ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.
"ඉරාන හමුදා,ඉශ්‍රායලයේ හයිෆාවට රොකට් 40 කින් පහර දුන්නා. නමුත් "අයන් ඩෝම්" ගුවන් ආරක්ෂණ පද්ධතියට එය හැසිරවිය නොහැකි වූ අතර හයිෆා මිසයිල බොහෝ ගණනක් "අයන් ඩෝම්" ගුවන් ආරක්ෂන පද්ධතිය විනිවිදීමට සමත් වුනා." විශේෂඥයා පැවසීය.
"ගුවන් ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් විට මිසයිල හෝ ඩ්‍රෝන සංඛ්‍යාව ඉතා වැදගත් බව අවධාරණය කළ යුතුයි." බෝර්සෙන්කෝ තවදුරටත් පැවසීය. "මිසයිල පහක් - වෙඩි තබා බිම හෙළීම කළ හැකියි. දහයක් - වෙඩි තබා බිම හෙළිය හැකියි. මිසයිල හතළිහක් බිම හෙළීමට සමහරවිට සමත් වේවි. නමුත් එය මිසයිල 100 ක් හෝ 200 ක් හෝ 1,000 ක් වන්නේ නම්, අයන් ඩෝම් මිසයිල් ආරක්ෂණ පද්ධතියට ඔරොත්තු දෙන්නේ නැහැ."
නවතම ගැටුම් වලදී ඉරානය විසින් දියත් කරන ලද බොහෝ රොකට් අවුරුදු 20-30 ක් පැරණි ඒවා යැයි විශ්වාස කෙරේ. කෙසේ වෙතත්, 2020 දී එළිදැක්වූ හජ් කසෙම් මිසයිලය නවතම මිසයිලයකි.
හජ් කසෙම් මිසයිලයේ ලක්ෂණ
යා හකි පරාසය - කිලෝමීටර් 1,400 කි. කිලෝග්‍රෑම් 500 ක පුපුරණ ද්‍රව්‍ය සහිත ශීර්ෂයක් රැගෙන යා හැකිය.රේඩාර් අනාවරණයෙන් වැළකී සිටීමට හැකියාව ඇත.
ශබ්දයේ වේගය මෙන් 12 ගුණයක වේගයක් අත්පත් කර ගැනීමට හැකියාව ඇත. ශබ්දයේ වේගය මෙන් 5 ගුණයක වේගයකින් ඉලක්ක වලට පහර දීමට හැකියාව ඇත.
දරුණු පළිගැනීම්
"මේ වන තෙක් ඊශ්‍රායල ජාතිකයන් මෙතරම් බර මිසයිලවලට මුහුණ දී නැත," බෝර්සෙන්කෝ පවසයි.
"ඉරානයේ ශක්තිමත් පුපුරණ ද්‍රව්‍ය සහ මාරාන්තික කොටස් සහිත මිසයිල ශීර්ෂයන් වැඩි දියුණු කර තිබීම සම්බන්ධයෙන් ඊශ්‍රායල ජාතිකයන් දැඩි ලෙස පුදුමයට පත්ව තිබෙනවා."විශේෂඥයා පැවසීය.
ඊශ්‍රායලයෙන් ලැබෙන ඡායාරූප සහ වීඩියෝවල හානියට පත් ගොඩනැගිලි, කැඩුණු ජනෙල් සහ තවත් දේ පෙනෙන්නට තිබේ.
ඉරාන ප්‍රහාර වල සැබෑ ස්වභාවය තවම පැමිණ නැත
"ටෙහෙරානය තවමත් හයිෆා හි භාවිතා කළ ආයුධවලට වඩා බලවත් ආයුධ රඳවාගෙන සිටින බව මම විශ්වාස කරනවා. එහි නවතම ඒවා තවමත් භාවිතා කර නැහැ. සැබෑ ප්‍රහාර තවම පැමිණ නැහැ." විශේෂඥයා පැවසීය.
Israel, Beware: Iran Has Not Used Its Newest Weapons Yet
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්