ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.
රජිත් කීර්ති තෙන්නකෝන්, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ අසාද් සාලි යන හිටපු පළාත් ආණ්ඩුකාරවරු ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසන්නේ ජනාධිපතිවරයාට, ඇමති මණ්ඩලයට හෝ ආණ්ඩුකාරයකුට පළාත් පාලන ආයතනයකට හිමි ආදායම් අහිමි කිරීම සඳහා කිසිදු අභිමත බලයක් නැති බව ද පවසති.
රජයේ පක්ෂය හැර වෙනත් පක්ෂ කණ්ඩායම් ජයග්‍රහණය කළහොත් එම පළාත් පාලන ආයතනවලට ප්‍රතිපාදන ලබා නොදෙන බවට ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවලදී සිදුකළ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් එම ආණ්ඩුකාරවරුන් නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
“ජනාධිපතිවරයා හෝ වෙනත් අයෙකු ‘ගමේ බලය නම් ඉල්ලන සල්ලි ඇස් පියාගෙන එවන්නම්, බලය වෙන අය අතේ නම් 10 පාරක්වත් හොයලා බලනවා’ යැයි ප්‍රකාශ කිරීම තනිකරම දේශපාලන බලහත්කාරයකි. මන්නාරමේ පැවති ජන රැලියකදී දෙවැනි වරට ද මෙම ප්‍රකාශය සිදුකර ඇත. එය ඡන්ද දූෂණයකි. ජනතාව නොමඟ යැවීමකි. එමෙන් ම කිසිදු පදනමක් නැති ප්‍රකාශයකි.
ජනතා ඡන්දයෙන් තේරී පත්කරගනු ලබන දේශපාලන පක්ෂ, කණ්ඩායම්වලට පළාත් ආණ්ඩුකරණයේ නිදහස පැවැතිය යුතු ය. විපක්ෂයේ සිටියදී පෙනී සිටි ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් බලයට පත්වීමෙන් පසුව විනාශ කර ගැනීමට ආණ්ඩුවට හැකියාවක් නැත. ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අණ පනත් මඟින් ලබාදී ඇති වගකීම් ඉටු කිරීමට බැඳී සිටී. ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ.
බහුතරයක් පළාත් පාලන ආයතනයන් වෙත රජයෙන් ලැබී ඇත්තේ වැටුප් ගෙවීම සඳහා වන ප්‍රතිපාදන පමණි. සේවක වැටුප් නැවැත්වීමේ බලයක් විධායකයට හෝ රාජ්‍ය නිලධාරීන් වෙත නැත. විධායකය හා මහා භාණ්ඩාගාරයට ලැබෙන මුදල් සැලකිය යුතු ප්‍රමාණයක් පළාත් පාලන ආයතන මඟින් උත්පාදනය කරන ආදායම් වේ.
පළාත් පාලන ආයතනයන්ට ස්වයං උත්පාදන ආදායම් හා අයකර ගත හැකි ගාස්තු ලබාගත හැකිය. මහ නගර සභා විශාල ප්‍රමාණයකට සහ නගර සභා හා ප්‍රාදේශීය සභා යම් ප්‍රමාණයකට ස්වයං උත්පාදන ආදායමෙන් යැපෙන්නට හැකිය.
පළාත් පාලන ආයතනවලට අය කරගත හැකි මුද්දර ගාස්තු ආදී ගාස්තු එම පනත්වලින්ම ව්‍යවස්ථාපිතව ඇත. මහ නගර සභා ආඥා පනතේ දෙවන උපලේඛනය, නගර සභා ආඥා පනතේ පස්වන උපලේඛනය, ප්‍රාදේශීය සභා පනතේ පළමු හා දෙවැනි උපලේඛනවල ඒවා නීතිගත කර තිබේ.
එම මූලික නීතියට අනුව පළාත් පාලන ආයතනයන්ට හිමි මුදල් අවහිර කළ නොහැකිය. තවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වැනි සංශෝධනයේ 9 උපලේඛනයේ 4.3 වගන්තිය අනුවද මේ බලය අහිමි කරන්න පළාත් සභාවටත් නොහැකිය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..