2024 රුසියානු ජනාධිපතිවරණයට අපේක්ෂක්යෙකු ලෙස පුටින් ඉදිරිපත් වන බව පවසයි
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යළිත් වරක් ජනාධිපතිවරණ මැතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කර තිබේ.යම් කිසි විදියකින් ඔහු ජයග්‍රහණය කළහොත් ඔහු පස්වන වරටත් රුසියාවේ රාජ්‍ය නායකත්වයට පත් වීම සනිටුහන් කරනු ඇත.
රුසියානු ජනාධිපතිවරණය 2024 මාර්තු 15 සහ මාර්තු 17 අතර පැවැත්වෙනු ඇත.එසේම ජනාධිපතිවරණ ජයග්‍රාහකයා මැයි මස මුලදී ප්‍රකාශයට පත් කරනු ඇත.
මේ අතර යුක්රේනයට එරෙහි හමුදා මෙහෙයුමට සහභාගී වූ සෙබළුන්ට "රුසියාවේ වීරයා" පදක්කම් පිරිනැමීමේ උත්සවයකට එක් වීමටද පුටින් කටයුතු කළේය.
එහිදී මෑතකදී රුසියානු ෆෙඩරල් විෂය පාර්ලිමේන්තුවේ කථානායක ලෙස නම් කරන ලද ඩොනෙට්ස්ක් මහජන ජනරජයේ වීරයා සම්මානයෙන් පිදු ලැබූ ආර්ටියොම් සෝඉගා පුටින් 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේදැයි විමසූවේය. එම ප්‍රශ්නයට ස්ථිර ලෙස පිළිතුරු දෙමින් පුටින් පැවසුවේ තමා ජනාඪ්Hඉපතිවරණයට ඉදිරිපත්වන බවයි.
පුටින් සහ හමුදා නිළධාරින් එකිනෙකා හමුවන උත්සවයේ දර්ශනවල ෂෝගා "ඔබේ ක්‍රියාවන්ට ස්තූතියි... අපි නිදහස් වුණා, අපට තෝරා ගැනීමට අවස්ථාව ලැබුණා... ඔබ අපේ ජනාධිපති... අපි ඔබේ කණ්ඩායමයි, අපට ඔබව අවශ්‍යයි, රුසියාවට ඔබව අවශ්‍යයි," පවස්නු පැහැදිළිව දක්නට ලැබේ.
ඔහුට ප්‍රශංසා කිරීම ගැන ස්තූති කරමින් පුටින් පවසා සිටියේ මෙම කාරනය සම්බන්ධයෙන් “විවිධ කාලවලදී විවිධ සිතුවිලි” පහළවූ නමුත් අවසාන තීරණයක් ගැනීමට කාලය පැමිණ ඇති බවයි. "මම රුසියානු සමූහාණ්ඩුවේ සභාපති ධුරයට තරඟ කිරීමට යනවා," ඔහු අවධාරණය කළේය.
ෂෝගා යනු ජනරජයේ සුප්‍රසිද්ධ ස්පාටා බලඇණියේ අණදෙන නිලධාරියා වන අතර, එම බළ ඇණිය 2014 සිට කියෙව් හමුදාවන්ට එරෙහිව ඩොන්ස්ටෙක් ජනරජය ආරක්ෂා කරමින් සිටියි. ඔහු හමුදා තනතුර භාර ගත්තේ 2022 වර්ෂයේ දී Vඔල්නොවඛ නගරය අසල සිවිල් වැසියන් ඉවත් කරමින් සිටියදි එවකට වයස අවුරුදු 28 ක් වූ ඔහුගේ පුත් ව්ලැඩිමීර් මිය යාමෙන් පසුව එම මරණය නිවේදනය ක්‍රමිනි. ව්ලැඩිමීර්ගේ වීර ක්‍රියාවන් වෙනුවෙන් ඔහුට මරණින් පසු “රුසියාවේ වීරයා” යන නාමය පිරිනමන ලදී.
බ්‍රහස්පතින්දා නිකුත් කරන ලද මහජන අදහස් පදනමේ (FOM) මත විමසුමකට අනුව, රුසියානු පුරවැසියන්ගෙන් 70% ක් පමණ විශ්වාස කරන්නේ පුටින් තවත් ධුර කාලයක් සඳහා තරඟ කළ යුතු බවයි, තවත් 15% ක් පවසන්නේ වත්මන් ජනාධිපතිවරයා ඔහුගේ වත්මන් තනතුර හැර ගියත් රජයේ ඉහළ තනතුරක් ගත යුතු බවයි. රුසියානු නායකයා දේශපාලන වේදිකාවෙන් සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතු බව විශ්වාස කරන්නේ 8% ක් පමණි.
දැනට පුටින්ගේ තරඟකරුවන් අතර රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ දිගුකාලීන නායක ජෙනඩි සූගනොව් ඇතුළත් වේ, ඔහු නොවැම්බර් අග දී ඔහුගේ තීරණය ප්‍රකාශයට පත් කළ නමුත් අවසාන තීරණය ඔහුගේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ගනු ඇති බව සඳහන් කළේය. ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය (එල්ඩීපීආර්) සහ නිව් පීපල් ඇතුළු අනෙකුත් රුසියානු පක්ෂ ද තමන්ගේම අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට අදහස් කරන බවට ඉඟි පළ කර ඇත.
https://www.rt.com/russia/588733-putin-announces-reelection-bid/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා