News Category
From Date
To Date
Maximum Number of Result

අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගේ හැසිරීම පිළිගත නොහැකියි!- සිවිල් ක්‍රියාකාරිණී ජෙහාන් හමිඩ් නීතිපතිට ලිඛිතව දන්වයි

Mar 22, 2025 at 07:21 PM
|

පසුගියදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ඔහුට ඇප ලබා දීමට විරුද්ධ වීමට කරුණු දක්වමින් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා වෘත්තීමය නොවන ග්‍රාම්‍ය වචන භාවිත කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සැකකරුවෙකුට හිමි අයිතීන් නොසලකා හරිමින් කටයුතු කර ඇති බව විවිධ පිරිස් විසින් සමාජ මාධ්‍ය තුළ අදහස් දක්වා තිබුණි. අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගේ හැසිරීම විවිධ පිරිස් හෙලා දකිමින් අප වෙත අදහස් දැක්වූ අතර සිවිල් ක්‍රියාකාරිණියක වන ජෙහාන් හමීඩ් මහත්මිය නීතිපතිවරය වෙත සිද්ධිය සම්බන්ධයෙන් අප්‍රසාදය පළකරමින් යැවූ ලිපියක් මාධ්‍ය වෙත යොමු කර ඇත. ඉංග්‍රීසි භාෂාවෙන් ලියා ඇති එම ලිපියෙහි සිංහල පරිවර්තනය පහතින් පළවේ.


ගරු නීතිපතිතුමා,

නීතිපති දෙපාර්තමේන්තුව.

ගරු නීතිපතිතුමනි,

අධිකරණ කටයුතුවලදී වැරදි හැසිරීම සහ නීතිමය වරප්‍රසාද අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව අප්‍රසාදය පල කිරීමයි

නීතිය ඉදිරියේ සැකකරුවකු බවට පත්වී සිටින  පොලිස්පතිවරයා සම්බන්ධ මෑත කාලීන අධිකරණ කටයුතුවලදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගේ හැසිරීම සම්බන්ධයෙන් මගේ බරපතල කනස්සල්ල ප්‍රකාශ කිරීම පිණිස මෙම ලිපිය ඔබ වෙත යොමු කරමි. දෝෂ සහිත වරෙන්තුවක් නිකුත් කර ඇතැයි හැඟී යාමා හේතුවෙන් පොලිස්පතිවරයා සහන ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ නමුත් ශ්‍රේෂ්ධිකරණය මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ තීන්දුව අනුමත කිරීම හේතුවෙන්  පොලිස්පතිවරයා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් විය. කෙසේ වෙතත්, ඉන් පසුව මාතර මහේස්ත්‍රාත් අධිකරණය තුළ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා කළ ප්‍රකාශ අධිකරණය තුළ භාවිතයට නුසුදුසු වචන වලින් පිරී පැවැති වූවා මෙන්ම ශිෂ්ඨ සමාජයට  පිළිගත නොහැකි තත්වයේ විය.

අතිරේක සොලිසිටර් ජනරාල්වරයා “ඔබේ සැකකාර පොලිස්පතිවරයා පාතාල අපරාධකරුවෙකුට වඩා වෙනස් නොවේ.” ලෙස කළ ප්‍රකාශය,වෘත්තීය මට්ටමේ නොවන එකක් පමණක් නොව, ව්‍යවස්ථාමය මූලධර්ම සහ මෑත කාලීන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු පවා සෘජුවම උල්ලංඝනය කරනු ලබන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකකරුවන්ගේ අයිතිවාසිකම් පැහැදිලිවම තහවුරු කරන අතර, සෑම පුද්ගලයෙකුටම නීතිය යටතේ සාධාරණ සැලකිලි ලැබීමට අයිතියක් ඇති බව සහතික කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(3) වගන්තියේ මෙසේ සඳහන් වේ.

“වරදක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඕනෑම පුද්ගලයෙකුට නිසි අධිකරණයක් විසින් පවත්වනු ලබන සාධාරණ නඩු විභාගයකදී, පුද්ගලිකව හෝ නීතිඥයෙකු විසින් කරුණු දැක්වීමට අයිතියක් ඇත.”

එලෙසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(5) වගන්තිය තවදුරටත් සහතික කරන්නේ,“වැරදිකරු බව ඔප්පු වන තුරු සෑම පුද්ගලයෙකුම නිර්දෝෂී යැයි උපකල්පනය කළ යුතුය.” කියායි.

මීට අමතරව, මෑත කාලීන ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවක් මගින් සැකකරුවන්ට පවා වෙනස්කම් කිරීමකින් තොරව එකම මූලික අයිතිවාසිකම් සඳහා හිමිකම් ඇති බව නැවත තහවුරු කරන ලදී. අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයාගේ ප්‍රකාශ මෙම නීතිමය ආරක්ෂාවන්ට සෘජුවම පටහැනි වන අතර, ව්‍යවස්ථාමය ආරක්ෂාවන් සහ අධිකරණ පූර්වාදර්ශ යන දෙකම නොසලකා හැරීමක් බව බැලූ බැල්මටම පෙනීයයි.

ඒ අනුව අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගේ හැසිරීමට එරෙහිව ක්ෂණික ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඔබ තුමාගෙන් ඉල්ලා සිටින අතර එහිදී පහත සඳහන් ප්‍රධාන කරුණු කෙරෙහි අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමි.

1. අධිකාරිය සහ නීතිමය වරප්‍රසාද අනිසි ලෙස භාවිතා කිරීම

• නීතිපති දෙපාර්තමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වඩා ඉහළින් නොසිටින අතර, එහි නියෝජිතයන් අධිකරණ කටයුතුවලදී නීතිමය සහ සදාචාරාත්මක ප්‍රමිතීන්ට අනුකූල විය යුතුය.

• අධිකරණයකදි පුද්ගලික ප්‍රහාර සහ ගිනි අවුලුවන වාචාල කතා භාවිතා කිරීම අධිකාරියේ සීමාව ඉක්මවා යන  භයානක තත්වයක් බව අවධාරණය කළ යුතුය.

2. අධිකරණ පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටීම

• අධිකරණ පද්ධතිය අපක්ෂපාතී විය යුතුය. නීති නිලධාරීන්ට ප්‍රසිද්ධියේ ව්‍යවස්ථාපිත මූලධර්ම උල්ලංඝනය කළ හැකි නම්, එය නඩු පැවරීම්වල සාධාරණත්වය සහ පද්ධතියේ අඛණ්ඩතාව පිළිබඳ බරපතල ගැටළු මතු කරයි.

• අභියෝගවලට මුහුණ දුන්නද, පොලිස් දෙපාර්තමේන්තුව වෘත්තීයමය වශයෙන් කටයුතු කර ඇත. ඊට ව්‍යතිරේඛව, නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිළධාරින්ගේ උසාවිය තුළ වන වෘත්තීය නොවන හැසිරීම් ප්‍රධාන තැනක් ගැනීමට ඉඩ දී ඇත.

3. තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කිරීම සහ එමගින් සමාජයට ලබා දෙන පණිවිඩය

• නීතිය බලාත්මක කරන නිලධාරීන් පුද්ගලික ප්‍රහාරවලට ලක්වන විට, වැඩිවන අපරාධ සහ තුවක්කු ප්‍රචණ්ඩත්වය පාලනයකින් තොරව සිදුවන විට, මෙමගින් අපරාධකරුවන්ට යවන පණිවිඩය කුමක්ද?

• අධිකරණය තුළ නාට්‍යමය රංගනයන්හි යෙදීම නොව, නීතිය ආරක්ෂා කිරීම සහ ජාතික ආරක්ෂාව සහතික කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

වහාම ක්‍රියාමාර්ග ගැනිමේ අවශ්‍යතාවය

මෙම ගැටළුව විසඳීම සඳහා පහත සඳහන්  නිවැරදි කිරීමේ පියවරයන් වහාම ගන්නා ලෙස ඉල්ලා සිටිමි:

1. අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයාගේ හැසිරීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම මගින් නීති ක්ෂේත්‍රයේ නියෝජිතයින් සදාචාරාත්මක සහ වෘත්තීය ප්‍රමිතීන්ට අනුකූල විය යුතු බව සහතික කිරීම.

2. තරාතිරම නොසලකා සියලුම සැකකරුවන්ට ව්‍යවස්ථාමය ආරක්ෂාවන් සඳහා හිමිකම් ඇති බවත් නීතිමය ක්‍රියාමාර්ගවලදී ඒ අනුව සලකනු ලබන බවත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් ප්‍රසිද්ධියේ නැවත තහවුරු කිරීම.

3. අධිකරණ කටයුතුවලදී නීතිමය වරප්‍රසාද තවදුරටත් අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සඳහා දැඩි නියෝග පැනවීම සහ ඉදිරිපත් කරන තර්ක නීතිමය රාමු තුළ පවතින බව සහතික කිරීම මගින් පුද්ගලික ප්‍රහාරවලට එළඹීමට වඩා නීතිමය රාමුව තුළ කටයුතු කළ යුතු බව සහතික කිරීම.

නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම නොව එය ආරක්ෂා කිරීමයි. මෙම කාරණය වහාම විසඳා නොගතහොත්, අධිකරණ පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය තවදුරටත් ඛාදනය වන අතර, මේ රටේ නීතිමය සාධාරණත්වයේ පදනමම අවදානමට ලක් වනු ඇත.

අප විසින් පෙන්වා දෙන මෙම ගැටලුවේ බරපතලකම ඔබ තුමා හඳුනාගෙන කඩිනම්, තීරණාත්මක පියවර ගනු ඇතැයි මම විශ්වාස කරමි.

මෙයට විශ්වාසී,

ජිහාන් හමීඩ්

සම්බන්ධිත පුවත් | Related News

දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාට ජනාධිපති අනුර කුමාර දිසානායකව රවට්ටන්නට හැකි නම් ජනාධිපතිවරයාගේ මොළයේ තරම හිතාගත හැකි බවත්, ඉන්දියාවෙන් නැතිනම් ජාත්‍යන්තරයෙන් ජනාධිපතිවරයාව කෙසේ රවට්ටනවා ඇත්දැයි දේශපාලන විචාරකයන් ප්‍රශ්න කරති.

ප්‍රධාන පුවත්

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

ජයග්‍රාහී ජාතියක් වීමට නම් මව් භාෂාවට මුල් තැන දිය යුතුයි.. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග

ඕනෑම රටක් හෝ ජාතියක් ඉදිරියට ගොස් ජයග්‍රාහී ස්ථානයකට පැමිණීමට නම් මව් භාෂාවට ප්‍රමුඛස්ථානය ලබා දීම අනිවාර්ය සාධකයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.

ශ්‍රීලංකන් ගුවන් සමාගම මුල්කරගෙන ඇමති සහ නියෝජ්‍ය ඇමති අතර ගැටුම උපරිමයට පැමිණෙයි..

පාඩුවලට මුහුණ දී සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරියෙකු (CEO) පත්කිරීමේ මතභේදාත්මක තීරණයත් සමඟ, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක සහ නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු අතර පවතින ගැටුම උපරිම මට්ටමකට පැමිණ ඇති බව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග කිහිපයකින් වාර්තා වේ.

බටහිර රටවල ආරක්ෂණවාදයේ වගකීමෙන් පලා යාමට චීනය බිල්ලක් කර නොගත යුතුය!

මේ වන විට චීනය නිෂ්පාදන අංශයෙන් ලබා ගෙන ඇති අද්විතීය ජයග්‍රහනය සම්බන්ධයෙන් බටහිර රටවල පාලකයන් වික්ෂිප්ත වී ඇති ස්වභාවයක් ඔවුන්ගේ හැසිරීම් වලට අනුව වටහා ගත හැක. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් චීන කොමියුනිස්ට් පක්ෂය දැඩි ස්ථාවරයක සිටී. ඒ සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය දැක්වෙන වැදගත් සටහනක් ග්ලොබල් ටෛම්ස් වෙබ් අඩවිය තබා තිබුණි. ලංකා ලීඩර් පාඨකයාගේ පරිශීලනය සඳහා මෙසේ පල කරමු..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය..

අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සහ අධිකරණවල එකතු වී ඇති නඩු ප්‍රමාණය කාර්යක්ෂමව අවසන් කිරීමේ අරමුණින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.