සෞදියේ අල් සෞද් කුමරු ගුවන් අනතුරකින් මිය යයි
සෞදියේ තලාල් බින් අබ්දුල් අසීස් බින් බන්ඩාර් අල් සෞද් කුමරු වයස අවුරුදු 62 දී මිය ගිය බව සෞදි රාජාණ්ඩුව ඊයේ(7) නිවේදනය කළේය. අරාබි මාධ්‍ය වාර්තා වලට අනුව කුමාරයා ගුවන් අනතුරකින් මිය ගිය බව පැවසේ.
සෞදි රාජකීය අධිකරණය කෙටි ප්‍රකාශයක් නිකුත් කරමින් කුමරුගේ අභාවය නිවේදනය කරමින් පවසා සිටියේ මියගිය රාජකීයයා වෙනුවෙන් අවමංගල්‍ය යාඥාවන් රියාද්හි ඉමාම් තුර්කි බින් අබ්දුල්ලා මුස්ලිම් පල්ලියේදී සිදුකරන බවයි.
තලාල් බින් අබ්දුල් අසීස් කුමරු බන්ඩාර් කුමරුගේ පුත්‍රයා වන අතර පළමු සෞදි රජු වන අබ්දුලාසීස් රජුගේ මුනුපුරා විය. 1961 දී උපත ලද ඔහු රාජකීය සෞදි ගුවන් හමුදාවේ ලුතිනන් කර්නල්වරයෙකු වූ අතර 2004 සිට 2012 දක්වා සෞදි බුද්ධි ඒජන්සිය වන ඝෛඵ් හි සහකාර බුද්ධි ප්‍රධානියා ලෙස සේවය කළේය.
අධිකරණයේ ප්‍රකාශය මගින් මරණයට හේතුව හෙළි නොකළ අතර, ලෙබනනයේ අල් මාෂාඩ් ප්‍රවෘත්ති ආයතනය වාර්තා කළේ ඊයේ(7) උදෑසම ගුවන් හමුදාව සමඟ කළ පුහුණු අභ්‍යාසයක් අතරතුර ඔහුගේ F-15 ප්‍රහාරක ජෙට් යානය කඩා වැටීමෙන් කුමරු මිය ගිය බවයි.
අබ්දුල්අසීස් කුමරු විවාහ වී සිටින්නේ නජ්ලා බින්ට් සාඩ් බින් මොහොමඩ් අල් සෞද් සමඟය.
ඔහුගේ එක් පුතෙකු වන තලාල් බින් අබ්දුලාසීස් කුමරු 2011 මැයි 26 දින සාරා බින්ට් ෆාඩ් සමඟ විවාහ විය. ඇය සල්මාන් රජුගේ වැඩිමහල් පුත්‍රයා වූ ෆහාඩ් බින් සල්මන් කුමරුගේ දියණියයි. ඔවුන්ගේ විවාහ උත්සවය 2011 ජූලි 2 දින මර්බෙල්ල හිදී පැවැත්විණි.තලාල් කුමරු රාජකීය සෞදි ගුවන් හමුදාවේ ලුතිනන් කර්නල්වරයෙකු වූ අතර 2023 දෙසැම්බර් 7 වන දින සෞදි රාජ්‍යයේ නැගෙනහිර පළාතේ සිදු කළ පුහුණු මෙහෙයුමක් අතරතුර හමුදා ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් මිය ගියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා