චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්, චීනය එක්සත් ජනපද නැව් තැනීමේ කර්මාන්තය පුනර්ජීවනය කිරීමට සහ එම ක්ෂේත්‍රයේ චීනයේ ආධිපත්‍යය අඩු කිරීමට ට්‍රම්ප් පරිපාලනය දරන උත්සාහයේ කොටසක් බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් ජියන් අද(18) පැවසුවේ චීනය මෙම ගැටලුව සම්බන්ධයෙන් සිය ස්ථාවරය නැවත නැවතත් ප්‍රකාශ කර ඇති බව අවධාරණය කරමිනි. "වරාය ගාස්තු සහ භාණ්ඩ හැසිරවීමේ උපකරණ සඳහා අමතර තීරුබදු පැනවීම වෙනත් රටවල මෙන්ම අමෙරිකානු අවශ්‍යතාවලට හානි කරන බව මම නැවත අවධාරණය කිරීමට කැමතියි. එම ක්‍රියා මාර්ගය ගෝලීය නැව්ගත කිරීමේ පිරිවැය ඉහළ නංවනවා. එලෙසම සැපයුම් දාමයේ ස්ථාවරත්වයට බාධා කරමින් එක්සත් ජනපදයේ උද්ධමනකාරී පීඩනය වැඩි කරනවා. අවසානයේ එක්සත් ජනපද නැව් තැනීමේ කර්මාන්තය පුනර්ජීවනය නොකර ඇමරිකානු පාරිභෝගිකයින්ට සහ ව්‍යාපාරවලට හානි කරනවා." ඔහු පැවසීය.
"අපි එක්සත් ජනපද පාර්ශවයෙන් ඉල්ලා සිටින්නේ යථාර්තයට සහ බහුපාර්ශ්වික නීතිවලට ගරු කරන ලෙසත්, ඔවුන්ගේ වැරදි වහාම නතර කරන ලෙසයි. චීනය එහි නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ස්ථිරව ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගනු ඇත." ලින් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..
ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ
කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..
ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..
"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!
ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..
සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..
ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!
හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)
ශ්රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්
ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..