමූහාණ්ඩුවේ සභාපති ධුරයට තරඟ කිරීමට යනවා," ඔහු අවධාරණය කළේය.
ෂෝගා යනු ජනරජයේ සුප්‍රසිද්ධ ස්පාටා බලඇණියේ අණදෙන නිලධාරියා වන අතර, එම බළ ඇණිය 2014 සිට කියෙව් හමුදාවන්ට එරෙහිව ඩොන්ස්ටෙක් ජනරජය ආරක්ෂා කරමින් සිටියි. ඔහු හමුදා තනතුර භාර ගත්තේ 2022 වර්ෂයේ දී Vඔල්නොවඛ නගරය අසල සිවිල් වැසියන් ඉවත් කරමින් සිටියදි එවකට වයස අවුරුදු 28 ක් වූ ඔහුගේ පුත් ව්ලැඩිමීර් මිය යාමෙන් පසුව එම මරණය නිවේදනය ක්‍රමිනි. ව්ලැඩිමීර්ගේ වීර ක්‍රියාවන් වෙනුවෙන් ඔහුට මරණින් පසු “රුසියාවේ වීරයා” යන නාමය පිරිනමන ලදී.
බ්‍රහස්පතින්දා නිකුත් කරන ලද මහජන අදහස් පදනමේ (FOM) මත විමසුමකට අනුව, රුසියානු පුරවැසියන්ගෙන් 70% ක් පමණ විශ්වාස කරන්නේ පුටින් තවත් ධුර කාලයක් සඳහා තරඟ කළ යුතු බවයි, තවත් 15% ක් පවසන්නේ වත්මන් ජනාධිපතිවරයා ඔහුගේ වත්මන් තනතුර හැර ගියත් රජයේ ඉහළ තනතුරක් ගත යුතු බවයි. රුසියානු නායකයා දේශපාලන වේදිකාවෙන් සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතු බව විශ්වාස කරන්නේ 8% ක් පමණි.
දැනට පුටින්ගේ තරඟකරුවන් අතර රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ දිගුකාලීන නායක ජෙනඩි සූගනොව් ඇතුළත් වේ, ඔහු නොවැම්බර් අග දී ඔහුගේ තීරණය ප්‍රකාශයට පත් කළ නමුත් අවසාන තීරණය ඔහුගේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ගනු ඇති බව සඳහන් කළේය. ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය (එල්ඩීපීආර්) සහ නිව් පීපල් ඇතුළු අනෙකුත් රුසියානු පක්ෂ ද තමන්ගේම අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට අදහස් කරන බවට ඉඟි පළ කර ඇත.
https://www.rt.com/russia/588733-putin-announces-reelection-bid/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..
ශ්රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !
ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)
රණවිරු දඩයමට සියල්ල සූදානම්.. - ආණ්ඩුව අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම හරහා සිදුකරන මහා පාවාදීම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
