News Category
From Date
To Date
Maximum Number of Result

'බැට් කරන්න ඉන්දියාවට දෙන්න!'...ශ්‍රී ලංකා නායකයාට මහේල ලබා දුන් උපදෙස පිටුපස තිබෙන කතාව කුමක්ද?- විමල් පාර්ලිමේන්තුවේ දී හෙළිකරයි


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන මහතා මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග පැවැති තරගයේදී "ටොස් එක දින්නත් බැට් කරන්න එපා! එයාලට බැට් කරන්න දෙන්න!" කියා ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයාට ලබාදී තිබූ "ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම පවා ඒ මොහොතේ පුදුමයට පත්කළ උපදෙස" පිළිබඳව ද එවැනි තීන්දු පිටුපස තිබෙන කතාව කෙරෙහි ද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව රැකගත යුතු යැයි කියා සිතන සියලුදෙනාගේ අවධානය යොමු විය යුතු බව උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

අද(07)  පාර්ලිමේන්තුවේ දී මෙරට "ක්‍රිකට් අවුල" පිළිබඳව සුවිශේෂ අනාවරණයක් සිදු කරමින් ඒ මහතා එසේ අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් කරුණු දැක් වූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

'ක්‍රිකට්' අපේ ලේවල උරුමයක්!

"බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් ලැබූ එක් එක් දේ අතුරින් මේ රටට හොඳටම අවශෝෂණය කරගත්තු දෙය තමයි ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ. වර්තමානය වන විට ඒක අපේ ලේවල උරුමයක් බවට පත් වෙලා තියෙනවා. අපි දන්නවා සමහර රටවල ක්‍රිකට් තරග පැරදුනාම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවල් ගිනි තියෙනවා. අපේ රටේ ප්‍රේක්ෂකයෝ ඒ වගේ අශිෂ්ට ප්‍රතික්‍රියාවක් දක්වන්නෙ නැහැ .නමුත් අපේ ක්‍රිකට් කණ්ඩායම 'ෆේල්' වන විට ඒ පිළිබඳව වේදනාව මේ රටේ ප්‍රේක්ෂකයන් තුළ නිරායාසයෙන්ම ඇති වෙනවා. ඔවුන් එය පිටකරන ආකාරය අනෙක් රටවල ප්‍රේක්ෂකයන්ට වඩා වෙනස්. ඒ අපේ ප්‍රේක්ෂකයන් තුළ තිබෙන ඉහළ ගුණාත්මකභාවය, ක්‍රිකට්වලින් විවිධ ආකාරයේ ලාභ ප්‍රයෝජන ලබා ගැනීමට ඇතැමුන් පාවිච්චි කරනවා. ඒ අනුව තමයි ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් ඔබතුමාට අද ක්‍රිකට් පාලක මණ්ඩලයට විශාල චෝදනා මාලාවක් එල්ල කිරීමට සිදු වූයේ. 'එම චෝදනාවලට ක්‍රිකට් පාලක මණ්ඩලය සමස්තයක් ලෙස වගකිව යුතු ද, දෙතුන් දෙනෙකු ද වගකිව යුත්තේ' කියන්න අපි දන්නේ නැහැ. කෙසේ නමුත් එම චෝදනා ඉතාමත් බරපතල ඒවායි.

අද ICC ඉන්දියාවේ දේපළක්!

අද වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය(ICC) ඉන්දියාවේ දේපළක් බවට පත්ව තියෙනවා. බලන්න, මෙවර එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ උපන් දිනය යෙදී ඇති දිනයේදීයි. ඒ වගේම ඒ අවසන් මහා තරගය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ ද එතූමාගේ ගමේමයි. මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී තාක්ෂණ ක්‍රමවේද භාවිතා කර ලබාදුන් තීන්දු සම්බන්ධයෙන් බරපතළ මතභේද ඇතිව තියෙනවා. පිටියේ සිටින විනිසුරුවරයා 'අවුට්' කියා තීන්දුව දුන්නාම තාක්ෂණ ක්‍රමවේදය මගින් පෙන්වනවා 'නොට් අවුට්' කියා. අද මෙම කරුණු ලෝකය පුරාම විශාල වශයෙන් අවධානයට ලක්වෙලා තියෙනවා.

'මහේලගේ පුදුම උපදෙස'

ක්‍රීඩා අමාත්‍යතුමනි, මට මෙතැනදී පෙන්වා දෙන්න ඕනේ, 'ක්‍රිකට් පාලක මණ්ඩලය පමණක් නොවෙයි තිබෙන එකම අවුල. ලොකුම අවුල තිබෙන තැන වන්නේ තේරීම් කමිටුවයි' කියා. මෙතැනදී මම පෞද්ගලිකව දන්නා කාරණාවක් රට හමුවේ තබනවා. ඔබට මතක ඇති, අපේ කණ්ඩායම ඉන්දියාව සමග තිබූ තරඟයේ දී 'ටොස් එක' දින්නා. නමුත් මහේල ජයවර්ධන කණ්ඩායමේ නායකයාට උපදෙස් දී තිබුණා, 'ටොස් එක දින්නත් බැට් කරන්න එපා! එයාලාට බැට් කරන්න දෙන්න!' කියා.(මහේල ජයවර්ධන කියන්නේ මේ රටේ හිටපු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහු සමග  කිසිදු පෞද්ගලික ආරෝවක් මට නැහැ.) මේ තීන්දුව සම්බන්ධයෙන් පසුව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ඇතුළු ඉදිරිපෙළ ක්‍රීඩකයන් කියනවා, 'අපි පුදුම වුණා, අපි ටොස් එක දින්නත් අපි හිටියේ  බැට් කරන්න' කියලා. මේ වගේ තීන්දු පිටුපස තිබෙන කතා මොනවා වෙන්න පුළුවන්ද?


ක්‍රිකට් 'මහත්වරුන්ගේ ක්‍රීඩාවක්' නම්...

අද එංගලන්තය, ඕස්ට්‍රේලියාව වැනි රටවල් කිහිපයක් හැරුණාම ඉන්දියාව ක්‍රිකට් ලෝකය පුරා ඉතා විශාල ආධිපත්‍යයක් පතුරුවා තිබෙනවා. මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියට අදාළ සමාරම්භක උත්සවයක් නොපවත්වා පසුව එවැනි උත්සවයක් 'ඉන්දියා - පාකිස්ථාන්' තරඟය පැවති දිනයට ගෙන ආවා. ක්‍රිකට් කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාවක් නම්, තරඟාවලියක් පවත්වන රට එහිදී තම ශක්තිය, බලය පෙන්වීම කිසිසේත්ම සුදුසු නැහැ. ඒ නිසා අපි අද එම කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතුයි.

ඔබතුමා දැන් නව තේරීම් කමිටුවක් පත් කළ විගසම ICC එක කියයි, 'අපි ලංකාවට ක්‍රිකට් තහනමක් පනවනවා' කියා. එහෙම වෙන්නේ මම ඉහතදීත් පෙන්වා දුන් පරිදි අද ICC එක පාලනය කරන්නේ ඉන්දියාව නිසයි. අද මෙරට ක්‍රිකට් පාලක මණ්ඩලය සහ තේරීම් කමිටුව  පාලනය කරන්නේ ද වෙන කවුරුත් නොවෙයි ඉන්දියාවයි. දැන් බලන්න එක පාරටම ක්‍රිකට් ක්‍රීඩකයන් හැලෙන්නේ කොහොමද? ඔවුන් වෙනුවට ඇතුළට එන්නේ ඊට වඩා දක්ෂ ක්‍රීඩකයන් ද? ඊට තිබෙන තර්කානුකූල පදනම කුමක්ද? මහේල ජයවර්ධන 'ටොස් එක දින්නත් බැට් කරන්න ඉන්දියාවට දෙන්න' කියන්නේ ඇයි?

'කෝලි කියපු බව්වාගේ කතාව'

ඒ නිසා ක්‍රිකට් පාලක මණ්ඩලය එහෙට මෙහෙට කරලා විතරක් හරියන්නෙ නැහැ. මේක ඊට වඩා එහාට ගිය, ව්‍යාප්ත වුණු බරපතළ අවුලක්. මම දැක්කා, ඉන්දියාවේ වාර්තා තියපු ක්‍රිකට් ක්‍රීඩකයා විරාට් කෝලි සම්මුඛ සාකච්ඡාවකදී එයාගෙ සාර්ථකභාවයට හේතු වූ නම් තුනක් කියනවා.. එක්කෙනෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරුගේ කාර්ය මණ්ඩලයේ හිටපු ශ්‍රී ලාංකිකයෙක්. එයාගේ නම නුවන් සෙනෙවිරත්න; 'පෙට් නේම් එක' තමයි 'බව්වා' කියන්නේ. පන්දු රැකීමේ පුහුණුකරුගේ කාර්ය මණ්ඩලයේ සිටියදී ඔහු සුපිරි වේගපන්දු යවන්නන්ට මුහුණ දිය හැකි ආකාරය පුහුණු විය හැකි අන්දමට, සුපිරි වේගයකින් ශ්‍රී ලංකා පිතිකරුවන්ට පන්දුව විසි කිරීමේ කටයුත්ත කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුව අහිමි කරගත්තා. පසුව ඉන්දියාව ඔහුගේ හැකියාව දැකලා, ඉහළ වටිනාකමක් දෙමින් ඔහු ඔවුන්ගේ පන්දු රැකීමේ පුහුණුකරුගේ කාර්ය මණ්ඩලයට සම්බන්ධ කර ගත්තා. අද 'බව්වා' කියන්නේ විරාට් කෝලි ආපු වාර්තාගත ගමනේ ඔහුගේ ස්තුතියට පාත්‍ර වන තුන්දෙනාගෙන් එක් අයෙක්. අපට තියෙන වටිනා සම්පත් එකඑකාට ඩැහැගන්න දීලා ක්‍රිකට් ක්‍රීඩාව ඉහළට ඔසවා තබන්න බැහැ.

එක් අයෙකු මත පමණක් යැපෙන්න එපා!

ක්‍රීඩා අමාත්‍යතුමනි, ඔබතුමා මෙවර පත්කළ අතුරු පාලක මණ්ඩලය තුළ ඉන්නේ ජාත්‍යන්තර අත්දැකීම් බහුල එක් ක්‍රිකට් ක්‍රීඩකයෙක් පමණයි. අනෙක් අය විශ්‍රාමික විනිසුරුවරුන් ඇතුළු පිරිසක්. මට තේරෙන්නේ නැහැ, ඔවුන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළට ඔසවා තබන්නේ කෙසේද? කියා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ සිදුව ඇති වංචා, දූෂණ හොයන්න වෙනම විනිශ්චකාරවරුන්ගෙන් සමන්විත කමිටුවක් දාගන්න. අර්ජුන රණතුංග කියන්නේ මේ රටට ලෝක කුසලානය දිනා දීමට මුල් වූ නායකයකු තමයි. නමුත් මම කියන්නේ, එක් අයෙකු මත පමණක් යැපෙන යන්න එපා! කියලයි.

වහාම පනත සංශෝධනය කරන්න!

ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් මේ අවස්ථාවේදී මම ඉල්ලනවා, 'ක්‍රිකට් පාලක මණ්ඩලය තෝරා පත් කරගන්න බෝඩ්ලෑලිවලට පමණක් සීමා වූ ක්‍රීඩා සමාජ හැටහුටහමාරක ඡන්දය ඕනෙ නැහැ. ක්‍රිකට් ක්‍රීඩා සමාජයක් කියන්නේ කුමක්ද, ඊට අදාළ නීතිමය පදනම කුමක්ද, කියා හරියටම දක්වන්න. මේ සියල්ල කිරීමට වහා ක්‍රීඩා පනත සංශෝධනය කරන්න.' කියා. මම කියන්නේ නැහැ ඇමතිවරුන් පත් කරන සභාපතිවරුන් පමණයි වැදගත් කියා. ඡන්දයෙන් පත් කරන සභාපතිවරුන් තමා වැදගත්. නමුත් තෝරා පත්කරන ක්‍රමවේදය නම් වහාම වෙනස් කළ යූතුයි. 'අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව වළපල්ලට යන්න නොදී ආරක්ෂා කර ගන්න සැමවිටම අපේ සහයෝගය ලැබෙන බවත් මෙහිදී අවධාරණය කරනවා."

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

සම්බන්ධිත පුවත් | Related News

පසුගිය මහ මැතිවරණයෙන් මාක්ස්වාදීන්ට නැඹුරු ජාතික ජන බලවේගය ජයග්‍රහණය කිරීමට ජනවාර්ගික සුළුතර දෙමළ ජනතාව ‘නිවැරදි තීරණයක්’ ගෙන ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong උතුරු පළාතේ සංචාරයක නිරත වෙමින් කියා සිටියේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනට ලබාදෙන තුන්වන සමාලෝචනය අවසන් කිරීමට කාර්ය මණ්ඩලය මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇත.
ශ්‍රී ලංකාවේ ඊලම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව කැනඩාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් යෝජනා කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ඉදිකර ඇති මාදිවෙල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගැනීම සඳහා නව මන්ත්‍රීවරු 35 දෙනෙක් අයදුම්පත් ඉදිරිපත් කර ඇතැයි පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
වේයන්ගොඩ, වදුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක් ආශ්‍රිතව අධිකරණ නියෝගයක් මත නිධානයක් සොයා ආරම්භ කළ කැණීම් කටයුතු අද (23) දිනයේත් සිදු කිරීමට නියමිතව තිබේ.
ජාත්‍යන්තර වෙළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට තෝරා පත්කර ගනුලැබූ සාමාජිකයන් 31 දෙනා අතරට ශ්‍රී ලංකාවද තෝරා පත්කර ගෙන ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව සාර්ථකව අවසන් කළ බව රජය පවසයි.
උතුර සහ නැගෙනහිර වෙනම රටක් බවත්, තමන්ට අවශ්‍ය දේ කීමට ඉඩ නොදෙන බවත් එසේ පැවසුවහොත් තමාට වෙඩිතබන බවත් යාපනය දිස්ත්‍රික්යෙන් පත්වූ ස්වාධීන මන්ත්‍රී අර්චුනා රාමනාදන් පවසයි.
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් අර්චුනා රාමනාදන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ප්‍රධාන පුවත්

උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)

උතුර සහ නැගෙනහිර වෙනම රටක් බවත්, තමන්ට අවශ්‍ය දේ කීමට ඉඩ නොදෙන බවත් එසේ පැවසුවහොත් තමාට වෙඩිතබන බවත් යාපනය දිස්ත්‍රික්යෙන් පත්වූ ස්වාධීන මන්ත්‍රී අර්චුනා රාමනාදන් පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි

නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් අර්චුනා රාමනාදන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්‍රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර

සියලු ආකාරයේ ජාතිවාදයන්ට සහ ආගමික අන්තවාදයන්ට හිස එසවීමට කිසිදු ඉඩක් නොතබන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ(21) සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් සිදුකළ 'අවධාරණය' බෙහෙවින් අගය කරන බවත් එසේම සියලු ආකාරයේ ජාතිවාදයන්ගේත් ආගමික අන්තවාදයන්ගේත් විසකුරු ප්‍රකාශනය වන බෙදුම්වාදයට ද කිසිදු ඉඩක් නොතබන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා සඳහන් කළේය.

IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින්ගේ අදහස් ද ලබාගෙන විදුලි ගාස්තු සංශෝධනය සඳහා වන යෝජනාව සකස් කිරීමට අමාත්‍යාංශය සහ ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ටී.එම්. උදයන්ද හේමපාල සඳහන් කරයි.

යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).

ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඕනෑම ආක්‍රමණයකට තීරණාත්මක ප්‍රතිචාරයක් ලබා දෙන බවට ශපථ කර ඇති අතර, යුක්‍රේනය සහ රුසියාව අතර යුද ආතතිය උත්සන්න කිරීම සම්බන්ධයෙන් බටහිර රටවල මැදිහත් වීම විවේචනය කරනු ලැබීය. එලෙසම, යුක්රේන ගැටුම විසඳීම සඳහා සාම සාකච්ඡා වල නිරත වීමට මොස්කව්හි ඇති කැමැත්ත නැවත අවධාරණය කරනු ලැබ ඇත. ක්‍රෙම්ලිනය විසින් ප්‍රකාශයට පත් කරන ලද පුටින් විසින් කරන ලද ප්‍රකාශයක මේ බව දක්වා තිබේ.

අපි සම්ප්‍රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුන රාමනාදන් නව පාර්ලිමේන්තුවේ පළමු දිනයේම විපක්ෂ නායකවරයාට සාම්ප්‍රදායිකව වෙන්වූ අසුනේ අසුන් ගැනීමේ ආන්දෝලනාත්මක පුවතක් වාර්තා වී තිබේ.

නාඩු මෙට්‍රික් ටොන් ලක්‍ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්

මේ දිනවල වෙළෙඳපොළ තුළ උග්‍ර නාඩු සහල් හිඟයක් පැවතිය ද පසුගිය වර්ෂයේ වී අස්වැන්නෙන් නාඩු වී මෙටි්‍රක් ටොන් ලක්ෂ 22ක් සහල් බවට පත් නොකොට මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිපදෙනකු විසින් සඟවා තබාගෙන ඇතැයි ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.

රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතු බවත්, සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම තිබෙන බව පමණක් අමතක නොකළ යුතු බවත් මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසති.

මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?

වර්තමාන රජයේ බුද්ධ ශාසන, ආගමික සහ සංකෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස පත්වූ මහාචාර්ය හිනිදුම සෙනෙවි මහතා පිළිබඳව 2020 නොවැම්බර් 14 දින එක්තරා වෙබ්අඩවියක පළකර තිබූ වාර්තාවක් ලංකා ලීඩර් පාඨකයකු විසින් අප වෙත එවා ඇති අතර, එම වෙබ් අඩවියේ පළකර ඇති ලිපියේ හිනිදුම සෙනෙවි මහතාට විරුද්ධව නිර්මාණ කොල්ලයක් සම්බන්ධයෙන් නඩුවක් තිබූ බවට දක්වා තිබේ.

රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රුසියාවේ නව ජාතික න්‍යෂ්ටික මූලධර්මයකට නිල වශයෙන් අත්සන් කර ඇති අතර එය මොස්කව් හමුදාවන්ට සිය න්‍යෂ්ටික අවි භාවිතයට අවසර දෙනු ලබන අවස්ථා ගෙනහැර දක්වයි. ක්‍රෙම්ලින රජයේ නිල වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇති යාවත්කාලීන කරන ලද රුසියාවේ න්‍යෂ්ටික මූලධර්ම ලේඛනයේ ප්‍රධාන කරුණු පහත පරිදි වේ.

ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්

වර්තමාන ආණ්ඩුවට ලැබුනු ජනවරම නිවැරදිව කියවා ගැනීමේ වැදගත්කම පෙන්වා දෙමින් ජාතික නිදහස් පෙරමුණ විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතු බවත්, සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම තිබෙන බව පමණක් අමතක නොකළ යුතු බවත් මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසති.

බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි

සමාජ ඒකාග්‍රතාවය, සහජීවනය, සාමකාමී බහුත්වවාදී ශ්‍රී ලංකාවක් නාමයෙන් බෙදුම්වාදීන්ගේ ඉල්ලීම් න්‍යායාත්මකව සාධාරණීකරණය කිරීම සහ එම මතවාද බහුතර සිංහල බෞද්ධ ජනයා මත පැටවීම සඳහා දෙමළ ඩයස්පෝරාව විසින් මිලට ගත් බවට චෝදනා එල්ල වන භික්ෂූන් හත් නමක් යොදාගනිමින් ඉදිරිපත් කරන 'හිමාලයා ප්‍රකාශනය' නම් ලියැවිල්ල 2024-12-20 දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට භාරදෙන බව වාර්තා වේ.

ජර්මනියෙන් චීනයට තර්ජන

යුරෝපා සංගමයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන්, රුසියානු-යුක්‍රේන ගැටුම මධ්‍යයේ චීනය රුසියාවට මිලිටරි සහාය ලබා දෙන බවට තිබෙන මෑත කාලීන බුද්ධි තොරතුරු සාකච්ඡා කිරීමට රැස් වූ බ්‍රසල්ස් හි පැවති රැස්වීමකදී ජර්මානු විදේශ ඇමතිනි ඇනලේනා බෙයර්බොක් විසින් සම්බාධක පනවන බවට බීජින පාලනයට තර්ජනය කර ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.