
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.
මෙම බදු සහනය ලබා දීම පිළිබඳව සමාලෝචනය කිරීමට ලබන මැයි මස යුරෝපා සංගමයේ කණ්ඩායමක් මෙරටට පැමිණීමට නියමිත අතර ඔවුන් මේ සඳහා ලබා දී ඇති ප්‍රධානපෙළේ කොන්දේසියක් ලෙස සඳහන් වන්නේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනයට ලක් කිරීම හෝ අහෝසි කිරීමයි.
එහිදී ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් අපනයන විවිධාංගීකරණය GSP + සහනය ලබා ගැනීම පිළිබඳ ඔවුන් සමග සාකච්ඡා කිරීමට නියමිත බව ‘ඉරිදා මව්බිම’ කළ විමසීමකදී ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මේ බව පැවසීය.
නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, රටේ ත්‍රස්තවාදී ක්‍රියාවක් හෝ යම් ගැටලුවක් ඇති නොවී මානව අයිතිවාසිකම් ආරක්ෂා වීම මෙරට තුළ සිදුවිය යුතු බවට වන රජයේ පිළිගැනීම යුරෝපා සංගමය ද බලාපොරොත්තුවෙන් සිටින අතර එවැනි තත්ත්වයක් රට තුළ ස්ථාපිත කළහොත් gsp + සහනය අපට ඉදිරියට ම පවත්වාගෙන යෑමට එම සංගමයේ සහාය හිමි වන බව ය.
මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත රජය විසින් කඩනමින් අහෝසි කරනු ලැබීමට නියමිතව තිබේ.
විශේෂයෙන් ම පසුගිය රජයන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ජනතාව මර්දනය කරමින් සිය දේශපාලන වුවමනාවන් ඉටුකර ගැනීමට මෙම පනත භාවිත කිරීම යුරෝපා සංගමයේ දැඩි අප්‍රසාදයට හේතු වී තිබේ.
ඒ අනුව, මෙම පනත පිළිබඳව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ, මෙම පනත කඩිනමින් අහෝසි කිරීමට රජය කටයුතු කිරීමට සූදානමින් සිටින බව ය.
අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ, මෙම පනත පිළිබඳ මහජන අදහස් සිවිල් සංවිධාන ඇතුළු සංවිධාන රැසකගේ අදහස් මේ වන විටත් විශාල ප්‍රමාණයක් ලබාගෙන ඇති අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳව නැවත මුල සිට සමීක්ෂණය කළ යුතු නැති බැවින් එය කඩිනමින් අහෝසි කිරීමට සූදානම් බව ය.
ඒ අනුව, එම පනත අහෝසි කිරීමට පෙර මෙරට මානව හිමිකම් ආරක්ෂා වීම ගෝලීය ත්‍රස්තවාදය වැළැක්වීමට මුහුණ දීම, නීතියේ විධානය ආධිපත්‍යය සුරැකීම වෙනුවෙන් නීතිමය රාමුවක් සැකසීම අවශ්‍ය බව ත් එය ද කඩිනමින් සිදුකරන බව ත් අමාත්‍යවරයා වැඩිදුර ත් පෙන්වා දුන්නේ ය.
-මව්බිම-
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..
ශ්රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !
ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)
රණවිරු දඩයමට සියල්ල සූදානම්.. - ආණ්ඩුව අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම හරහා සිදුකරන මහා පාවාදීම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
එක්සත් ජනපදය තමන්ටම හානි කර ගනී: ෂැංග්‍රි-ලා සංවාදයේදී 'චීන තර්ජනය' අතිශයෝක්තියට නැංවීම සම්බන්ධයෙන් චීන ආරක්ෂක අමාත්‍යාංශය ඇමරිකානු ආරක්ෂක ප්‍රධානියාට දොස් පවරයි.
රුසියානු ගුවන් තොටුපළවලට එල්ලවූ යුක්රේන ප්‍රහාරය: මෙතෙක් හෙළිවූ කරුණු
බ්‍රික්ස් සමුළුවට සහභාගී වෙන්න ජනපති පුටින්ගේ ආරාධනයට ජනපති අනුර කිව්ව දේ මෙන්න..- මෙරට රුසියා තානාපතිගෙන් අනාවරණයක්..
UN මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මෙරට සංචාරයකට සූදානමින්..
