
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.
රජිත් කීර්ති තෙන්නකෝන්, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ අසාද් සාලි යන හිටපු පළාත් ආණ්ඩුකාරවරු ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසන්නේ ජනාධිපතිවරයාට, ඇමති මණ්ඩලයට හෝ ආණ්ඩුකාරයකුට පළාත් පාලන ආයතනයකට හිමි ආදායම් අහිමි කිරීම සඳහා කිසිදු අභිමත බලයක් නැති බව ද පවසති.
රජයේ පක්ෂය හැර වෙනත් පක්ෂ කණ්ඩායම් ජයග්‍රහණය කළහොත් එම පළාත් පාලන ආයතනවලට ප්‍රතිපාදන ලබා නොදෙන බවට ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවලදී සිදුකළ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් එම ආණ්ඩුකාරවරුන් නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
“ජනාධිපතිවරයා හෝ වෙනත් අයෙකු ‘ගමේ බලය නම් ඉල්ලන සල්ලි ඇස් පියාගෙන එවන්නම්, බලය වෙන අය අතේ නම් 10 පාරක්වත් හොයලා බලනවා’ යැයි ප්‍රකාශ කිරීම තනිකරම දේශපාලන බලහත්කාරයකි. මන්නාරමේ පැවති ජන රැලියකදී දෙවැනි වරට ද මෙම ප්‍රකාශය සිදුකර ඇත. එය ඡන්ද දූෂණයකි. ජනතාව නොමඟ යැවීමකි. එමෙන් ම කිසිදු පදනමක් නැති ප්‍රකාශයකි.
ජනතා ඡන්දයෙන් තේරී පත්කරගනු ලබන දේශපාලන පක්ෂ, කණ්ඩායම්වලට පළාත් ආණ්ඩුකරණයේ නිදහස පැවැතිය යුතු ය. විපක්ෂයේ සිටියදී පෙනී සිටි ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් බලයට පත්වීමෙන් පසුව විනාශ කර ගැනීමට ආණ්ඩුවට හැකියාවක් නැත. ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අණ පනත් මඟින් ලබාදී ඇති වගකීම් ඉටු කිරීමට බැඳී සිටී. ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ.
බහුතරයක් පළාත් පාලන ආයතනයන් වෙත රජයෙන් ලැබී ඇත්තේ වැටුප් ගෙවීම සඳහා වන ප්‍රතිපාදන පමණි. සේවක වැටුප් නැවැත්වීමේ බලයක් විධායකයට හෝ රාජ්‍ය නිලධාරීන් වෙත නැත. විධායකය හා මහා භාණ්ඩාගාරයට ලැබෙන මුදල් සැලකිය යුතු ප්‍රමාණයක් පළාත් පාලන ආයතන මඟින් උත්පාදනය කරන ආදායම් වේ.
පළාත් පාලන ආයතනයන්ට ස්වයං උත්පාදන ආදායම් හා අයකර ගත හැකි ගාස්තු ලබාගත හැකිය. මහ නගර සභා විශාල ප්‍රමාණයකට සහ නගර සභා හා ප්‍රාදේශීය සභා යම් ප්‍රමාණයකට ස්වයං උත්පාදන ආදායමෙන් යැපෙන්නට හැකිය.
පළාත් පාලන ආයතනවලට අය කරගත හැකි මුද්දර ගාස්තු ආදී ගාස්තු එම පනත්වලින්ම ව්‍යවස්ථාපිතව ඇත. මහ නගර සභා ආඥා පනතේ දෙවන උපලේඛනය, නගර සභා ආඥා පනතේ පස්වන උපලේඛනය, ප්‍රාදේශීය සභා පනතේ පළමු හා දෙවැනි උපලේඛනවල ඒවා නීතිගත කර තිබේ.
එම මූලික නීතියට අනුව පළාත් පාලන ආයතනයන්ට හිමි මුදල් අවහිර කළ නොහැකිය. තවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වැනි සංශෝධනයේ 9 උපලේඛනයේ 4.3 වගන්තිය අනුවද මේ බලය අහිමි කරන්න පළාත් සභාවටත් නොහැකිය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..
ශ්රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !
ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)
රණවිරු දඩයමට සියල්ල සූදානම්.. - ආණ්ඩුව අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම හරහා සිදුකරන මහා පාවාදීම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
එක්සත් ජනපදය තමන්ටම හානි කර ගනී: ෂැංග්‍රි-ලා සංවාදයේදී 'චීන තර්ජනය' අතිශයෝක්තියට නැංවීම සම්බන්ධයෙන් චීන ආරක්ෂක අමාත්‍යාංශය ඇමරිකානු ආරක්ෂක ප්‍රධානියාට දොස් පවරයි.
රුසියානු ගුවන් තොටුපළවලට එල්ලවූ යුක්රේන ප්‍රහාරය: මෙතෙක් හෙළිවූ කරුණු
බ්‍රික්ස් සමුළුවට සහභාගී වෙන්න ජනපති පුටින්ගේ ආරාධනයට ජනපති අනුර කිව්ව දේ මෙන්න..- මෙරට රුසියා තානාපතිගෙන් අනාවරණයක්..
UN මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මෙරට සංචාරයකට සූදානමින්..
